යෙදුමෙන් කියවන්න

දුතිය සොවචස‍්සතා සුත‍්තං

7. 1. 4. 4.

7. 1. 4. 4.

[දුතිය සොවචස‍්සතා සුත‍්තං]

[දෙවෙනි සෝවචස්සතා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

35. ඉමං භික‍්ඛවෙ, රත‍්තිං අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භික‍්ඛවෙ, සා දෙවතා මං එතදවොච:

35. මහණෙනි, මේ රාත්‍රියෙහි අභිකාන්ත වර්‍ණයෙන් යුත් අන්‍යතර දෙවියෙක් මුළු දෙව්රම් වෙහෙර මැදියම් රෑහි එකලු කොට මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:

සත‍්තිමෙ භන‍්තෙ, ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

වහන්ස, භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා මෙ කරුණු සතක් වැටේ. කවර සතෙක යත්:

සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, සමාධිගාරවතා, සොවචස‍්සතා, කල්‍යාණමිත‍්තතා. ඉමෙ ඛො භන‍්තෙ, සත‍්ත ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.

සත්‍ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සෝවචස්සතා, කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යි.

ඉදමවො ච භික‍්ඛවෙ, සා දෙවතා. ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායීති.

මහණෙනි, ඒ දෙවි මේ කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.

එවං වුත‍්තෙ ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: ඉමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි:

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළ හ. වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාරණ ලද විස්තාරයෙන් විභාග නො කළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මම මෙසේ දන්මි:

ඉධ භන‍්තෙ, භික‍්ඛු අත‍්තනා ච සත්‍ථුගාරවො හොති සත්‍ථුගාරවතාය ච වණ‍්ණවාදී. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සත්‍ථුගාරවා, තෙ ච සත්‍ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සත්‍ථුගාරවා තෙසං ච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙන. අත‍්තනා ච ධම‍්මගාරවො හොති -පෙ- සඞ‍්ඝගාරවො හොති -පෙ- සික‍්ඛාගාරවො හොති -පෙ- සමාධිගාරවො හොති -පෙ- කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණමිත‍්තතාය ච වණ‍්ණවාදී. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න කල්‍යාණමිත‍්තා, තෙ ච කල්‍යාණමිත‍්තතාය සමාදපෙති. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ කල්‍යාණමිත‍්තා, තෙසඤ‍්ච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙනා’ති.

වහන්ස, මේ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරවතායෙහි ගුණ වණනුයේ ද වෙයි. ශාස්තෘගෞරව නැති යම්බඳු අන්‍ය මහණහු වෙත් නම්, ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති අන්‍ය යම් බඳු මහණහු වෙත් නම් භූත විසින් යාථාවයෙන් නිසි කල්හි ඔවුන්ගේ ද ගුණ බෙණෙයි. තෙමේ ද ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සමාධිගෞරව ඇතියේ වෙයි ... අවවාදක්‍ෂම වෙයි ... තෙමේද කලණ මිතුරන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදී ද වෙයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් නැති භික්‍ෂූහු වෙත් නම්, ඔවුනුදු කල්‍යාණ මිත්‍රතායෙහි සමාදන් කරවයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂූහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ ගුණ තථ්‍ය කොට නිසි කල්හි කියන්නේ ය.

ඉදමස‍්ස ඛො අහං භන‍්තෙ, භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං ආජානාමීති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි යි.

සාධු සාධු සාරිපුත‍්ත, සාධු ඛො ත්‍වං සාරිපුත‍්ත, ඉමස‍්ස මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථං අජානාසි.

ශාරීපුත්‍රයෙනි, මැනැව, මැනැව, ශාරීපුත්‍රයෙනි, තෝ මා විසින් සැකෙවින් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දන්හි නම් මැනැව.

ඉධ සාරිපුත‍්ත භික‍්ඛු අත‍්තනා ච සත්‍ථුගාරවො හොති සත්‍ථුගාරවතාය ච වණ‍්ණාවාදී. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න සත්‍ථුගාරවා, තෙ ච සත්‍ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ සත්‍ථුගාරවා තෙසඤ‍්ච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙන. අත‍්තනා ච ධම‍්මගාරවො හොති -පෙ- සඞ‍්ඝගාරවො හොති -පෙ- සික‍්ඛාගාරවො හොති -පෙ- සමාධිගාරවො හොති -පෙ- සුවචො හොති -පෙ- කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණමිත‍්තතාය ච වණ‍්ණවාදී. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ න කල්‍යාණමිත‍්තා, තෙ ච කල්‍යාණමිත‍්තතාය සමාදපෙති. යෙ චඤ‍්ඤෙ භික‍්ඛූ කල්‍යාණමිත‍්තා, තෙසංච වණ‍්ණං භණති භූතං තච‍්ඡං කාලෙනා’ති.

ශාරිපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරව ඇති බව්හි ගුණ කියනසුලුයේත් වෙයි. යම් අන්‍ය භික්‍ෂූහු ද ශාස්තෘගෞරව ඇත්තාහු නො වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍යභික්‍ෂූහු ශාස්තෘගෞරව ඇතියාහු වෙත් නම්, ඔවුන්ගේ ගුණ භූත කොට තථභාවයෙන් නිසි කල්හි බෙණෙයි. තෙමෙ ද ධර්‍මයෙහි ගෞරව ඇතියේ වෙයි .... සඟුන් කෙරෙයි ගෞරව ඇතියේ වෙයි … ශික්‍ෂායෙහි ගෞරව ඇතියේ වෙයි ... සමාධියෙහි ගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... තෙමේ ද කල්‍යාණමිත්‍රයන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදීත් වෙයි. යම්බඳු අන්‍ය භික්‍ෂුහු කල්‍යාණමිත්‍රයන් ඇතියාහු නො වෙත් නම් ඔවුනුදු කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍ය කල්‍යාණමිත්‍ර භික්‍ෂුහු වෙත් නම් ඔවුන්ගේ ද ගුණය භූත කොට තථ්‍ය කොට නිසි කල්හි කියයි.

ඉමස‍්ස ඛො සාරිපුත‍්ත, මයා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස එවං විත්‍ථාරෙන අත්‍ථො දට‍්ඨබ‍්බොති.

ශාරීපුත්‍රයෙනි, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දතයුතු වේ ය යි.