පඨමලොකධම්ම සුත්තං
8. 1. 1. 5.
8. 1. 1. 5.
පඨමලොකධම්ම සුත්තං
පළමුවැනි ලෝකධම්ම සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨිමෙ භික්ඛවෙ, ලොක ධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ:
මහණෙනි, මේ අෂ්ට ලෝකධර්මයෝ ලොව අනුව පෙරැළෙත් ලෝකය ද අෂ්ටලෝකධර්මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛං ච දුක්ඛං ච, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨලොකධම්මෙ ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨලොකධම්මෙ අනුපරිවත්තතීති.
ලාභය ද අලාභය ද අයස ද යස ද නින්දාව ද ප්‍රශංසාව ද සුඛය ද දුඃඛය ද යන මේ යි. මහණෙනි, මේ අටලෝදහම්හු ලොව අනුව පෙරැළෙති, ලොව ද මේ අටලෝ දහම් අනුව පෙරැළේ යයි.
1. ලාභො අලාභො අයසො යසො ච නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං, එතෙ අනිච්චා මනුජෙසු ධම්මා අසස්සතා විපරිණාමධම්මා
1. ලාභ ය, අලාභ ය, අයසය, යස ය, නින්දා ය, පසංසා ය, සුඛ ය, දුක්ඛ ය යන අනිත්‍ය වූ අශාස්ත වු මේ ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාව ඇතියහ.
2. එතෙ ච ඤත්වා සතිමා සුමෙධො අවෙක්ඛතී විපරිනාමධම්මෙ, ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං අනිට්ඨතො නො පටිඝාතමෙති.
2. ස්මෘතිමත් වූ පණ්ඩිත තෙමේ තෙල විපරිණාමධර්මයන් දැන (නුවණින්) බලයි. ඉෂ්ට වූ (ලාභාදි) ධර්මයෝ ඔහුගේ සිත නො මඩනාහ. අනිටු දහමින් (නොහොත් අනිටුදහම් විසයෙහි) හෙ ප්රතිඝාතයට නො පැමිණෙයි.
3. තස්සානුරොධා අථවා විරොධා විධූපිතා අත්ථගතා න සන්ති, පදඤ්ච ඤත්වා විරජං අසොකං සම්මප්පජානාති භවස්ස පාරගූති.
3. ඔහුගේ අනුරෝධයෝ නොහොත් විරෝධයෝ වනසන ලද්දාහු අස්තයට ගියාහු නො ම ඇතියහ. රජස් නැති ශෝක නැති නිර්වාණපදය ද දැන භවයාගේ පරතෙරට ගියේ (එබව) මොනොවට දන්නේ යි.