දෙවදත්තවිපත්ති සුත්තං
8. 1. 1. 7.
8. 1. 1. 7.
දෙවදත්තවිපත්ති සුත්තං
දේවදත්තවිපත්ති සූත්‍රය
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර ඛො භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛු ආමන්තෙසි:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. දෙව්දත් තෙරුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධු භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති, අට්ඨහි භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි.
මහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල ආත්මසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, අෂ්ටඅසද්ධර්මයෙකින් මැඩ සිටි වටාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
ලාභෙන භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. අලාභෙන භික්ඛවෙ -පෙ- යසෙන භික්ඛවෙ -පෙ- අයසෙන භික්ඛවෙ -පෙ- සක්කාරෙන භික්ඛවෙ -පෙ- අසක්කාරෙන භික්ඛවෙ -පෙ- පාපිච්ඡතාය භික්ඛවෙ -පෙ- පාපමිත්තතාය භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො.
මහණෙනි, ලාභයෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යශසින් ... මහණෙනි, අයශසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්රතායෙන් මඩනා ලද වතුරුවා ගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ, අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො, අතෙකිච්ඡො.
මහණෙනි, මේ අෂ්ට අසද්ධර්මයෙන් මඩනා ලද වතුරුවාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පාස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
සාධු භික්ඛවෙ භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
මහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව. උපන් අලාභය ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව.
කිඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, යං හිස්ස භික්ඛවෙ උප්පන්නං ලාභං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. උප්පන්නං ලාභං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩගෙන වසන්නේ වේ ද, මහණෙනි, උපන් ලාභ නො මැඩ ගෙන වසන ඔහුට යම් හෙයකින් විඝාතපරිදාහකරවූ ආස්‍රවයෝ උපදනාහු ද, උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහකරවූ ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙති.
යං හිස්ස භික්ඛවෙ, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා. උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
මහණෙනි, යම්හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන්නහුට විඝාතපරිදාහ කරන ආස්‍රවයෝ උපදනාහු ද, උපන් පාපමිත්‍රතා මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහ කරන ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙත්.
ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාම උප්පන්නං අලාභං -පෙ- උප්පන්නං යසං -පෙ- උප්පන්නං අයසං -පෙ- උප්පන්නං සක්කාරං -පෙ- උප්පන්නං අසක්කාරං -පෙ- උප්පන්නං පාපිච්ඡතං -පෙ- උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
මහණෙනි, මහණ මෙ කරුණ පිණිස උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වෙසෙන්නේ ය. උපන් අලාභය ... උපන් යසස … උපන් අයස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නේ ය. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතුයි: උපන් ලාභය පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු කියායි. උපන් අලාභය ... උපන් යශස ... උපන් අයශස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.