2. මහාවග්ගො අට්ඨකථා
2. මහා වර්ගය
1. හිරොත්තප්ප සුත්තවණ්ණනා
1. හිරොත්තප්ප සූත්‍ර වර්ණනාව
සත්තමස්ස පඨමෙ හතූපනිසොති හතඋපනිසො ඡින්නපච්චයො. යථාභූතඤාණදස්සනන්ති තරුණවිපස්සනා. නිබ්බිදාවිරාගොති බලවවිපස්සනා චෙව මග්ගො ච. විමුත්තිඤාණදස්සනන්ති අරහත්තවිමුත්ති ච පච්චවෙක්ඛණා ච.
සත්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි හතුපනිසො යනු සිඳුණු හේතු ඇත්තේයි, යථාභූතං ඤාණදස්සනං යනු තරුණ විදර්ශනාවයි, නිබ්බිදාවිරාගො බලවත් විදර්ශනාව මෙන්ම මාර්ගය ද වේ. විමුත්තිඤාණදස්සනං යනු අරහත් විමුක්තිය හා ප්රත්යවෙක්ෂණාවයි.
2. සත්තසුරියුග්ගමන සුත්තවණ්ණනා
2. සත්තසුරියුග්ගමන සූත්‍ර වර්ණනාව
දුතියෙ යස්මා අයං සත්තසූරියදෙසනා තෙජොසංවට්ටදස්සනවසෙන පවත්තා, තස්මා තයො සංවට්ටා, තිස්සො සංවට්ටසීමා, තීණි සංවට්ටමූලානී, තීණි කොලාහලානීති අයං තාව ආදිතොව ඉමස්ස සුත්තස්ස පුරෙචාරිකකථා වෙදිතබ්බා. සා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.403) පුබ්බෙනිවාසානුස්සතිනිද්දෙසෙ විත්ථාරිතාව. එතදවොචාති අනිච්චකම්මට්ඨානිකානං පඤ්චන්නං භික්ඛුසතානං අජ්ඣාසයෙන උපාදින්නකානං අනුපාදින්නකානං සඞ්ඛාරානං විපත්තිදස්සනත්ථං එතං “අනිච්චා, භික්ඛවෙ, සඞ්ඛාරා”තිආදිසත්තසූරියොපමසුත්තන්තං අවොච. තත්ථ අනිච්චාති හුත්වා අභාවට්ඨෙන අනිච්චා. සඞ්ඛාරාති උපාදින්නකඅනුපාදින්නකා සඞ්ඛාරධම්මා. අද්ධුවාති එවං අචිරට්ඨෙන න ධුවා. අනස්සාසිකාති අසස්සතභාවෙන අස්සාසරහිතා. අලමෙවාති යුත්තමෙව.
දෙවැන්නෙහි යම් හෙයකින් මේ සත්තසූරිය දේසනාව තෙජොසංවට්ට දැක්වීම් වශයෙන් පවත්වන ලද්දේ ද එහෙයින් සංවට්ටතුන සංවට්ටසීමා තුන සංවට්ටමූල තුන යන මෙය මුලින්ම මේ සූත්‍රයේ මුලින් පවතින කථාව (ලෙස) දතයුතුය. එය විසුද්ධිමග්ගයෙහි පුබ්බෙනිවාසානුස්සති නිර්දේශයෙහි විස්තර කරන ලද්දේය. එතදවොච යනු අනිත්‍ය කර්මස්ථානික වූ පන්සියයක් භික්ෂූන්ගේ අදහසින් තමාගේ වශයෙන් දැඩිව ගන්නා ලද හා එසේ නොගන්නා ලද සංස්කාරයන්ගේ විනාශය දැක්වීම සඳහා එවං අනිච්චා භික්ඛවෙ සඞ්ඛාරා යනාදී සප්තසූර්ය්යොපම සූත්‍රාන්තය දෙසූ සේක. එහි අනිච්චා යනු පැවතී විනාශවිම් අර්ත්ථයෙන් අනිත්යයෝයි, සඞ්ඛාරා යනු දැඩිව ගන්නාලද හා දැඩිව නොගන්නාලද සංස්කාර ධර්මයෝයි, අද්ධුවා යන අස්ථිරාර්ථයෙන් නිත්‍ය නොවූයි, අනස්සාසිකා යනු අශාස්වත (සදාකල් නොපවතින) අර්ත්ථයෙන් සැනසීමක් නැතිවුයි, අලමෙව යනු සුදුසුමය,
අජ්ඣොගාළ්හොති උදකෙ අනුපවිට්ඨො. අච්චුග්ගතොති උදකපිට්ඨිතො උග්ගතො. දෙවො න වස්සතීති පඨමං තාව උපකප්පනමෙඝො නාම කොටිසතසහස්සචක්කවාළෙ එකමෙඝො හුත්වා වස්සති, තදා නික්ඛන්තබීජං න පුන ගෙහං පවිසති. තතො පට්ඨාය ධමකරණෙ නිරුද්ධං විය උදකං හොති, පුන එකබින්දුම්පි දෙවො න වස්සතීති උපමානධම්මකථාව පමාණං. විනස්සන්තෙ පන ලොකෙ පඨමං අවීචිතො පට්ඨාය තුච්ඡො හොති, තතො උට්ඨහිත්වා සත්තා මනුස්සලොකෙ ච තිරච්ඡානෙසු ච නිබ්බත්තන්ති. තිරච්ඡානෙසු නිබ්බත්තාපි පුත්තභාතිකෙසු මෙත්තං පටිලභිත්වා කාලකතා දෙවමනුස්සෙසු නිබ්බත්තන්ති. දෙවතා ආකාසෙන චරන්තියො ආරොචෙන්ති – “න ඉදං ඨානං සස්සතං න නිබද්ධං, මෙත්තං භාවෙථ, කරුණං, මුදිතං, උපෙක්ඛං භාවෙථා”ති. තෙ මෙත්තාදයො භාවෙත්වා තතො චුතා බ්රහ්මලොකෙ නිබ්බත්තන්ති.
අජ්ඣාගාළ්හො යනු දියෙහි පිවිසුණේයි. අච්චුග්ගතො යනු දිය මතුපිටින් මතුවූයේයි, දෙවො න වස්සති යනු පළමුව උපකප්පන මෙඝ නම්වූ කිසිවක් ලක්ෂයක් සක්වළෙහි එකම වළාකුලක් වී වසයි, එකල්හි නික්මුණු බීජය යළි ගෙට නොපිවිසෙයි, එතැන් පටන් ජලය පෙරහනෙහි වියලී ගියාක් මෙන් වෙයි. යළි වැස්ස එක් බිඳුවකුදු නොවසියි යන උපමාවයි, ධර්මකථාවම ප්‍රමාණ නොවේ. විනාශවන විට ලෝකයෙහි පළමුව අවිචියෙහි පටන් හිස්වෙයි. සත්ත්වයෝ එයින් නැඟී මිනිස් ලොවෙහි ද තිරිසනුන් අතර ද උපදිත්. තිරිසනුන් අතුරෙහි උපන්නාහු ද පුතුන් සොහොයුරන් කෙරෙහි මෛත්‍රිය ලබා කළුරිය කළාහු දෙවිමිනිසුන් අතුරෙහි උපදිත්. දෙවියෝ අහසින් හැසිරෙමින් මේ ස්ථානය සදාකල් නොපවතියි මෛත්‍රිය වඩවු කරුණාව මුදිතාව උපෙක්ෂාව වඩමුයි සැලකරත්. ඔවුහු මෛත්‍රිය ආදිය වඩා එයින් චුතව බ්‍රහ්මලෝකයෙහි උපදිත්.
බීජගාමාති එත්ථ බීජගාමො නාම පඤ්ච බීජජාතානි. භූතගාමො නාම යංකිඤ්චි නික්ඛන්තමූලපණ්ණං හරිතකං. ඔසධිතිණවනප්පතයොති එත්ථ ඔසධීති ඔසධරුක්ඛා. තිණාති බහිසාරා තාලනාළිකෙරාදයො. වනප්පතයොති වනජෙට්ඨකරුක්ඛා. කුන්නදියොති ඨපෙත්වා පඤ්ච මහානදියො අවසෙසා නින්නගා. කුසොබ්භාති ඨපෙත්වා සත්ත මහාසරෙ අවසෙසා රහදාදයො. දුතියො සූරියොතිආදීසු දුතියසූරියකාලෙ එකො උදෙති, එකො අත්ථඞ්ගමෙති. තතියකාලෙ එකො උදෙති, එකො අත්ථඞ්ගමෙති, එකො මජ්ඣෙ හොති. චතුත්ථකාලෙ චතුකුලිකෙ ගාමෙ චත්තාරො පිණ්ඩචාරිකා ද්වාරපටිපාටියා ඨිතා විය හොන්ති. පඤ්චමාදිකාලෙපි එසෙව නයො. පලුජ්ජන්තීති ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්ති. නෙව ඡාරිකා පඤ්ඤායති න මසීති චක්කවාළමහාපථවී සිනෙරුපබ්බතරාජා හිමවා චක්කවාළපබ්බතො ඡ කාමසග්ගා පඨමජ්ඣානිකබ්රහ්මලොකාති එත්තකෙ ඨානෙ දඩ්ඪෙ අච්ඡරාය ගහෙතබ්බමත්තාපි ඡාරිකා වා අඞ්ගාරො වා න පඤ්ඤායති. කො මන්තා කො සද්ධාතාති කො තස්ස සද්ධාපනත්ථාය සමත්ථො, කො වා තස්ස සද්ධාතා. අඤ්ඤත්ර දිට්ඨපදෙහීති දිට්ඨපදෙ සොතාපන්නෙ අරියසාවකෙ ඨපෙත්වා කො අඤ්ඤො සද්දහිස්සතීති අත්ථො.
බීජගාමං යනු මෙහි බීජගාමය නම් බීජජාති පසයි. භූතගාමය නම් යම් කිසි නික්මුණු මුල් කොළ ඇති අරළු ඖෂධීය තෘණ වනස්පතී වෘක්ෂයෝයි. මෙහි ඔසධී යනු බෙහෙත් ගස්ය, තිණා යනු පිටතහරය ඇති තල් පොල් ආදියයි. වනස්පතයො යනු වනයට අධිපති වෘක්ෂයෝයි, කුන්නදියො යනු පස් මහ නදීන් හැර සෙසු ගංගාවෝයි, කුස්සුබ්හා යනු සත්මහ සයුරු හැර සෙසු විල් ආදියයි, දුතියො සුරියො යනාදියෙහි දෙවෙනි හිරු ඇතිවිට එක් සූර්‍ය්‍යයෙක් නැගෙයි, එක් සූර්‍ය්‍යයෙක් බසියි, තෙවැනි හිරු ඇති කල්හි එකක් නඟියි. එකක් බසියි. එකක් මැඳයි. සිවුවැනි සූර්ය්ය කාලයෙහි සිවුකුලයට අයත් මිනිසුන් ඇති ගමෙක පිඬු හැසිරෙන්නන් සිවු දෙනෙකු පිළිවෙලින් දොරටුවෙහි සිටියාක් මෙන් වෙයි. පස්වෙනි සූර්‍ය්‍යයා ආදී කාලයෙහි ද මේ ක්‍රමයමයි. පලුජජන්ති යනු සිඳී වැටෙත්. නෙව ඡාරිකා පඤ්ඤායති න යනු සක්වළ මහපොළොව මහමෙරපව්ව හිමාලය සක්වළ පව්ව කාමස්වර්හගය ප්‍රථම ධ්‍යානික බ්‍රහ්මලෝක යන මෙපමණ තැනක් දැවුණු විට දෑගිල්ලට ගතයුතු පමණ වූ ද අලු හෝ අඟුරු හෝ නොපැනෙයි. කො මන්තා කො සද්ධාතා යනු කවරෙක් ඔහුට විශ්වාසය ඇති කරවනු සඳහා කථා කිරීමට සමතෙක් වේද? ඔහුගේ විශ්වාසය ඇතිකරවන කවරෙක් හෝ වේද? අඤ්ඤත්ර දිට්ඨපදෙහි යනු දැකිය හැකි පියවර ඇති සෝවාන් ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර අන් කවරෙක් විශ්වාසය ඇති කරවන්නේද යන අරුත්ය.
වීතරාගොති වික්ඛම්භනවසෙන වීතරාගො. සාසනං ආජානිංසූති අනුසිට්ඨිං ජානිංසු, බ්රහ්මලොකසහබ්යතාය මග්ගං පටිපජ්ජිංසු. සමසමගතියොති දුතියත්තභාවෙ සබ්බාකාරෙන සමගතිකො එකගතිකො. උත්තරි මෙත්තං භාවෙය්යන්ති පඨමජ්ඣානතො උත්තරි යාව තිකචතුක්කජ්ඣානා පණීතං කත්වා මෙත්තං භාවෙය්යං. චක්ඛුමාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමා. පරිනිබ්බුතොති බොධිපල්ලඞ්කෙයෙව කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතො. එවං අනිච්චලක්ඛණං දීපෙත්වා සත්ථරි දෙසනං විනිවට්ටෙන්තෙ පඤ්චසතාපි තෙ අනිච්චකම්මට්ඨානිකා භික්ඛූ දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා නිසින්නාසනෙසුයෙව අරහත්තං පාපුණිංසූති.
විතරාගො යනු විෂ්කම්භන වශයෙන් දුරුකළ රාග ඇත්තේයි, සාසනං ආජානිංසු යනු ආනුශාසනය අනුව දත්තාහුය. බඹලොව සහවාසයේ මගට පිළිපන්හ. සමගතියො යනු දෙවැනි භාවයෙහි සියලු ආකාරයෙන් සමාන පැවැතුම් ඇත්තේය, උත්තරිං මග්ගං භාවෙය්යං යනු ප්‍රථම ධ්‍යානයට මත්තෙහි ත්රිකචතුෂ්ක ධ්‍යානයන් දක්වා මෛත්‍රිය ප්රණිත කොට වඩන්නේය. චක්ඛුමා යනු පසැසින් ඇස් ඇත්තේයි. පරිනිබ්බුතො යනු බෝ පළඟෙහිදීම කෙලෙස් පිරිනිවුමෙන් පිරිනිවීයේයි, මෙසේ අනිත්‍ය ලක්ෂණය දක්වා ශාස්තෲන් වහන්සේ දේශනාව පවත්වන කල්හි ඒ පන්සියයක් අනිත්‍ය කර්මස්ථානික භික්ෂූහු දෙසනානුසාරයෙන් නුවණ යවා හුන් අසුන්හිම රහත්බවට පැමිණියාහුය.
3. නගරූපම සුත්තවණ්ණනා
3. නගරූපම සූත්‍ර වර්ණනාව
තතියෙ යතොති යදා. පච්චන්තිමන්ති රට්ඨපරියන්තෙ රට්ඨාවසානෙ නිවිට්ඨං. මජ්ඣිමදෙසනගරස්ස පන රක්ඛාකිච්චං නත්ථි, තෙන තං න ගහිතං. නගරපරික්ඛාරෙහි සුපරික්ඛතන්ති නගරාලඞ්කාරෙහි අලඞ්කතං. අකරණීයන්ති අකත්තබ්බං අජිනියං. ගම්භීරනෙමාති ගම්භීරආවාටා. සුනිඛාතාති සුට්ඨු සන්නිසීදාපිතා. තං පනෙතං එසිකාථම්භං ඉට්ඨකාහි වා කරොන්ති සිලාහි වා ඛදිරාදීහි වා සාරරුක්ඛෙහි. තං නගරගුත්තත්ථාය කරොන්තා බහිනගරෙ කරොන්ති, අලඞ්කාරත්ථාය කරොන්තා අන්තොනගරෙ. තං ඉට්ඨකාමයං කරොන්තා මහන්තං ආවාටං කත්වා චයං චිනිත්වා උපරි අට්ඨංසං කත්වා සුධාය ලිම්පන්ති. යදා හත්ථිනා දන්තෙහි අභිහතො න චලති, තදා සුලිත්තො නාම හොති. සිලාථම්භාදයොපි අට්ඨංසා එව හොන්ති. තෙ සචෙ අට්ඨ රතනා හොන්ති, චතුරතනමත්තං ආවාටෙ පවිසති, චතුරතනමත්තං උපරි හොති. සොළසරතනවීසතිරතනෙසුපි එසෙව නයො. සබ්බෙසඤ්හි උපඩ්ඪං හෙට්ඨා හොති, උපඩ්ඪං උපරි. තෙ ගොමුත්තවඞ්කා හොන්ති, තෙන තෙසං අන්තරෙ පදරමයං කත්වා කම්මං කාතුං සක්කා හොති, තෙ පන කතචිත්තකම්මා පග්ගහිතද්ධජාව හොන්ති.
තෙවැන්නෙහි යතො යනු යම් විටෙකයි, පච්චන්තිමං යනු රට කෙළවර රට අවසන්හි බැසගත්තාවුයි, (පිහිටියාවූයි). මධ්‍ය දේශයෙහි නගරයට රැකවල්කිසක් නැත. එහෙයින් එය නොගන්නා ලදි. නගරපරික්ඛාරෙහි පරික්ඛිත්තං යනු නගරාලංකාරයන්ගෙන් අලංකාරවූයි. අකරණීයං යනු නොකළයුතු වූ, නොයායුතුවූයි, ගම්භීරනෙමා යනු ගැඹුරු ආවාටයෝයි, සුනිඛාතා හිඳුවන ලද්දාවූයි. ඒ නුවර දොරටුව ඉදිරියෙහි වූ කුළුණ ගඩොලින් හෝ ගලින් හෝ කිහිරි ආදී හරවත් දැවයෙන් හෝ කරත්. එය නුවර ආරක්ෂාවට කරන්නාහු පිට නගරයෙහි කරති. අලංකාරය සඳහා කරන්නාහු ඇතුළු නුවරෙහි කරත්. එය ගලින් නිමවන්නාහු මහත් ආවාටයක් කොට එය ගොඩ කොට මත්තෙහි අටැස් කොට හුණු පිරියම් කරත්. යම් විටෙක ඇතෙකු විසින් දළින් අනිනා ලද්දේ නොසැලෙයිද එවිට මනාව අලෙව් කරන ලද්දේ නම් වෙයි. ගල්කණු ආදිය ද අටැස් වූයේම වෙයි. ඒවා ඉදින් අටරියන් වෙයිද සිවුරියනක් පමණ වළෙහි පිවිසෙයි. සිවුරියනක් පමණ මතුපිටින් වෙයි. සොළොස් රියන් විසිරියන් ආදියෙහි ද මේ ක්‍රමයමයි. සියල්ලේම අඩක් යට ද අඩක් උඩ ද වෙයි. ඒවා ගොමුත්රවඞ්ක වෙයි. එහෙයින් ඒවා අතුරෙහි ඵලක තබා සිතුවම් කිරීමට හැකිවෙයි. ඒවා කරනලද සිතුවම් ඇත්තේ ගන්නා ලද ධජ ඇත්තේ වෙයි.
පරිඛාති පරික්ඛිපිත්වා ඨිතමාතිකා. අනුපරියායපථොති අන්තො පාකාරස්ස පාකාරෙන සද්ධිං ගතො මහාපථො, යත්ථ ඨිතා බහිපාකාරෙ ඨිතෙහි සද්ධිං යුජ්ඣන්ති. සලාකන්ති සරතොමරාදිනිස්සග්ගියාවුධං. ජෙවනිකන්ති එකතොධාරාදිසෙසාවුධං.
පරිඛා යනු වටකොට සිටි දිය අගලයි, අනුපරියායපථො යනු පවුරට ඇතුළතින් පවුර සමග ගිය මහ මගයි. එහි සිටියාහු පවුරෙන් පිටත සිටියවුන් සමග යුදකරත්. සලාකං යනු හී තෝමර ආදී යැවිය යුතු අවියයි. ජෙවනියං යනු එක් පසකින් මුවහත ඇති ආදී සෙසු අවියි,
හත්ථාරොහාති සබ්බෙපි හත්ථිආචරියහත්ථිවෙජ්ජහත්ථිබන්ධාදයො. අස්සාරොහාති සබ්බෙපි අස්සාචරියඅස්සවෙජ්ජඅස්සබන්ධාදයො. රථිකාති සබ්බෙපි රථාචරියරථයොධරථරක්ඛාදයො. ධනුග්ගහාති ඉස්සාසා. චෙලකාති යෙ යුද්ධෙ ජයද්ධජං ගහෙත්වා පුරතො ගච්ඡන්ති. චලකාති “ඉධ රඤ්ඤො ඨානං හොතු, ඉධ අසුකමහාමත්තස්සා”ති එවං සෙනාබ්යූහකාරකා. පිණ්ඩදායිකාති සාහසිකමහායොධා. තෙ කිර පරසෙනං පවිසිත්වා පිණ්ඩපිණ්ඩමිව ඡෙත්වා ඡෙත්වා දයන්ති, උප්පතිත්වා නිග්ගච්ඡන්තීති අත්ථො. යෙ වා සඞ්ගාමමජ්ඣෙ යොධානං භත්තපානීයං ගහෙත්වා පවිසන්ති, තෙසම්පෙතං නාමං. උග්ගා රාජපුත්තාති උග්ගතුග්ගතා සඞ්ගාමාවචරා රාජපුත්තා. පක්ඛන්දිනොති යෙ “කස්ස සීසං වා ආවුධං වා ආහරාමා”ති වත්වා “අසුකස්සා”ති වුත්තා සඞ්ගාමං පක්ඛන්‍දිත්‍වා තදෙව ආහරන්ති, ඉමෙ පක්ඛන්දන්තීති පක්ඛන්දිනො. මහානාගා විය මහානාගා, හත්ථිආදීසුපි අභිමුඛං ආගච්ඡන්තෙසු අනිවත්තියයොධානං එතං අධිවචනං. සූරාති එකසූරා, යෙ සජාලිකාපි සවම්මිකාපි සමුද්දං තරිතුං සක්කොන්ති. චම්මයොධිනොති යෙ චම්මකඤ්චුකං වා පවිසිත්වා සරපරිත්තාණචම්මං වා ගහෙත්වා යුජ්ඣන්ති. දාසකපුත්තාති බලවසිනෙහා ඝරදාසයොධා. දොවාරිකොති ද්වාරපාලකො. වාසනලෙපනසම්පන්නොති වාසනෙන සබ්බවිවරපටිච්ඡාදනෙන සුධාලෙපෙන සම්පන්නො. බහි වා ඛාණුපාකාරසඞ්ඛාතෙන වාසනෙන ඝනමට්ඨෙන ච සුධාලෙපෙන සම්පන්නො පුණ්ණඝටපන්තිං දස්සෙත්වා කතචිත්තකම්මපග්ගහිතද්ධජො. තිණකට්ඨොදකන්ති හත්ථිඅස්සාදීනං ඝාසත්ථාය ගෙහානඤ්ච ඡාදනත්ථාය ආහරිත්වා බහූසු ඨානෙසු ඨපිතතිණඤ්ච, ගෙහකරණපචනාදීනං අත්ථාය ආහරිත්වා ඨපිතකට්ඨඤ්ච, යන්තෙහි පවෙසෙත්වා පොක්ඛරණීසු ඨපිතඋදකඤ්ච. සන්නිචිතං හොතීති පටිකච්චෙව අනෙකෙසු ඨානෙසු සුට්ඨු නිචිතං හොති. අබ්භන්තරානං රතියාති අන්තොනගරවාසීනං රතිඅත්ථාය. අපරිතස්සායාති තාසං අනාපජ්ජනත්ථාය. සාලියවකන්ති නානප්පකාරා සාලියො චෙව යවා ච. තිලමුග්ගමාසාපරණ්ණන්ති තිලමුග්ගමාසා ච සෙසාපරණ්ණඤ්ච.
හත්ථාරොහා යනු සියලුම ඇත් ඇදුරන් ඇත් වෙදුන් ඇත්ගොව්වන් ආදීහුයි, අස්සාරොහා යනු සියලුම අස් ඇදුරන් අස් වෙදුන් අස්ගොව්වන් ආදීහුයි. රථිකා යනු සියලුම රිය ඇදුරු රිය සෙබළ රිය රකින්නන් ආදීහුයි. ධනුග්ගහා යනු දුනුවායෝයි, වෙලකා යනු යමෙක් යුද්ධයෙහි ජයකොඩිගෙන ඉදිරියෙන් යත්ද ඔවුහුයි, වලකා යනු මෙහි රජුන්ගේ තැන වේවා මෙහි අසුවල් මහ ඇමතියාගේ යයි මෙසේ සේනා සංවිධානය කරන්නෝයි. පිණ්ඩදායිකා යනු සැහැසි මහ සෙබළුයි, ඔවුහු සතුරු සේනාවට පිවිස පිඬක් මෙන් සිඳ සිඳ දක්වත්. උඩපැන පිටවෙතැයි අරුත්ය. යමෙක් හෝ සටන් වැද සෙබළුන්ට බත් පැන් ගෙන පිවිසෙත් ද ඔවුනට ද මේ නමෙකි. උග්ගා රාජපුත්තා යනු මතුව මතුව ආවාවූ, යුදයට පිවිසෙන රාජපුත්රයෝයි, පක්ඛන්දිනො යනු යමෙක් කවරකුගේ හිස හෝ අවිය රැගෙන එන්නෙමුදැයි කියා අසුවලාගේ යයි කියන ලද්දාහු යුදයට පැන එයම ගෙන එත්ද මොවුහු පනිත්නුයි පක්ඛන්දිනො නමි. මහානාගයන් වැනි වූයේනුයි මහානාගා නමි. ඉදිරියෙන් එන්නා වූ ඇතුන් අතුරෙහි වුව ද නොනැවැත්විය හැකි යෝධයන්ට මෙය පර්‍ය්‍යාය නාමයෙකි. සුරා යනු හුදු සූරයෝයි, යමෙක් සන්නාහසන්නද්ධවූවාහුද මුහුද තරණය කරන්නට හැකි වෙත්ද ඔවුහුයි. චම්මයොධිනො යනු යමෙක් සම් සැට්ටයට හෝ පිවිස හී වළක්වන සම හෝ ගෙන යුද කරත් ද ඔවුහුයි. දාසකපුත්තා යනු බලවත් සෙනෙහස ඇති ගෙහි දැසි බවට පත් සෙබළුයි, දොවාරිකො යනු දොරටු පල්ලායි, වාසනලෙපනසම්පන්නො යනු සුවඳ ගැන්වීමෙන් සියලු සිදුරු වැසීමෙන් සුණු පිරියමින් යුක්ත වූයි, පිටත හෝ කණු පවුරු නමින් ගැනෙන වාසනයෙන් ද ගනව ඔපදමන ද සුණු පිරියමින් ද යුක්තවූ පුන් කලස් පෙළ දක්වා කරනලද සිතුවම් ඇති දැරූ කොඩි ඇත්තේයි, තිණකට්ඨොදකං යනු ඇත් අස් ආදීන්ට කෑම සඳහාත් ගෙවල් වැසීම සඳහාත් ගෙනවුත් බොහෝ තැන්වල තබන ලද තෘණ ද ගෙවල් සෑදීම් පිසීම් ආදිය සඳහා ගෙනවුත් තබන ලද දර ද යන්ත්රයන්ගෙන් පිවිසුවා පොකුණුවල තබන ලද දිය ද වේ. සන්නිවිතං හොති යනු කල්තියාම නොයෙක් තන්හි මනාව රැස්කරන ලද්දේ වෙයි. අබ්හන්තරානං රතියා යනු ඇතුළු නුවර වැසියන්ගේ සතුට සඳහායි, අපරිතස්සාය යනු තැතිගැන්මකට නොපැමිණීම සඳහායි, සාලියවකං යනු නොයෙක් ආකාර ඇති හැල් මෙන්ම යවයි, තිලමුග්ගමාසාපරන්නං යනු තල මුං මෑ ද සෙසු ව්‍යංජන සඳහා ගන්නා ධාන්‍ය ද වේ.
ඉදානි යස්මා තථාගතස්ස නගරෙ කම්මං නාම නත්ථි, නගරසදිසං පන අරියසාවකං, නගරපරික්ඛාරසදිසෙ ච සත්ත ධම්මෙ, චතුආහාරසදිසානි ච චත්තාරි ඣානානි දස්සෙත්වා එකාදසසු ඨානෙසු අරහත්තං පක්ඛිපිත්වා දෙසනං විනිවට්ටෙස්සාමීති අයං උපමා ආභතා. තස්මා තං දෙසනං පකාසෙතුං ඉදං එවමෙව ඛොතිආදි ආරද්ධං. තත්ථ සද්ධම්මෙහීති සුධම්මෙහි. සද්ධොති ඔකප්පනසද්ධාය චෙව පච්චක්ඛසද්ධාය ච සමන්නාගතො. තත්ථ දානසීලාදීනං ඵලං සද්දහිත්වා දානාදිපුඤ්ඤකරණෙ සද්ධා ඔකප්පනසද්ධා නාම. මග්ගෙන ආගතසද්ධා පච්චක්ඛසද්ධා නාම. පසාදසද්ධාතිපි එසා එව. තස්සා ලක්‍ඛණාදීහි විභාගො වෙදිතබ්බො.
දැන් යම් හෙයකින් තථාගතයන් වහන්සේගේ නුවරෙහි කටයුත්තක් නම් නැත්ද නුවර සමාන වූ ආර්‍ය්‍ය ශ්රාවකයා ද නුවරෙහි පරිෂ්කාරයන්ට සමාන වූ සප්ත ධර්මයන් ද සිවු ආහාර සමාන වූ ධ්‍යාන සතර ද දක්වා එකොළොස් තැනක රහතුන් බහා දෙසුම පවත්වමැයි මේ උපමාව ගෙනෙන ලදි. ඒ දෙසුම පැවසීමට මේ එවමෙව ඛො යනාදිය අරඹන ලදි. එහි සද්ධම්මෙහි යනු මනා දහමින්ය, සද්ධො යනු විශ්වසනීය ශ්‍රද්ධාවෙන් හා ප්රත්යක්ෂ ශ්‍රද්ධාවෙන් ද යුක්තවූයේයි, එහි දානශීලාදීන්ගේ ප්‍රතිඵලය අදහා දානාදී පින් කිරීමෙහි ශ්‍රද්ධාව ඔකප්පනසද්ධා නමි. මාර්ගයෙන් පැමිණි ශ්‍රද්ධාව ප්රත්යක්ෂ ශ්‍රද්ධා නමි. ප්‍රසාද ශ්‍රද්ධා යනු ද මෙයමයි. මේ ශ්‍රද්ධාවෙහි ලක්‍ෂණාදී පැහැදිලි කිරීම් දතයුතුය.
“සම්පක්ඛන්දනලක්ඛණා ච, මහාරාජ, සද්ධා සම්පසාදනලක්ඛණා චා”ති (මි· ප· 2.1.10) හි වචනතො ඉදං සද්ධාය ලක්ඛණං නාම. “තීහි, භික්ඛවෙ, ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බො. කතමෙහි තීහි? සීලවන්තානං දස්සනකාමො හොතී”තිආදිනා (අ· නි· 3.42) නයෙන වුත්තං පන සද්ධාය නිමිත්තං නාම. “කො චාහාරො සද්ධාය, සද්ධම්මස්සවනන්තිස්ස වචනීය”න්ති (අ· නි· 10.61) අයං පනස්සා ආහාරො නාම. “සද්ධාපබ්බජිතස්ස, භික්ඛවෙ, භික්ඛුනො අයං අනුධම්මො හොති, යං රූපෙ නිබ්බිදාබහුලො විහරිස්සතී”ති අයමස්ස අනුධම්මො නාම. “සද්ධා බන්ධති පාථෙය්‍යං, සිරී භොගානමාසයො” (සං· නි· 1.79). “සද්ධා දුතියා පුරිසස්ස හොති” (සං· නි· 1.36). “සද්ධාය තරති ඔඝං” (සං· නි· 1.246). “සද්ධා බීජං තපො වුට්ඨි” (සු· නි· 77; සං· නි· 1.197). “සද්ධාහත්ථො මහානාගො. උපෙඛාසෙතදන්තවා”තිආදීසු පන සුත්තෙසු එතිස්සා බද්ධභත්තපුටාදිසරික්ඛතාය අනෙකසරසතා භගවතා පකාසිතා. ඉමස්මිං පන නගරොපමසුත්තන්තෙ එසා අචලසුප්පතිට්ඨිතතාය එසිකාථම්භසදිසා කත්වා දස්සිතා.
“සම්පක්ඛන්දන ලක්ඛණා ච මහාරාජ සද්ධා සමපසාදනලක්ඛණා ච” යන වචනයෙන් මෙය ශ්‍රද්ධාවේ ලක්ෂණය නමි. “තීහි භික්ඛවෙ ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බා කතමෙහි තීහි සීලවන්තානං දස්සනකාමො හොති” යනාදී ක්‍රමයෙන් කියන ලද දෙය ශ්‍රද්ධාවේ නිමිත්ත නමි. “කො වාහාරො සද්ධාය සද්ධම්මසවන්තතිස්ස වචනීයං” යන මෙය වනාහි ඒ ශ්‍රද්ධාවේ ආහාරය නමි. “සද්ධා පබ්බජිතස්ස භික්ඛවෙ භික්ඛුනො අයමනුධම්මො හොති යං රූපෙ නිබ්බිදාබහුලො විහරිස්සති” යන මෙය මෙහි අනුධර්මය නමි. “සද්ධා ඛන්ධති පාථෙය්‍යං සිරි භොගානමාසයො සද්ධාදුතියා පුරිසස්ස හොති සද්ධාය තරතී ඔඝං සද්ධාබීජං තපොවුට්ඨි සද්ධාහත්ථො මහානාගො උපෙක්ඛාසෙතදන්තවා” යනාදී සුත්රයන්හි මේ ශ්‍රද්ධාවගේ නොයෙක් රසවත්බව බඳනා ලද බත්මුලකට සමාන බවින් භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලදි. මේ නගරොපම සූත්‍රාන්තයෙහි දී මේ ශ්‍රද්ධාව නොසැලෙන සේ මනාව පිහිටි බැවින් නගරස්ථම්භයට සමානකොට දක්වන ලදී.
සද්ධෙසිකොති සද්ධං එසිකාථම්භං කත්වා අරියසාවකො අකුසලං පජහතීති ඉමිනා නයෙන සබ්බපදෙසු යොජනා කාතබ්බා. අපිචෙත්ථ හිරොත්තප්පෙහි තීසු ද්වාරෙසු සංවරො සම්පජ්ජති, සො චතුපාරිසුද්ධිසීලං හොති. ඉති ඉමස්මිං සුත්තෙ එකාදසසු ඨානෙසු අරහත්තං පක්ඛිපිත්වා දෙසනාය කූටං ගහිතන්ති වෙදිතබ්බං.
සද්ධෙසිකො යනු ශ්‍රද්ධාව එසිකාස්ථම්භයක් කොට ආර්යශ්‍රාවක තෙමේ අකුසලය දුරලයි යන මේ ක්‍රමයෙන් සියලු පදයන්හි යෙදිය යුතුය. තව ද මෙහි ලජ්ජා බියෙන් තිදොරෙහි පැමිණෙයි. එය සිවුපිරිසුදු සීලය වෙයි. මෙසේ මේ සූත්‍රයෙහි එකළොස් තැනක රහත් බවෙහි බහා දෙසුම කුළුගන්වන ලදැයි දතයුතුය.
4. ධම්මඤ්ඤූ සුත්තවණ්ණනා
4. ධම්මඤ්ඤූ සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ කාලං ජානාතීති යුත්තප්පත්තකාලං ජානාති. අයං කාලො උද්දෙසස්සාති අයං බුද්ධවචනං උග්ගණ්හනකාලො. පරිපුච්ඡායාති අත්ථානත්ථං කාරණාකාරණං පරිපුච්ඡාය. යොගස්සාති යොගෙ කම්මං පක්ඛිපනස්ස. පටිසල්ලානස්සාති නිලීයනස්ස එකීභාවස්ස. ධම්මානුධම්මප්පටිපන්නොති නවන්නං ලොකුත්තරධම්මානං අනුරූපධම්මං පුබ්බභාගපටිපදං පටිපන්නො. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු පුග්ගලපරොපරඤ්ඤූ හොතීති එවං භික්ඛු පුග්ගලානං පරොපරං තික්ඛමුදුභාවං ජානනසමත්ථො නාම හොති.
සිවුවැන්නෙහි කාලං ජානාති යනු සුදුසු කාලය දනියි, අයං කාලො උද්දෙසස්ස යනු මේ බුද්ධ වචනය උගන්නා කාලයයි, පරිපුච්ඡාය යනු වැඩ අවැඩ කරුණු නොකරුණු විමසීමේයි, යොගස්ස යනු යෙදීමෙහි (බවුන් වැඩීමෙහි) කර්මය හෙලීමේයි, පටිසල්ලානස්ස සැඟවී සිටීමේ, හුදෙකලා, බවේයි, ධම්මානුධම්මපටිපන්නො යනු නවලොවුතුරු දහමට අනුරූප වූ ධර්මය වූ පූර්වභාග ප්‍රතිපදාවට පිළිපන්නේයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු පුග්ගලපරොවරඤ්ඤු හොති යනු මෙසේ භික්ෂුව පුද්ගලයන්ගේ උසස් පහත් බව තියුණු මුදු බව දැනීමේ සමත්වූයේ නම් වෙයි :
5. පාරිච්ඡත්තක සුත්තවණ්ණනා
5. පාරිච්ඡත්තක සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ පන්නපලාසොති පතිතපලාසො. ජාලකජාතොති සඤ්ජාතපත්තපුප්ඵජාලො. තස්ස හි පත්තජාලඤ්ච පුප්ඵජාලඤ්ච සහෙව නික්ඛමති. ඛාරකජාතොති පාටියෙක්කං සඤ්ජාතෙන සුවිභත්තෙන පත්තජාලකෙන ච පුප්ඵජාලකෙන ච සමන්නාගතො. කුටුමලකජාතොති සඤ්ජාතමකුළො. කොරකජාතොති අවිකසිතෙහි මහාකුච්ඡීහි සම්භින්නමුඛෙහි පුප්ඵෙහි සමන්නාගතො. සබ්බපාලිඵුල්ලොති සබ්බාකාරෙන සුපුප්ඵිතො. දිබ්බෙ චත්තාරො මාසෙති දිබ්බෙන ආයුනා චත්තාරො මාසෙ. මනුස්සගණනාය පන තානි ද්වාදස වස්සසහස්සානි හොන්ති. පරිචාරෙන්තීති ඉතො චිතො ච ඉන්ද්රියානි චාරෙන්ති, කීළන්ති රමන්තීති අත්ථො.
පස්වැන්නෙහි සන්නපලාසො යනු වැටුණු පත් ඇත්තේයි, ජාලකජානො යනු හටගත් කොළමල් සමූහයයි, එහි කොළ සමූහය ද මල් සමූහය ද එකටම නික්මෙයි, ඛාරකජාතො යනු වෙන් වෙන්ව පිහිටි මනාව බෙදනලද කොළ දැලින් ද මල් දැලින් ද යුක්ත වූයේයි, කුඩුමලකජාතො යනු හටගත් (මල්) කුකුළු ඇත්තේයි, කොකාසකජාතො යනු විකසිත නොවූ මහාකුසක් ඇති බිඳුණු මුව ඇති මලින් යුක්ත වූයේයි, සබ්බපාලිඵුල්ලො යනු සියලු අයුරින් සුපිපුණාවූයි, දිබ්බෙචත්තාරො මාසෙ යනු දිව්‍ය ආයුෂයෙන් සිවු මසෙකයි, මිනිස් ගණනින් ඒවා දොළොස් දහසක් අවුරුදු වෙයි, පරිචාරෙන්ති යනු ඔබමොබ ඉඳුරන් මෙහෙයවත්, කෙළිදෙලෙන් සිටිති යන අරුත්ය.
ආභාය ඵුටං හොතීති තත්තකං ඨානං ඔභාසෙන ඵුටං හොති. තෙසඤ්හි පුප්ඵානං බාලසූරියස්ස විය ආභා හොති, පත්තානි පණ්ණච්ඡත්තප්පමාණානි, අන්තො මහාතුම්බමත්තා රෙණු හොති. පුප්ඵිතෙ පන පාරිච්ඡත්තකෙ ආරොහනකිච්චං වා අඞ්කුසකං ගහෙත්වා නමනකිච්චං වා පුප්ඵාහරණත්ථං චඞ්ගොටකකිච්චං වා නත්ථි, කන්තනකවාතො උට්ඨහිත්වා පුප්ඵානි වණ්ටතො කන්තති, සම්පටිච්ඡනකවාතො සම්පටිච්ඡති, පවෙසනකවාතො සුධම්මං දෙවසභං පවෙසෙති, සම්මජ්ජනකවාතො පුරාණපුප්ඵානි නීහරති, සන්ථරණකවාතො පත්තකණ්ණිකකෙසරානි රඤ්ජෙන්තො සන්ථරති. මජ්ඣට්ඨානෙ ධම්මාසනං හොති යොජනප්පමාණො රතනපල්ලඞ්කො උපරි තියොජනෙන සෙතච්ඡත්තෙන ධාරියමානෙන, තදනන්තරං සක්කස්ස දෙවරඤ්ඤො ආසනං අත්ථරියති, තතො තෙත්තිංසාය දෙවපුත්තානං, තතො අඤ්ඤෙසං මහෙසක්ඛානං දෙවානං, අඤ්ඤතරදෙවතානං පුප්ඵකණ්ණිකාව ආසනං හොති. දෙවා දෙවසභං පවිසිත්වා නිසීදන්ති. තතො පුප්ඵෙහි රෙණුවට්ටි උග්ගන්ත්වා උපරිකණ්ණිකං ආහච්ච නිපතමානා දෙවතානං තිගාවුතප්පමාණං අත්තභාවං ලාඛාරසපරිකම්මසජ්ජිතං විය සුවණ්ණචුණ්ණපිඤ්ජරං විය කරොති. එකච්චෙ දෙවා එකෙකං පුප්ඵං ගහෙත්වා අඤ්ඤමඤ්ඤං පහරන්තාපි කීළන්තියෙව. පහරණකාලෙපි මහාතුම්බප්පමාණා රෙණු නික්ඛමිත්වා සරීරං පභාසම්පන්නෙහි ගන්ධචුණ්ණෙහි සඤ්ජතමනොසිලාරාගං විය කරොති. එවං සා කීළා චතූහි මාසෙහි පරියොසානං ගච්ඡති. අයමානුභාවොති අයං අනුඵරිතුං ආනුභාවො.
ආභාය පුටං හොති යනු එපමණ තැනක් ආලෝකයෙන් පැහැසී සිටියේ වෙයි. ඒ මල්වල ළහිරුගේ මෙන් බැබලීම වෙයි. පත්‍රයෝ කොළවලින් සෑදු කුඩයක් පමණ වෙති. ඇතුළත මහතුඹක් පමණවූ රේණුවක් වෙයි. පිපුණු කල පාරිච්ඡත්තක ගසට නැඟීමක් හෝ අකුස්සක් ගෙන නැවීමක් හෝ මල් ගැනීම සඳහා මල් පැසක වැඩක් හෝ නැත. නෙලන (සිඳින) සුළඟ නැඟී මල් නටුවෙන් සිඳියි. පිළිගන්නා සුළඟ පිළිගනියි, පිවිසුවන සුළඟ සුදම් දෙවිසබයට පිවිසුවයි. හමනා සුළඟ පැරණි මල් ඉවතලයි, අතුරුවන සුළඟ මල්කෙමි කෙසරු රඳවමින් අතුරුවයි, මැදතැන ධර්මාසනය වෙයි. යොදුනක් පමණ වූ රුවන් පළඟකි. තුන් යොදුනකින් සේසත දරමින් අනතුරුව සක්දෙවිරජුට අසුන අතුරයි. අනතුරුව තෙතිස් දෙවිපුතුන්ටය, අනතුරුව මහෙසාඛ්ය දෙවියන්ටය. වෙනත් දෙවියන්ට මල්කෙමියම අසුන වෙයි. දෙවියෝ දෙව්සබයට පිවිස හිඳිත්. ඉක්බිති මල්වලින් රොන්වැටි මතුවී මතු කෙමියෙහි ගැටී වැටෙමින් දෙවියන්ගේ තුන්ගවූ පමණ වූ සිරුර ලහකම් පිරියමින් සැදුනාක් මෙන් ද රන්දුණු ගැවසුනාක් මෙන් ද කරයි. ඇතැම් දෙවිවරු එක් එක් මලගෙන ඔවුනොවුනට ගසමින් ද කෙළිසෙල්ලම් කරති. ගසන විට ද මහතුඹක් පමණ වූ රොන් නික්ම සිරුර පැහැයෙන් යුත් ගඳ සුණුවලින් හටගත් මනොසිලා ආලේපයක් මෙන් කරයි. මෙසේ ඒ ක්‍රීඩාව සිවුමසකින් නිමාවට යයි. අයමානුභාවො යනු මෙය පැතිර යාමට ආනුභාවයයි,
ඉදානි යස්මා න සත්ථා පාරිච්ඡත්තකෙන අත්ථිකො, තෙන පන සද්ධිං උපමෙත්වා සත්ත අරියසාවකෙ දස්සෙතුකාමො, තස්මා තෙ දස්සෙතුං එවමෙව ඛොතිආදිමාහ. තත්ථ පබ්බජ්ජාය චෙතෙතීති පබ්බජිස්සාමීති චින්තෙති. දෙවානංවාති දෙවානං විය. යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගච්ඡතීති පථවිතලතො යාව බ්රහ්මලොකා සාධුකාරසද්දෙන සබ්බං එකසද්දමෙව හොති. අයමානුභාවොති අයං ඛීණාසවස්ස භික්ඛුනො අනුඵරණානුභාවො. ඉමස්මිං සුත්තෙ චතුපාරිසුද්ධිසීලං පබ්බජ්ජානිස්සිතං හොති, කසිණපරිකම්මං පඨමජ්ඣානසන්නිස්සිතං, විපස්සනාය සද්ධිං තයො මග්ගා තීණි ච ඵලානි අරහත්තමග්ගසන්නිස්සිතානි හොන්ති. දෙසනාය හෙට්ඨතො වා උපරිතො වා උභයතො වා පරිච්ඡෙදො හොති, ඉධ පන උභයතො පරිච්ඡෙදො. තෙනෙතං වුත්තං. සඞ්ඛෙපතො පනෙත්ථ වට්ටවිවට්ටං කථිතන්ති වෙදිතබ්බං.
දැන් යම් හෙයකින් ශාස්තෲන් වහන්සේ පරසතු ගසින් වැඩක් ඇති සේක් නොවෙත්ද එය සමග උපමා කොට සත් ආර්‍ය්‍ය ශ්‍රාවකයන් දක්වනු කැමති සේක් ඔවුන් දැක්වීමට එවමෙව ඛො යනාදිය පැවසූ සේක. එහි පබ්බජ්ජාය චෙතෙති යනු පැවිදි වන්නෙමැයි සිතයි, දෙවානංව යනු දෙවියන්ගේ මෙනියි. යාව බ්රහ්මලොකා සාධුකාරසඤ්ඤො අබ්භූග්ගච්ඡති යනු පොළෝතෙලෙහි සිට බඹලොව තෙක් සාධුකාර හඬින් එකම හඬක් විය, අයමානුභාවො යනු මෙය කෙලෙස් දුරුකළ භික්ෂුවගේ පැතිරයාමේ මහිමයයි, මේ සූත්‍රයෙහි චතුපාරිසුද්ධිසීලය පැවිද්ද ඇසුරු කොට ඇත්තේ වෙයි. කසිණ පරිකර්මය ප්‍රථම ධ්‍යානය ඇසුරු කොට ඇත්තේයි, විදර්ශනාව සමග මාර්ග තුන ද ඵලතුන ද අරහත් මාර්ගය නිශ්රිත වූයේම වෙයි. දෙසුමට නම් මත්තෙන් හෝ යටින් හෝ දෙපසින් හෝ පරිච්ඡෙදය (සිඳීම) වෙයි. මෙහි වනාහි දෙපසින් පරිච්ඡෙදයයි. එහෙයින් මෙය කියන ලදි. සැකෙවින් වනාහි සසර හා නිවන කියන ලදැයි දතයුතුය.
6. සක්කාරගරුකාර සුත්තවණ්ණනා
6. සක්කාරගරුකාර සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ පරිසුද්ධා ච භවිස්සන්තීති භිය්යොසොමත්තාය පරිසුද්ධා භවිස්සන්ති නිම්මලා. සකම්මාරගතොති එත්ථ ස-කාරො නිපාතමත්තං, කම්මාරගතො කම්මාරුද්ධනගතොති අත්ථො.
සවැන්නෙහි පරිසුද්ධා ච භවිස්සන්ති යනු බෙහෙවින් පිරිසුදු වෙත් නිමල වෙත්. සකම්මාරගතො යනු මෙහි සකාරය නිපාත මාත්‍රයෙකි. කම්මාරගතො යනු කම්මල් උදුනට ගියේයි අරුත්ය.
7. භාවනානුයුත්ත සුත්තවණ්ණනා
7. භාවනානුයුත්ත සූත්‍ර වර්ණනාව
සත්තමෙ අනනුයුත්තස්සාති න යුත්තප්පයුත්තස්ස හුත්වා විහරතො. සෙය්යථාපි, භික්ඛවෙ, කුක්කුටියා අණ්ඩානීති ඉමා කණ්හපක්ඛසුක්කපක්ඛවසෙන ද්වෙ උපමා වුත්තා. තාසු කණ්හපක්ඛූපමා අත්ථස්ස අසාධිකා, ඉතරා සාධිකාති සුක්කපක්ඛූපමාය එව අත්ථො වෙදිතබ්බො. සෙය්යථාති ඔපම්මත්ථෙ නිපාතො. අපීති සම්භාවනත්ථෙ. උභයෙනාපි සෙය්යථාපි නාම, භික්ඛවෙති දස්සෙති. කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වාති එත්ථ පන කිඤ්චාපි කුක්කුටියා වුත්තප්පකාරතො ඌනාධිකානිපි අණ්ඩානි හොන්ති, වචනසිලිට්ඨතාය පනෙතං වුත්තං. එවඤ්හි ලොකෙ සිලිට්ඨං වචනං හොති. තානස්සූති තානි අස්සු, භවෙය්යුන්ති අත්ථො. කුක්කුටියා සම්මා අධිසයිතානීති තාය ජනෙත්තියා කුක්කුටියා පක්ඛෙ පසාරෙත්වා තෙසං උපරි සයන්තියා සම්මා අධිසයිතානි. සම්මා පරිසෙදිතානීති කාලෙන කාලං උතුං ගණ්හාපෙන්තියා සුට්ඨු සමන්තතො සෙදිතානි, උස්මීකතානීති වුත්තං හොති. සම්මා පරිභාවිතානීති කාලෙන කාලං සුට්ඨු සමන්තතො භාවිතානි, කුක්කුටගන්ධං ගාහාපිතානීති අත්ථො.
සත්වැන්නෙහි අනනුයුත්තස්ස යනු සුදුසු සේ යෙදී නොවසන්නහුගේයි, සෙය්යථාපි භික්ඛවෙ කක්කුටියා අණ්ඩානි යනු කෘෂ්ණ පක්ෂයෙහි හා ශුක්ල පක්ෂයෙහි වශයෙන් මේ උපමා දෙකක් කියන ලදි. ඔවුනතුරෙන් කෘෂ්ණ පක්ෂයෙහි (අයහපත් පැත්තෙහි) උපමාව අර්ත්ථයට අධික නොවන අතර සෙස්ස අධික සහිතයි. ශුක්ල පක්ෂ උපමාවේම අර්ත්ථය දතයුතුය. සෙය්යථාපි යන උපමා අර්ථයෙහි නිපාතයෙකි, අපි යන සම්භාවනාර්ථයෙහියි, දෙකින්ම යම්සේ නම් මහණෙනියි දක්වයි, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා යනු මෙහි වනාහි කිසියම් කිකිළියකගේ කියන ලද අයුරින් අඩු වැඩි වූ ද බිජු වෙයි. වචනයෙහි සිලිටුබව සඳහා මෙය කියන ලදි. මෙසේ ලොවෙහි සිලිටි වචන වෙයි. තානස්සු යනු ඒවා වෙයි. ඒවා වන්නේ යයි අරුත්ය. කුක්කුටියා සම්මා අධිසයිතානි යනු උපදවන්නා වූ කිකිළිය විසින් පියාපත් විහිදුවා ඒවා මත්තෙහි නිදමින් මනාව රක්නා ලද්දේයි, සම්මා පරිසෙදිතානි යනු කලින් කලට සෘතු ගන්වමින් මනාව හාත්පසින් රත්කරන ලද්දේ උණුසුම් කරන ලද්දේයි, සම්මා පරිභාවිතානි යනු කලින්කල මනාව හාත්පසින් ඇසුරු කරන ලද්දේයි, කුකුළුගඳ ගන්වන ලද්දේයි අරුත්ය.
කිඤ්චාපි තස්සා කුක්කුටියාති තස්සා කුක්කුටියා ඉමං තිවිධකිරියාකරණෙන අප්පමාදං කත්වා කිඤ්චාපි න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය. අථ ඛො භබ්බාව තෙති අථ ඛො තෙ කුක්කුටපොතකා වුත්තනයෙන සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං භබ්බාව. තෙ හි යස්මා තාය කුක්කුටියා එවං තීහාකාරෙහි තානි අණ්ඩානි පරිපාලියමානානි න පූතීනි හොන්ති. යොපි නෙසං අල්ලසිනෙහො, සො පරියාදානං ගච්ඡති, කපාලං තනුකං හොති, පාදනඛසිඛා ච මුඛතුණ්ඩකඤ්ච ඛරං හොති, සයම්පි පරිණාමං ගච්ඡති. කපාලස්ස තනුත්තා බහිද්ධා ආලොකො අන්තො පඤ්ඤායති, තස්මා “චිරං වත මයං සංකුටිතහත්ථපාදා සම්බාධෙ සයිම්හ, අයඤ්ච බහි ආලොකො දිස්සති, එත්ථ දානි නො සුඛවිහාරො භවිස්සතී”ති නික්ඛමිතුකාමා හුත්වා කපාලං පාදෙන පහරන්ති, ගීවං පසාරෙන්ති, තතො තං කපාලං ද්වෙධා භිජ්ජති. අථ තෙ පක්ඛෙ විධුනන්තා තංඛණානුරූපං විරවන්තා නික්ඛමන්තියෙව. නික්ඛමන්තා ච ගාමක්ඛෙත්තං උපසොභයමානා විචරන්ති.
කිඤ්චාපි තස්සා කුක්කුටියා යනු ඒ කිකිළියට මේ තෙවැදෑරුම් කටයුතු කිරීමෙන් නොපමා කොට මෙබඳු කිසි කැමැත්තක් නොඋපදින්නේය. අථ ඛො භබ්බාව තෙ යනු ඉක්බිති ඒ කුකුළු පොව්වෝ කියන ලද අයුරින් සුවසේ (බිජුවට) බිඳ දැමීමට හැක්කෝම වෙත්, යම් හෙයකින් ඒ කිකිළිය විසින් මෙසේ තුන් ආකාරයකින් ඒ බිජුවට රකිනු ලැබෙයි ද කුණු (නරක්) නොවෙයි, ඔවුන්ගේ යම් තෙත් ඇලෙන සුලු බවක් වේද එය නිමාවට යයි. කපාලය සිහින් වෙයි. පා නිය සිළු ද මුව හොට ද රළු වෙයි, තෙමේම මුහුකුරායාමට යෙයි. කපාටයේ තුනී බැවින් පිටත ආලෝකය ඇතුළත පැනෙයි, එහෙයින් බොහෝ කලක් අපි හකුළා ගත් අත්පා ඇත්තෝව බාධා සහිත තැනක නිදම්හ. මේ පිටත එළිය ද පෙනෙයි. මෙහි දැන් සුවසේ විසීමක් නොවන්නේයයි නික්මෙනු කැමැත්තෝව කබලට පයින් පහර දෙති. ගෙල දිගු කරති. එයින් ඒ බිජුකබල දෙකට බිඳෙයි. ඉක්බිති ඔවුහු පියාපත් ගසා දමමින් ඒ වේලාවට සුදුසු ලෙසින් හඬ දෙමින් නික්මෙත්මය. නික්ම ගම්කෙත් හොබවමින් හැසිරෙත්.
එවමෙව ඛොති ඉදං ඔපම්මසම්පටිපාදනං. තං එවං අත්ථෙන සංසන්දෙත්වා වෙදිතබ්බං – තස්සා කුක්කුටියා අණ්ඩෙසු අධිසයනාදිතිවිධකිරියාකරණං විය හි ඉමස්ස භික්ඛුනො භාවනං අනුයුත්තකාලො, කුක්කුටියා තිවිධකිරියාසම්පාදනෙන අණ්ඩානං අපූතිභාවො විය භාවනං අනුයුත්තස්ස භික්ඛුනො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස අපරිහානි. තස්සා තිවිධකිරියාකරණෙන අණ්ඩානං අල්ලසිනෙහපරියාදානං විය තස්ස භික්ඛුනො තිවිධානුපස්සනාසම්පාදනෙන භවත්තයානුගතනිකන්තිසිනෙහපරියාදානං, අණ්ඩකපාලානං තනුභාවො විය භික්ඛුනො අවිජ්ජණ්ඩකොසස්ස තනුභාවො, කුක්කුටපොතකානං නඛතුණ්ඩකානං ථද්ධභාවො විය භික්ඛුනො විපස්සනාඤාණස්ස තික්ඛඛරවිප්පසන්නසූරභාවො, කුක්කුටපොතකානං පරිණාමකාලො විය භික්ඛුනො විපස්සනාඤාණස්ස පරිණාමකාලො වඩ්ඪිකාලො ගබ්භග්ගහණකාලො, කුක්කුටපොතකානං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා පක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අභිනිබ්භිදාකාලො විය තස්ස භික්ඛුනො විපස්සනාඤාණගබ්භං ගණ්හාපෙත්වා විචරන්තස්ස තජ්ජාතිකං උතුසප්පායං වා භොජනසප්පායං වා පුග්ගලසප්පායං වා ධම්මස්සවනසප්පායං වා ලභිත්වා එකාසනෙ නිසින්නස්සෙව විපස්සනං වඩ්ඪෙන්තස්ස අනුපුබ්බාධිගතෙන අරහත්තමග්ගෙන අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා අභිඤ්ඤාපක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අරහත්තප්පත්තකාලො වෙදිතබ්බො.
එවමෙව ඛො යන මෙය උපමාව ගැලපීමයි, එය මෙසේ අර්ත්ථයෙන් සසඳා දැක්විය යුතුයි. ඒ කිකිළියගේ බිජුවටෙහි තෙවැදෑරුම් කටයුතු කිරීම මෙන් මේ භික්ෂුවගේ භාවනාවෙහි යෙදුණු කාලයයි, කිකිළිය විසින් තෙවැදෑරුම් කටයුතු සැපයීමෙන් බිජුවටවල නරක් නොවීම මෙන් භාවනාවට යෙදුණු භික්ෂුවගේ තෙවැදෑරුම් අනුපස්සනා සැපයීමෙන් විදසුන් නුවණේ නොපිරිහීමයි. ඇයගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් බිජුවටවල තෙත් ඇලෙන සුළුබවේ නිමාව මෙන් ඒ භික්ෂුවගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පදනයෙන් භවත්‍රයට අනුගතව මෙහෙයවන්නා වූ තෘෂ්ණාවේ නිමාවීමයි. බිජුවට කබල්වල තුනී බව මෙන් භික්ෂුවගේ අවිද්‍යා අණ්ඩකොශයේ තුනීබවයි. කුකුළු පැටවුන්ගේ නියහොටවල තදරළු බව මෙන් භික්ෂුවගේ විදසුන් නුවණේ තියුණු රළු පැහැපත් සූර බවයි. කුකුළු පැටවුන්ගේ මුහුකුරා යන කාලය මෙන් භික්ෂුවගේ විදසුන් නුවණේ මිහිකිරෙන කාලයයි, ගැබ් ගන්නා කාලයයි. කුකුළු පැටවුන්ගේ පා නිය සිළුවෙන් හෝ මුවෙහි හොටින් හෝ බිජුවට පලා පියාපත් ගසාදමමින් සුවසේ එළියට නික්මෙන කාලය මෙන් විදසුන් නුවණ ගැබ්ගන්වා හැසිරෙන එම භික්ෂුවගේ බොජුන් සප්පායම හෝ පුද්ගල සප්පායම හෝ දහම් ඇසීමේ සප්පායම ලැබ එක් අසුනෙක හිද විදසුන් වඩමින් පිළිවෙලින් පැමිණියා වූ රහත් මගින් අවිද්‍යා බිජුවට පලා අභිඥා නමැති පියාපත් සොළවමින් සුවසේ රහත් බවට පත් කාලය දතයුතුයි.
යථා පන කුක්කුටපොතකානං පරිණතභාවං ඤත්වා මාතාපි අණ්ඩකොසං භින්දති, එවං තථාරූපස්ස භික්ඛුනො ඤාණපරිපාකං ඤත්වා සත්ථාපි –
යම්සේ වනාහි කුකුළු පැටවුන් මුහුකුරා ඇතිබව එබඳු වූ භික්ෂුවගේ නුවණ මිහිකිරීම දැක ශාස්තෲන් වහන්සේ ද -
“උච්ඡින්ද සිනෙහමත්තනො, කුමුදං සාරදිකංව පාණිනා; සන්තිමග්ගමෙව බ්රූහය, නිබ්බානං සුගතෙන දෙසිත”න්ති. (ධ· ප· 285) –
සරත් කල්හි වූ කුමුදු මලක් අතින් (සිඳින්නාක්) මෙන් තමන්ගේ ඇල්ම සිඳුව. සෙත් මගම වඩව. බුදුන් වහන්සේ විසින් නිවන දෙසන ලදි.
ආදිනා නයෙන ඔභාසං ඵරිත්වා ගාථාය අවිජ්ජණ්ඩකොසං පහරති. සො ගාථාපරියොසානෙ අවිජ්ජණ්ඩකොසං භින්දිත්වා අරහත්තං පාපුණාති. තතො පට්ඨාය යථා තෙ කුක්කුටපොතකා ගාමක්ඛෙත්තං උපසොභයමානා තත්ථ විචරන්ති, එවං අයම්පි මහාඛීණාසවො නිබ්බානාරම්මණං ඵලසමාපත්තිං අප්පෙත්වා සඞ්ඝාරාමං උපසොභයමානො විචරති.
ආදී ක්‍රමයෙන් ආලෝකයක් පතුරුවා ගාථාවෙන් අවිඳු බිජුවට පහර දෙන සේක. හෙතෙම ගාථාව අවසන්හි අවිඳු බිජුවට බිඳ රහත් බවට පත්වූයේය. එතැන් පටන් යම්සේ ඒ කුකුළු පැටවූ ගම්කෙත් හොබවමින් එහි හැසිරෙත්ද එසේ මේ ක්ෂීණාශ්රවයන් වහන්සේ ද නිවන අරමුණු වූ ඵලසමවත් නංවා සඟ අරම හොබවමින් හැසිරෙති.
ඵලගණ්ඩස්සාති වඩ්ඪකිස්ස. සො හි ඔලම්බකසඞ්ඛාතං ඵලං චාරෙත්වා දාරූනං ගණ්ඩං හරතීති ඵලගණ්ඩොති වුච්චති. වාසිජටෙති වාසිදණ්ඩකස්ස ගහණට්ඨානෙ. එත්තකං මෙ අජ්ජ ආසවානං ඛීණන්ති පබ්බජිතස්ස හි පබ්බජ්ජාසඞ්ඛෙපෙන උද්දෙසෙන පරිපුච්ඡාය යොනිසොමනසිකාරෙන වත්තපටිපත්තියා ච නිච්චකාලං ආසවා ඛීයන්ති. එවං ඛීයමානානං පන නෙසං “එත්තකං අජ්ජ ඛීණං එත්තකං හිය්යො”ති එවමස්ස ඤාණං න හොතීති අත්ථො. ඉමාය උපමාය විපස්සනානිසංසො දීපිතො.
ඵලගණ්ඩස්ස යනු වඩුවාගේයි, හෙතෙම වනාහි ලඹය හසුරුවා දැවවල ගැටය ඉවත් කරයිනුයි ඵලගණ්ඩයි කියනු ලැබේ. වාසිජටෙ යනු වෑමිට ගන්නා තැන්හියි, ඵත්තකං වා මෙ අජ්ජ ආසවානං ඛීණං යනු පැවිද්දාගේ වනාහි පැවිද්දට චෙතනාදි වශයෙන් සැකෙවින් උදෙසීමෙන් ද පිළිවිසීමෙන් ද නුවණින් මෙනෙහි කිරීමෙන් වත් පිළිවෙතින් ද නිබඳව ආශ්‍රවයෝ ක්ෂය වෙත්. මෙසේ ක්ෂය වන්නා වූ ඒ ආශ්රවයන්ගෙන් අද මෙපමණක්, ක්ෂය වීය. හෙට මෙපමණක් යයි මෙසේ ඔහුට දැනුමක් නොවේ යන අරුත්ය. මේ උපමාවෙන් විදර්ශනානිශංසය පැහැදිලි කරන ලදි.
හෙමන්තිකෙනාති හෙමන්තසමයෙන. පටිප්පස්සම්භන්තීති ථිරභාවෙන පරිහායන්ති. එවමෙව ඛොති එත්ථ මහාසමුද්දො විය සාසනං දට්ඨබ්බං, නාවා විය යොගාවචරො, නාවාය මහාසමුද්දෙ පරියායනං විය ඉමස්ස භික්ඛුනො ඌනපඤ්චවස්සකාලෙ ආචරියුපජ්ඣායානං සන්තිකෙ විචරණං, නාවාය මහාසමුද්දඋදකෙන ඛජ්ජමානානං බන්ධනානං තනුභාවො විය භික්ඛුනො පබ්බජ්ජාසඞ්ඛෙපෙන උද්දෙසපරිපුච්ඡාදීහියෙව සංයොජනානං තනුභාවො, නාවාය ථලෙ උක්ඛිත්තකාලො විය භික්ඛුනො නිස්සයමුත්තකස්ස කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ වසනකාලො, දිවා වාතාතපෙන සංසුස්සනං විය විපස්සනාඤාණෙන තණ්හාසිනෙහස්ස සංසුස්සනං, රත්තිං හිමොදකෙන තෙමනං විය කම්මට්ඨානං නිස්සාය උප්පන්නෙන පීතිපාමොජ්ජෙන චිත්තතෙමනං, රත්තින්දිවං වාතාතපෙහි චෙව හිමොදකෙන ච පරිසුක්ඛපරිතින්තානං බන්ධනානං දුබ්බලභාවො විය විපස්සනාඤාණපීතිපාමොජ්ජෙහි සංයොජනානං භිය්යොසොමත්තාය දුබ්බලභාවො, පාවුස්සකමෙඝො විය අරහත්තමග්ගඤාණං, මෙඝවුට්ඨිඋදකෙන නාවාය අන්තොපූතිභාවො විය ආරද්ධවිපස්සකස්ස රූපසත්තකාදිවසෙන විපස්සනං වඩ්ඪෙන්තස්ස ඔක්ඛායමානෙ පක්ඛායමානෙ කම්මට්ඨානෙ එකදිවසං උතුසප්පායාදීනි ලද්ධා එකපල්ලඞ්කෙන නිසින්නස්ස අරහත්තඵලාධිගමො. පූතිබන්ධනාය නාවාය කිඤ්චි කාලං ඨානං විය ඛීණසංයොජනස්ස අරහතො මහාජනං අනුග්ගණ්හන්තස්ස යාවතායුකං ඨානං, පූතිබන්ධනාය නාවාය අනුපුබ්බෙන භිජ්ජිත්වා අපණ්ණත්තිකභාවූපගමො විය ඛීණාසවස්ස උපාදින්නක්ඛන්ධභෙදෙන අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතස්ස අපණ්ණත්තිකභාවූපගමොති ඉමාය උපමාය සංයොජනානං දුබ්බලතා දීපිතා.
හෙමන්තිකෙන යනු හෙමන්ත සමයෙනි, පටිප්පස්සම්හන්ති යනු ස්ථිරභාවයෙන් පිරිහෙත්, එවමෙව ඛො යනු මෙහි මහසමුදුර මෙන් සසුන දැක්විය යුතුය, නැව මෙන් යොගාවචරයායි, මුහුදෙහි නැවේ ඔබිමොබ යාම මෙන් මේ භික්ෂුවගේ පස්වසට අඩුකල්හි ආචාර්ය උපාධ්‍යායයන් සමීපයෙහි හැසිරීමයි, නැවේ මුහුද දියෙන් ගනු ලබන (සෑරෙන ලැබෙන) බැඳුම්වල තුනීබව මෙන් භික්ෂුවගේ ප්රව්රජ්යාසංක්ෂෙපයෙන් වූ- උදෙසීම් පිළිවිසීම් ආදියෙන් සංයෝජනයන්ගේ තුනීබවයි. නැව ගොඩබිමට ඔසවා තබන කාලය මෙන් නිස්සයෙන් මිදුණු භික්ෂුවගේ කමටහන් ගෙන අරණ්‍යයෙහි වෙසෙන කාලයයි: දහවල්හි සුළං අවුවලින් වියළී යාම මෙන් විදසුන් නුවණින් තෘෂ්ණා තෙතමනය වියළී යාමයි. රාත්‍රියෙහි හිමදියෙන් තෙමීම මෙන් කමටහන නිසා උපන් ප්රීතිප්රමුදිත බවින් සිත තෙමීමයි, රෑදහවල්හි සුළං අවුවලින් මෙන්ම හිමදියෙන් ද වියළීගිය තෙත්බවින් යුත් බැඳුම්වල දුබලබව මෙන් විදසුන් නුවණින් වූ ප්‍රීති ප්රමොද්යයෙන් සංයෝජනයගේ බෙහෙවින් දුබලබවයි. වැසිකල මේඝය මෙන් අරහත් මග නුවණයි, මේඝයෙන් වටදියෙන් නැවේ ඇතුළත අපිරිසුදු බව මෙන් ඇරඹු විදසුන් ඇති රූපසප්තකාදි වශයෙන් විදසුන් වඩන භික්ෂුවගේ කමටහන යටයමින් මතුව පෙනෙමින් පවත්නා විට එක් දිනක් සෘතුසත්ප්රායාදිය ලැබ එක්පළඟකින් හිඳීමෙන් අරහත් ඵලය අවබෝධ කිරිමයි. අපිරිසුදු බැඳුම් ඇති නැවේ කිසියම් කාලයක් පැවතීම මෙන් ක්ෂය කළ සංයෝජන ඇති රහතන් වහන්සේගේ මහජනයාට අනුග්‍රහ කෙරෙමින් දිවි ඇති තෙක් සිටීමයි. අපිරිසුදු බැඳුම් ඇති නැව කෙමෙන් බිඳී නොපෙනී යන බවට යාම මෙන් උපාදානස්කන්ධය බිඳීමෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ නොපැනෙන බවට යාමයි. මේ උපමාවෙන සංයොජනයන්ගේ දුබල බව දක්වන ලදී.
8. අග්ගික්ඛන්ධොපම සුත්තවණ්ණනා
8. අග්ගික්ඛන්ධොපම සූත්‍ර වර්ණනාව
අට්ඨමං අත්ථුප්පත්තියං කථිතං. අත්ථුප්පත්ති පනස්ස හෙට්ඨා චූළච්ඡරාසඞ්ඝාතසුත්තවණ්ණනාය (අ· නි· අට්ඨ· 1.1.51 ආදයො) විත්ථාරිතා එව. පස්සථ නොති පස්සථ නු. ආලිඞ්ගිත්වාති උපගූහිත්වා. උපනිසීදෙය්යාති සමීපෙ නිස්සාය නිසීදෙය්ය. උපනිපජ්ජෙය්යාති උපගන්ත්වා නිපජ්ජෙය්ය. ආරොචයාමීති ආචික්ඛාමි. පටිවෙදයාමීති පටිවෙදෙත්වා ජානාපෙත්වා කථෙමි. වාලරජ්ජුයාති අස්සවාලගොවාලෙහි වට්ටිතරජ්ජුයා. පච්චොරස්මින්ති උරමජ්ඣෙ. ඵෙණුද්දෙහකන්ති ඵෙණං උද්දෙහිත්වා, උස්සාදෙත්වාති අත්ථො. අත්තත්ථන්ති අත්තනො දිට්ඨධම්මිකසම්පරායිකලොකියලොකුත්තරං අත්ථං. පරත්ථොභයත්ථෙසුපි එසෙව නයො. සෙසමෙත්ථ යං වත්තබ්බං සියා, තං සබ්බං චූළච්ඡරාසඞ්ඝාතසුත්තස්ස (අ· නි· 1.51 ආදයො) අත්ථුප්පත්තියං කථිතමෙව. ඉදඤ්ච පන සුත්තං කථෙත්වා සත්ථා චූළච්ඡරාසඞ්ඝාතසුත්තං කථෙසි. නවමං උත්තානත්ථමෙව.
අටවැන්න අර්ත්ථොත්පත්තියෙහි කියන ලදි. මෙහි අර්ත්ථොත්පත්තිය චූළච්ඡරාසංඝාත සූත්‍ර වර්ණනාවෙහි විස්තර කරන ලදි. පස්සථ නො යනු බලන්නහු නොවත්ද? ආලිඞ්ගිත්වා යනු වැළඳගෙනයි, උපනීසිදෙය්ය යනු සමීපයෙහි ඇසුරෙහි හිඳියි, උපනිපජ්ජෙය්ය යනු ලංවී නිදන්නේය, ආරොවයාමි යනු සැළකරමි, පටිවෙදයාමි යනු වටහාගෙන දන්වාගෙන කියමි, වාලරජ්ජුයා යනු අස් වලිග ගව වලිගවලින් ගෙතූ රැහැනෙනි, පච්චොරස්මිං යනු උරය මැදයි, ඵෙණුද්දෙහකං යනු පෙණ නංවා උපදවයි යන අරුත්ය, අත්තත්ථං යනු තමාගේ මෙලොව පරලොව ලෞකික ලෝකෝත්තර අර්ත්ථයයි, පරත්ථොභයත්ථ යන්නෙහි ද මේ ක්‍රමයමයි, මෙහි සෙසු යමක් කිවයුතු වන්නේ ද ඒ සියල්ල චූළච්ඡරාසංඝාත සූත්‍රයේ අර්ත්ථොත්පත්තියෙහි කියන ලද්දේය. මේ සූත්‍රය ද කියා ශාස්තෲන් වහන්සේ චූළච්ඡරාසංඝාත සූත්‍රය වදාළ සේක. නව වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
10. අරකසුත්තවණ්ණනා
10. අරක සූත්‍ර වර්ණනාව
දසමෙ පරිත්තන්ති අප්පං ථොකං. තඤ්හි සරසපරිත්තතායපි ඛණපරිත්තතායපි ඨිතිපරිත්තතායපි පරිත්තමෙව. ලහුං උප්පජ්ජිත්වා නිරුජ්ඣනතො ලහුකං. මන්තායං බොද්ධබ්බන්ති මන්තාය බොද්ධබ්බං, පඤ්ඤාය ජානිතබ්බන්ති අත්ථො. පබ්බතෙය්යාති පබ්බතසම්භවා. හාරහාරිනීති රුක්ඛනළවෙළුආදීනි හරිතබ්බානි හරිතුං සමත්ථා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි පරිත්තං යනු අල්පයකි, ටිකෙකි, රසයෙන් අඩු බැවින් ද ක්ෂණයෙන් අඩුබැවින් ද පැවැත්මෙන් අඩුබැවින් ද මදක්ම වේ. ඉක්මණින් ඉපිද ඇතිවන බැවින් ලහුසං නමි, මන්තාය බොද්ධබ්බං යනු මන්ත්‍රයෙන් වටහාගත යුතුය, නුවණින් දතයුතුයයි අරුත්ය. පබ්බතෙය්යා යනු පර්වතයෙන් හටගත්තාවූයි, හාරහාරිනි යනු ගස් බට උණ ආදීවූ ඉවත් කළයුතු දේ ඉවත්කිරීමට හැකිවූයි. සෙසු සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
මහාවග්ගො සත්තමො.
සත්වැනි වූ මහාවර්ගයයි.