යෙදුමෙන් කියවන්න

පුරිසබන්‍ධන සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 1. 2. 7.

8. 1. 2. 7.

පුරිසබන්‍ධන සුත‍්තං

පුරිසබන්‍ධන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ ආකාරෙහි ඉත්‍ථි පුරිසං බන්‍ධති, කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අට අයුරෙකින් මාගම පුරුෂයා බඳියි. කවර අටෙකින යත්:

රූපෙන භික‍්ඛවෙ, ඉත්‍ථි පුරිසං බන්‍ධති. හසිතෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. භණිතෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. ගීතෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. රුණ‍්ණෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. ආකප‍්පෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. වනභඞ‍්ගෙන භික‍්ඛවෙ, ඉත්‍ථී පුරිසං බන්‍ධති. ඵස‍්සෙන භික‍්ඛවෙ ඉත්‍ථි පුරිසං බන්‍ධති. ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහි ආකාරෙහි ඉත්‍ථි පුරිසං බන්‍ධති. තෙ භික‍්ඛවෙ සත‍්තා සුබද‍්ධා යෙ ඵස‍්සෙන බද‍්ධාති.

මහණෙනි, රූපයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, හසිතයෙන් (සිනායෙන්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, බිණුමෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, ගීතයෙන් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මාගම රෝදනයෙන් (හැඬුමෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, මාගම ආකල්පයෙන් (හැඳුම් පෙරවුම් ඈ විධියෙන්) පුරුෂයා බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් (වනයෙන් ගෙනා මල්පල ඈ තුටු පඬුරින්) මාගම පුරුෂයා බඳියි. මහණෙනි, පහසින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, මේ අට අයුරින් මාගම පුරුෂයා බඳියි. මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් පහසින් බැඳුණාහු වෙත් නම් ඔහු මොනොවට (තරව) බැඳුණාහු වෙති යි.

8. 1. 2. 8.

8. 1. 2. 8.

ඉත්‍ථිබන්‍ධන සුත‍්තං.

ඉත්‍ථිබන්‍ධන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨහි භික‍්ඛවෙ ආකාරෙහි පුරිසො ඉත්‍ථිං බන්‍ධති, කතමෙහි අට‍්ඨහි:

මහණෙනි, අට අයුරකින් පුරුෂයා මාගම බඳියි. කවර අටෙකින යත්:

රූපෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති, හසිතෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. භණිතෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. ගීතෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. රුණ‍්ණෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. ආකප‍්පෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. වනභඞ‍්ගෙන භික‍්ඛවෙ, පුරිසො ඉත්‍ථිං බන්‍ධති. ඵස‍්සෙන භික‍්ඛවෙ පුරිසො ඉත්‍ථිං බන්‍ධති. ඉමෙහි ඛො භික‍්ඛවෙ අට‍්ඨහි ආකාරෙහි පුරිසො ඉත්‍ථිං බන්‍ධති, තෙ භික‍්ඛවෙ සත‍්තා සුබද‍්ධා යෙ ඵස‍්සෙන බද‍්ධාති.

මහණෙනි, රූපයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, හසිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, භණිතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ගීතයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, රෝදනයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ආකල්පයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, වනභඞ්ගයෙන් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, ස්පර්‍ශයෙන් පුරුෂයා මාගම බඳී. මහණෙනි, මේ අට අයුරින් පුරුෂයා මාගම බඳියි. මහණෙනි, යම් සත්‍ව කෙනෙක් පහසින් බඳනා ලද්දාහු ද ඔහු මොනොවට බැඳුණාහු වෙතියි.