අධිකරණසමථ සුත්තං
7. 2. 3. 10.
7. 2. 3. 10.
[අධිකරණසමථ සුත්තං]
[අධිකරණසමථ සූත්රය]
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
31. සත්තිමෙ භික්ඛවෙ, අධිකරණසමථ ධම්මා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය. කතමෙ සත්ත:
31. මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යපශමය සඳහා මෙ අධිකරණශමථධර්ම සතෙකි. කවර සතෙක යත්:
සම්මුඛා විනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාත කරණං දාතබ්බං, යෙභුය්යසිකා දාතබ්බා, තස්සපාපිය්යසිකා දාතබ්බා, තිණවත්ථාරකො දාතබ්බො.
සම්මුඛාවිනය දියයුතු. සතිවිනය දියයුතු. අමූළ්හ විනය දියයුතු. පටිඤ්ඤාත කරණය දියයුතු. යෙභූය්යසිකා දියයුතු. තස්සපාපිය්යසිකා දියයුතු. තිණවත්ථාරකය දිය යුතු යි.
ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අධිකරණසමථා ධම්මා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමායාති.
මහණෙනි, මෙ අධිකරණසමථයෝ සත්දෙන උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්යුපශමය සඳහා වෙත් යයි.
විනයවග්ගො තතියො.
විනය වර්ගය තුන් වැනි යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
චතුරො විනයධරා චතුරො විනයධරසොභනා හොන්ති සාසනං තතියවග්ගෙ දසුපාලි අධිකරණසමථෙනාති.
විනයධර සූත්ර සතර ය, විනයධර සෝභන සූත්ර සතර ය, සත්ථුසාසන සූත්රය, අධිකරණ සමථ සූත්රය දැයි තෙවන වර්ගයෙහි සූත්ර දසයෙකි.