සෙඛ අපරිහානීය සුත‍්තං
7. 1. 3. 8.
7. 1. 3. 8.
[සෙඛ අපරිහානීය සුත‍්තං]
[සේඛ අපරහානීය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
28. සත‍්තිමෙ භික‍්ඛවෙ, ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:
28. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානිය සඳහා මෙ සප්තධර්‍ම කෙනෙක් වැටෙත්. කවර සතෙක යත්:
කම‍්මාරාමතා, භස‍්සාරාමතා, නිද‍්දාරාමතා, සඞ‍්ගණිකාරාමතා, ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා, භොජනෙ අමත‍්තඤ‍්ඤුතා, - සන‍්ති ඛො පන සඞ‍්ඝෙ සඞ‍්ඝකරණීයානි, තත්‍ර සෙඛො භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති. “සන‍්ති ඛො පන සඞ‍්ඝෙ ථෙරා රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතා භාරවාහිනො තෙ තෙන පඤ‍්ඤායිස‍්සන‍්තී”ති අත‍්තනා වොයොගං ආපජ‍්ජති.
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතාය, භොනයෙහි අමාත්‍රඥතාය, - සඞ්ඝයා කෙරෙහි සඞ්ඝකරණීයයෝ විද්‍යාමාන වෙත් ද, එහි ලා ශෛක්‍ෂ භික්‍ෂු මෙසේ සලකයි: “සඞ්ඝයා කෙරෙහි චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත වූ සඞ්ඝකෘත්‍ය භාරවහනය කරණ තෙර මහණහු ඇත් මැ යි. ඔහු එයින් පැණෙති”යි (මෙසේ සිතා) තෙමේ (එ කිසෙහි) වියෝගයට පැමිණෙයි. නො යෙදෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො පරිහානාය සංවත‍්තන‍්ති.
මහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානියට වැටෙතියි.
සත‍්තිමෙ භික‍්ඛවෙ ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:
මහණෙනි, මෙ සප්තධර්‍ම කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
න කම‍්මාරාමතා, න නිද‍්දාරාමතා, න භස‍්සාරාමතා, න සඞ‍්ගණිකාරාමතා, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, - සන‍්ති ඛො පන සඞ‍්ඝෙ සඞ‍්ඝකරණීයානි, තත්‍ර සෙඛො භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: “සන‍්ති ඛො පන සඞ‍්ඝෙ ථෙරා රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතා භාරවාහිනො තෙ තෙන පඤ‍්ඤායිස‍්සන‍්තී”ති අත‍්තනා න වොයොගං ආපජ‍්ජති.
කර්‍මයන්හි නො ඇලෙන බව, භාෂ්‍යයෙහි නො ඇලෙන බව, නිද්‍රායෙහි නො ඇලෙනබව, ගණයෙහි නො ඇලෙන බව, ඉඳුරන්හි ගුප්තද්‍වාරතාව, භෝජනයෙහි මාත්‍රඥතාව, සඟුන් අතුරෙහි සඞ්ඝකරණීයයෝ ඇද් ද, එහි ලා ශෛක්‍ෂ මහණ මෙසේ සිතයි. “සඞ්ඝයා අතුරෙහි චිරප්‍රව්‍රජිත වූ චිරරාත්‍රඥ වූ සඞ්ඝකෘත්‍ය භාරවාහී වූ ස්ථිවිර භික්‍ෂුහු ඇත් මැ යි, උහු එ කිසෙන් පළට වන්නාහ”යි (මෙසේ සිතා) තෙමේ (එහි) වියෝගයට නො පැමිණෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත ධම‍්මා සෙඛස‍්ස භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂූහුගේ අපරිහානිය සඳහා මෙ සප්ත ධර්‍මයෝ වැටෙති යි.