යෙදුමෙන් කියවන්න

උපාසක අපරිහානීය සුත‍්තං

7. 1. 3. 9.

7. 1. 3. 9.

[උපාසක අපරිහානීය සුත‍්තං]

[උපාසකපරිහානීය සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

29. සත‍්තිමෙ භික‍්ඛවෙ, ධම‍්මා උපාසකස‍්ස පරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

29. මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:

භික‍්ඛු දස‍්සනං හාපෙති, සද‍්ධම‍්මසවණං පමජ‍්ජති, අධිසීලෙ න සික‍්ඛති, අප‍්පසාදබහුලො හොති භික‍්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ‍්ඣිමෙසු ච, උපාරම‍්භචිත‍්තො ධම‍්මං සුණාති රන්‍ධගවෙසී, ඉතො ච බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති, තත්‍ථ ච පුබ‍්බකාරං කරොති.

සඟුන්ගේ දර්‍ශනය පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්‍ෂිණාර්‍හයන් සොයයි. එහි දු පූර්‍වාකාර කෙරෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත ධම‍්මා උපාසකස‍්ස පරිහානාය සංවත‍්තන‍්ති.

මහණෙනි, මේ සත් කරුණුහු උපාසකයාගේ පරිහානියට වැටෙති.

සත‍්තිමෙ භික‍්ඛවෙ, ධම‍්මා උපාසකස‍්ස අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ අපරිහානියට වැටෙති. කවර සතෙක යත්:

භික‍්ඛුදස‍්සනං න හාපෙති. සද‍්ධම‍්මසවණං නප‍්පමජ‍්ජති. අධිසීලෙ සික‍්ඛති. පසාදබහුලො හොති භික‍්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ‍්ඣිමෙසු ච. අනුපාරම‍්භචිත‍්තො ධම‍්මං සුණාති න රන්‍ධගවෙසී. න ඉතො බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති. ඉධ ච පුබ‍්බකාරං කරොති.

භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා නො කෙරෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. දොස් නො දක්නා සිත් ඇතියේ රන්ධ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. එහි දු පූර්‍වාකාර නො කෙරෙයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත ධම‍්මා උපාසකස‍්ස අපරිහානාය සංවත‍්තන‍්තීති.

මහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ උවසුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.

14. දස‍්සනං භාවිතත‍්තානං යො හාපෙති උපාසකො, සවණං ච අරියධම‍්මානං අධිසීලෙ න සික‍්ඛති.

14. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,

15. අප‍්පසාදො ච භික‍්ඛූසු භිය්‍යො භිය්‍යො පවඩ‍්ඪති, උපාරම‍්භචිත‍්තො ච සද‍්ධම‍්මං සොතු මිච‍්ඡති.

15. සඟුන් කෙරෙහි අප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතැති ව සදහම් ඇසීමට කැමැති වේ ද,

16. ඉතො ච බහිද‍්ධා අඤ‍්ඤං දක‍්ඛිණෙය්‍යං ගවෙසති, තත්‍ථෙව ච පුබ‍්බකාරං යො කරොති උපාසකො,

16. මෙ සස්නෙන් බැහැරෙහි දු අන්‍යදක්‍ෂිණාර්‍හයකු සොයා ද, යම් උවසුයෙක් එ බැහැරි සස්නෙහි ම පූර්‍වාකාර (ආගමික ක්‍රියා) කෙරේ ද,

17. එතෙ ඛො පරිහානීයෙ සත‍්ත ධම‍්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද‍්ධම‍්මා පරිහායති.

17. මනාකොට දෙසනලද මෙ සප්ත පරිහානීය ධර්‍මයන් සේවනය කරණ උවසු තෙමේ සද්ධර්‍මයෙන් පිරිහෙයි.

18. දස‍්සනං භාවිතත‍්තානං යො න හාපෙති උපාසකො, සවණං ච අරියධම‍්මානං අධිසීලෙ ච සික‍්ඛති.

18. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළා ද, ආර්‍ය්‍ය ධර්‍මයන්ගේ ශ්‍රවණය නො පිරිහෙළා ද, අධිශීලයෙහි හික්මේ ද,

19. පසාදො චස‍්ස භික‍්ඛූසු භිය්‍යො භිය්‍යො පවඩ‍්ඪති, අනුපාරම‍්භචිත‍්තො ච සද‍්ධම‍්මං සොතුමිච‍්ඡති.

19. භික්‍ෂූන් කෙරෙහි ඔහුගේ ප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, උපාරම්භසිත් නැති ව සදහම් අසන්නට කැමැති වේ ද,

20. නයිතො බහිද‍්ධා අඤ‍්ඤං දක‍්ඛිණෙය්‍යං ගවෙසති, ඉධෙව ච පුබ‍්බකාරං යො කරොති උපාසකො.

20. මෙ සස්නෙන් බැහැර අන්‍ය දක්‍ෂිණාර්‍හයන් නො සොයන්නේ ද, යම් උවසුයෙක් මේ සස්නෙහි ම පූර්‍වාකාර කෙරේ ද,

21. එතෙ ඛො අපරිහානීයෙ සත‍්ත ධම‍්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද‍්ධම‍්මා න පරිහායති.

21. මොනොවට දෙසනලද මේ සප්ත අපරිහානීය ධර්‍මයන් සෙවුනා උපාසක සද්ධර්‍මයෙන් නො පිරිහේ.