අරක්ඛෙය්‍ය සුත්තං
7. 2. 1. 5.
7. 2. 1. 5.
[අරක්ඛෙය්‍ය සුත්තං]
[අරක්ඛෙය්‍ය සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
5. චත්තාරිමානි භික්ඛවෙ, තථාගතස්ස අරක්ඛෙය්යානි. තීහි ච අනුපවජ්ජො.
5. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මෙ අරක්‍ෂණීය (නොරැක්කයුතු) ධර්ම සතරෙකි. තුන් කරුණෙකිනුදු තථාගතයෝ අනුපවද්‍යයෝ (වැරදි නො කියයුත්තෝ) වෙත්.
කතමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි:
තථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර කවරේ ය යත්:
(1) පරිසුද්ධකායසමාචාරො භික්ඛවෙ, තථාගතො නත්ථි තථාගතස්ස කායදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී” ති. (2) පරිසුද්ධවචීසමාචාරො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති. (3) පරිසුද්ධමනොසමාචාරො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස මනොදුච්චරිතං, යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති. (4) පරිසුද්ධාජීවො භික්ඛවෙ, තථාගතො. නත්ථි තථාගතස්ස මිච්ඡාජිවො. යං තථාගතො රක්ඛෙය්ය “මා මෙ ඉදං පරො අඤ්ඤාසී”ති.
(1) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ කාය සමාචාර ඇතියහ. “මාගේ මේ කාදුසිරිත අන්‍යයා නො දනීවා” යි යම් කාදුසිරිතක් තථාගතයෝ රක්නාහු නම් එබඳු කායදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (2) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ වාක්සමාචාර ඇතියහ. “මාගේ මේ (වාග්දුශ්චරිතය) අන්‍යයා නහමක් දනීව” යි යම් වාග්දුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු වාග්දුශ්චරිතයෙක් තථාගතයනට නැත. (3) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ මනෝසමාචාර ඇතියහ. “මාගේ මේ මනෝදුශ්චරිතය අන්‍යයා නහමක් දනීව” යි යම් මනෝදුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මනෝදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (4) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධාජීව ඇතියහ. “මාගේ මේ මිථ්‍යාජීවය අන්‍යයා නහමක් දනීවා” යි යම් මිථ්‍යාජීවයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මිථ්යාජීවයෙක් තථාගතයනට නැත.
ඉමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි
මේ තථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර වෙත්.
කතමෙහි තීහි අනුපවජ්ජො
කවර කරුණු තුණෙකින් අනුපවද්‍යයෝ වෙති යත්:
(1) ස්වාක්ඛාතධම්මො භික්ඛවෙ, තථාගතො. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි ත්වං න ස්වාක්ඛාතධම්මො”ති. නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
(1) මහණෙනි, තථාගතයෝ ස්වාඛ්‍යාතධර්‍ම ඇත්තෝ වෙති. මහණෙනි, එහි ලා “මෙකරුණිනුදු මුඹ ස්වාඛ්‍යාතධර්‍ම ඇතියහු නො වෙති” යි ශ්‍රමණයෙක් වේව යි බ්‍රාහ්මණයෙක් වේව යි දෙවියෙක් වේව යි මාරයෙක් වේව යි බ්‍රහ්මයෙක් වේව යි ලොව්හි අන් කිසිවෙක් වේව යි සකාරණ ව එකැතින් පෙරළා මට චෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත (කරුණ), මහණෙනි, මම බුදුඇසින් නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් විශාරදභාවයට පැමිණියෙම් වෙසෙමි.
(2) සුපඤ්ඤත්තා ඛො පන මෙ භික්ඛවෙ, සාවකානං නිබ්බානගාමිනීපටිපදා යථාපටිපන්නා මම සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි තෙ න සුපඤ්ඤත්තා සාවකානං නිබ්බානගාමිනී පටිපදා යථා පටිපන්නා තථාගතසාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. නිමිත්තමෙතං භික්ඛවෙ න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
(2) මහණෙනි, යම් පරිදි පිළිපන් මාගේ සව්වෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, මා විසින් සව්වනට නිර්‍වණගාමිනීප්‍රතිපද් එබඳු මැනැවින් පණවනලදු. එහි ලා එකැතින් මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි මට සහධාර්මික කොට පෙරළා චෝදනා කරන්නේ “යම් පරිද්දෙකින් පිළිපන් තථාගතශ්රාවකයෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, එපරිදි මුඹ විසින් ශ්‍රාවකයනට නිර්‍වණගාමිනීප්‍රතිපද් මෙ කරුණින් ද මනාකොට නො පණවන ලදු ය”යි කියන්නේ නම්, මහණෙනි, තෙල නිමිත්ත මම බුදු ඇසින් නො දක්මි. මහණෙනි, මෙ නිමිත්ත ද නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වෙසෙමි.
(3) අනෙකසතා ඛො පන මෙ භික්ඛවෙ, සාවකපරිසා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති “ඉතිපි තෙ න අනෙකසතා සාවකපරිසා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති. නිමිත්තමෙතං භික්ඛවෙ, න සමනුපස්සාමි. එතම්පහං භික්ඛවෙ, නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
මහණෙනි, මාගේ අනේකශතශ්රාවක පිරිස්හු ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙත්. එහි ලා “මෙ කරුණෙනුදු මුඹගේ අනේකශත ශ්‍රාවක පිරිස්හු ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ ඉහාත්මයෙහි ම විහිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ නො වෙසෙත්” යයි ඒකාන්තයෙන් මට මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි කරුණු සහිතව ප්රතිචෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත මම නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වාසය කරමි.
ඉමෙහි තීහි අනුපවජ්ජො.
මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍යයෝ වෙත්.
ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි. ඉමෙහි තීහි අනුපවජ්ජොති.
මහණෙනි, තථාගතයන්ගේ මේ අරක්‍ෂණීය කරුණු සතර යි. මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍ය වෙති යි.