තිස්සබ්‍රහ්ම සුත්තං
7. 2. 1. 3.
7. 2. 1. 3.
[තිස්සබ්‍රහ්ම සුත්තං]
[තිස්සබ්‍රහ්ම සූත්‍රය]
3. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො ද්වෙ දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවන්තං එතදවොච:
3. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හි දෙවියෝ දෙදෙනෙක් රාත්‍රිය බෙහෙවින් ඉක්මගිය කල්හි හැම ගිජුකුළුපව් පියෙස බබුළුවා මනහර වර්ණ ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටගත්හ. එකත්පස්හි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේය:
එතා භන්තෙ භික්ඛුනියො විමුත්තාති. අපරා දෙවතා භගවන්තං එතදවොච එතා භන්තෙ භික්ඛුනියො අනුපාදිසෙසා සුවිමුත්තාති. ඉදමවොචුං තා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො තා දෙවතා සමනුඤ්ඤො සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු.
“වහන්ස, තෙල (මහාප්‍රජාපතිය ප්රමුඛ) භික්ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ”යි. අනෙක් දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු ශේෂොපාදාන රහිතව මිදුනහ” යි. එ දෙවිහු මෙය කීහ. ශාස්තෘන් වහන්සේ සමනුඥ වූ සේක. එක්බිති එ දෙවියෝ දෙදෙන “භාග්‍යවතුන් වහන්සේ සමනුඥයහ” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම නො පැණී ගියහ.
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ, රත්තිං ද්වෙ දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ එකා දෙවතා මං එතදවොච:
එක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, මෙ ඉකුත් රෑහි මනහර රූ ඇති දේවතාවෝ දෙදෙනෙක් හැම ගිජුකුළුපව් පියෙස එකලුකොට බබුළුවා මා කරා එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියහ. මහණෙනි, එකත්පස්හි සිටි එක් දෙවියෙක් මට තෙල කී ය:
එතා භන්තෙ, භික්ඛුනියො විමුත්තාති. අපරා දෙවතා මං එතදවොච: එතා භන්තෙ, භික්ඛුනියො අනුපාදිසෙසා සුවිමුත්තාති. ඉදමවොචුං භික්ඛවෙ, තා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු’ති.
“වහන්ස, තෙල භික්ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. අනෙක් දෙවි ද මට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු අනුපාදිශේෂ වූවාහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. මහණෙනි, එ දෙවිහු මෙය සැළකළහ. මෙ සැළකොට මා වැඳ එහි ම අතුරුදන් ව ගියහයි.
තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහා මොග්ගල්ලානස්ස එතදහොසි:
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි හුන්නාහු වෙති. එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල සිත විය:
කතමෙසානං ඛො දෙවානං එවං ඤාණං හොති සවුපාදිසෙසෙ වා සවුපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
“කවර නම් දෙවි කෙනකුන්ට සෝපාදිසේස පුඟුල් කෙරෙහි හෝ සෝපාදිසේස පුඟුලැයි ද, අනුපාදිසේස පුඟුල්කෙරෙහි හෝ අනුපාදිසේස පුඟුලැයි ද මෙබඳු ඥානයෙක් වේ දැ” යි.
තෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනා කාලකතො අඤ්ඤතරං බ්රහ්මලොකං උපපන්නො හොති. තත්රපි නං එවං ජානන්ති: “තිස්සො බ්රහ්මා මහිද්ධිකො මහානුභාවො”ති.
එසමයෙහි තිස්ස නම් මහණ කලුරිය කළ නොබෝකල් ඇතියේ එක්තරා බ්රහ්මකායෙක්හි උපන්නේ වෙයි. එහි දු ඔහු (සෙසු දෙවියෝ) මෙසෙයින් දනිත්: “තිස්ස බ්‍රහ්ම තෙම මහත් ඍද්ධි ඇත්තේ ය. මහානුභාව ඇතියේ ය” යි.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්පිඤ්ජෙය්ය, එවමෙවං ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච:
එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් මැදුම් පිරිමියෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ හෝ නම් එසෙයින් ගිජ්ඣකූටපර්වතයෙහි අතුරුදන් වූසේක් එ බඹලොව්හි පැණීගියහ. තිස්ස බ්‍රහ්ම දුරදී මැ එන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුට. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කීය:
එහි ඛො මාරිස මොග්ගල්ලාන, ස්වාගතං මාරිස මොග්ගල්ලාන, චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ. තිස්සොපි ඛො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තිස්සං බ්රහ්මානං ආයස්මා මහා මොග්ගල්ලානො එතදවොච:
මාරිස මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු මැනවැ, නිදුකානෙනි, මෞද්ගල්යායනයයෙනි, (මුඹට) ස්වාගත යැ. නිදුකානෙනි, මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු සඳහා යම්බඳු ආකාරයෙක් වී නම්, මෙ පර්‍ය්‍යාය බොහෝ කලෙකින් කළහ. මාරිස මෞද්ගල්‍යායනයෙනි, මේ අස්න පනවන ලද, වැඩහිඳිනු මැනවැ’යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පනවන ලද අස්නෙහි වැඩහුන්හ. තිස්ස බ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් තිස්ස බ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරහු තෙල කරුණ වදාළහ:
කතමෙසානං ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති?
තිස්සයෙනි, කවර නම් දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා අනුපාදිසේස යයි කියා ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
බ්රහ්මකායිකානං ඛො මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොතී: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට (පඤ්චස්කන්ධය තිබියදී කෙලෙසුන් කෙරෙන් පිරිනිවියහු) කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා (ස්කන්ධපරිනිර්වාණයෙන් පිරිනිවියහු) කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ ය.
සබ්බෙසංයෙව නු ඛො තිස්ස, බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
තිස්සයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
න ඛො මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති. යෙ ඛො තෙ මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා සන්තුට්ඨා, බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන සන්තුට්ඨා, තස්ස ච උත්තරිං නිස්සරණං යථාභූතං නප්පජානන්තී, තෙසං න එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො මැ වන්නේ ය. නිදුක මුගලන යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්‍රහ්මයන් සතු ආයුසින් සන්තුෂ්ට වෙත් නම්, බ්රහ්මවර්ණයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් සතුටු වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් සතුටු වෙත් නම්, මත්තෙහිදු නිඃසරණය යථාභූතයෙන් නො දන්නාහු නම්, ඔවුනට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො වන්නේ ය.
යෙ ච ඛො තෙ මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා අසන්තුට්ඨා, බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන අසන්තුට්ඨා, තස්ස ච උත්තරිං නිස්සරණං යථාභූතං පජානන්ති, තෙසං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මුගලන, යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්රහ්මආයුෂයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්ම වර්ණයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් අසන්තුෂ්ට වෙත් නම්, එයට මතුයෙහිදු ඇති නිඃසරණය යථා භූත කොට දන්නාහු ද, එ දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ යයි.
ඉධ මාරිස මොග්ගල්ලාන භික්ඛු උභතොභාගවිමුත්තො හොති තමෙනං දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා උභතොභාගවිමුත්තො, යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛින්ති දෙවමනුස්සා, කායස්ස භෙදා න නං දක්ඛින්ති දෙවමනුස්සාති එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන, තෙසං දෙවානං එවං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මුගලන, මෙ සසුන්හි මහණෙක් උභතොභාගවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මේ ආයුෂ්මත් උභතොභාගවිමුක්ත වෙයි. යම්තාක් ඔහුගේ කය සිටුනේ ද ඒතාක් දෙව්මිනිස්සු ඔහු දක්නාහ. කායයාගේ භේදයෙන් දෙව්මිනිස්සු ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේස පුඟුල් නිමිතිකොට සඋපාදිසේස පුඟුලැයි ද අනුපාදිසේස පුඟුල් නිමිතිකොට අනුපාදිසේස පුඟුලැයි ද දෙවියනට මෙබඳු ඥානය වෙයි.
ඉධ පන මාරිස මොග්ගල්ලාන, භික්ඛු පඤ්ඤාවිමුත්තො හොති තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා පඤ්ඤාවිමුත්තො, යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛින්ති දෙවමනුස්සා, කායස්ස භෙදා, න නං දක්ඛින්ති දෙවමනුස්සාති. එවම්පි ඛො මාරිස මොග්ගල්ලාන, තෙසං දෙවානං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මුගලන මෙහි මහණෙක් ප්රඥාවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මෙ ආයුෂ්මත් ප්‍රඥා විමුක්තයෙකි. යම්තාක් ඔහුගේ කය පවතින්නේ ද, ඒතාක් දේවමනුෂ්‍යයෝ ඔහු දක්නාහ. කාය භේදයෙන් දේවමනුෂ්‍යයෝ ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, සඋපාදිසේස පුඟුල් කෙරෙහි සඋපාදිසේස යයි ද අනුපාදිසේස පුඟුල් කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට මෙසේත් ඥානය වෙයි.
ඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු කායසක්ඛී හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා කායසක්ඛි, අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. එවම්පි ඛො මාරිස මොග්ගලාන, තෙසං දෙවානං ඤාණං හොති. සඋපාදිසෙසෙවා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මුගලන මෙහි මහණෙක් කායසක්ඛි වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුණත්: “මෙ ආයුෂ්මත් කායසක්ඛියෙක. මෙ ආයුෂ්මත් අනුලොම් වු සෙනසුන් සේවන කරන්නේ කලණ මිතුරන් භජනය කරන්නේ සද්ධාදී ඉන්ද්රියයන් සමත්වයෙහි තබන්නේ, යමක් සඳහා කුලපුත්හු මනාසේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයට පැමිණෙත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යාවසාන කොට ඇති එ අනුත්තර නිර්වාණය දිටුදැමියෙහි ම තෙමෙ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළැඹ වෙසෙන්නේය” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට ඥානය වන්නේ යයි.
ඉධ පන මාරිස මොග්ගල්ලාන භික්ඛු දිට්ඨප්පත්තො හොති -පෙ- සද්ධාවිමුත්තො හොති -පෙ- ධම්මානුසාරී හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා ධම්මානුසාරී අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති. එවම්පි ඛො මාරිස මොග්ගලාන, තෙසං දෙවානං එවං ඤාණං හොති සඋපාදිසෙසෙවා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙහි මහණෙක් දිට්ඨප්පත්ත වෙයි ... සද්ධාවිමුක්ත වෙයි ... ධම්මානුසාරී වෙයි. ඒ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: “මෙ ආයුෂ්මත් වනාහි ධම්මානුසාරී වෙයි, මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් ඇසුරු කෙරෙමින් ඉන්ද්රියයන් සමභාවයෙහි තබමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහි ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මග බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්වාණය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට එළඹ වසන්නේ නම් මැනැවැ”යි. නිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද දෙවියනට ඥානය වන්නේ යයි.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තිස්සස්ස බ්රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යාථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පාතුරහොසි.
එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දිගුකරන්නේ හෝ දිගු කළ අතක් වක් කරන්නේ නම්, එසෙයින් බඹලොව්හි අතුරුදන් වූසේක් ගිජ්ඣකූටයෙහි පැණීගියහ.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යාවතකො අහොසි තිස්සෙන බ්රහ්මුනා සද්ධිං කථාසල්ලාපො තං සබ්බං භගවතො ආරොචෙසි.
ඉක්බිති ආයුෂ්මත් මහාමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්ම හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළැකළහ.
නහි පන තෙ මොග්ගල්ලාන තිස්සො බ්රහ්මා සත්තමං අනිමිත්තවිහාරිං පුග්ගලං දෙසෙසීති.
මුගලන, තිස්ස බ්‍රහ්ම තෙමේ සත්වන අනිමිත්තවිහාරී (සද්ධානුසාරී) පුද්ගල නො දෙසී යයි.
එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සත්තමං අනිමිත්තවිහාරිං පුග්ගලං දෙසෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ පිළිබඳ කාලය වෙයි. සුගතයන් වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ සත්වන අනිමිත්තවිහාරී පුද්ගලයා දෙසනසේක් නම්, තෙල කරුණට කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු ධරන්නාහයි.
තෙන හි මොග්ගල්ලාන සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
මුගලන, එසෙයින් අසව, මැනැවින් මෙනෙහි කරව, කියන්නෙමි’යි, වහන්ස, එ සේ යයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
ඉධ මොග්ගල්ලාන, භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති: අයං ඛො ආයස්මා සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පෙවනාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
මුගලන, මේ සස්නෙහි මහණ සර්වනිමිත්තයන්ගේ අමනසිකාරයෙන් අනිමිත්ත (බලවත් විදර්ශනා) චිත්තසමාධියට එළැඹ වෙසෙයි. එ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: මෙ ආයුෂ්මත් හැම නිමිති මෙනෙහි නො කිරීමෙන් අනිමිත්තචිත්තසමාධියට පැමිණ වෙසෙයි. මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් ඇසුරුකෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉඳුරන් සමත්වයට පමුණුවමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර නිර්වාණය විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැයි.
එවං ඛො මොග්ගල්ලාන, තෙසං දෙවානං ඤාණං හොති: සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසොති.
මුගලන, මෙසේ සඋපාදිසේස පුද්ගල කෙරෙහි හෝ සඋපාදිසේස පුද්ගල යයි ද, අනුපාදිසේස පුද්ගල කෙරෙහි හෝ අනුපාදිසේස පුද්ගල යයි ද, එ දෙවියනට ඥානය වන්නේ යයි.