යෙදුමෙන් කියවන්න

මිත‍්ත සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

7. 1. 4. 5.

7. 1. 4. 5.

[මිත‍්ත සුත‍්තං]

[මිත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

36. සත‍්තහි භික‍්ඛවෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතො මිත‍්තො සෙවිතබ‍්බො, කතමෙහි සත‍්තහි:

36. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මිත්‍ර සේවන කටයුත්තේ ය. කවර සතෙකින යත්:

දුද‍්දදං දදාති, දුක‍්කරං කරොති, දුක‍්ඛමං ඛමති, ගුය‍්හමස‍්ස ආවිකරොති, ගුය‍්හං අස‍්ස පරිගූහති, ආපදාසු න ජහති, ඛීණෙන නාතිමඤ‍්ඤති. ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහඞ‍්ගෙහි සමන‍්නාගතො මිත‍්තො සෙවිතබ‍්බොති.

දෙනුවට දුෂ්කර වූ දෑ දෙයි. දුෂ්කර දෑ කෙරෙයි. නො ඉවසිය හැකි දැ ඉවසයි. තමාගේ රහස් මිතුරුහට පාළ කරයි. ඒ මිතුරුහුගේ රහස් සඟවයි. ආපද්හි මිතුරා නො හරියි. ධනක්‍ෂීණයෙන් ඔහට අවමන් නො කෙරෙයි. මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මිත්‍ර සෙවිය යුත්තේ යි.

36. දුද‍්දදං දදාති විත‍්තං දුක‍්කරං චාපි කුබ‍්බති, අථොපිස‍්ස දුරුත‍්තානි ඛමති දුක‍්ඛමානිපි.

36. දීමට දුෂ්කර ධනය ද දෙයි. දුෂ්කර දෙය මිතුරුහට කෙරෙයි. වැලිත් ඔහුගේ දුරුක්ත වූ ඉවසිය නො හෙන බසුත් ඉවසයි.

37. ගුය‍්හං චස‍්ස අක‍්ඛාති ගුය‍්හස‍්ස පරිගූහති, ආපදාසු න ජහාති ඛීණෙන නාතිමඤ‍්ඤති,

37. ඔහට සිය රහස් ද කියයි. ඔහුගේ රහස් සඟවයි. විපත්හි දී නො හරියි. ක්‍ෂීණ (පිරිහිනු) හෙයින් අවමන් නො කෙරෙයි.

38. යස‍්මිං එතානි ඨානානි සංවිජ‍්ජන‍්තීධ පුග‍්ගලෙ, සො මිත‍්තො මිත‍්තකාමෙන භජිතබ‍්බො තථාවිධොති.

38. මෙ ලොව්හි යම් පුඟුලකු කෙරෙහි මෙ කරුණු විද්‍යාමාන වෙත් ද, මිතුරන් පතනහු විසින් එබඳු එ මිතු තෙමේ භජනය කටයුතු වේ ය යි.

7. 1. 4. 6.

7. 1. 4. 6.

[භික‍්ඛුමිත‍්ත සුත‍්තං]

[භික්ඛුමිත්ත සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

37. සත‍්තහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො අපි පනුජ‍්ජමානෙනපි. කතමෙහි සත‍්තහි:

37. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍රයා නෙරණුලබන්නහු විසිනුදු සෙවිය යුත්තේ ය, භජනය කළයුත්තේ ය, පර්‍ය්‍යුපාසන කටයුත්තේ ය. කවර සතෙකින යත්:

පියො ච හොති මනාපො ච, ගරු ච, භාවනීයො ච, වත‍්තා ච, වචනක‍්ඛමො ච, ගම‍්භීරඤ‍්ච කථං කත‍්තා හොති, නො ච අට‍්ඨානෙ නියොජෙති.

ප්‍රිය ද මනාප ද වෙයි. ගුරු ද වෙයි. බුහුමනට නිසි ද වෙයි. වක්තෘ ද වෙයි. වචනක්‍ෂම (ඇදැහිය හැකි වචන ඇත්තේ) ද වෙයි. ගම්භීරකථා කරන්නේ ද වෙයි. අස්ථානයෙහි (නොමඟ) ද නො යොදවයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ, සත‍්තහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛුමිත‍්තො සෙවිතබ‍්බො භජිතබ‍්බො පයිරුපාසිතබ‍්බො අපි පනුජ‍්ජමානෙනපීති.

මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත භික්‍ෂූමිත්‍ර නෙරණුලබන්නහු විසිනුදු සෙවියයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනා කටයුත්තේ ය.

39. පියො ච ගරු භාවනීයො වත‍්තා ච වචනක‍්ඛමො, ගම‍්භීරඤ‍්ච කථං කත‍්තා නො චට‍්ඨානෙ නියොජයෙ.

39. ප්‍රිය වූයේ වේ ද, ගුරු වූයේ වේ ද, භාවනීය වේ ද, වක්තෘ (කථාවෙහි දක්‍ෂ) වේ ද, වචනක්‍ෂම වේ ද, ගැඹුරුතෙපුල් කියන්නේත් වේ ද, අස්ථානයෙහිත් නො යොදන්නේ ද,

40. යස‍්මිං එතානි ඨානානි සංවිජ‍්ජන‍්තීධ පුග‍්ගලෙ, සො මිත‍්තො මිත‍්තකාමෙන අත්‍ථකාමානුකම‍්පකො, අපි නාසියමානෙන භජිතබ‍්බො තථාවිධොති.

40. මො ලොව්හි යම් පුඟුලකු කෙරෙහි තෙල සත් කරුණු විද්‍යාමාන වෙත් නම් අර්‍ත්‍ථකාමයාහට අනුකම්පා කරණ එබඳු මිත්‍රතෙම මිත්‍රයන් පතන්නහු විසින් නෙරණු ලැබූව ද භජනය කටයුත්තේ ය යි.