කිම්බිල සුත්තං
7. 2. 1. 6.
7. 2. 1. 6.
[කිම්බිල සුත්තං]
[කිම්බිල සූත්‍රය]
6. එවං මෙ සුතං: එකං සමයං භගවා කිම්බිලායං විහරති වෙළුවනෙ. අථ ඛො ආයස්මා කිම්බිලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කිම්බිලො භගවන්තං එතදවොච:
6. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරාසන්නයෙහි වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
“කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතී”ති.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම්, ඒ හේතු කවරේ ද, එ ප්‍රත්‍යය කවරේදැ? යි.
ඉධ කිම්බිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා, ධම්මෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, සමාධිස්මිං අගාරවා විහරන්ති අප්පතිස්සා, අප්පමාදෙ අගාරවා විහරන්තී අප්පතිස්සා, පටිසන්ථාරෙ අගාරවා විහරන්ති අප්පතිස්සා.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි භික්ෂූහු භික්ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය (ගුරු කොට සැලකුම්) නැත්තාහු වාස කරති. ධර්මය කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. සඟුන් කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය රහිත වූවාහු වෙසෙත්. ශික්ෂායෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වසත්. සමාධියෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති. අප්‍රමාදයෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. පිළිසඳරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති.
අයං ඛො කිම්බිල හෙතු අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතීති.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථික නො වේ නම්, මෙ එයට හේතු ය, මෙ එයට ප්‍රත්‍යය යි.
කො පන භන්තෙ, හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො, හොතී, ති.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම්, ඒ හේතු කවරේ දැයි.
ඉධ කිම්බිල තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, සමාධිස්මිං සගාරවා විහරන්ති සප්පතිස්සා, අප්පමාදෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, පටිසන්ථාරෙ සගාරවා විහරන්ති සප්පතිස්සා.
කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණ මෙහෙණ උවසු උවැසියෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ධර්මයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සඟුන් කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ශික්ෂායෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සමාධියෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. අප්‍රමාදයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ප්රතිසන්ථාරයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ.
අයං ඛො කිම්බිල හෙතු, අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’ති.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථික වේ නම්, මෙ එ හේතු යි, මෙ එ ප්‍රත්‍යය යි.