පචලායන සුත්තං
7. 1. 2. 8.
7. 2. 1. 8.
[පචලායන සුත්තං]
[පචලායන සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
8. එවං මෙ සුතං: එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො මගධෙසු කල්ලවාලමුත්තගාමෙ පචලායමානො නිසින්නො හොති. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන ආයස්මන්තං මහාමොග්ගල්ලානං මගධෙසු කල්ලවාලමුත්තගාමෙ පචලායමානං නිසින්නං. දිස්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව භග්ගෙසු සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ අන්තරහිතො මගධෙසු කල්ලවාලමුත්තගාමෙ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පමුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච.
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක් ම ය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක:
පචලායසි නො ත්වං මොග්ගල්ලාන, පචලායසි නො ත්වං මොග්ගල්ලානාති. එවං භන්තෙති.
මුගලන, තෝ නිදිබරින් සැලෙයි නොයි. මුගලන, තෝ නිදන්නෙහි නො යි. වහන්ස, එසේ ය යි.
(1) තස්මාතිහ ත්වං මොග්ගල්ලාන යථා සඤ්ඤිනො තෙ විහරතො තං මිද්ධං ඔක්කමති, තං සඤ්ඤං මා මනසාකාසි. තං සඤ්ඤං මා බහුලමකාසි. ඨානං ඛො පනෙතං මොග්ගල්ලාන විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(1) එහෙයින් මුගලන, තෝ මෙහි ලා යම් යම් සංඥා ඇතිව වසන තොපට ඒ මිද්ධය බැසගනී නම්, ඒ සංඥාව නහමක් මෙනෙහි කරව, ඒ සංඥාව නහමක් බහුල කරව. මුගලන, මෙසේ වාසය කරණ තොපට ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මේ කරුණ විද්‍යමාන වෙයි.
(2) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ. තතො ත්වං මොග්ගල්ලාන යථා සුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙය්යාසි, අනූවිචාරෙය්යාසි, මනසානුපෙක්ඛෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති, යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(2) ඉදින් මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, තෝ ඉක්බිති යථාශ්‍රැත වූ යථාපර්ය්යාප්ත වූ ධර්මය සිතින් අනුවිතර්කණය කරව, අනුවිචාරණය කරව, මනසින් අනුප්‍රේක්‍ෂණ කරව. මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(3) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(3) ඉදින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, එක්බිති තෝ යථාශ්‍රැත වූ යථාපර්ය්යාප්ත වූ ධර්මය විස්තර විසින් ස්වාධ්‍යාය (මැනවින් ශබ්ද) කරව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ ඇත.
(4) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, උභො කණ්ණසොතානි ආවිඤ්ජෙය්යාසි පාණිනා ගත්තානි අනුමජ්ජෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(4) මෙසේ වාසය කරණ තාගේ ඒ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ දෙකන් සිදුරු හා ගාත්‍ර අත්ලෙන් පිරිමදුව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මෙ කරුණ ඇත.
(5) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, උට්ඨායාසනා උදකෙන අක්ඛීනි අනුමජ්ජිත්වා දිසා අනුවිලොකෙය්යාසි. නක්ඛත්තානි තාරකරූපානි උල්ලොකෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(5) මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ හුනස්නෙන් නැඟී දියෙන් දෙයැස් පිරිමැද දිගුන් අනුවිලෝකන කරව, නැකැත් හා තාරුකරූපයන් බලව. මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(6) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, ආලොකසඤ්ඤං මනසිකරෙය්යාසි, දිවාසඤ්ඤං අධිට්ඨෙය්යාසි. යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(6) මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ ආලෝකසංඥාව මෙනෙහි කරව, දිවාසංඥාව ඉටව, දහවල යම්පරිදි වේ ද, රාත්‍රිය ද එපරිදි ය, රාත්‍රිය යම් පරිදි වේ නම් දහවල ද එපරිදි වේ යයි මෙසේ විවෘත වූ කෙලෙසුන්ගෙන් නො වෙළුනු සිතින් සප්රභාෂ චිත්තය වඩව. මෙ ලෙසින් වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(7) නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන, පච්ඡාපුරෙසඤ්ඤී චඞ්කමං අධිට්ඨෙය්යාසි අන්තොගතෙහි ඉන්ද්රියෙහි අබහිගතෙන මානසෙන. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
(7) මුගලන, මෙසේ වසන තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, තෝ පෙර පසු හැඟුම් ඇතියෙහි අභ්‍යන්තර ඉන්ද්රියයන්ගෙන් උපලක්ෂිත වූයෙහි බැහැර නොගිය සිතින් චංක්‍රමණය ඉටන්නෙහි ය. යම් හෙයෙකින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ වේ නම් එ කරුණ විද්‍යමාන ය.
නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං මොග්ගල්ලාන දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. පටිබුද්ධෙනෙව තෙ මොග්ගල්ලාන, ඛිප්පංයෙව පච්චුට්ඨාතබ්බං: න සෙය්යසුඛං න ඵස්සසුඛං න මිද්ධසුඛං අනුයුත්තො විහරිස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං.
ඉදින් මෙසේ වසන තොපට එ මිද්ධය ප්‍රහීණ නො වේ නම්, මුගලන, ඉක්බිති තෝ දකුණු පාදයෙහි වම් පය මඳක් හැද තබා ස්මෘතිමත් ව සම්ප්‍රජන්‍ය ඇත්තෙහි උත්තානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් ශය්‍යා කරව. මුගලන, ප්රබුද්ධ වු ද තා විසින් වහා නැගීසිටිය යුතු: ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි, අනුයුක්තයෙම් නො වෙසෙමි’ යි. මෞද්ගල්‍යායනයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
තස්මාතිහ මොග්ගල්ලාන එවං සික්ඛිතබ්බං: න උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමිස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං.
මුගලන, එකරුණින් මෙහි ලා මාන නමැති සොඬ දැඩිව ගෙණ කුලයන් කරා නො එළඹෙමි’ යි මෙසේ තොප විසින් ම හික්මිය යුතු යි. තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
සචෙ මොග්ගල්ලාන, භික්ඛු උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමති, සන්ති හි මොග්ගල්ලාන, කුලෙසු කිච්චකරණීයානි යෙන මනුස්සා ආගතං භික්ඛුං න මනසිකරොන්ති. තත්ර භික්ඛුස්ස එවං හොති: කොසුදානි මං ඉමස්මිං කුලෙ පරිභින්දි. විරත්තරූපාදානි මෙ මනුස්සාති. ඉතිස්ස අලාභෙන මඞ්කුභාවො. මඞ්කුභූතස්ස උද්ධච්චං. උද්ධතස්ස අසංවරො. අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
මුගලන, ඉදින් මහණ, උස් වූ මාන නැමැති සොඬ දැඩිව ගෙණ කුලයන් වෙත එළැඹේ නම්, මෞද්ගල්‍යායනයෙනි, යම්හෙයෙකින් මනුෂ්‍යයෝ පැමිණි මහණ මෙනෙහි නො කෙරෙත් නම්, කුලයන්හි එබඳු කුදුමහත් කරණී වෙති. එහි ලා මහණහට මෙබඳු සිතෙක් වෙයි: “කවරෙක් නම් මා මෙකුලෙහි දැන් බිඳුවා ද, දැන් මෙ මිනිස්සු මා කෙරෙහි නො ඇලෙන සැහැවි ඇත්තාහ” යි මෙසේ ඔහට අලාභයෙන් මකුබව වෙයි. මකු වූවහුට නො සන්හුන්බව වෙයි. නොසන්සුන් සිත් ඇතියාහට අසංවර වෙයි. අසංවෘතයාගේ චිත්තය සමාධියෙන් දුරු වෙයි.
තස්මාතිහ මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං: න විග්ගාහිකකථං කථෙස්සාමීති. එවං හි තෙ මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. විග්ගාහිකාය මොග්ගල්ලාන කථාය සති කථාබාහුල්ලං පාටිකඞ්ඛං. කථාබාහුල්ලෙ සති උද්ධච්චං. උද්ධතස්ස අසංවරො. අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
මෞද්ගල්‍යායනයෙනි, මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: විග්‍රාහික කථා (කලහයට හේතුකථා) නො කරන්නෙමි යි. මුගලන, තොප විසින් මෙසේ ම හික්මියයුතු යි. මුගලන, විග්‍රාහික කථා ඇති වත් ම කථා බාහුල්‍යය කැමැති වියයුතු. කථා බාහුල්‍යය ඇතිවත් ම උද්ධතභාවය වෙයි. උද්ධතයාහට අසංවරය වෙයි. අසංවෘත වූවහුගේ චිත්තය සමාධියෙන් දුරු වේ.
නාහං මොග්ගල්ලාන, සබ්බෙහෙව සංසග්ගං වණ්ණයාමි. න පනාහං මොග්ගල්ලාන සබ්බෙහෙව සංසග්ගං න වණ්ණයාමි. සගහට්ඨපබ්බජිතෙහි ඛො අහං මොග්ගල්ලාන සංසග්ගං න වණ්ණයාමි. යානි ච ඛො තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, තථාරූපෙහි සෙනාසනෙහි සංසග්ගං වණ්ණයාමීති.
මෞද්ගල්‍යායනයෙනි, මම හැම කෙනකුන් හා සමගම සංසර්ගය නො පසසමි. මෞද්ගල්‍යායනයෙනි, මම හැම දෙනෙකුන් හා සමගම සසඟ නො පසසන්නෙම් නො වෙමි. මෞද්ගල්‍යායනයෙනි, ගැහැවියන් හා පැවිද්දන් හා ම සංසර්ගය නො වණමි. අල්පශබ්ද ඇති, ඝෝෂා රහිත, ජනවාතයෙන් තොර වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවට යෝග්‍ය වූ පිළිසනට සරුප් වූ යම් සෙනසුන් වෙත් නම්, එබඳු සෙනසුන් හා සසඟ මම පසසමියි.
එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ, භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානන්ති?
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මහණ කෙතෙක් කරුණින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ, අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ, අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ, අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ සැකෙවින් තෘෂ්ණාසංක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්වාණයෙහි මිදුනේ වේ දැයි.
ඉධ මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති. එවං චෙතං මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායාති.
මුගලන, මෙ සස්නෙහි මහණහු විසින් පඤ්චස්කන්ධාදී සර්‍වධර්‍මයෝ තෘෂ්ණාදෘෂ්ට්‍යාදී විසින් අභිනිවේශයට නො නිස්සහ’යි අසනලද වෙයි. මුගලන, මෙසේත් සර්‍වධර්‍මයෝ අභිනිවේශයට නො නිස්සහ යන තෙල කරුණ භික්ෂූ විසින් අසනලද වෙයි.
සො සබ්බං ධම්මං අභිජානාති. සො සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යං කිඤ්චි වෙදනං වෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො, විරාගානුපස්සී විහරන්තො, නිරොධානුපස්සී විහරන්තො, පටිනිස්සාග්ගානුපස්සී විහරන්තො න ච කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති.
හෙ හැම ධර්ම (අනිත්‍යාදි විසින් ඥාතපරිඥානයෙන්) මොනොවට දනියි. හෙ හැම ධර්ම (අනිත්‍යාදි විසින් විශිෂ්ටඥානයෙන්) දැන හැම ධර්මය (තීරණපරිඥානයෙන්) පරිජානනය කෙරෙයි. හැම ධර්ම පරිජානනය කොට සුඛ වේදනා වේවයි, දුඃඛවේදනා වේවයි, අදුඃඛ අසුඛවේදනා (උපේක්ෂාවේදනා) වේවයි, යම් කිසි වේදනාවක් විඳී නම්, එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) විරාගානුදර්ශී ව වාසය කරයි. නිරෝධානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) ප්රතිනිඃසර්ගානුදර්ශී ව වාසය කෙරෙයි. හේ එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වසන්නේ, විරාගානුදර්ශී ව වසන්නේ, නිරෝධානුදර්ශී ව වසන්නේ, ප්රතිනිඃසර්ගානුදර්ශී ව වසන්නේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) දැඩි ව නො ගන්නේ ය. දැඩි කොට නො ගන්නේ නො තැවෙයි. නො තැවෙනුයේ ප්‍රත්‍යාත්මයෙහි ම ක්ලේශ පරිනිර්වාණයකරයි. “ජාතිය ක්ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී, සිවුමඟ කරණී කරණ ලදී. මෙ බව පිණිස කටයුතු අනෙකෙක් නැතැ”යි දනී.
එත්තාවතා ඛො මොග්ගල්ලාන, භික්ඛු සඞ්ඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො. සෙට්ඨො දෙවමනුස්සානන්ති.
මුගලන, මෙ තෙක් කරුණින් මහණ සැකෙවින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ තෘෂ්ණාසංක්‍ෂය විමුක්ත වූයේ දෙවිවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වේ ය යි.