යෙදුමෙන් කියවන්න

පඨම සොවචස‍්සතා සුත‍්තං

7. 1. 4. 3.

7. 1. 4. 3.

[පඨම සොවචස‍්සතා සුත‍්තං]

[පළමුවන සෝවචස්සතා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

34. ඉමං භික‍්ඛවෙ, රත‍්තිං අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භික‍්ඛවෙ, සා දෙවතා මං එතදවොච:

34. මහණෙනි, ඒ රෑහි අභිකාන්තවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් බෙහෙවින් ඉක්මගිය රාත්‍රියෙහි මුළු ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි හිඳ ඒ දෙවි මට තෙල කරුණ පැවැසී ය:

සත‍්තිමෙ භන‍්තෙ, ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ නො පිරිහීම සඳහා වැටෙති. කවර සතෙක යත්:

සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, සමාධිගාරවතා, සොවචස‍්සතා, කල්‍යාණමිත‍්තතා. ඉමෙ ඛො භන‍්තෙ, සත‍්ත ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තීති.

සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා සමාධිගාරවතා හා සෝවචස්සතා හා කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.

ඉදමවොච භික‍්ඛවෙ, සා දෙවතා ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා කත්‍ථෙවන‍්තරධායීති.

මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.

34. සත්‍ථුගරු ධම‍්මගරු සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවො, සමාධිගරු ආතාපි සික‍්ඛාය තිබ‍්බගාරවො.

34. ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දූ දෘඪගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ ආතාප ඇතියේ ශික්‍ෂාහි දෘඪගෞරව ඇතියේ,

35. කල්‍යාණමිත‍්තො සුවචො සප‍්පතිස‍්සො සගාරවො, අභබ‍්බො පරිහානාය නිබ‍්බානස‍්සෙව සන‍්තිකෙති.

35. කලණ මිතුරන් ඇතියේ අවවාදක්‍ෂම වූයේ ප්‍රතිශය (ගුරුගෞරව) ඇති ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වෙයි. නිර්‍වාණ සමීපයෙහි ම වේ යයි.