යෙදුමෙන් කියවන්න

දුතියලොකධම‍්ම සුත‍්තං

8. 1. 1. 6.

8. 1. 1. 6.

දුතියලොකධම‍්ම සුත‍්තං

දෙවැනි ලෝකධම්ම සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. අට‍්ඨිමෙ භික‍්ඛවෙ, ලොකධම‍්මා ලොකං අනුපරිවත‍්තන‍්ති, ලොකො ච අට‍්ඨ ලොකධම‍්මෙ අනුපරිවත‍්තති. කතමෙ අට‍්ඨ:

1. මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙනෙක් ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද අෂ්ටලෝකධර්‍මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:

ලාභො ච අලාභො ච යසො ච අයසො ච නින්‍දා ච පසංසා ච සුඛං ච දුක‍්ඛං ච, ඉමෙ ඛො භික‍්ඛවෙ, අට‍්ඨලොකධම‍්මා ලොකං අනුපරිවත‍්තන‍්ති. ලොකො ච ඉමෙ අට‍්ඨලොකධම‍්මෙ අනුපරිවත‍්තති.

ලාභ යැ අලාභ යැ අයස යැ යසයැ නින්‍දා යැ පසංසා යැ සුඛ යැ දුක්ඛ යැ යන අට යි. මහණෙනි, මේ අට ලෝදහම්හු ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද මේ අටලෝදහම් අනුව පෙරැළෙයි.

අස‍්සුතවතො භික‍්ඛවෙ, පුථුජ‍්ජනස‍්ස උප‍්පජ‍්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්‍දාපි පසංසාපි සුඛම‍්පි දුක‍්ඛම‍්පි.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත් උපදියි, අලාභයත් උපදියි, අයසත් උපදියි, යසත් උපදියි, නින්‍දාත් උපදියි, පසංසාත් උපදියි, සුඛත් උපදියි, දුක්ඛත් උපදී.

සුතවතොපි ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස උප‍්පජ‍්ජති ලාභොපි අලාභොපි, යසොපි අයසොපි නින්‍දාපි පසංසාපි සුඛම‍්පි දුක‍්ඛම‍්පි.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ලාභත් උපදනේ ය, අලාභත් උපදනේ ය, යසත් උපදනේ ය, අයසත් උපදනේ ය, නින්‍දාත් උපදනේ ය, යැ ප්‍රශංසාත් උපදනේ ය, සුඛත් උපදනේ ය, දුඃඛත් උපදනේ යි.

2. තත්‍ර භික‍්ඛවෙ, කො විසෙසො කො අධිප‍්පයාසො කිං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙනාති:

2. මහණෙනි, එහිලා අශ්‍රැතවත් පෘතග්ජනයාට වඩා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ වෙසෙස කවර, අධික ප්‍රයෝගය කවර, නානාකරණය කවරැ?

භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා, භගවන‍්නෙත‍්තිකා, භගවම‍්පටිසරණා. සාධු වත භන‍්තෙ, භගවන‍්තංයෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො, භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති.

වහන්ස, ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ගෙන පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙන පවත්නාහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා දරන්නාහ යි.

තෙන හි භික‍්ඛවෙ, සුණාථ සාධුකං මනසි කරොථ, භාසිස‍්සාමීති.

මහණෙනි, එසේ නම් අසව මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.

එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

‘වහන්ස, එසේය’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

3. අස‍්සුතවතො භික‍්ඛවෙ, පුථුජ‍්ජනස‍්ස උප‍්පජ‍්ජති ලාභො, සො න ඉති පටිසඤ‍්චික‍්ඛති: උප‍්පන‍්නො ඛො මෙ අයං ලාභො, සො ච ඛො අනිච‍්චො දුක‍්ඛො විපරිනාමධම‍්මොති, යථාභූතං නප‍්පජානාති. උප‍්පජ‍්ජති අලාභො -පෙ- උප‍්පජ‍්ජති යසො -පෙ- උප‍්පජ‍්ජති අයසො -පෙ- උප‍්පජ‍්ජති නින්‍දා -පෙ- උප‍්පජ‍්ජති පසංසා -පෙ- උප‍්පජ‍්ජති සුඛං -පෙ- උප‍්පජ‍්ජති දුක‍්ඛං, සො න ඉතිපටිසඤ‍්චික‍්ඛති උප‍්පන‍්නං ඛො මෙ ඉදං දුක‍්ඛං, තං ච ඛො අනිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මන‍්ති. යථාභූතං නප‍්පජානාති.

3. මහණෙනි, අශ්‍රැතවත් පුහුදුන්හට ලාභයෙක් උපදනේ ය. හේ මෙසේ නුවණින් නොදක්නේ ය: “මට මේ ලාභයෙක් උපන, හෙ ද වනාහි අනිස යැ, දුක යැ, පෙරළෙනසැහැවි යැ”යි මෙසේ ඇති සැටියෙන් නොදන්නේ ය. අලාභයෙක් උපදනේ ය. -පෙ- යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුකෙක් උපදනේ ය ... මෙසේ හේ නුවණින් නො දක්නේ ය: “මට දුකෙක් උපන, හෙ ද වනාහි අනිසා යැ, දුකයැ, පෙරළෙන සැහැවි යැ’යි ඇති සැටි නො දන්නේ ය.

තස‍්ස ලාභොපි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, අලොභො පි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, යසොපි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, අයසොපි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, නින්‍දා පි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, පසංසාපි චිත‍්තං පරියාදාය තිට‍්ඨති. සුඛම‍්පි චිත‍්තං පරියාදාය තිට‍්ඨති, දුක‍්ඛම‍්පි චිත‍්තං පරියාදාය තිට‍්ඨති. සො උප‍්පන‍්නං ලාභං අනුරුජ‍්ඣති, අලාභෙ පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං යසං අනුරුජ‍්ඣති, අයසෙ පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං පසංසං අනුරුජ‍්ඣති, නින්‍දාය පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං සුඛං අනුරුජ‍්ඣති, දුක‍්ඛෙ පටිවිරුජ‍්ඣති. සො එවං අනුරොධවිරොධසමාපන‍්නො න පරිමුච‍්චති, ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි, න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

ලාභයත් ඔහු සිත මැඩගෙන සිටුනේ ය, අලාභයත් සිත මැඩගෙන සිටුනේ ය, යශසත් සිත මැඩගෙන සිටුනේ ය, අයශසත් සිත මැඩගෙන සිටුනේ ය, නින්‍දාවත් සිත මැඩගෙන සිටුනේ ය, ප්‍රශංසාවත් සිත මැඩගෙන සිටුනේ ය, සුඛයත් සිත මැඩගෙන සිටුනේ ය, දුකත් සිත මැඩගෙන සිටුනේ යි. හේ උපන් ලාභය නිමිති කොට ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් යශස් නිමිති කොට ඇලෙයි, අයශස් නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් ප්‍රශංසාව නිමිති කොට ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් සුව නිමිති කොට ඇලෙයි, දුක් නිමිති කොට විරෝධ කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධයට වැදුනේ ජාතියෙනුදු මරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වර්‍තදුඃඛයෙන් නො මිදෙන්නේ යි කියමි.

4. සුතවතො ච ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස උප‍්පජ‍්ජති ලාභො. සො ඉති පටිසඤ‍්චික‍්ඛති; උප‍්පන‍්නො ඛො මෙ අයං ලාභො සො ච ඛො අනිච‍්චො දුක‍්ඛො විපරිනාමධම‍්මොති යථාභූතං පජානාති. උප‍්පජ‍්ජති අලාභො -පෙ- උප‍්පජ‍්ජති යසො -පෙ- උප‍්පජ‍්ජති අයසො -පෙ- උප‍්පජ‍්ජති නින්‍දා -පෙ- උප‍්පජ‍්ජති පසංසා -පෙ- සො උප‍්පජ‍්ජති සුඛං -පෙ- උප‍්පජ‍්ජති දුක‍්ඛං. සො ඉති පටිසඤ‍්චික‍්ඛති:

4. මහණෙනි, ශ්‍රැතවත් අරීසවුහට ද ලාභයෙක් උපදියි, හේ මෙසේ සලකයි: මට මේ ලාභයෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතව දන්නේ ය. අලාභයෙක් උපදනේ ය ... යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුඃඛයෙක් උපදනේ ය ... හේ මෙසේ සලකයි:

5. උප‍්පන‍්නං ඛො මෙ ඉදං දුක‍්ඛං, තඤ‍්ච ඛො අනිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මන‍්ති යථාභූතං පජානාති. තස‍්ස ලාභොපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති. අලොභොපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, යසොපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, අයසොපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, නින්‍දාපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, පසංසාපි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, සුඛම‍්පි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති, දුක‍්ඛම‍්පි චිත‍්තං න පරියාදාය තිට‍්ඨති. සො උප‍්පන‍්නං ලාභං නානුරුජ‍්ඣති, අලාභෙ නප‍්පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං යසං නානුරුජ‍්ඣති, අයසෙ නප‍්පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං පසංසං නානුරුජ‍්ඣති, නින්‍දාය නප‍්පටිවිරුජ‍්ඣති. උප‍්පන‍්නං සුඛං නානුරුජ‍්ඣති, දුක‍්ඛෙ නප‍්පටිවිරුජ‍්ඣති. සො එවං අනුරොධවිරොධවිප‍්පහීනො පරිමුච‍්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක‍්ඛෙහි දොමනස‍්සෙහි උපායාසෙහි. පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

5. මට මෙ දුකෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතකොට දන්නේ ය. ලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, අලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, යශස් ද සිත මැඩගෙන නොසිටි යි, අයශස් ද සිත මැඩගෙන නොසිටි යි, නින්‍දාව ද සිත මැඩගෙන නොසිටි යි, ප්‍රශංසාව සිත මැඩගෙන නොසිටි යි, සුඛය ද සිත මැඩගෙන නොසිටි යි, දුඃඛය ද සිත මැඩගෙන නොසිටි යි. හේ උපන් ලාභය නිමිති කොට නො ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධය නො කෙරෙයි, උපන් යශස් නිමිති කොට නො ඇලෙයි. අයශස් නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් ප්‍රශංසා නිමිති කොට නො ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් සුඛය නිමිති කොට නො ඇලෙයි, දුඃඛය නිමිති කොට විරෝධ නො කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධ නැතියේ ජාතියෙනුදු ජරායෙනුදු මරණිනුදු සෝකයෙනුදු පරිදේවයෙනුදු දුකෙනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු මිදෙයි. වර්‍තදුඃඛයෙන් මිදෙන්නේ යයි කියමි.

අයං ඛො භික‍්ඛවෙ, විසෙසො අයං අධිප‍්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස‍්ස අස‍්සුතවතා පුථුජ‍්ජනෙනාති.

මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘතග්ජනයා හා මේ විශේෂය යි. මේ අධිකප්‍රයෝගය යි, මේ වෙනස යි.

1. ලාභො අලාභො අයසො යසො ච නින්‍දා පසංසා ච සුඛඤ‍්ච දුක‍්ඛං, එතෙ අනිච‍්චා මනුජෙසු ධම‍්මා අසස‍්සතා විපරිණාමධම‍්මා.

1. ලාභය හා අලාභය ද අයශස් හා යශස් ද නින්‍දා හා ප්‍රශංසා ද සුඛය හා දුඃඛය දැයි මිනිසුන් කෙරෙහි වැටෙන තෙල දහම්හු අනිත්‍යහ, අශාශ්වතයහ, පෙරළෙන සැහැවි ඇතියහ.

2. එතෙ ච ඤත්‍වා සතිමා සුමෙධො අවෙක‍්ඛති විපරිනාමධම‍්මෙ ඉට‍්ඨස‍්ස ධම‍්මා න මථෙන‍්ති චිත‍්තං අනිට‍්ඨතො නො පටිඝාතමෙති.

2. ස්මෘතිමත් වූයේ සුන්‍දර ප්‍රඥා ඇතියේ තෙල පෙරළෙන සැහැවි දහමුත් දැන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. ඉටු දහම්හු ඔහු සිත නො මඩනාහ. අනිටු දහමින් (සිත) ගැටීමට නො එයි.

3. තස‍්සානුරොධා අථවා විරොධා විධූපිතා අත්‍ථගතා න සන‍්ති, පදඤ‍්ච ඤත්‍වා විරජං අසොකං සම‍්මප‍්පජානාති භවස‍්සපාරගූති.

3. අනුරෝධ වෙත්වයි වැලිත් විරෝධ වෙත්වයි නසන ලද අස්තඞ්ගත දහම්හු ඔහුට නො වෙත්. භවයාගේ පාරයට ගියේ රාගාදි රජස් නැති නිශ්ශෝක වූ නිර්‍වාණපදය දැන (පාරඞ්ගතභාවය) මොනොවට දන්නේ යි.