යෙදුමෙන් කියවන්න

මෙත‍්තානිසංස සුත‍්තං

8. 1. 1. 1.

8. 1. 1. 1.

මෙත‍්තානිසංස සුත‍්තං

මෙත්තානිසංස සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මෙත‍්තාය භික‍්ඛවෙ චෙතොවිමුත‍්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය අට‍්ඨානිසංසා පාටිකඞ‍්ඛා. කතමෙ අට‍්ඨ:

මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුල වශයෙන් (නැවත නැවත) කරන ලද යානාවක් බඳු කරන ලද, ප්‍රතිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වස්තුවක් මෙන් කරනලද, එළඹ සිටි පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි අට අනුසස් කෙනෙක් කැමති විය යුත්තාහ. කවර අට දෙනෙක යත්:

සුඛං සුපති, සුඛං පටිබුජ‍්ඣති, න පාපකං සුපිනං පස‍්සති, මනුස‍්සානං පියො හොති, අමනුස‍්සානං පියො හොති, දෙවතා රක‍්ඛන‍්ති, නාස‍්ස අග‍්ගි වා විසං වා සත්‍ථං වා කමති, උත‍්තරිං අප‍්පටිවිජ‍්ඣන‍්තො බ්‍රහ‍්මලොකූපගො හොති.

සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, ලමු සිහින නො දක්නේ ය, මිනිස්නට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, දෙවියෝ රක්නාහ, ඕහට ගිනි වේවයි, විෂ ගිනි වේවයි, අවි වේවයි නො වදනේ ය, මතුයෙහි මඟපල නො පිළිවිදුනේ බඹලොව යන්නේ වෙයි.

මෙත‍්තාය භික‍්ඛවෙ චෙතොවිමුත‍්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්‍ථුකතාය අනුට‍්ඨිතාය පරිචිතාය සුසමාරද‍්ධාය ඉමෙ අට‍්ඨානිසංසා පාටිකඞ‍්ඛාති.

මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුලවශයෙන් කරන ලද යානාවක් වැනි කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටි, පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි මේ අට අනුසස් කැමැති විය යුතු ය යි.

1. යො ච මෙත‍්තං භාවයති, අප‍්පමාණං පතිස‍්සතො තනූ සංයොජනා හොන‍්ති, පස‍්සතො උපධික‍්ඛයං.

1. එළඹ සිටි සිහි ඇති යමෙක් (පැතිරීම් විසින්) අප්‍රමාණ වූ මෙත් සිත වඩනේ නම්, ක්ලේශෝපධීන්ගේ ක්‍ෂය දක්නා ඔහුගේ සංයෝජනයෝ තුනී වෙත්.

2. එකම‍්පි චෙ පාණමදුට‍්ඨචිත‍්තො, මෙත‍්තායති කුසලී තෙන හොති, සබ‍්බෙව පාණෙ මනසානුකම‍්පී, පහූතමරියො පකරොති පුඤ‍්ඤං.

2. ඉදින් එක ද සත්ත්‍වයකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම්, ඒ හේතුයෙන් කුසල් ඇත්තෙක් (කුසල් කරන්නෙක්) වෙයි. සව්සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරෙයි.

3. යෙ සත‍්තසණ‍්ඩං පඨවිං ජිනිත්‍වා, රාජීසයො යජමානානුපරියගා, සස‍්සමෙධං පුරිසමෙධං, සම‍්මාපාසං වාචපෙය්‍යං නිරග‍්ගළං.

3. යම් රාජර්ෂි කෙනෙක් (ඍසිසදෘශ දැහැමි රජකෙනෙක්) සත්කැලන්ගෙන් ගැවසි පොළෝතල දනා (ගෙදොර නිරගුළු කළ හෙයින්) නිරග්ගල නම් වූ සස්සමේධ ය පුරිසමේධ ය සම්මාපාස ය වාචපෙය්‍ය ය යන සිවුසඟරාවතින් යාග කරමින් (දන් දෙමින්) හැසුරුනාහු වෙත් ද,

4. මෙත‍්තස‍්ස චිත‍්තස‍්ස සුභාවිතස‍්ස, කලම‍්පි තෙ නානුභවන‍්ති සොළසිං, චන්‍දප‍්පභා තාරගණා ච සබ‍්බෙ, යථා න අග‍්ඝන‍්ති කලම‍්පි සොළසිං.

4. ඒ යාගයෝ සුභාවිත මෛත්‍රීසහගතචිත්තයාගේ (විපාකමහත්ත්‍වයෙන්) සොළොස්වන කලාව ද පවා නො අගිත්. සඳපහන හැම තුරුකැල මඬනාක් මෙනි.

5. යො න හන‍්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ, මෙත‍්තං සො සබ‍්බභූතානං, වෙරං තස‍්ස න කෙනචීති.

5. යමෙක් නො නසා ද, නො නස්වා ද, හානි නො කෙරේ ද, හානි නො කරවා ද, හැම සතුන් කෙරෙහි මෛත්‍රීභාගව සිටුනේ වේ ද, කිසිවකුදු හා ඔහුගේ වෙරයෙක් නැත්තේ යි.