යෙදුමෙන් කියවන්න

උත‍්තර සුත‍්තං

8. 1. 1. 8.

8. 1. 1. 8.

උත‍්තර සුත‍්තං

උත්තර සූත්‍රය

එකං සමයං ආයස‍්මා උත‍්තරො මහිසවත්‍ථුස‍්මිං විහරති සඞ‍්ඛෙය්‍යකෙ පබ‍්බතෙ ධවජාලිකායං තත්‍ර ඛො ආයස‍්මා උත‍්තරො භික‍්ඛු ආමන‍්තෙසි -පෙ-

එක් සමයෙක්හි ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් උත්තර තෙරහු භික්‍ෂූන් ඇමතූහ. ...

සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොතීති.

ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ යි.

තෙන ඛො පන සමයෙන වෙස‍්සවණො මහාරාජා උත‍්තරාය දිසාය දක‍්ඛිණං දිසං ගච‍්ඡති කෙනචි දෙව කරණීයෙන. අස‍්සොසි ඛො වෙස‍්සවණො මහාරාජා ආයස‍්මතො උත‍්තරස‍්ස මහිසවත්‍ථුස‍්මිං සඞ‍්ඛෙය්‍යකෙ පබ‍්බතෙ ධවජාලිකායං භික‍්ඛූනං එවං ධම‍්මං දෙසෙන‍්තස‍්ස, ‘සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොතී’ති.

එ සමයෙහි වනාහි වෙසවුණු මහරජ යම් මැ කටයුත්තෙකින් උතුරුදිගින් දකුණු දිගට යන්නේ ය. වෙසවුණු මහරජ මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් සඟනට මෙසේ දහම් දෙසනු ඇසී: ඇවැත්නි, මහණ කලින්කල ආත්ම විපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින්කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ . ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ කියා යි.

අථ ඛො වෙස‍්සවණො මහාරාජා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව මහිසවත්‍ථුස‍්මිං සඞ‍්ඛෙය්‍යකෙ පබ‍්බතෙ ධවජාලිකායං අන‍්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.

ඉක්බිති වෙසවුණු මහරජ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් යම් සේ දික් කරන්නේ හෝ වේ ද, දික් කළ අතක් යම් සේ වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මහිසවත්‍ථුයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි අතුරුදහන් වූයේ තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය.

අථ ඛො වෙස‍්සවණො මහාරාජා යෙන සක‍්කො දෙවානමින්‍දො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා සක‍්කං දෙවානමින්‍දං එතදවොච, ‘යග‍්ඝෙ මාරිස, ජානෙය්‍යාසි, එසො ආයස‍්මා උත‍්තරො මහිසවත්‍ථුස‍්මිං සඞ‍්ඛෙය්‍යකෙ පබ‍්බතෙ ධවජාලිකායං භික‍්ඛූනං එවං ධම‍්මං දෙසෙති: ‘සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරවිපත‍්තිං -පෙ- අත‍්තසම‍්පත‍්තිං -පෙ- පරසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති’ති.

ඉක්බිති වෙසවුණු මහරජ සක්දෙවිඳු වෙත එළඹියේ ය. එළඹ සක්දෙවිඳු හට තෙල සැලකළේය: නිදුකාණෙනි, දන්නෙහි: “තෙල ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි සඟනට මෙසේ දම් දෙසති: “ඇවැත්නි, මහණ කලින්කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ, ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් … ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ”යි.

අථ ඛො සක‍්කො දෙවානමින්‍දො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සම‍්මිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන‍්තරහිතො මහිසවත්‍ථුස‍්මිං සඞ‍්ඛෙය්‍යකෙ පබ‍්බතෙ ධවජාලිකායං ආයස‍්මතො උත‍්තරස‍්ස පමුඛෙ. පාතුරහොසි: අථ ඛො සක‍්කො දෙවානමින්‍දො යෙනායස‍්මා උත‍්තරො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං උත‍්තරං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො සක‍්කො දෙවානමින්‍දො ආයස‍්මන‍්තං උත‍්තරං එතදවොච:

ඉක්බිති සක්දෙවිඳු යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික් කරන්නේ හෝ වේ ද, දික්කළ අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් ම තව්තිසා දෙවියන් කෙරෙහි අතුරුදන් වූයේ මහිසවත්‍ථු සමීපයෙහි වූ සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් හමුයෙහි පහළ වී ය. ඉක්බිති සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උත්තර තෙරුන් වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන්ට තෙල සැළ කෙළේය:

සච‍්චං කිර භන‍්තෙ, ආයස‍්මා උත‍්තරො භික‍්ඛූනං එවං ධම‍්මං දෙසෙසි: සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං අත‍්තවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති. සාධාවුසො භික‍්ඛු කාලෙන කාලං පරවිපත‍්තිං -පෙ- අත‍්තසම‍්පත‍්තිං -පෙ- පරසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොතී’ති. ?

වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ “ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ”යි මෙසේ සඟනට දහම් දෙසුවාහු සැබැවෙක් දැයි?

එවං දෙවානමින්‍දාති.

එසේ යැ දේවේන්‍ද්‍රය,

කිං පනිදං භන‍්තෙ, ආයස‍්මතො උත‍්තරස‍්ස සකං පටිභානං, උදාහු තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති?

කිම වහන්ස, මෙ ආයුෂ්මත් උත්තරයන්ගේ ස්වයං ප්‍රතිභානයෙක් වේ ද? නොහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ බසෙක් වේ දැ? යි.

තෙන හි දෙවානමින්‍ද, උපමං තෙ කරිස‍්සාමි, උපමායපි ඉධෙකච‍්චෙ විඤ‍්ඤූ පුරිසා භාසිතස‍්ස අත්‍ථං ආජානන‍්ති. සෙය්‍යථාපි දෙවානමින්‍ද, ගාමස‍්ස වා නිගමස‍්ස වා අවිදූරෙ මහාධඤ‍්ඤරාසි, තතො මහාජනකායො ධඤ‍්ඤං ආහරෙය්‍ය කාජෙහිපි පිටකෙහිපි උච‍්ඡඞ‍්ගෙහිපි අඤ‍්ජලීහිපි. යො නු ඛො දෙවානමින්‍ද තං මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං පුච‍්ඡෙය්‍ය: කුතො ඉමං ධඤ‍්ඤං ආහරථාති? කථං තං ව්‍යාකරමානො. නු ඛො දෙවානමින්‍ද, සො මහාජනකායො සම‍්මා ව්‍යාකරමානො ව්‍යාකරෙය්‍යාති?

එසේ වී නම් දේවේන්‍ද්‍රය, තොපට උපමාවක් කරමි. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නාහයි. යම්සේ දේවේන්‍ද්‍රය, ගමකට වේවයි නියම් ගමකට වේවයි නුදුරෙහි නුදුරෙහි මහා ධ්‍යානරාශියෙක් වේ නම් එයින් මහාජනසමූහයා කයිනුදු පේළායෙනුදු ඇකයෙනුදු ඇඳිලියෙනුදු ධාන්‍ය ගෙන එන්නේ ය. දේවේන්‍ද්‍රය, යමෙක් ඒ මහාජනසමූහයා වෙත එළඹ කොයින් මේ ධාන්‍ය ගෙනෙවුදැ යි මෙසේ පුළුවුස්නේ නම් දේවේනද්‍රය, එය විවරණ කරනුයේ ඒ මහාජනකාය කෙසේ නම් මොනොවට විවරණ කරන්නේ වේ ද?

අමුම‍්හා ධඤ‍්ඤරාසිම‍්හා ආහරාමාති ඛො භන‍්තෙ, සො මහාජනකායො සම‍්මා ව්‍යාකරමානො ව්‍යාකරෙය්‍යාති.

වහන්ස, අසෝ මහාධාන්‍යරාශියෙන් ගෙන එන්නෙමුයි මොනොවට විවරණ කරන ඒ මහජනසමූහයා කියන්නේ ය යි.

එවමෙව ඛො දෙවානමින්‍ද, යං කිඤ‍්චි සුභාසිතං සබ‍්බං තං තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස, තතො උපාදායුපාදාය මයඤ‍්චඤ‍්ඤෙ ච භණාමාති.

දේවේන්‍ද්‍රය, එසෙයින් ම යම් සුභාෂිතයෙක් වේ නම් එ හැම බස ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ය. එයින් පුනපුනා ගෙන අපිදු අනුනට බණම්හ’යි.

අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ, යාව සුභාසිතමිදං භන‍්තෙ, ආයස‍්මතා උත‍්තරෙන යං කිඤ‍්චි සුභාසිතං සබ‍්බං තං තස‍්ස භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස, තතො උපාදායුපාදාය මයඤ‍්චඤ‍්ඤෙ ච භණාමාති,

වහන්ස, ආශ්චර්‍ය්‍ය ය. වහන්ස, අද්භූත ය. වහන්ස, ‘යම්කිසි සුභාෂිතයෙක් වේ නම් එ හැම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචනය. එයින් පුන පුනා ගෙන අපිදු අනුනට බණම්හ’ යන මේ ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිත යි.

එකමිදං භන‍්තෙ, උත‍්තර, සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ අචිරපක‍්කන‍්තෙ දෙවදත‍්තෙ. තත්‍ර ඛො භගවා දෙවදත‍්තං ආරබ‍්භ භික‍්ඛු ආමන‍්තෙසි:

වහන්ස, උත්තර තෙරණුවනි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි, රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:

සාධු භික‍්ඛවෙ, භික‍්ඛු කාලෙන කාලං අත‍්තවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, සාධු භික‍්ඛවෙ, භික‍්ඛු කාලෙන කාලං පරවිපත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොති, -පෙ- අත‍්තසම‍්පත‍්තිං -පෙ- පරසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛිතා හොතීති.

මහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ වේ නම් මැනැවැ. මහණෙනි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් සලකන්නේ වේ නම් මැනැවි.

අට‍්ඨහි භික‍්ඛවෙ, අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො අපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො. කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අෂ්ටඅසද්ධර්‍මයෙකින් අභිභූත වූ දැඩිකොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:

ලාභෙන භික‍්ඛවෙ, අභිභූතො -පෙ- අලාභෙන භික‍්ඛවෙ -පෙ- යසෙන -පෙ- අයසෙන භික‍්ඛවෙ සක‍්කාරෙන භික‍්ඛවෙ -පෙ- අසක‍්කාරෙන භික‍්ඛවෙ -පෙ- පාපිච‍්ඡතාය භික‍්ඛවෙ -පෙ- පාපමිත‍්තතාය භික‍්ඛවෙ අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො. ඉමෙහි ඛො භික‍්ඛවෙ, අට‍්ඨහි අසද‍්ධම‍්මෙහි අභිභූතො පරියාදින‍්නචිත‍්තො දෙවදත‍්තො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො.

මහණෙනි, ලාභයෙන් අභිභූත වූ ... මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යසසින් ... මහණෙනි, අයසසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපේච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්‍රතායෙන් අභිභූත වූ නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, මේ අටඅසත්දහමින් මැඩුණු නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.

සාධු භික‍්ඛවෙ, භික‍්ඛු උප‍්පන‍්නං ලාභං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය. උප‍්පන‍්නං අලාභං -පෙ- උප‍්පන‍්නං යසං -පෙ- උප‍්පන‍්නං අයසං -පෙ- උප‍්පන‍්නං සක‍්කාරං -පෙ- උප‍්පන‍්නං අසක‍්කාරං -පෙ- උප‍්පන‍්නං පාපිච‍්ඡතං -පෙ- උප‍්පන‍්නං පාපමිත‍්තතං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය.

මහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවැ. උපන් අලාභය ... උපන් යසස් ... උපන් අයසස් … උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවි.

කිඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අත්‍ථවසං පටිච‍්ච උප‍්පන‍්නං ලාභං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය. උප‍්පන‍්නං අලාභං -පෙ- උප‍්පන‍්නං යසං -පෙ- උප‍්පන‍්නං අයසං -පෙ- උප‍්පන‍්නං සක‍්කාරං -පෙ- උප‍්පන‍්නං අසක‍්කාරං -පෙ- උප‍්පන‍්නං පාපිච‍්ඡතං -පෙ- උප‍්පන‍්නං පාපමිත‍්තතං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය.

මහණෙනි, මහණ කිනම් කරුණක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩ ගෙන වසන්නේ වේ ද, උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ වේද,

යං හිස‍්ස භික‍්ඛවෙ, උප‍්පන‍්නං ලාභං අනභිභුය්‍ය විහරතො උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා, උප‍්පන‍්නං ලාභං අභිභුය්‍ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. යං හිස‍්ස භික‍්ඛවෙ, උප‍්පන‍්නං අලාභං -පෙ- උප‍්පන‍්නං යසං -පෙ- උප‍්පන‍්නං අයසං -පෙ- උප‍්පන‍්නං සක‍්කාරං -පෙ- උප‍්පන‍්නං අසක‍්කාරං -පෙ- උප‍්පන‍්නං පාපිච‍්ඡතං -පෙ- උප‍්පන‍්නං පාපමිත‍්තතං අනභිභුය්‍ය විහරතො උප‍්පජ‍්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා. උප‍්පන‍්නං පාපමිත‍්තතං අභිභුය්‍ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන‍්ති. ඉදං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අත්‍ථවසං පටිච‍්ච උප‍්පන‍්නං ලාභං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය. උප‍්පන‍්නං අලාභං -පෙ- උප‍්පන‍්නං යසං -පෙ- උප‍්පන‍්නං අයසං -පෙ- උප‍්පන‍්නං සක‍්කාරං -පෙ- උප‍්පන‍්නං අසක‍්කාරං -පෙ- උප‍්පන‍්නං පාපිච‍්ඡතං -පෙ- උප‍්පන‍්නං පාපමිත‍්තතං අභිභුය්‍ය අභිභුය්‍ය විහරෙය්‍ය.

මහණෙනි, යම් හෙයකින් උපන් ලාභ නොමැඩගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් පාපමිත්‍රතාව මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මහ මෙ කරුණ පිණිස උපන් ලාභ පුනපුනා මැඩගෙන වසන්නේ නම් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩ ගෙන වසන්නනේ ය.

තස‍්මාතිහ භික‍්ඛවෙ, එවං සික‍්ඛිතබ‍්බං උප‍්පන‍්නං ලාභං අභිභුය්‍ය අභිභුය්‍ය විහරිස‍්සාම, උප‍්පන‍්නං අලාභං -පෙ- උප‍්පන‍්නං යසං -පෙ- උප‍්පන‍්නං අයසං -පෙ- උප‍්පන‍්නං සක‍්කාරං -පෙ- උප‍්පන‍්නං අසක‍්කාරං -පෙ- උප‍්පන‍්නං පාපිච‍්ඡතං -පෙ- උප‍්පන‍්නං පාපමිත‍්තතං අභිභුය්‍ය අභිභුය්‍ය විහරිස‍්සාමාති. එවං හි වො භික‍්ඛවෙ සික‍්ඛිතබ‍්බන‍්ති.

මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු ය: උපන් ලාභ පුන පුනා මැඩ වසන්නෙම්හයි උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩගෙන වසන්නම් හ යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.

එත‍්තාවතා භන‍්තෙ උත‍්තර, මනුස‍්සෙසු චතස‍්සො පරිසා භික‍්ඛු භික‍්ඛුනියො උපාසකා උපාසිකායො. නායං ධම‍්මපරියායො කිස‍්මිඤ‍්චි පතිට‍්ඨිතො. උග‍්ගණ‍්හාතු භන‍්තෙ, ආයස‍්මා උත‍්තරො ඉමං ධම‍්මපරියායං පරියාපුණාතු භන‍්තෙ, ආයස‍්මා උත‍්තරො ඉමං ධම‍්මපරියායං ධාරෙතු භන‍්තෙ, ආයස‍්මා උත‍්තරො ඉමං ධම‍්මපරියායං, අත්‍ථසංහිතො අයං භන‍්තෙ, ධම‍්මපරියායො ආදිබ්‍රහ‍්මචරියකොති.

වහන්ස, උත්තර තෙරණුවනි, මනුෂ්‍යන් කෙරෙහි මහණ ය, මෙහෙණ ය, උවසු ය, උවැසි ය යන සිවුපිරිස් මෙතෙක් ම ය. ඔවුන් කිසිවකු කෙරෙහිදු මේ ධර්‍මපර්‍ය්‍යාය නො පිහිටියේ ය. වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය උගනිත්වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය පුරුදු කෙරෙත් වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය ධරත්වා! වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අර්‍ත්‍ථසංහිත වෙයි. ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත වූයේ වේ යයි.