දුතියභික‍්ඛු අපරිහානීය සුත‍්තං
7. 1. 3. 4.
7. 1. 3. 4.
[දුතියභික‍්ඛු අපරිහානීය සුත‍්තං]
[දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
24. සත‍්ත වො භික‍්ඛවෙ, අපරිහානීයෙ ධම‍්මෙ දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික‍්ඛවෙ, සත‍්ත අපරිහානීයා ධම‍්මා:
24. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍ම දෙසමි. එය අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ න කම‍්මාරාමා භවිස‍්සන‍්ති, න කම‍්මාරාමතං අනුයුත‍්තා, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්‍මාරාම නො වෙත් ද, කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු.
යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ න භස‍්සාරාමා භවිස‍්සන‍්ති -පෙ- න නිද‍්දාරාමා භවිස‍්සන‍්ති -පෙ- න සඞ‍්ගණිකාරාමා භවිස‍්සන‍්ති -පෙ- න පාපිච‍්ඡා භවිස‍්සන‍්ති න පාපිකානං ඉච‍්ඡානං වසං ගතා -පෙ- න පාපමිත‍්තා භවිස‍්සන‍්ති න පාපසහායා න පාපසම‍්පවඞ‍්කා -පෙ- න ඔරමත‍්තකෙන විසෙසාධිගමෙන අන‍්තරාවොසානං ආපජ‍්ජිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු භාෂ්‍යාරාම නො වෙත් ද, භාෂ්‍යාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද ... නිද්‍රාරාම නො වෙත් ද ... සඞ්ගණිකාරම නො වෙත් ද ... පාපේච්ඡ නො වෙත් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො යෙත් ද ... පාපමිත්‍ර නො වෙත් ද, පාපසහාය පාපසම්ප්‍රවඞ්ක නො වෙත් ද ... ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අතුරෙහි පරිනිෂ්ඨිත භාවයට නො පැමිණෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු යි.
යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා භික‍්ඛූසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු භික‍්ඛූ සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.
මහණෙනි, යම්තාක් මෙ සප්තඅපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූහු වෘද්ධියම විනා පරිහානියෙක් නො කැමැති විය යුතුයයි.