යෙදුමෙන් කියවන්න

අප‍්පමාදගාරව සුත‍්තං

7. 1. 4. 1.

7. 1. 4. 1.

[අප‍්පමාදගාරව සුත‍්තං]

[අප්පමාදගාරව සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං එතදවොච:

32. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු යම ඉක්මගිය කල්හි මනා වර්‍ණයෙන් යුක්තව මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය:

සත‍්තිමෙ භන‍්තෙ, ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

වහන්ස, මෙ ධර්‍මයෝ සත් දෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක යත්:

සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, සමාධිගාරවතා, අප‍්පමාදගාරවතා, පටිසන්‍ථාරගාරවතා. ඉමෙ ඛො භන‍්තෙ, සත‍්ත ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තී’ති.

ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇති බව, දහම්හි ගෞරව ඇති බව, සඟුන් කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාහි ගෞරව ඇති බව, සමාධියෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පටිසන්‍ථාරයෙහි ගෞරව ඇති බව ය. වහන්ස, මෙ සත් දහම්හු මහණහුගේ නො පිරිහීම පිණිස පවත්නාහ යී.

ඉදමවොච සා දෙවතා, සමනුඤ‍්ඤො අහොසි සත්‍ථා.

ඒ දේවතාවා මෙය කිවු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ අනුදත් සේක.

අථ ඛො සා දෙවතා සමනුඤ‍්ඤො මෙ සත්‍ථාති භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි.

එක්බිති ඒ දේවි, මබස ශාස්තෘහු අනුදත්හයි බුදුන් වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ ය.

අථ ඛො භගවා තස‍්සා රත‍්තියා අච‍්චයෙන භික‍්ඛූ ආමන‍්තෙසි: ඉමං භික‍්ඛවෙ, රත‍්තිං අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො භික‍්ඛවෙ සා දෙවතා මං එතදවොච:

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් මහණුන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රාත්‍රියෙහි අභිකාන්තරාත්‍රියෙහි මනා සිරුරුපැහැයෙන් යුතු අන්‍යතර දෙවියෙක් හැම ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:

සත‍්තිමෙ භන‍්තෙ, ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්ති. කතමෙ සත‍්ත:

වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්. කවර සතෙක යත්:

සත්‍ථුගාරවතා, ධම‍්මගාරවතා, සඞ‍්ඝගාරවතා, සික‍්ඛාගාරවතා, සමාධිගාරවතා, අප‍්පමාදගාරවතා, පටිසන්‍ථාරගාරවතා. ඉමෙ ඛො භන‍්තෙ, සත‍්ත ධම‍්මා භික‍්ඛුනො අපරිහානාය සංවත‍්තන‍්තී’ති.

සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සමාධිගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සත්දහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙන්නාහ යි.

ඉදමවොච භික‍්ඛවෙ සා දෙවතා. ඉදං වත්‍වා මං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායි’ති.

මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.

30. සත්‍ථුගරු ධම‍්මගරු සඞ‍්ඝෙ ච තිබ‍්බගාරවො, සමාධිගරු ආතාපි සික‍්ඛාය තිබ‍්බගාරවො.

30. ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇතියේ ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දු තීව්‍රගෞරව ඇතියේ සමාධියෙහි ගෞරව ඇතියේ කෙලෙස් තවන වැර ඇතියේ ශික්‍ෂායෙහි තීව්‍රගෞරව ඇතියේ,

31. අප‍්පමාදගරූ භික‍්ඛු පටිසන්‍ථාරගාරවො, අභබ‍්බො පරිහානාය නිබ‍්බානස‍්සෙව සන‍්තිකෙ’ති.

31. අප්‍රමාදයෙහි ගෞරව ඇතියේ පිළිසඳරෙහි ගෞරව ඇතියේ පරිහානියට අභව්‍ය වෙයි. එබඳු මහණ නිවන් හමුයෙහි ම වේ ය යි.