යෙදුමෙන් කියවන්න

සත‍්තභරියා සුත‍්තං

7. 2. 1. 10.

7. 2. 1. 10.

[සත‍්තභරියා සුත‍්තං]

[සත්තභරියා සූත්‍රය]

10. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි.

10. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වු අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වහ්න සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ නිවෙස්නට වැඩිසේක. වැඩ පැන වූ අස්නෙහි වැඩහුන්සේක.

තෙන ඛො පන සමයෙන අනාථපිණ‍්ඩිකස‍්ස ගහපතිස‍්ස නිවෙසනෙ මනුස‍්සා උච‍්චාසද‍්දා මහාසද‍්දා හොන‍්ති. අථ ඛො අනාථපිණ‍්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො අනාථපිණ‍්ඩිකං ගහපතිං භගවා එතදවොච:

එ වෙලායෙහි අනේපිඬුසිටුහුගේ නිවෙස්හි මිනිස්සු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙති. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පස්හි හුන් අනේපිඬුගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

කින‍්නු තෙ ගහපති නිවෙසනෙ මනුස‍්සා උච‍්චාසද‍්දා මහාසද‍්දා, කෙවට‍්ටා මඤ‍්ඤෙ මච‍්ඡවිලොපෙති?

ගෘහපතියෙනි, කවරහෙයින් තාගේ ගෙහි මිනිස්සු කෙවුලන් මසුන් පැස තැබූ තැන් සෙයින් උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙත් දැයි.

අයං භන‍්තෙ, සුජාතා ඝරසුණ‍්හා අඩ‍්ඪා අඩ‍්ඪකුලා ආනීතා. සා නෙව සස‍්සුං ආදියති. න සසුරං ආදියති. න සාමිකං ආදියති. භගවන‍්තම‍්පි න සක‍්කරොති, න ගරුකරොති න මානෙති, න පූජෙතීති.

වහන්ස, සුජාතා නම් වු මෙ ආඪ්‍ය වූ කුල දුවක් කුලයෙකින් ගෙණෙනලදු. (මෝ මාගේ) නැදි යයි කියා හෝ නො ම ගන්නී ය. (මෙ මාගේ) මයිල් යයි කියා හෝ නො ගණී. (මෙ මා) හිමි යි හෝ නො ගන්නී ය. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර නො කරයි. ගුරුකාර නෙකරයි. බුහුමන් නොකරයි. නො පුදයි.

අථ ඛො භගවා සුජාතං ඝරසුණ‍්හං ආමන‍්තෙසි එහි සුජාතෙති. එවම‍්භන‍්තෙති ඛො සුජාතා ඝරසුණ‍්හා භගවතො පටිස‍්සුත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො සුජාතං ඝරසුණ‍්හං භගවා එතදවොච:

එක්බිති භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදුව ඇමතූසේක. සුජාතාවෙනි, මෙහි එව’යි. වහන්ස, එසේ ය යි සුජාතාකුලදූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පස්හි හුන් සුජාතා කුලදුවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:

සත‍්ත ඛො ඉමා සුජාතෙ, පුරිසස‍්ස භරියායො. කතමා සත‍්ත:

සුජාතාවෙනි, පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:

වධකසමා, චොරිසමා, අය්‍යසමා, මාතුසමා, භගිනිසමා, සඛීසමා, දාසීසමා, ඉමා ඛො සුජාතෙ, සත‍්ත පුරිසස‍්ස භරියායො

වධකසමා ය, චෝරීසමා ය, ආර්‍ය්‍යසමා ය, මාතුසමා ය, භගිනීසමා ය, සඛීසමා ය, දාසිසමා ය යි. සුජාතාවෙනි, පුරුෂයාට මේ සත් බිරියෝ වෙත්.

තාසං ත්‍වං කතමාති.

ඔවුනතුරෙන් තී කවරක් වෙහි දැයි?

න ඛො අහං භන‍්තෙ, ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානාමි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් මම නො දනිම් මැයි.

සාධු මෙ භන‍්තෙ, භගවා තථා ධම‍්මං දෙසෙතු, යථා අහං ඉමස‍්ස භගවතා සඞ‍්ඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං ආජානෙය්‍යන‍්ති.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් විතර විසින් දැනගන්නෙම් නම් මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක්වා යි.

තෙන හි සුජාතෙ, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො සුජාතා ඝරසුණ‍්හා භගවතො පච‍්චස‍්සොසි. භගවා එතදවොච:

සුජාතාවෙනි, එකරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස එසේ යයි සුජාතා කුල දූ තොමෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූ ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

51. පදුට‍්ඨචිත‍්තා අහිතානුකම‍්පිනී අඤ‍්ඤෙසු රත‍්තා අතිමඤ‍්ඤතෙ පතිං, ධනෙන කීතස‍්ස වධාය උස‍්සුකා, යා එවරූපා පුරිසස‍්ස භරියා වධකා ච භරියාති ච සා පවුච‍්චති

51. යම් බිරියක් ප්‍රදුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගන්නා ලද්දී වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුගේ මෙබඳු යම් බිරියක් වන්නී නම් ඕ වධක වැනි ය යි ද භරියා යි ද කියනු ලබා.

52. යං ඉත්‍ථියා වින්‍දති සාමිකො ධනං සිප‍්පං වණිජ‍්ජඤ‍්ච කසිං අධිට‍්ඨහං, අප‍්පම‍්පි තස‍්මා අපහාතුමිච‍්ඡති, යා එවරූපා පුරිසස‍්ස භරියා චොරී ච භරියාති ච සා පවුච‍්චති.

52. ස්ත්‍රියගේ හිමි තෙම වෙණදහම් ගොවිකම් කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රී එ ධනයෙන් අල්පයකුදු පැහැරගණු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ සෙර ය යි ද බිරිය යි ද කියනු ලබා.

53. අකම‍්මකාමා අලසා මහග‍්ඝසා ඵරුසා චණ‍්ඩී ච දුරුත‍්තවාදිනී, උට‍්ඨායකානං අභිභුය්‍ය වත‍්තති, යා එවරූපා පුරිසස‍්ස භරියා අය්‍යා ච භරියාති ච සා පවුච‍්චති.

53. (යම් බිරියක්) කටයුතු නො රුස්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල් කියන්නී හිමිහුගේ උත්‍ථානසම්පදාව මැඩගෙණ වැටෙන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යා ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබයි.

54. යා සබ‍්බදා හොති හිතානුකම‍්පිනී මාතාව පුත‍්තං අනුරක‍්ඛතෙ පතිං, තතො ධනං සම‍්භතමස‍්ස රක‍්ඛති, යා එවරූපා පුරිසස‍්ස භරියා මාතා ච භරියාති ච සා පවුච‍්චති.

54. යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද වැලිදු ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ මාතෘ ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.

55. යථාපි ජෙට‍්ඨෙ භගිනී කනිට‍්ඨා සගාරවා හොති සකම‍්හි සාමිකෙ, හිරීමනා භත‍්තුවසානුවත‍්තීනී, යා එවරූපා පුරිසස‍්ස භරියා භගිනී ච භරියාති ච සා පවුච‍්චති.

55. දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ භගිනි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.

56. යා චීධ දිස‍්වාන පතිං පමොදති සඛී සඛාරංව චිරස‍්සමාගතං, කොලෙය්‍යකා සීලවතී පතිබ‍්බතා, යා එව රූපා පුරිසස‍්ස භරියා සඛී ච භරියාති ච සා පවුච‍්චති.

56. මෙ ලොව්හි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ යෙහෙලියක් ය යි ද බිරිය ය යි ද කියනු ලබා.

57. අක‍්කුද‍්ධසන‍්තා වධදණ‍්ඩතජ‍්ජිතා, අදුට‍්ඨචිත‍්තා පතිනො තිතික‍්ඛති, අක‍්කොධනා භත‍්තුවසානුවත‍්තීනී, යා එවරූපා පුරිසස‍්ස භරියා දාසී ච භරියාති ච සා පවුච‍්චති.

57. (හිමියා විසින්) දඬු ගෙණ වධයෙන් තර්‍ජනය කරණලද්දී නො කිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්‍ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ දාසි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.

58. යා චීධ භරියා වධකාති වුච‍්චති චොරී ච අය්‍යාති ච යා පවුච‍්චති, දුස‍්සීලරූපා ඵරුසා අනාදරා කායස‍්ස භෙදා නිරයං වජන‍්තී තා.

58. මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චෝරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔහු කාබුන් මරණින් මතු නිරයට පිළිසඳ විහින් යෙති.

59. යා චීධ මාතා භගිනී සඛී ච දාසී ච භරියාති ච යා පවුච‍්චති, සීලෙ ඨිතත‍්තා චිරරත‍්තසංවුතා කායස‍්ස භෙදා සුගතිං වජන‍්ති තා.

59. මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔහු කාබුන් මරණින් මතු සුගතියට යෙත්.

ඉමා ඛො සුජාතෙ සත‍්ත පුරිසස‍්ස භරියායො. තාසං ත්‍වං කතමාතී? අජ‍්ජතග‍්ගෙ මං භන‍්තෙ, භගවා දාසී සමං සාමිකස‍්ස භරියං ධාරෙතූති.

සුජාතාවෙනි, මොහු සත්දෙන පුරුෂයාහට භාර්‍ය්‍යාවෝ වෙති. උන් අතුරෙහි තෝ කවරෙක් වෙහි දැයි. භාග්‍යවතුන් වහන්ස, අද පටන් කොට මා සැමියාගේ දැසියක සම වූ බිරිය කොට ධරණසේක්වයි.