දුතියපිය සුත‍්තං
8. 1. 1. 4.
8. 1. 1. 4.
දුතියපිය සුත‍්තං
දෙවැනි පිය සූත්‍රය
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට‍්ඨහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච කතමෙහි අට‍්ඨහි:
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ. කවර අට කරුණින යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු ලාභකාමො ච හොති. සක‍්කාරකාමො ච අනවඤ‍්ඤත‍්තිකාමො ච අකාලඤ‍්ඤූ ච අමත‍්තඤ‍්ඤූ ච අසුචි ච බහුභාණී ච අක‍්කොසකපරිභාසකො ච සබ්‍රහ‍්මචාරීනං.
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, අවඥා නො කැමැතියේ ද වෙයි, අකාලඥ වෙයි, අමාත්‍රඥ ද වෙයි, අපවිත්‍ර කායකර්‍මයාදිය ඇතියේ වෙයි, බහුභාණී ද වෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශ්‍ර පරිභව කරනුයේ ද වේ.
ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං අප‍්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ.
අට‍්ඨහි භික‍්ඛවෙ, ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට‍්ඨහි:
මහණෙනි, අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ. කවර අට කරුණින් යත්:
ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු න ලාභකාමො ච හොති. න සක‍්කාරකාමො ච න අනවඤ‍්ඤත‍්තිකාමො ච කාලඤ‍්ඤූ ච මත‍්තඤ‍්ඤූ ච සුචි ච න බහුභාණී ච න අක‍්කොසකපරිභාසකො ච සබ්‍රහ‍්මචාරීනං.
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද නො වෙයි, සත්කාර කැමැතියේ ද නො වෙයි, අවඥාත බව කැමැතියේ ද නො වෙයි, කාලඥ වෙයි, මාත්‍රඥ ද වෙයි, පවිත්‍රකායකර්‍මාදිය ඇතියේ ද වෙයි, බහුභාණී ද නොවෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශපරිභව නො කරනුයේ ද වෙයි.
ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති. මනාපො ච ගරු ච භාවනීයො චාති.
මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ යයි.