යෙදුමෙන් කියවන්න

තතියභික‍්ඛු අපරිහානීය සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 3. 5.

7. 1. 3. 5.

[තතියභික‍්ඛු අපරිහානීය සුත‍්තං]

[තෙවැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

25. සත‍්ත වො භික‍්ඛවෙ, අපරිහානීයෙ ධම‍්මෙ දෙසිස‍්සාමි, තං සුණාථ -පෙ- කතමෙ ච භික‍්ඛවෙ, සත‍්ත අපරිහානීයා ධම‍්මා.

25. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ සද‍්ධා භවිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇතියාහු වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ හිරිමා භවිස‍්සන‍්ති -පෙ- ඔත‍්තාපිනො භවිස‍්සන‍්ති -පෙ- බහුස‍්සුතා භවිස‍්සන‍්ති -පෙ- ආරද‍්ධවිරියා භවිස‍්සන‍්ති -පෙ- සතිමා භවිස‍්සන‍්ති -පෙ- පඤ‍්ඤාවන‍්තො භවිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු හිරි ඇතියාහු වෙත් ද ... ඔතප් ඇතියාහු වෙත් ද, බහුශ්‍රුත වෙත් ද ... රුකුළුවැර ඇති වෙත් ද ... ස්මෘතිමත් වෙත් ද ... ප්‍රඥාවත් වෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති විය යුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා භික‍්ඛූසු ඨස‍්සන‍්ති. ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු භික‍්ඛූ සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටුනාහු ද, භික්‍ෂූහු දු මෙ සප්තාපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්හට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.

7. 1. 3. 6.

7. 1. 3. 6.

[චතුත්‍ථභික‍්ඛු අපරිහානීය සුත‍්තං]

[සිවුවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

26. සත‍්ත වො භික‍්ඛවෙ, අපරිහානීයෙ ධම‍්මෙ දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික‍්ඛවෙ, සත‍්ත අපරිහානීයා ධම‍්මා:

26. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. ඒ අසවු ... මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහ යත්:

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු සතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂුන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති විය යුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති -පෙ- පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති -පෙ- සමාධි සම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති -පෙ- උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... විරිය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති වියයුතු යයි.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා භික‍්ඛූසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු භික‍්ඛූ සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පවත්නාහු නම්, භික්‍ෂුහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන් කෙරෙහි පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.

7. 1. 3. 7.

7. 1. 3. 7.

[පඤ‍්චම භික‍්ඛු අපරිහානීය සුත‍්තං]

[පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

27. සත‍්ත වො භික‍්ඛවෙ, අපරිහානීයෙ ධම‍්මෙ දෙසිස‍්සාමි. තං සුණාථ -පෙ- කතමෙ ච භික‍්ඛවෙ, සත‍්ත අපරිහානීයා ධම‍්මා:

27. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි, ඒ අසව ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ අනිච‍්චසඤ‍්ඤං භාවෙස‍්සන‍්තී, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛූ අනත‍්තසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති, -පෙ- අසුභසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති -පෙ- ආදීනවසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති -පෙ- පහානසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති -පෙ- විරාගසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති -පෙ- නිරොධසඤ‍්ඤං භාවෙස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානි.

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනාත්මසංඥාව වඩත් නම් ... අශුභසංඥාව වඩත් නම් ... ආදීනව සංඥාව වඩත් නම් ... ප්‍රහාණසංඥා වඩත් නම් ... විරාග සංඥා වඩත් නම් ... නිරෝධසංඥා වඩත් නම් ... මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති වියයුතු.

යාවකීවඤ‍්ච භික‍්ඛවෙ, ඉමෙ සත‍්ත අපරිහානීයා ධම‍්මා භික‍්ඛූසු ඨස‍්සන‍්ති, ඉමෙසු ච සත‍්තසු අපරිහානීයෙසු ධම‍්මෙසු භික‍්ඛූ සන්‍දිස‍්සන‍්ති, වුද‍්ධියෙව භික‍්ඛවෙ, භික‍්ඛූනං පාටිකඞ‍්ඛා නො පරිහානීති.

මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි වැටෙත් ද, භික්‍ෂූහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.