4. සමණවග‍්ගො
4. සමණ වර්‍ගය
7. 2. 4. 1.
7. 2. 4. 1.
[භික‍්ඛුධම‍්ම සුත‍්තං]
[භික්ඛුධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
32. සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං භින‍්නත‍්තා භික‍්ඛු හොති. කතමෙසං සත‍්තන‍්නං:
32. මහණෙනි, සත් කරුණක් බුන් හෙයින් ‘භික්ඛු’ නම් වෙයි. කවර සතෙක යත්:
සක‍්කායදිට‍්ඨි භින‍්නා හොති, විචිකිච‍්ඡා භින‍්නා හොති, සීලබ‍්බතපරාමාසො භින‍්නො හොති, රාගො භින‍්නො හොති, දොසො භින‍්නො හොති, මොහො භින‍්නො හොති, මානො භින‍්නො හොති.
සක්කායදිට්ඨිය භින්න වෙයි. විචිකිච්ඡාව භින්න වෙයි. සීලබ්බතපරාමාසය භින්න වෙයි. රාගය භින්න වෙයි. ද්වේෂය භින්න වෙයි. මෝහය භින්න වෙයි. මානය භින්න වෙයි.
ඉමෙසං ඛො භික‍්ඛවෙ සත‍්තන‍්නං ධම‍්මානං භින‍්නත‍්තා භික‍්ඛු හොතීති.
මහණෙනි, මේ කරුණු සත බුන් හෙයින් භික්ඛු නම් වේ ය යි.
7. 2. 4. 2.
7. 2. 4. 2.
[සමණධම‍්ම සුත‍්තං]
[සමණ ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
33. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) සමිතත‍්තා සමණො හොති. -පෙ-
33. (මහණෙනි, කරුණු සතක්) සන්හුන් හෙයින් ‘සමණ’ නම් වෙයි ...
7. 2. 4. 3.
7. 2. 4. 3.
[බ්‍රාහ‍්මණධම‍්ම සුත‍්තං]
[බ්‍රාහ්මණධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
34. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) බාහිතත‍්තා බ්‍රාහ‍්මණො හොති. -පෙ-
34. (මහණෙනි, කරුණු සතක්) බැහැර ලු හෙයින් ‘බ්‍රාහ්මණ’ වෙයි ...
7. 2. 4. 4.
7. 2. 4. 4.
[සොත්‍ථියධම‍්ම සුත‍්තං]
[සොත්‍ථිය ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
35. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) නිස‍්සුතත‍්තා සොත්‍ථියො හොති -පෙ-
35. (මහණෙනි, කරුණු සතක්) නිඃස්‍රැත හෙයින් ‘සොත්‍ථිය’ නම් වෙයි ...
7. 2. 4. 5.
7. 2. 4. 5.
[නහාතකධම‍්ම සුත‍්තං]
[නහාතක ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
36. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) නහාතත‍්තා නහාතකො හොති -පෙ-
36. (මහණෙනි, කරුණු සතක්) සනාත හෙයින් ‘නහාතක’ නම් වෙයි ...
7. 2. 4. 6.
7. 2. 4. 6.
[වෙදගූධම‍්ම සුත‍්තං]
[වේදගූ ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
37. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) විදිතත‍්තා වෙදගූ හොති -පෙ-
37. (මහණෙනි, කරුණු සතක්) විදිත හෙයින් ‘වේදගූ’ නම් වෙයි …
7. 2. 4. 7.
7. 2. 4. 7.
[අරියධම‍්ම සුත‍්තං]
[අරියධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
38. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) අරහත‍්තා අරියො හොති -පෙ-
38. (මහණෙනි, කරුණු සතක්) අර්‍හ බැවින් ‘අරිය’ නම් වෙයි ...
7. 2. 4. 8.
7. 2. 4. 8.
[අරහත‍්ත ධම‍්මසුත‍්තං]
[අරහන්ත ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
39. (සත‍්තන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං) ආරකත‍්තා අරහා හොති. කතමෙසං සත‍්තන‍්නං:
39. (මහණෙනි, කරුණු සතක්) දුරු වූ බැවින් ‘අරහන්ත’ නම් වෙයි. කවර සතෙක යත්:
සක‍්කායදිට‍්ඨි ආරකා හොති, විචිකිච‍්ඡා ආරකා හොති, සීලබ‍්බතපරාමාසො ආරකො හොති, රාගො ආරකො හොති, දොසො ආරකො හොති, මොහො ආරකො හොති, මානො ආරකො හොති.
සක්කාය දිට්ඨිය දුරුවෙයි. විචිකිච්ඡාව දුරුවෙයි. සීලබ්බත පරාමාසය දුරුවෙයි. රාගය දුරු වෙයි. දෝසය දුරු වෙයි. මෝහය දුරු වෙයි. මානය දුරු වෙයි.
ඉමෙසං ඛො භික‍්ඛවෙ සත‍්තන‍්නං ධම‍්මානං ආරකත‍්තා අරහා හොතීති.
මහණෙනි, මේ සප්තධර්‍මයන්ගේ දුරු වීමෙන් අරහන්ත නම් වේ යයි.
7. 2. 4. 9.
7. 2. 4. 9.
[අසද‍්ධම‍්මසුත‍්තං]
[අසද්ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
40. සත‍්තිමෙ භික‍්ඛවෙ, අසද‍්ධම‍්මා. කතමෙ සත‍්ත:
40. මහණෙනි, මෙ අසද්ධර්‍මයෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්:
අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තාපී හොති, අප‍්පස‍්සුතො හොති, කුසීතො හොති, මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති.
ශ්‍රද්ධා නැතියේ වෙයි. හිරි නැතියේ වෙයි. ඔතප් නැතියේ වෙයි. අල්පශ්‍රැත වෙයි. කුසීත වෙයි. නට සිහි ඇතියේ වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත අසද‍්ධම‍්මා.
මහණෙනි, මෙ සප්ත අසද්ධර්‍ම යි.
7. 2. 4. 10.
7. 2. 4. 10.
[සද‍්ධම‍්මසුත‍්තං]
[සද්ධම්ම සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
41. සත‍්තිමෙ භික‍්ඛවෙ, සද‍්ධම‍්මා. කතමෙ සත‍්ත:
41. මහණෙනි, මෙ සද්ධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
සද‍්ධො හොති, හිරිමා හොති, ඔත‍්තප‍්පී හොති, බහුස‍්සුතො හොති, ආරද‍්ධවිරියො හොති, සතිමා හොති, පඤ‍්ඤවා හොති.
සැදැහැතියේ වෙයි. හිරිඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘතිමත් වෙයි. ප්‍රඥාවත් වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත සද‍්ධම‍්මා.
මහණෙනි, මෙ සද්ධර්‍ම සත යි.
සමණවග‍්ගො චතුත්‍ථො.
සමණවර්‍ගය සතර වැනි යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
භික‍්ඛු සමණබ්‍රාහ‍්මණ - සොත්‍ථියො ච නහාතකො වෙදගූ අරියො අරහා - ද‍්වෙ ච ධම‍්මාති තෙ දස
භික්ඛුධම්ම සූත්‍රය, සමණධම්ම සූත්‍රය, බ්‍රාහ්මණධම්ම සූත්‍රය, සොත්‍ථියධම්ම සූත්‍රය, නහාතකධම්ම සූත්‍රය, වේදගුධම්ම සූත්‍රය, අරියධම්ම සූත්‍රය, අරහන්තධම්ම සූත්‍රය, අසද්ධම්ම සූත්‍රය, සද්ධම්ම සූත්‍ර දෙක දැයි දසයෙකි.