සීහසෙනාපති සුත්තං
7. 2. 1. 4.
7. 2. 1. 4.
[සීහසෙනාපති සුත්තං]
[සීහසේනාපති සූත්‍රය]
4. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච:
4. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෛශාලි නගර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවසනසේක. එකල්හි සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල කාරණය සැළකෙළේ ය:
සක්කා නු ඛො භන්තෙ සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතුන්ති.
“වහන්ස, සාන්දෘෂ්ටික වූ (තමන් ම දන්නා) දානඵල පැනැවිය හැකිදැ”යි?
තෙනහි සීහ, තංයෙව තත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි.
(1) “සීහය, එකරුණින් එහි ලා තා ම පුළුවුස්මි, යම් පරිද්දෙකින් තට වැටහේ නම්. එපරිද්දෙන් එ විසඳුව”යි.
(1) තං කිං මඤ්ඤසි සීහ, ඉධස්සු ද්වෙ පුරිසා එකො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, එකො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො. තං කිං මඤ්ඤසි සීහ කං නු ඛො අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙය්යුං. යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
සීහය, එ කිමැ’යි හඟිහි ද? මෙ ලෙව්හි පුරුෂයෝ දෙදෙනෙක් වන්නාහ: එක් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරුමල ඇතියේ, තද මසුරුබව ඇතියේ පරිභාෂික (අනුනට ගරහන්නේ) වෙයි. එක් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ දන්දීමෙහි ඇලුනේ වෙයි. සීහය, එ කිමැයි හඟනාව, ශ්‍රද්ධා රහිත වූ මසුරු වූ තදමසුරා වූ පරිභව කොට බෙණෙන යම් පුරුෂයෙක් හෝ වේ ද, ශ්‍රද්ධා ඇති දානපති වූ පුනපුනා දීමෙහි ඇලුනු යම් පුරුෂයෙක් හෝ වේ ද, (සිතින්) අනුකම්පා කරණ රහත්හු (ඔවුනතුරෙන්) කවරක්හට පළමුකොට අනුකම්පා කරන්නාහු දැයි?
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කින්තං අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙස්සන්තී. යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තංයෙව අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පෙය්යුං.
වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරුවූයේ පරිභාෂක වේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට කවර හෙයින් පළමු කොට අනුකම්පා කරන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ පුනපුනා දානයෙහි ඇලුනේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට ම පළමු අනුකම්පා තරක්කාහ යි,
(2) තං කිං මඤ්ඤසි සීහ, කං නු ඛො අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමෙය්යුං: යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡිරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(2) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, වෙත පැමිණෙන රහත්හු (ඔවුනතුරෙන්) කවරකු වෙත ප්‍රථමයෙන් එළැඹෙන්නාහු දැයි.
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තං අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමිස්සන්ති යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තංයෙව අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමෙය්යුං.
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, පළමු එළඹෙන රහත්හු කවර හෙයින් ඔහු කරා එළැඹෙන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ නම්, වෙත එළැඹෙන රහත්හු ඔහු කරා ම පළමු එළැඹෙන්නාහ.
(3) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හෙය්යුං: යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(3) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නොවූයේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා වූයේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු (ඔවුනතුරෙන්) කවරකුගේ දන් වෙත පළමු පිළිගන්නාහු දැයි.
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තස්ස අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හිස්සන්ති. යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හෙය්යුං:
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, දන් පිළිගන්නා රහත්හු කවර හෙයින් ඹහුගේ දන් පළමු පිළිගණිත් ද, වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු පළමු කොට ඹහුගේ ම දන් පිළිගන්නාහ.
(4) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං, යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(4) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, ධර්මදේශනා කරණ රහත්හු උන්ගෙන් කවරකුහට ප්‍රථමයෙන් ධර්මය දෙසන්නාහු දැයි.
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං තස්ස අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසිස්සන්ති, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං.
ස්වාමීනි, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, දහම් දෙසන රහත්හු කවර හෙයින් ඔහුට පළමු දම් දෙසත් ද, ස්වාමීනි, සැදැහැති දානපති වූ අනුප්‍රදානයෙහි ඇලුනු යම් පුරුෂයෙක් වේ නම්, දහම් දෙසන රහත්හු ඔහට මැ පළමු කොට දහම් දෙසත්.
(5) තං කිං මඤ්ඤසි සීහ, කස්ස නු ඛො කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡෙය්ය යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(5) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ ද, (ඔවුනතුරින්) කවරක්හුගේ කලණ කිත් ගොස උස් ව නැගේ ද?
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො කිං තස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡිස්සති, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, තස්සෙව කල්යාණො කිත්ති සද්දො අබ්භුග්ගච්ඡෙය්ය.
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ නම්, කවර හෙයින් ඔහුගේ කලණ කිත් ගොස උස්ව නැගේ ද? ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, ඔහුගේ ම කලණ කිත් ගොස උස් ව නැගෙයි.
(6) තං කිං මඤ්ඤසි සීහ, කො නු ඛො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමෙය්ය යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමෙය්ය අමඞ්කුභූතො, යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(6) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වේ ද, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ ද, (ඔවුනතුරෙහි) කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් කවරෙක් අමඞ්කු වූයේ විශාරද ව එළඹේ ද?
යො සො භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං සො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමිස්සති, යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, යො ච ඛො සො භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො, සො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමෙය්ය යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො.
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභව බණන්නේ නම්, කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි කිම හේ යම් මැ පිරිසක් වෙත මඞ්කු වූයේ විශාරද නො වූයේ එළැඹෙන්නේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ ද, හේ කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් අමඞ්කු වූයේ විශාරද වූයේ මැ එළඹෙයි.
(7) තං කිං මඤ්ඤසි සීහ, කො නු ඛො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති, යො ච ඛො සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතොති?
(7) සීහය, එ කිමෙකැ යි හඟනාව, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, (ඔවුන්ගෙන්) කවරෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට පැමිණේ ද?
යො සො භන්තෙ පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කිං සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සති, යො ච ඛො සො භන්තෙ, පුරිසො දානපති අනුප්පදානරතො, සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය.
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, හේ කවර හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළැඹේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, හේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළැඹෙයි.
යානිමානි භන්තෙ, භගවතා ඡ සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු මේ සාංදෘෂ්ටික වූ දානඵලයෝ සදෙනෙක් වදාරණලදහු නම්, එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො එළඹෙමි. මම ද තෙල (දන්පල) දනිමි.
අහං භන්තෙ, දායකො දානපති. මං අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පන්ති. අහං භන්තෙ, දායකො දානපති. මං අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමන්ති අහං භන්තෙ, දායකො දානපති. මය්හං අරහන්තො පඨමං පතිගණ්හන්තා පතිගණ්හන්ති. අහං භන්තෙ, දායකො දානපති. මය්හං අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙන්ති. අහං භන්තෙ, දායකො දානපති. මය්හං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “සීහො සෙනාපති දායකො කාරකො සඞ්ඝුපට්ඨාකො’ති. අහං භන්තෙ, දායකො දානපති. යඤ්ඤදෙව පරිසං උපසඞ්කමාමි යදි ඛත්තියපරිසං, යදි බ්රාහ්මණපරිසං, යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමාමි අමඞ්කුභූතො.
ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. අනුකම්පා කරණ රහත්හු මට ම පළමු අනුකම්පා කරති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. වෙත එළඹෙන රහත්හු මා වෙත ම පළමු එති. ස්වාමීනි, මම දානපති දායකයෙක්මි. (දන්) පිළිගන්නා රහත්හු මාගේ ම (දන්) පළමු පිළිගණිත්. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. දහම් දෙසන්නාවූ රහත්හු මට ම පළමු දහම් දෙසති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. මාගේ කලණ කිත්ගොස උස්ව නැඟුනේ වෙයි: ‘සීහසෙනෙවි දායකයෙක, කාරකයෙක, සඞ්ඝෝපස්ථායකයෙකැ’ (කියා) යි. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. කැත් පිරිසට වේවයි, බමුණු පිරිසට වේවයි, ගැහැවි පිරිසට වේවයි, මහණ පිරිසට වේවයි, යම් මැ පිරිසකට එළැඹෙම් නම්, මම අමඞ්කුවූ (දීන නොවූ) යෙම්, විශාරද (නිර්භීත) වූයෙම් එළැඹෙමි.
යානිමානි භන්තෙ, භගවතා ඡ සන්දිට්ඨිකානි දානඵලානි, අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පෙතානි ජානාමි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු වූ මේ සාංදෘෂ්ටික දානඵල සදෙනෙක් දෙසනලදහු නම් මම එහි ලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො යමි. මම ද තෙල (දන්පල) දනිමි.
යං ච ඛො මං භන්තෙ, භගවා එවමාහ: ‘දායකො සීහ, දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති. එතාහං න ජානාමි. එත්ථ ච පනාහං භගවතො සද්ධාය ගච්ඡාමි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දානපති වූ දායකයා කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළැඹෙයි” යන යමක් දෙසූසේක් නම් තෙල (කරුණ) මම නො දනිමි. එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් යමි. (බුද්ධි ප්‍රත්‍යයෙන් නො එළැඹෙමි)
එවමෙතං සීහ, එවමෙතං සීහ, දායකො සීහ, දානපති කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතීති.
සීහය, තෙල (කරුණ) එසේ මැ යි. සීහය, දානපති වූ දායක තෙමේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට පැමිණේ යයි.