යෙදුමෙන් කියවන්න

පුරිසගති සුත‍්තං

7. 2. 1. 2.

7. 2. 1. 2.

[පුරිසගති සුත‍්තං]

[පුරිසගති සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. සත‍්ත ච භික‍්ඛවෙ පුරිසගතියො දෙසිස‍්සාමි අනුපාදා ච පරිනිබ‍්බානං. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච.

2. මහණෙනි, සප්ත පුරුෂ (පුරුෂයාගේ ඥාන) ගති හා අප්‍රත්‍යය නිර්‍වාණය හා දෙසන්නෙමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි. වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළහ.

කතමා ච භික‍්ඛවෙ, සත‍්ත පුරිසගතියො:

මහණෙනි, පුරුෂයාගේ සප්ත ඥානගතීහු කවරහ යත්:

(1) ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති, න ච මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමීති උපෙක‍්ඛං පටිලභති. සො භවෙ න රජ‍්ජති. සම‍්භවෙ න රජ‍්ජති. අත්‍ථුත‍්තරිං පදං සන‍්තං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. තඤ‍්ච ඛ‍්වාස‍්ස පදං න සබ‍්බෙන සබ‍්බං සච‍්ඡිකතං හොති. තස‍්ස න සබ‍්බෙන සබ‍්බං මානානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං භවරාගානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං අවිජ‍්ජානුසයො පහීනො හොති. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරා පරිනිබ‍්බායී හොති.

(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘මට අතීතභවයෙහි නිර්‍වර්‍තක කර්‍මයෙක් නොවී නම්, මට වර්‍තමානයෙහි මෙ අත්බැව් නො වන්නේ ය. මෙ අත්බැව්හි දු මට අනාගත භවනිර්‍වර්‍තක කර්‍ම නො වන්නේ නම් අනායෙහිදු මට ආත්මභාවයෙක් නො වන්නේ ය. යමෙක් ඇත් ද, යමෙක් පාළ වී ද, එ ප්‍රත්‍යුත‍්පන්නස්කන්‍ධය ‍(ඡන්‍දරාගප්‍රහාණයෙන්) හැරලමි’ යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධභවයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො ඇලෙයි. අනාගත පඤ්චස්කන්‍ධභවයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැ’ යි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මනාකොට දක්නේ ය. (ඇතැම් කෙලෙසුන් නො පැහු බැවින්) ඔහුගේ එ හැම නිවන් පිය ද සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වේ. ඔහුගේ මානානුසය ද සර්‍වාකාරයෙන් ම ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම භවරාගානුසය ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබලක් තළනු ලබත් ම පතුරු උපදවා නිවෙන්නේ යම්සේ ද, -

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති, න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමීති උපෙක‍්ඛං පටිලභති. සො භවෙ න රජ‍්ජති. සම‍්භවෙ න රජ‍්ජති. අත්‍ථුත‍්තරිං පදං සන‍්තං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. තඤ‍්ච ඛ‍්වාස‍්ස පදං න සබ‍්බෙන සබ‍්බං සච‍්ඡිකතං හොති. තස‍්ස න සබ‍්බෙන සබ‍්බං මානානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං භවරාගානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං අවිජ‍්ජානුසයො පහීනො හොති. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරා- පරිනිබ‍්බායී හොති.

මහණෙනි, එපරිද්දෙන් ම මෙසෙයින් පිළිපන්නේ වෙයි: අතීත භවයෙහි උපන් කර්‍මයෙක් නොවී නම්, දැන් මාගේ මේ ආත්මභාවය නො වන්නේ ය. මෙකල්හි මාගේ කර්‍මයෙක් නො වේ නම්, අනාගතාත්මභාවයෙක් නො වන්නේ ය. යම් ප්‍රත්‍යුපන්න පඤ්චස්කන්‍ධයෙක් ඇත් නම්, යම් වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙක් පාළවී නම්, එය (ඡන්‍දරාග ප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධයෙහි නො ඇලෙයි, අනාගත පඤ්චස්කන්‍ධයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මොනොවට දක්නේ ය. ඔහු විසින් එ ශාන්ත නිර්‍වාණපදයත් සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. ඔහුට සර්‍වාකාරයෙන් ම මානානුශය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති, න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමීති උපෙක‍්ඛං පටිලභති. සො භවෙ න රජ‍්ජති. සම‍්භවෙ න රජ‍්ජති. අත්‍ථුත‍්තරිං පදං සන‍්තං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. තඤ‍්ච ඛ‍්වාස‍්ස පදං න සබ‍්බෙන සබ‍්බං සච‍්ඡිකතං හොති. තස‍්ස න සබ‍්බෙන සබ‍්බං මානානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං භවරාගානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං අවිජ‍්ජානුසයො පහීනො හොති. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරා පරිනිබ‍්බායී හොති.

(2) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම් වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මෙ කල්හි මට අනාගතකර්‍මභවයෙක් නො වේ නම්, මාගේ අනාගත පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත විපාකභවය නො වන්නේ ය. යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එය (ඡන්‍දරාගප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. හෙ අතීත කර්‍මභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මතුයෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. ඔහු විසින් එ ශාන්තනිර්‍වාණපදය සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් නො කෙළේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය අප්‍රහීණ වෙයි. ඔහුගේ භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. ඔහුගේ අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබල තළනු ලබන කල්හි පතුරු ඉපද නැඟී නිවී යේ ද, -

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති.

එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, මට මේ වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

(3) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති.

(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවයෙක් නො වී නම්, මෙ වර්‍තමාන පස්කඳ නොවන්නේ ය. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා අනුපහච‍්ච තලං නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද නැගී පොළෝතලය නො ඇක්ම නිවේ ද, -

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරා පරිනිබ‍්බායී හොති.

මහණෙනි. එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මෙ පඤ්චස්කන්‍ධ ආත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.

(4) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ-

(4) තවද මහණෙනි. මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ...

සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උපහච‍්චපරිනිබ‍්බායී හොති.

හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා උපහච‍්ච තලං නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්සේ දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැග පොළෝතලය ඇක්ම නිවේ නම්, -

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උපහච‍්ච පරිනිබ‍්බායී හොති.

මහණෙනි, එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.

(5) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

(5) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා පරිත‍්තෙ තිණපුඤ‍්ජෙ වා කට‍්ඨපුඤ‍්ජෙ වා නිපතෙය්‍ය, සා තත්‍ථ අග‍්ගිම‍්පි ජනෙය්‍ය, ධූමම‍්පි ජනෙය්‍ය, අග‍්ගිම‍්පි ජනෙත්‍වා ධූමම‍්පි ජනෙත්‍වා තමෙව පරිත‍්තං තිණපුඤ‍්ජං වා කට‍්ඨපුඤ‍්ජං වා පරියාදියිත්‍වා අනාහාරා නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැගී කුඩා තණපිඩෙක වේවයි, දැවපිඩෙක වේවයි හෙයි. එ එහි ගිනි ද දනවන්නේ ය, දුම් ද දනවන්නේ ය, ගිනිත් දනවා දුමත් දනවා එ මැ කුඩා තණපිඩ හෝ දැවපිඩ ඇවිළගෙණ අනාහාරව නිවීයේ නම්, -

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි. එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

(6) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා සසඞ‍්ඛාර පරිනිබ‍්බායී හොති.

(6) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා විපුලෙ තිණපුඤ‍්ජෙ වා කට‍්ඨපුඤ‍්ජෙ වා නිපතෙය්‍ය, සා තත්‍ථ අග‍්ගිම‍්පි ජනෙය්‍ය, ධූමම‍්පි ජනෙය්‍ය, අග‍්ගිම‍්පි ජනෙත්‍වා ධූමම‍්පි ජනෙත්‍වා තමෙව විපුලං තිණපුඤ‍්ජං වා කට‍්ඨපුඤ‍්ජං වා පරියාදියිත්‍වා අනාහාරා නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබලක් තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණරොදෙක හෝ දැවපිඩෙක හෝ හේ නම් ඒ එහි ගිනි ද දනවයි, දුම් ද දනවයි, ගිනිත් දනවා දුමත් දනවා ඒ මහතණපිඩ හෝ දැවපිඩ හෝ දවා අනාහාරව නිවීයෙයි,-

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති; නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති.

මහණෙනි, එ පරිදි ම මහණ මෙසේ පිළිපදනේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන පඤ්චස්කන්‍ධය නො වන්නේ ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.

(7) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති, න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමීති උපෙක‍්ඛං පටිලභති. සො භවෙ න රජ‍්ජති. සම‍්භවෙ න රජ‍්ජති. අත්‍ථුත‍්තරිං පදං සන‍්තං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. තඤ‍්ච ඛ‍්වාස‍්ස පදං න සබ‍්බෙන සබ‍්බං සච‍්ඡිකතං හොති. තස‍්ස න සබ‍්බෙන සබ‍්බං මානානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං භවරාගානුසයො පහීනො හොති. න සබ‍්බෙන සබ‍්බං අවිජ‍්ජානුසයො පහීනො හොති. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී.

(7) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මට වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මට දැන් කර්‍මභවයෙක් නො වන්නේ නම්, අනාගත විපාකභවයෙක් නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එ හැරලමියි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීතභවයෙහි නො ඇලෙයි, අනාගතභවයෙහි දු නො ඇලෙයි. මෙයින් මත්තෙහි ශාන්ත නිර්‍වාණ පදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ ද ඔහු විසින් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ නො වෙයි. භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, දිවසසන‍්තත‍්තෙ අයොකපාලෙ හඤ‍්ඤමානෙ පපටිකා නිබ‍්බත‍්තිත්‍වා උප‍්පතිත්‍වා මහන‍්තෙ තිණපුඤ‍්ජෙ වා කට‍්ඨපුඤ‍්ජෙ වා නිපතෙය්‍ය, සා තත්‍ථ අග‍්ගිම‍්පි ජනෙය්‍ය, ධූමම‍්පි ජනෙය්‍ය, අග‍්ගිම‍්පි ජනෙත්‍වා ධූමම‍්පි ජනෙත්‍වා තමෙව මහන‍්තං තිණපුඤ‍්ජං වා කට‍්ඨපුඤ‍්ජං වා පරියාදියිත්‍වා කච‍්ඡම‍්පි දහෙය්‍ය, දායම‍්පි දහෙය්‍ය, කච‍්ඡම‍්පි දහිත්‍වා දායම‍්පි දහිත්‍වා හරිතන‍්තං වා පත්‍ථන‍්තං වා සෙලන‍්තං වා උදකන‍්තං වා රමණීයං වා භූමිභාගං ආගම‍්ම අනාහාරා නිබ‍්බායෙය්‍ය, -

මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණපිඩෙක හෝ දැවපිඩෙක හේ නම්, එ එහි ගිනි ද උපදවන්නේ ය, දුම් ද උපදවන්නේ ය, ගිනිත් උපදවා දුමත් උපදවා ඒ තණපිඩ හෝ දැවපිඩ හෝ දවා (නො රැකි) වල ද දවන්නේ ය, උයන්ළැව් ද දවන්නේ ය, (නො රැකි) වල ද දවා උයන්ළැව් ද දවා නිල්තණපිටියකට හෝ පත්‍ථාන්තයකට හෝ ශෛලාන්තයකට හෝ උදකාන්තයකට හෝ රමණී බිම්කඩකට හෝ පැමිණ අනාහාරව නිවීයෙයි ද,-

එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා -පෙ- සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උද‍්ධං සොතො හොති අකනිට‍්ඨගාමී.

මහණෙනි. එපරිද්දෙන් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නො වන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමීවෙයි.

ඉමා ඛො භික‍්ඛවෙ, සත‍්ත පුරිසගතියො.

මහණෙනි, මෙ පුරිසගති සත යි.

කතමඤ‍්ච භික‍්ඛවෙ, අනුපාදාපරිනිබ‍්බානං:

මහණෙනි. අනුපාදාපරිනිබ්බානය කවරේ ය යත්:

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු එවං පටිපන‍්නො හොති: නො චස‍්ස, නො ච මෙ සියා. න භවිස‍්සති, න මෙ භවිස‍්සති. යදත්‍ථි යං භූතං තං පජහාමීති උපෙක‍්ඛං පටිලභති. සො භවෙ න රජ‍්ජති. සම‍්භවෙ න රජ‍්ජති. අත්‍ථුත‍්තරිං පදං සන‍්තං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සති. තඤ‍්ච ඛ‍්වාස‍්ස පදං සබ‍්බෙන සබ‍්බං සච‍්ඡිකතං හොති. තස‍්ස සබ‍්බෙන සබ‍්බං මානානුසයො පහීනො හොති. සබ‍්බෙන සබ‍්බං භවරාගානුසයො පහීනො හොති. සබ‍්බෙන සබ‍්බං අවිජ‍්ජානුසයො පහීනො හොති. සො ආසවානං ඛයා -පෙ- (චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං) සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති.

මහණෙනි, මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නොවන්නේ ය. අනාගත කර්‍ම භවය ද නො වන්නේ නම්, අනාගත විපාකභවය ද නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී නම්, එ දුරලමි’යි උපේක්‍ෂාව ලබන්නේ ය. හෙ අතීතභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ නිර්‍වාණපදයත් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් කරණලදුයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම භවරාගානුසය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ වෙයි. හෙ ආස්‍රවක්‍ෂයෙන් ... (චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද) සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි.

ඉදං වුච‍්චති භික‍්ඛවෙ අනුපාදාපරිනිබ‍්බානං.

මහණෙනි, මෙ අනුපාදාපරිනිබ්බාන යි කියනු ලැබේ.

ඉමා ඛො භික‍්ඛවෙ, සත‍්තපුරිසගතියො අනුපාදා ච පරිනිබ‍්බානන‍්ති.

මහණෙනි, මෙ සප්ත පුරුෂගති හා අනුපාදාපරිනිර්‍වාණ යි .