මාපුඤ්ඤභායි සුත්තං
7. 2. 1. 9.
7. 2. 1. 9.
[මාපුඤ්ඤභායි සුත්තං]
[මාපුඤ්ඤභායි සූත්‍රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9. මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං භික්ඛවෙ, අධිවචනං යදිදං පුඤ්ඤන්ති.
9. මහණෙනි, පුණ්යයනට නහමක් බිය වවු. මහණෙනි, යම් මේ ‘පුණ්‍ය’ යන ශබ්දයෙක් වේ නම් තෙල සුඛයට නමෙකි.
අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉට්ඨං කන්තං මනාපං විපාකං පච්චනුභූතං. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙසිං. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්තසංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනරාගමාසිං. සංවට්ටමානස්සුදාහං භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොමි. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි. තත්ර සුදං භික්ඛවෙ, (සත්තක්ඛත්තුං) බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්ස මය්හං භික්ඛවෙ, ඉමානි සත්තරතනානි අහෙසුං. සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පන මෙ භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සොහං ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසින්ති.
මහණෙනි. මම දීර්ඝරාත්රයෙහි කරණලද පුණ්යකර්මයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දීර්ඝරාත්රයෙහි පුනපුනා විඳුනාලද විපාක මොනොවට දන්මි. සත්වසක් (ධ්‍යානගත) මෙත්සිත් වැඩීමි. සත්වසක් මෙත්සිත් වඩා නස්නා වූ ද වැඩෙන්නා වූ ද කප්සතක් යළි මෙ ලොවට උපත් විසින් නො පැමිණියෙමි. මහණෙනි, ලොව නස්නා කල්හි මම ආභාස්වර බඹලොවට පැමිණියෙමි. ලොව වඩනා කල්පයෙහි ශූන්‍ය බ්‍රහ්මවිමානයෙහි උපදිමි. මහණෙනි, එහි දු මම බ්‍රහ්ම වූයෙම් සෙසු බඹුන් මඩනාසුල්ලෙම්, අභිභූත නො වූයෙම්, ඒකාන්තයෙන් දක්නා සුලුයෙම්, මෙරමා වශයෙහි පවත්වනසුල්ලෙම් වෙමි. මහණෙනි, මම සතිස්වරක් දෙවියනට ඉන්ද්‍ර වූයෙම් ශක්‍ර වීමි. නොයෙක්වර ධාර්මික වූ ධර්මරාජ වූයෙම් සිවුසයුර හිම් කොට ඇති මිහිපල් වූයෙම් දිනූ සඞ්ග්‍රාම ඇතියෙම්, ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියෙම් සත්රුවනින් සමන්වාගත වූයෙම් සක්විතිරජවීමි. මහණෙනි, සත්රුවනින් නම්: සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන. ඉතිරිරුවන. ගැහැවිරුවන, සෙනෙවිරද්රුවන යි. මහණෙනි, එබඳු මට සත්රුවනින්හූ වූහ. මහණෙනි, මට සූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරුසෙන් මඩනා දහසකට වැඩි පුත්‍රයෝ වූහ. එබඳු මම සයුරු හිම් කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්මයෙන් දිනාගෙණ විසීමි යි.
41. පස්ස පුඤ්ඤානං විපාකං කුසලානං සුඛෙසිනො මෙත්තං චිත්තං විභාවෙත්වා සත්තවස්සානි භික්ඛවෙ, සත්ත සංවට්ට-විවට්ටකප්පෙ නයිමං ලොකං පුනාගමං.
41. සුවකැමැතියෙනි, කුශල සඞ්ඛ්‍යාත පුණ්‍යයන්ගේ විපාකය නහමවු. මහණෙනි, සත්වසක් මෙත්සිත් වඩා මම සප්තසංවර්ත විවර්තකල්පයක් මෙ මිනිස්ලොවට පෙරළා නො පැමිණියෙමි.
42. සංවට්ටමානෙ ලොකම්හි හොමි ආභස්සරූපගො, විවට්ටමානෙ ලොකම්හි සුඤ්ඤං බ්රහ්මූපගො අහුං.
42. ලෝකය නස්නා කල්හි මම ආභාස්වරෝපග වෙමි. ලෝකය වැඩෙන කල්හි ශුන්‍ය වු බ්රහ්මවිමානෝපගවීමි.
43. සත්තක්ඛත්තුං මහාබ්රහ්මා වසවත්තී තදා අහුං. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං.
43. එකල්හි මම සත් වරක් වසවත් මහබඹ වීමි. සතිස් වරක් දේවේන්ද්‍ර වූයෙම් දෙව්රජය කරවීමි.
44. චක්කවත්තී අහුං රාජා ජම්බුදීපස්ස ඉස්සරො මුද්ධාවසිත්තො ඛත්තියො මනුස්සාධිපතී අහුං.
44. මම ජම්බුදීපේශ්වර වූයෙම් සක්විති රජ වීමි. මූර්ධාභිෂික්තව ක්ෂත්රිය මනුෂ්‍යයනට අධිපති වීමි.
45. අදණ්ඩෙන අසත්ථෙන විජෙය්ය පඨවිං ඉමං අසාහසෙන ධම්මෙන සමෙන අනුසාසියං.
45. අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙ පොළොව දිනා නො සැහැසිකමින් දැහැමින් සෙමෙන් රාජ්යානුශාසන කෙළෙමි.
46. ධම්මෙන රජ්ජං කාරෙත්වා අස්මිං පඨවිමණ්ඩලෙ මහද්ධනෙ මහාභොගෙ අඩ්ඪෙ අජායිසං කුලෙ
46. මේ පොළෝමඬුලුයෙහි දැහැමින් රජය කොට මහද්ධන ඇති මහා භෝග ඇති ආඪ්‍ය වූ කුලයෙහි උපන්මි.
47. සබ්බකාමෙහි සම්පන්නො රතනෙහි ච සත්තහි, බුද්ධා සඞ්ගාහකා ලොකෙ තෙහි එතං සුදෙසිතං.
47. හැම කාමවස්තුයෙන් හා සප්තරත්නයෙන් සපන් වීමි. ලොව්හි බුදුවරු සංග්‍රාහක වෙති. උන්වහන්සේ විසින් තෙල කරුණ මොනොවට දෙසනලදී.
48. එස හෙතුමහන්තස්ස පථව්යො යෙන වුච්චති. පහූතවිත්තූපකරණො රාජා හොමි පතාපවා
48. යම් හෙයෙකින් පෘථිවීශ්වරයෙම් බොහෝ සම්පත් හා උපකරණ ඇතියෙම් ප්රතාපවත් රජ වෙමි’ යි කියනුලැබේ නම් මහත්වයට තෙල හේතු වෙයි.
49. ඉද්ධිමා යසවා හොමි ජම්බුසණ්ඩස්ස ඉස්සරො. කො සුත්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතියො.
49. ජම්බුද්වීපේශ්වර වූයෙම් ඍද්ධිමත් ද යශස්වී ද වෙමි. කෘෂ්ණාභිජාතික වූ ද (පාපකර්ම විපාකයෙන් උපන්නා වූ ද) කවරෙක් නම් එය අසා නො පහදනේ ද?
50. තස්මා හි අත්ථකාමෙන මහත්තමභිකඞ්ඛතා සද්ධම්මො ගරුකාතබ්බො සරං බුද්ධාන සාසනං.
50. එහෙයින් ම අර්ත්ථය කැමැති මහත්ත්වය පතන්නහු විසින් බුදුන්ගේ ශාසනය සිහි කරමින් සද්ධර්මය ගුරු කටයුත්තේ ය යි.