චක‍්ඛු අනිච‍්චානුපස‍්සී සුත‍්තං
7. 2. 5. 1.
7. 2. 5. 1.
[චක‍්ඛු අනිච‍්චානුපස‍්සී සුත‍්තං]
[චක්ඛුඅනිච්චානුපස්සී සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:
1. මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්:
ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො චක‍්ඛුස‍්මිං අනිච‍්චානුපස‍්සී විහරති, අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. අයං ඛො භික‍්ඛවෙ, පඨමො පුග‍්ගලො ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.
මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි. අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිද දන්නාසුල්ලේ සතතයෙන් නරතුරු (අන් සිතින්) අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් විවසුන් නුවණින් බැසගනිමින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මභාවයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොට එළැඹ වෙසෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ප්‍රථම පුද්ගල වෙයි.
පුන චපරං භික‍්ඛවෙ එකච‍්චො පුග‍්ගලො චක‍්ඛුස‍්මිං අනිච‍්චානුපස‍්සී විහරති, අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොකිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. තස‍්ස අපුබ‍්බං අචරිමං ආසවපරියාදානඤ‍්ච හොති ජීවිතපරියාදානඤ‍්ච. අයං භික‍්ඛවෙ, දුතියො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යය පිළිවිදිනසුලුයේ හැමකල්හි නරතුරු අසම්මිශ්‍රව සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් (විදර්‍ශනාප්‍රඥායෙන්) අනුප්‍රවේශ කරමින් වෙසෙයි. ඔහට නො පෙර නො පසුව ආස්‍රවපර්‍ය්‍යවදානය හා ජීවිතපර්‍ය්‍යවදානය හා වෙයි. මහණෙනි, මෙ ආහුනෙය්‍ය වූ ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ දෙවන පුඟුලි.
පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුග‍්ගලො චක‍්ඛුස‍්මිං අනිච‍්චානුපස‍්සී විහරති අනිච‍්චසඤ‍්ඤී අනිච‍්චපටිසංවෙදී සතතං සමිතං අබ‍්බොක‍්කිණ‍්ණං චෙතසා අධිමුච‍්චමානො පඤ‍්ඤාය පරියොගාහමානො. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරාපරිනිබ‍්බායී හොති. අයං භික‍්ඛවෙ, තතියො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. -පෙ- උපහච‍්චපරිනිබ‍්බායී හොති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. -පෙ- අසංඛාරපරිනිබ‍්බායී හොති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. -පෙ- සසංඛාර පරිනිබ‍්බායී හොති. අයං භික‍්ඛවෙ, ඡට‍්ඨො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. -පෙ- උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. අයං භික‍්ඛවෙ, සත‍්තමො පුග‍්ගලො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස.
තවද මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් චක්‍ෂුරායතනයෙහි අනිත්‍යානුදර්ශී වූයේ අනිත්‍යසංඥා ඇතියේ අනිත්‍යප්‍රතිසංවේදී වූයේ හැම කල්හි නරතුරු අව්‍යවකීර්‍ණ සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් පර්‍ය්‍යාවගාහ කරමින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ තුන්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සතරවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... අසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ පස්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... සසඞ්කාර පරිනිබ්බායී වෙයි. මහණෙනි, මේ සවන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි ... උද්ධංසෝත අකනිට්ඨගාමී වෙයි. මහණෙනි, මේ සත්වන ආහුනෙය්‍ය පුද්ගල ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත පුග‍්ගලා ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක‍්ඛිණෙය්‍යා අඤ‍්ජලිකරණීයා අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.
මහණෙනි, මොහු ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්ඛිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ පුද්ගලයෝ සත් දෙන යි.