හිරිගාරව සුත්තං
7. 1. 4. 2.
7. 1. 4. 2.
[හිරිගාරව සුත්තං]
[හිරිගාරව සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
33. ඉමං භික්ඛවෙ, රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, සා දෙවතා මං එතදවොච:
33. මහණෙනි, මේ රාත්‍රියෙහි රැය බෙහෙවින් ඉක්මයත් ම මනා සිරුරු පැහැ ඇති අන්‍යතර දෙවියෙක් මුළු ජේතවනය බබුළුවා මා කරා එළඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක් සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
සත්තිමෙ භන්තෙ, ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී. කතමෙ සත්ත:
වහන්ස, මෙ සත් කරුණුහු මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, හිරිගාරවතා, ඔත්තප්පගාරවතා. ඉමෙ ඛො භන්තෙ, සත්ත ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
ශාස්තෘගෞරව ඇති බව, ධර්‍මගෞරව ඇති බව, සඞ්ඝගෞරව ඇති බව, ශික්‍ෂාගෞරව ඇති බව, සමාධිගෞරව ඇති බව, හ්රීගෞරව ඇති බව, ඔතප්හි ගෞරව ඇති බව යි. වහන්ස, මෙ සත් කරුණුහු භික්ෂුහුගේ නො පිරිහීමට වැටෙති යි.
ඉදමවොච භික්ඛවෙ, සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී’ති.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
32. සත්ථුගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො, සමාධිගරු ආතාපී සික්ඛාය තිබ්බගාරවො.
32. මහණ ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි තීව්‍රගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ කෙලෙස් තවන වැර අතියේ ශික්‍ෂාහි ගෞරව ඇතියේ,
33. හිරොත්තප්පසම්පන්නො සප්පතිස්සො සගාරවො, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙ”ති.
33. හ්‍රීයෙන් හා ඔතප් ගුණෙන් සමන්වාගත වූයේ ප්‍රතිශ්‍රය ඇතියේ ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වූයේ නිවන් හමුයෙහි ම වේ ය යි.