යෙදුමෙන් කියවන්න

පහාරාද සුත‍්තං

8. 1. 2. 9.

8. 1. 2. 9.

පහාරාද සුත‍්තං

පහාරාද සූත්‍රය

එකං සමයං භගවා වෙරඤ‍්ජායං විහරති නළෙරු පුචිමන්‍ද මූලෙ. අථ ඛො පහාරාදො අසුරින්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතං ඛො පහාරාදං අසුරින්‍දං භගවා එතදවොච: අපි පන පහාරාද, අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්තීති.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නගරයෙහි නලෙරු නම් (යක්‍ෂාධිගෘහිත) කොහොඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි පහාරාද නම් අසුරේන්‍ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය, එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පසෙක සිටි පහාරාද අසුරේන්‍ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. පහාරාදය, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් දැයි?

අභිරමන‍්ති භන‍්තෙ, අසුරා මහාසමුද‍්දෙති:

වහන්ස, අසුරයෝ මුහුදෙහි සිත් අලවා වෙසෙත් යි.

කති පන පහාරාද, මහාසමුද‍්දෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්තීති.

පහාරාද, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් දක්මින් අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක්‍ දැයි?

අට‍්ඨ භන‍්තෙ, මහාසමුද‍්දෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති කතමෙ අට‍්ඨ?:

වහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ මහාසමුද්‍රයෙහි සිත් අලවා වෙසෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙනෙක් වෙත්. කවර අට දෙනෙක යත්:

1. මහාසමුද‍්දො භන‍්තෙ, අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො. යම‍්පි භන‍්තෙ, මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයතකෙනෙව පපාතො, අයං භන‍්තෙ, මහාසමුද‍්දෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

1. වහන්ස, මහසයුර අනුපූර්‍ව නිම්න යි, (පිළිවෙළින් ගැඹුරු වූයේ වෙයි), අනුපූර්‍වප්‍රවණ යි, (පිළිවෙළින් නැමුනේ වෙයි), අනුපූර්‍ව ප්‍රාග්භාර යි, (පිළිවෙළින් ඉදිරියට බරවූයේ වෙයි), ආදියෙහි ම ගැඹුරු නො වෙයි. වහන්ස, යම් හෙයකින් මහසයුර අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, වහන්ස, යම් හෙයකින් යමක් පුනපුනා දක්මින් මහසයුරෙහි සිත් අලවා වෙසෙත් නම් මෙ මහසයුරෙහි ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි.

2. පුන චපරං භන‍්තෙ, මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති. යම‍්පි භන‍්තෙ, මහා සමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, අයං භන‍්තෙ, මහාසමුද‍්දෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

2. තවද වහන්ස, පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවයි. වහන්ස, යම් හෙයෙකින් පිහිටි සැහැවි ඇති මහසයුර වෙරළ නො ඉක්මවා නම්, වහන්ස, යමක් පුනපුනා දක්මින් අසුරයෝ මහසයුරෙහි සිත් අලවා වෙසෙත් ද, මේ මහසයුරෙහි දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි..

3. පුන චපරං භන‍්තෙ, මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පංයෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති යම‍්පි භන‍්තෙ, මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පං යෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති2. අයං භන‍්තෙ, මහාසමුද‍්දෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

3. තවද වහන්ස, මහසයුර මළකුණු හා නො වෙසෙයි. මහසයුරෙහි යම් බඳු මළකුණපයක් වේ නම් එය වහා ම තෙරට පමුණුවයි. (රළ පහරින්) ගොඩ නංවයි. වහන්ස, යම් හෙයෙකින් මහසයුර මළකුණපයන් හා නො වෙසේ ද, මහසයුරෙහි යම්බඳු මළකුණපයෙක් වේ නම් ඒ වහා ම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යමක් පුනපුනා දැක සිත් අලවා වෙසෙත් නම් මේ මහසයුරෙහි තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

4. පුන චපරං භන‍්තෙ, යා කාචි මහානදියො, සෙය්‍යථීදං: ගඞ‍්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, තා මහා සමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. යම‍්පි භන‍්තෙ, යා කාචි මහානදියො සෙය්‍යථීදං ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී තා මහාසමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. අයං භන‍්තෙ මහාසමුද‍්දෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

4. තවද වහන්ස, යම්කිසි මහානදීහු වෙත්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය කියා යි. ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත්. මහාසමුද්‍රය යි ම සඞ්ඛ්‍යාවට යෙති. වහන්ස, යම් හෙයෙකින් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන යම් බඳු මහානදීහු වෙත් නම් ඔහු මහසයුරට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, මහාසමුද්‍රයයි ම සඞ්ඛ්‍යාවට යෙත් ද, වහන්ස, යම් හෙයෙකින් අසුරයෝ යමක් පුනපුනා දක්මින් මහාසමුද්‍රයෙහි අභිරමණය කෙරෙත් නම් මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

5. පුන චපරං භන‍්තෙ, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති, යම‍්පි භන‍්තෙ, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති, යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති, න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති, අයං භන‍්තෙ, මහාසමුද‍්දෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහා සමුද‍්දෙ අභිරමන‍්ති.

5. තවද වහන්ස, ලෙව්හි යම්බඳු (කුදුමහත්) නදීහු මහමුහුදට වැද ගනිත් ද, අහසින් යම්බඳු වෘෂ්ටිධාරාවෝ වැටෙත් ද, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි, පිරුණුබවෙක් වේවයි නො පැනේ. වහන්ස, යම් හෙයෙකින් ලොව්හි යම්බඳු කුදුමහත් නදීහු මහමුහුදට වැදගනිත් නම් අහසින්යම්බඳු වෘෂ්ටිධාරාවෝ හෙත් නම්, ඉන් මහසයුරෙහි උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

6. පුන චපරං භන‍්තෙ, මහාසමුද‍්දො එකරසො ලොණරසො, යම‍්පි භන‍්තෙ, මහාසමුද‍්දො එකරසො ලොණරසො, අයං භන‍්තෙ, මහා සමුද‍්දෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

6. තවද වහන්ස, මහසයුර එක ම රස ඇතියේ ලුණුරස ඇතියේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් ඒකරස වූ මහසයුර ලුණුරස ඇතියේ වේ ද, වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මහසයුරෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

7. පුන චපරං භන‍්තෙ, මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො. තත්‍රිමානි රතනානි, සෙය්‍යථීදං: මුත‍්තා, මණි, වෙළුරියො, සඞ‍්ඛො, සිලා, පවාළං. රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො, මසාරගල‍්ලං, යම‍්පි භන‍්තෙ, මහා සමුද‍්දො බහුරතනො අනෙකරතනො. තත්‍රිමානි රතනානි, සෙය්‍යථීදං මුත‍්තා, මණි, වෙළුරියො, සඞ‍්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ‍්කො, මසාරගල‍්ලං, අයං භන‍්තෙ, මහාසමුද‍්දෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

7. තවද වහන්ස, මහාසමුද්‍රය බොහෝ රුවන් ඇතියේ නන් රුවන් ඇතියේ වෙයි. එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යම් හෙයෙකින් මහා සමුද්‍රය බහුරත්න වූයේ අනේකවිධ රත්න ඇති වේ ද, එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළු ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රුවන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මේ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

8. පුන චපරං භන‍්තෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා. සන‍්ති මහා සමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා, ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා, තියොජනසතිකාපි අත‍්තභාවා, චතුයොජනසතිකාපි අත‍්තභාවා, පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා.

8. තවද වහන්ස, මහමුහුද මහසත්නට ආවාස වෙයි. එහි මේ සත්හුය: තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගන්‍ධර්‍වයෝ ය යන මොහු යි. මහමුහුදෙහි සියක් යොදුන් ඇති ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ආත්මභාවයෝ ද තෙසිය යොදුන් ආත්මභාවයෝ ද සිවුසිය යොදුන් ආත්මභාවයෝ ද පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙති.

යම‍්පි භන‍්තෙ, මහාසමුද‍්දො මහතං භූතානං ආවාසො. තතිරමෙ භූතා: තිමි, තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා, අසුරා, නාගා, ගන්‍ධබ‍්බා. සන‍්ති මහා සමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා, ද‍්වියොජන -පෙ- තියොජන -පෙ- චතුයොජන -පෙ- පඤ‍්චයොජන සතිකාපි අත‍්තභාවා, අයං භන‍්තෙ, මහා සමුද‍්දෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්ති.

වහන්ස, යම්හෙයෙකින් මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ නම් එහි ලා තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ සත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ... තෙසිය යොදුන් ... සිවුසිය යොදුන් ... පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙත්. වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

ඉමෙ ඛො භන‍්තෙ, මහාසමුද‍්දෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා අසුරා මහාසමුද‍්දෙ අභිරමන‍්තීති.

වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යම් කිසිවකුන් පුන පුනා දැක අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති යි.

අපි පන භන‍්තෙ, භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තීති?

වහන්ස, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙත්දැයි?

අභිරමන‍්ති පහාරාද, භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙති.

පහාරාදය, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙති යි.

කති පන භන‍්තෙ, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තීති, ?

වහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක් දැ යි?

අට‍්ඨ පහාරාද ඉමස‍්මිං ධම‍්මවිනයෙ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති. කතමෙ අට‍්ඨ:

පහාරාදය, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් එබඳු අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම කෙනෙක් මේ ධර්‍ම විනයෙහි වෙති. කවර අටෙක යත්:

1. සෙය්‍යථාපි පහාරාද මහාසමුද‍්දො අනුපුබ‍්බනින‍්නො අනුපුබ‍්බපොණො අනුපුබ‍්බපබ‍්භාරො න ආයත කෙනෙව පපාතො. එවමෙව ඛො පහාරාද ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා.

1. පහාරාදය, යම් සේ මහසයුර අනුපූර්‍වනිම්න ද, අනුපූර්‍වප්‍රවණ ද, අනුපූර්‍වප්‍රාග්භාර ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, පහාරාදය, එසෙයින් ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වෙයි. අනුපූර්‍වක්‍රියා වෙයි. අනුපූර්‍වප්‍රතිපත් වෙයි.

න ආයතකෙනෙ ව අඤ‍්ඤා පටිවෙධො. යම‍්පි පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අනුපුබ‍්බසික‍්ඛා අනුපුබ‍්බකිරියා අනුපුබ‍්බපටිපදා න ආයතකෙනෙව අඤ‍්ඤාපටිවෙධො. අයං පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

ආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වේ ද, අනුපූර්‍වක්‍රියා වේ ද, අනුපූර්‍වප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යමක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

2. සෙය්‍යථාපි පහාරාද, මහාසමුද‍්දො ඨිතධම‍්මො වෙලං නාතිවත‍්තති, එවමෙව ඛො පහාරාද, යං මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික‍්කමන‍්ති. යම‍්පි පහාරාද, මයා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං තං මම සාවකා ජීවිතහෙතුපි නාතික‍්කමන‍්ති. අයං පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ දුතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

2. පහාරාදය, යම්පරිදි මහාසමුද්‍රය ස්ථිත ධර්‍ම වූයේ වෙලාතික්‍රම නො කෙරේ ද, පහාරාදය, එපරිදි ම ම විසින් සව්වනට යම් සිකපදයෙක් පනවන ලද නම් එය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත්. පහාරාදය, යම් හෙයෙකින් මා විසින් පනවන ලද ඒ සිකපදය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත් නම්, පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් ද, මේ ධර්‍ම විනයෙහි මෙ දෙ වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

3. සෙය්‍යථාපි පහාරාද මහාසමුද‍්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද‍්දෙ මතං කුණපං තං ඛිප‍්පඤ‍්ඤෙව තීරං වාහෙති, ථලං උස‍්සාදෙති. එවමෙව ඛො පහාරාද, යො සො පුග‍්ගලො දුස‍්සීලො පාපධම‍්මො අසුචිසඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤො. අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො. න තෙන සඞ‍්ඝො සංවසති. අථ ඛො නං ඛිප‍්පඤ‍්ඤෙව සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති. කිඤ‍්චාපි සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො. අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා සඞ‍්ඝො ච තෙන. යම‍්පි පහාරාද යො සො පුග‍්ගලො දුස‍්සීලො පාපධම‍්මො අසුචි සඞ‍්කස‍්සරසමාචාරො පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො අස‍්සමණො සමණපටිඤ‍්ඤො අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරීපටිඤ‍්ඤො අන‍්තොපූති අවස‍්සුතො කසම‍්බුජාතො, න තෙන සඞ‍්ඝො සංවසති. අථ ඛො නං ඛිප‍්පඤ‍්ඤෙව සන‍්නිපතිත්‍වා උක‍්ඛිපති. කිඤ‍්චාපි සො හොති මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිසින‍්නො අථ ඛො සො ආරකාව සඞ‍්ඝම‍්හා සඞ‍්ඝො ච තෙන. අයං පහාරාද ඉමස‍්මිං ධම‍්මවිනයෙ තතියො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

3. පහාරාදය, යම්පරිදි මහමුහුද මළකුණු හා නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළකුණපයෙක් වේ නම් එය වහාම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, එපරිදි ම, පහාරාදය, යම් මේ පුඟුලෙක් දුශ්ශීල වූයේ ලමු දහම් ඇතියේ අපවිත්‍ර කායකර්‍මාදියෙන් යුක්ත වූයේ සැකකටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන පිළිණ ඇතියේ අබ්‍රම්සර ඇතියේ බ්‍රහ්මචාරියෙක් මැයි ප්‍රතිඥා ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන් විසින් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ නම් ඔහු හා සඞ්ඝ තෙමේ සංවාස නො කරයි. වැලිත් වහා ම ඔහු රැස්ව උත්ක්‍ෂේප (ඔසොවාදැමීම) කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන්ගෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහු කෙරෙන් දුරු වූයේ වෙයි. පහාරාදය, යම් හෙයෙකින් යම් පුඟුලෙක් දුස්සීල වූයේ ලමු දහම් ඇතියේ අශෞචයෙන් යුතු වූයේ සැක කටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන ප්‍රතිඥා ඇතියේ අබ්‍රම්සැරි වූයේ බඹසැරිමි යන පිළිණ ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන්ගෙන් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ ද, සඞ්ඝ තෙම ඔහු හා සංවාස නො කෙරෙයි. වැලිත් වහා රැස්ව ඔහු උත්ක්‍ෂේප කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන් කෙරෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහුගෙන් දුරු වූයේ වේ. පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

4. සෙය්‍යථාපි පහාරාද, යා කාචි මහා නදියො, සෙය්‍යථීදං: ගඞ‍්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද‍්දං පත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, මහාසමුද‍්දොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති එවමෙව ඛො පහාරාද, චත‍්තාරොමෙ වණ‍්ණා, ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා, තෙ තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, ‘සමණා සක්‍යපුත‍්තියා’ ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති, යම‍්පි පහාරාද චත‍්තාරොමෙ වණ‍්ණා ඛත‍්තියා බ්‍රාහ‍්මණා වෙස‍්සා සුද‍්දා. තෙ තථාගතප‍්පවෙදිතෙ ධම‍්මවිනයෙ අගාරස‍්මා අනගාරියං පබ‍්බජිත්‍වා ජහන‍්ති පුරිමානි නාමගොත‍්තානි, ‘සමණා සක්‍යපුත‍්තියා’ ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. අයං පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ චතුත්‍ථො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

4. පහාරාදය, යම් පරිදි යම්කිසි මහා නදීහු වෙද්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන මොහු යි. ඔහු මහමුහුදට පැමිණ පළමු නම් ගොත් හරිත් ද, මහමුහුදැයි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, එපරිදි ම ක්‍ෂත්‍රීයයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය බවට පැමිණ පළමු නම් ගොත් හැරලත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යන සඞ්ඛ්‍යාවට ම යෙත්. පහාරාදය, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය භාවයට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

5. සෙය්‍යථාපි පහාරාද, යා ච ලොකෙ සවන‍්තියො මහාසමුද‍්දං අප‍්පෙන‍්ති යා ච අන‍්තලික‍්ඛා ධාරා පපතන‍්ති. න තෙන මහාසමුද‍්දස‍්ස ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති එවමෙව ඛො පහාරාද, බහූ චෙපි භික‍්ඛු අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති. න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. යම‍්පි පහාරාද, බහූ චෙපි භික‍්ඛු අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායන‍්ති, න තෙන නිබ‍්බානධාතුයා ඌනත‍්තං වා පූරත‍්තං වා පඤ‍්ඤායති. අයං පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ පඤ‍්චමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

5. පහාරාදය, යම් පරිදි ලොව්හි යම් නදී කෙනෙක් මහසයුරට වැදගනිත් ද, යම් වෘෂ්ටිධාරාකෙනෙක් අහසින් ඇදහැලෙත් ද, එයින් මහසයුරුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද. පහාරාදය, එපරිදි ම බොහෝ භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ. පහාරාදය, යම් කරුණකින් බොහෝ වූත් භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණ ධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

6. සෙය්‍යථාපි පහාරාද, මහාසමුද‍්දො එකරසො ලොණරසො, එවමෙව ඛො පහාරාද, අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො, යම‍්පි පහාරාද, අයං ධම‍්මවිනයො එකරසො විමුත‍්තිරසො, අයං පහාරාද ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඡට‍්ඨො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

6. පහාරාදය, යම් පරිදි ඒක රස වූ මහා සමුද්‍රය ලුණු රස ඇතියේ ද එපරිදි ම, පහාරාදය, ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වෙයි. යම් හෙයෙකින් ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැකඅභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

7. සෙය්‍යථාපි පහාරාද, මහාසමුද‍්දො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි, සෙය්‍යථීදං, මුත‍්තා මණි වෙළුරියො සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ‍්කො මසාරගල‍්ලං. එවමෙව ඛො පහාරාද, අයං ධම‍්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි: සෙය්‍යථීදං, චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. යම‍්පි පහාරාද අයං ධම‍්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්‍රිමානි රතනානි: සෙය්‍යථීදං, චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. අයං පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ සත‍්තමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො, යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

7. පහාරාදය, යම් පරිදි මහමුහුද බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ ද, එහි මේ රත්නයෝ වෙති. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා මිණි ය, මැසිරිගල් ය යන මොහු යි. පහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ ය. එහි මේ රත්නයෝ වෙති. එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ නම් එහි මේ රත්නයෝ වෙති, එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

8. සෙය්‍යථාපි පහාරාද මහා සමුද‍්දො මහතං භූතානං ආවාසො, තත්‍රිමෙ භූතා: තිමි තිමිඞ‍්ගලා තිමිරපිඞ‍්ගලා අසුරා නාගා ගන්‍ධබ‍්බා, සන‍්ති මහා සමුද‍්දෙ යොජනසතිකාපි අත‍්තභාවා ද‍්වියොජනසතිකාපි අත‍්තභාවා, තියොජනසතිකාපි අත‍්තභාවා, චතුයොජනසතිකාපි අත‍්තභාවා, පඤ‍්චයොජනසතිකාපි අත‍්තභාවා.

8. පහාරාදය, යම් පරිදි මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ මහසත්හු වෙති. මහසමුදුරෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසියක් යොදුන් ආත්මභාවයෝ ද තෙසියක් යොදුන් ආත්මභාවයෝ ද සිවු සියක් යොදුන් ආත්මභාවයෝ ද පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙත්.

එවමෙව ඛො පහාරාද, අයං ධම‍්මවිනයො මහතං භූතානං ආවාසො තත්‍රිමෙ භූතා: සොතාපන‍්නො, සොතාපත‍්ති ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, සකදාගාමී, සකදාගාමි ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී, අනාගාමී ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අරහා, අරහත‍්තාය පටිපන‍්නො. යම‍්පි පහාරාද, අයං ධම‍්මවිනයෙ මහතං භූතානං ආවාසො, තත්‍රිමෙ භූතා, සොතාපන‍්නො, සොතාපත‍්ති ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, සකදාගාමී, සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අනාගාමී, අනාගාමී ඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො, අරහා, අරහත‍්තාය පටිපන‍්නො, අයං පහාරාද ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨමො අච‍්ඡරියො අබ‍්භුතො ධම‍්මො යං දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්ති.

පහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය මහත් වූ භූතයන්ගේ ආවාසයෙක. එහි මේ භූතයෝ වෙති: සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය කියා යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහත් වූ භූතයනට ආවාස වේ නම් එහි සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය යි මේ භූතයෝ වෙති. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.

ඉමෙ ඛො පහාරාද, ඉමස‍්මිං ධම‍්මවිනයෙ අට‍්ඨ අච‍්ඡරියා අබ‍්භුතා ධම‍්මා යෙ දිස‍්වා දිස‍්වා භික‍්ඛු ඉමස‍්මිං ධම‍්මවිනයෙ අභිරමන‍්තීති.

පහාරාදය, භික්‍ෂූහු යම් ධර්‍ම කෙනකුන් දැක දැක මේ ශාසනයෙහි සිත් අලවා වෙසෙත් නම්, මේ ශාසනයෙහි මේ අටවැදෑරුම් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙත් යයි.