යෙදුමෙන් කියවන්න

භික‍්ඛු අපරිහානීය සුත‍්තං

7. 1. 3. 3.

7. 1. 3. 3.

[භික‍්ඛු අපරිහානීය සුත‍්තං]

[භික්ඛුඅපරහානීය සූත්‍රය]

23. එවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති. ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: සත‍්ත වො භික‍්ඛවෙ අපරිහානීයෙ ධම‍්මෙ දෙසිස‍්සාමි. තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:

23. මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වැඩ වසනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූහ: “මහණෙනි, තොපට සප්තඅපරිහානීයධර්‍මයන් දෙසමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, දෙසමියි. වහන්ස, එසේ යයි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

කතමෙ ච භික‍්ඛවෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා:

මහණෙනි, සප්තාපරහානීය ධර්‍මයෝ කවරහ යත්:

(1) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ අභිණ‍්හං සන‍්නිපාතා භවිස‍්සන‍්ති සන‍්නිපාතබහුලා, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා, නො පරිහානි.

(1) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු නිතර රැස්වීම් ඇත්තාහු සන්නිපාත බහුල වෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(2) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ සමග‍්ගා සන‍්නිපතිස‍්සන‍්තී, සමග‍්ගා වුට‍්ඨහිස‍්සන‍්ති, සමග‍්ගා සඞ‍්ඝකරණීයානි කරිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(2) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු සමඟ ව නිතර රැස් වන්නාහු නම්, සමඟ ව නැඟීසිටුනාහු නම්, සමඟ ව සඞ්ඝකෘත්‍ය කෙරෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.

(3) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ අප‍්පඤ‍්ඤත‍්තං න පඤ‍්ඤාපෙස‍්සන‍්ති, පඤ‍්ඤත‍්තං න සමුච‍්ඡින්‍දිස‍්සන‍්ති, යථා පඤ‍්ඤත‍්තෙසු සික‍්ඛාපදෙසු සමාදාය වත‍්තිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(3) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අප්‍රඥප්තයක් නො පනවත් ද, ප්‍රඥප්තය නො සිඳපියන්නාහු ද, යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ වැටෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(4) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛූ යෙ තෙ භික‍්ඛු ථෙරා රත‍්තඤ‍්ඤුචිරපබ‍්බජිතා සඞ‍්ඝපිතරො සඞ‍්ඝපරිනායකා, තෙ සක‍්කරිස‍්සන‍්ති ගරුකරිස‍්සන‍්ති මානෙස‍්සන‍්ති පූජෙස‍්සන‍්ති, තෙසඤ‍්ච සොතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(4) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු පැවිදියෙන් බොහෝ කල් ඇති සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ චිරරාත්‍රඥ වූ යම් බඳු ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, ඔවුනට සත්කාර කරත් ද, ගරු කරත් ද, බුහුමන් කරත් ද, පුදත් ද, ඔවුන්ගේ කථා ඇසියයුතු කොට හඟිත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.

(5) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ උප‍්පන‍්නාය තණ‍්හාය පොනොභවිකාය න වසං ගච‍්ඡිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ භික‍්ඛූනං පාටිකඞ‍්ඛා, නො පරිහානි.

(5) මහණෙනි, යම් තාක් භික්‍ෂූහු පුනර්‍භවය සඳහා වැටෙන උපන් තෘෂ්ණාවගේ වශයට නොයෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.

(6) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤෙසු සෙනාසනෙසු සාපෙක‍්ඛා භවිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(6) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අරන් සෙනසුන්හි අපේක්‍ෂා සහිත වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.

(7) යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ පච‍්චත‍්තංයෙව සතිං උපට‍්ඨපෙස‍්සන‍්ති: කින‍්ති අනාගතා ච පෙසලා සබ්‍රහ‍්මචාරී ආගච‍්ඡෙය්‍යුං, ආගතා ච පෙසලා සබ්‍රහ‍්මචාරී ඵාසුං විහරෙය්‍යුන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

(7) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු ‘කිම, නො පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පැමිණෙන්නාහු ද, පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පහසුයෙන් වසන්නාහු දැ යි’ තමා කෙරෙහි ම සිහි එළවන්නාහු නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා භික‍්ඛූසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු භික‍්ඛූ සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

මහණෙනි, යම්තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති යුතු යයි.