යෙදුමෙන් කියවන්න

පඨමපිය සුත‍්තං

8. 1. 1. 3.

8. 1. 1. 3.

පඨමපිය සුත‍්තං

පළමුවැනි පිය සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති, අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද අභාවනීය ද වෙයි, කවර අටෙකින යත්:

ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අප‍්පියපසංසී ච හොති. පියගරහී ච ලාභකාමො ච සක‍්කාරකාමො ච අහිරිකො ච අනොත‍්තප‍්පී ච පාපිච‍්ඡො ච මිච‍්ඡාදිට‍්ඨී ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.

මහණෙනි, මෙ සස්නෙහි මහණ අප්‍රියයන් පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් ගරහන සුලු ද වෙයි, ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, ලජ්ජා නැතියේ ද වෙයි, ඔතප් නැතියේ ද වෙයි, ලමු ඉච්ඡා ඇතියේ ද වෙයි, මිසදුටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, ගරුතන් නැතියේ වෙයි, ගුණසම්භාවනා නැතියේ ද වෙයි.

අට‍්ඨහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අට කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, ගුණසම්භාවනාවට නිසි ද වෙයි. කවර අට කරුණෙකින යත්:

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු න අප‍්පියපසංසී ච හොති න පියගරහී ච න ලාභකාමො ච න සක‍්කාරකාමො ච, හිරිමා ච හොති ඔත‍්තප‍්පී ච අප‍්පිච‍්ඡො ච සම‍්මාදිට‍්ඨි ච. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති, මනාපො ච ගරු ච භාවනීයො චාති.

මහණෙනි, මෙසස්නෙහි මහණ අප්‍රියයන් නො පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් නොගරහන සුලු ද වෙයි, ලාභ කැමතියේ ද නොවෙයි, සත්කාර කැමතියේ ද නොවෙයි, ලජ්ජා ඇතියේ ද වෙයි, පවට බාන සුලු ද වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, සම්භාවනීය ද වේ යයි.