සත්තධම්ම සුත්තං
7. 2. 1. 7.
7. 2. 1. 7.
[සත්තධම්ම සුත්තං]
[සත්තධම්ම සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
7. සත්තහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය. කතමෙහි සත්තහි:
7. මහණෙනි, කරුණු සතෙකින් සමන්වාගත මහණ නො බෝ කලෙකින් ම ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙන්නේ ය. කවර සතෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධො හොති. සීලවා හොති. බහුස්සුතො හොති පටිසල්ලීනො හොති. ආරද්ධවිරියො හොති. සතිමා හොති. පඤ්ඤවා හොති.
මහණෙනි. මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්රතිසංලීන වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘතිමත් වෙයි, ප්‍රඥාවත් වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, සත්තහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්වාගත මහණ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වාසය කරන්නේ යයි.