උපාසක පරාභව සුත‍්තං
7. 1. 3. 11.
7. 1. 3. 11.
[උපාසක පරාභව සුත‍්තං]
[උපාසක පරාභව සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
31. සත‍්තිමෙ භික‍්ඛවෙ, උපාසකස‍්ස පරාභවා -පෙ-
31. මහණෙනි, උපාසකහට මෙ පරාභව සතෙකි ...
සත‍්තිමෙ භික‍්ඛවෙ, උපාසකස‍්ස සම‍්භවා. කතමෙ සත‍්ත:
මහණෙනි, උපාසකහට මේ සම්භව සතකි. කවර සතෙක යත්:
භික‍්ඛුදස‍්සනං න හාපෙති. සද‍්ධම‍්මසවණං නප‍්පමජ‍්ජති. අධිසීලෙ සික‍්ඛති. පසාදබහුලො හොති භික‍්ඛූසු ථෙරෙසු ච නවෙසු ච මජ‍්ඣිමෙසු ච. අනුපාරම‍්භචිත‍්තො ධම‍්මං සුණාති න රන්‍ධගවෙසී. න ඉතො බහිද‍්ධා දක‍්ඛිණෙය්‍යං ගවෙසති. ඉධ ච පුබ‍්බකාරං කරොති.
භික්‍ෂුදර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණයට පමා නො වෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. උපාරම්භ සිත් නැති ව රන්‍ධ්‍රවෙෂි නො ව ධර්‍මය අසයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. මෙහි ම පූර්‍වාකාර කෙරෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත උපාසකස‍්ස සම‍්භවාති.
මහණෙනි, උවසුහුගේ මේ සම්භව සත යි.
22. දස‍්සනං භාවිතත‍්තානං යො හාපෙති උපාසකො, සවණඤ‍්ච අරියධම‍්මානං අධිසීලෙ න සික‍්ඛති.
22. යම් උවසුවෙක් භාවිත සිත් ඇති මහණුන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
-පෙ- [උපාසකො සෙවමානො] සද‍්ධම‍්මා පරිහායතී”ති [-පෙ-]
පරිහානීයධර්‍ම සේවන කරණ උපාසක තෙමේ සද්ධර්‍මයෙන් පිරිහේ ය යි ...
[29. එතෙ ඛො අපරිහානීයෙ සත‍්තධම‍්මෙ සුදෙසිතෙ, උපාසකො සෙවමානො සද‍්ධම‍්මා න පරිහායතී’ති.]
[29. මේ ස්වාඛ්‍යාත වූ සත් අපරිහානීය ධර්‍ම සේවනය කරණ උපාසක තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ යයි.]
වජ‍්ජිසත‍්තකවග‍්ගො තතියො
වජ්ජිසත්තක වර්‍ගය තුන්වැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
සාරන්‍දදො වස‍්සකාරො අපරිහානීය පඤ‍්චකං සෙඛො ච පරිහානි ච විපත‍්ති ච පරාභවො චාති.
සාරන්‍දද සූත්‍රය, වස්සකාර සූත්‍ර ය, භික්‍ෂු අපරිහානීය සූත්‍ර පස ය, සේඛ පරිහානි සූත්‍රය, උපාසක පරිහානි සූත්‍රය, විපත්ති සූත්‍රය, පරාභව සූත්‍රය දැයි එකොළොසෙකි.