ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සුත්තං
8. 1. 1. 2.
8. 1. 1. 2.
ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සුත්තං
ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨිමෙ භික්ඛවෙ, හෙතු අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්ති. කතමෙ අට්ඨ :
මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පරිපූරභාවය පිණිස හේතූහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ අට දෙනෙක් පවත්නාහ. කවර අට දෙනෙක යත්:
1. ඉධ භික්ඛවෙ, භික්ඛු සත්ථාරං උපනිස්සාය විහරති, අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච, අයං භික්ඛවෙ, පඨමො හෙතු පඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසෙයි. මහණෙනි, මේ පළමු හේතුව පළමු ප්‍රත්‍යය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
2. සො තං සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති. පෙමඤ්ච ගාරවො ච, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති. ඉදං භන්තෙ, කථං? ඉමස්ස ක්වත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති. අනුත්තානීකතං ච උත්තානීකරොන්ති. අනෙක විහිතෙසු කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං භික්ඛවෙ, දුතියො හෙතු දුතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
2. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල වූ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්යතරසබ්රම්සරකු හෝ ඇසිරි කොට වෙසේ. කලින් කල ඔවුන් වෙත එළැඹ වහන්ස, මේ කෙසේ ද? මේ පෙළදහම්හුගේ අර්ත්ථ කවරේ දැයි පරිපුච්ඡා කෙරෙයි. ප්‍රශ්න කෙරෙයි. ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැයත් විවරණ කෙරෙති, අප්‍රකට දැයත් ප්‍රකට කෙරෙති. නන් වැදෑරුම් සැක කරනට නිසි දහම්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ දෙවන හේතුව දෙවන ප්‍රත්‍යයය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
3. සො තං ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති, කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අයං භික්ඛවෙ, තතියො හෙතු තතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
3. හේ එ දහම් අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් දැයි දෙවැදෑරුම් විවේකයෙන් සපයයි. මහණෙනි, මේ තෙවන හේතුව තෙවන ප්‍රත්‍යයය නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
4. සීලවා ච හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං භික්ඛවෙ, චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
4. සිල්වත් ද වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘතව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වූ වරදෙහිත් බිය දක්නා සුලු වූයේ සමාදාන කොට සිකපදයෙහිදු හික්මෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සිවුවන හේතුව සිවුවන ප්‍රත්‍යය පවත්නේ ය.
5. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. අයං භික්ඛවෙ, පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
5. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොට ගත් හදාළ පෙළ - අරුත් ඇතියේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් දහම්හු සාර්ත්ථ-සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ-පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වෙත්. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුන පුනා බලන ලද්දාහු දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ පස්වන හේතුව ප්‍රත්‍යය පවත්නේ ය.
6. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අයං භික්ඛවෙ, ඡට්ඨො හෙතු ඡට්ඨො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
6. අකුශල ධර්මයන් ප්‍රහාණ කරනු පිණිස කුශලධර්මයන් වඩනු පිණිස ඇරඹූ වැර ඇතියේ බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල් දහම්හි නො හළ වෙර ඇතියේ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සවන හේතුව සවන ප්‍රත්‍යය පවත්නේ ය.
7. සංඝගතො ඛො පන අනානාකථිකො හොති, අතිරච්ඡානකථිකො හොති, සාමං වා ධම්මං භාසති, පරං වා අජ්ඣෙසති, අරියං වා තුණ්හීභාවං නාතිමඤ්ඤති. අයං භික්ඛවෙ, සත්තමො හෙතු සත්තමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
7. සඟමැදට ගියේ නානා කියුම් නැතියේ වෙයි, තිරිසන් කථායෙහි නො යෙදුනේ වෙයි, තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ ඉක්ම නො සිතයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය පවත්නේ ය.
8. පඤ්චසු ඛො පන උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො, ඉති සඤ්ඤා -පෙ- ඉති සඤ්ඤාය ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, විඤ්ඤාණස්ස අත්ථගමො”ති. අයං භික්ඛවෙ, අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
8. පඤ්ච උපාදානස්කන්ධයෙහි රූපය මෙසේ ය. රූපසමුදය මෙසේ ය. රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනා මෙසේ ය. වේදනාසමුදය මෙසේ ය. වේදනාවගේ අස්තඞ්ගමය මෙසේ ය. සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය ... විඥානසමුදය මෙසේය. විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යයි උදා - විය දක්නා සුලු වැ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්ශනාප්රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යය පවත්න්නේය.
තමෙනං සබ්රහ්මචාරී එවං සම්භාවයන්ති: “අයං ඛො ආයස්මා සත්ථාරං උපනිස්සාය විහරති, අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං, යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
සබ්‍රම්සරහු තෙල මහණහු මෙසේ සම්භාවනා කෙරෙත්: “මේ ආයුෂ්මත් වනාහි ශාස්තෘන්වහන්සේ ඇසුරු කොට වෙසෙයි, ගුරුස්ථානයට නිසි යමකු කෙරෙහි තීව්ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරව එළඹැ සිටුනේ වේ ද, එබඳු අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙයි; වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ ය”යි. මේ ධර්මය ද ප්‍රියභාවය පිණිස ගරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
තං ඛො පනායමායස්මා සත්ථාරං උපනිස්සාය විහරන්තො අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්රහ්මචාරිං යත්ථස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හොති පෙමඤ්ච ගාරවො ච, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං? ඉමස්ස ක්වත්ථොති?”
මේ ආයුෂ්මත් ඒ ශාස්තෘහු ඇසුරු කොට වසන්නේ වෙයි, යමකු කෙරෙහි තීව්ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරවය එළඹැ සිටුනේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි එක්තරා සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙන්නේ වෙයි. කලින් කල ඔවුන් වෙතැ එළඹැ සිට ‘වහන්ස, මේ දහම් කෙසේ ද? මේ දහම්හුගේ අර්ත්ථ කවරේ දැ?යි’ (අර්ත්ථ - පාලි - අනුසන්ධි - පූර්වාපර විසින්) පරිපෘච්ඡා කෙරෙයි, පරිප්‍රශ්න නඟයි.
තස්ස තෙ ආයස්මන්තො අවිවටං චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානියෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතීති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
“මේ ආයුෂ්මත් එකැතින් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි.” ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැය විවරණ කෙරෙති, නො පාළ දැය ද පාළ කෙරෙති, සැක කටයුතු නන්වැදෑරුම් දහමෙහි සැක හැර පියත්, මේ දහම ද ප්‍රියභාවය පිණිස, ගුරුභාවය පිණිස, භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණ ධර්මය පිණිස නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“තං ඛො පනායමායස්මා ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති, කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච: අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
මේ ආයුෂ්මත් ඒ දහම් අසා කායවිවේකයෙන් හා චිත්තවිවේකයෙන් දැ යි යම් විවේකයෙකින් සපයා ද, වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි. මේ ධර්මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස, ගුණසම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“සීලවා ඛො පන අයමායස්මා පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
මේ ආයුෂ්මත් සිල්වත් වූයේ ප්රාතිමෝක්ෂ ශීලසංවරයෙන් සංවෘතවූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදාන කොට සිකපදෙහි හික්මෙයි, එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය; දැක්කයුත්ත දන්නේ ය යි. මේ ධර්මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ ගුණසම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“බහුස්සුතො ඛො පන අයමායස්මා සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථා රූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති. ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, අද්ධා අයමායස්මා ජානං ජානාති, පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ඇසූ දෑ ඇතියේ වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් දහම්හු සාර්ත්ථ සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු තුලුන් විසින් බෙහෙවින් අසන ලද වෙත්. ධරණ ලද වෙත්. වචනයෙන් හසළ වෙත්. සිතින් විමසා බලන ලද වෙත්. නුවණින් පිළිවිදින ලද වෙත් වැලි මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය. දැක්කයුත්ත දන්නේ ය යි. මේ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස ගුණ භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“ආරද්ධවිරියො ඛො පන අයමායස්මා විහරති. අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
මේ ආයුෂ්මත් වනාහි අකුශලධර්ම ප්රහාණය පිණිස කුශලධර්ම වඩනු පිණිස ඇරඹු වැර ඇතියේ වෙසෙයි. බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල්දහම්හි නොහළ ධූර ඇතියේ වෙයි. එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“සංඝගතො ඛො පන අයමායස්මා අනානාකථිකො හොති අතිරච්ඡානකථිකො, සාමං වා ධම්මං භාසති, පරං වා අජ්ඣෙසති, අරියං වා තුණ්හීභාවං නාතිමඤ්ඤති. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
මේ ආයුෂ්මත් වනාහි සඟ මැදට ගියේ නන්වැදෑරුම් හිස් කියුම් නැතියේ තිරශ්චීන කථා නැතියේ තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය හෝ නො පැන සිතයි. එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ ය.
“පඤ්චසු ඛො පන අයමායස්මා උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති; ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමොති, අද්ධා අයමායස්මා ජානං ජානාති, පස්සං පස්සතී”ති. අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තතීති.
මේ ආයුෂ්මත් වනාහි රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය, ... සංඥා මෙසේ ය, ... සංස්කාර මෙසේ ය, ... විඥානය මෙසේ ය, විඥාන සමුදය මෙසේ ය, විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ ය යි පඤ්ච උපාදානස්කන්ධයෙහි උදා - විය දක්නේ වෙසෙයි, එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත් දක්නේ ය යි, මේ ධර්මය ද ප්‍රිය භාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්රමණධර්මය පිණිස, නෛරන්තර්ය්යය පිණිස පවත්නේ යයි.
ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ හෙතු අට්ඨ පච්චයා ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තන්තීති.
මහණෙනි, නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විවසුන් නුවණ ලබනු පිණිස ලත් නුවණ පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ණභාවය පිණිස මේ අෂ්ට හේතූහු අෂ්ට ප්‍රත්‍යයෝ පවතිත් යයි.