යෙදුමෙන් කියවන්න

ඛලුඞ‍්ක සුත‍්තං

8. 1. 2. 4.

8. 1. 2. 4.

ඛලුඞ‍්ක සුත‍්තං

ඛලුඞ්ක සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨ ච භික‍්ඛවෙ අස‍්සඛලුඞ‍්කෙ දෙසිස‍්සාමි අට‍්ඨ ච අස‍්සදොසෙ, අට‍්ඨ ච පුරිසඛලුඞ‍්කෙ අට‍්ඨ ච පුරිසදොසෙ, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, අශ්වපෝතකයන් අට දෙනෙකුන් ද අශ්වදෝෂ අටක් ද පුරුෂඛලුඞ්කයන් හෙවත් අස්කුණ්ඩයන් බඳු (පුරුෂයන්) අට දෙනෙකුන් ද පුරිස්දොස් අටක් ද දෙසන්නෙමි. ඒ අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමැ යි. ‘එසේය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.

1. කතමෙ ච භික‍්ඛවෙ, අට‍්ඨ අස‍්සඛලුඞ‍්කා අට‍්ඨ ච අස‍්සදොසා: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පච‍්ඡතො පටිසක‍්කති පිට‍්ඨිතො රථං පටිවත‍්තෙති. එවරූපොපි භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, පඨමො අස‍්සදොසො.

1. මහණෙනි, අශ්වඛලුඞ්කයන් අට දෙන ද අස්දොස් අට ද කවරහ යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පිටුපසට ඇදෙයි. පිටින් රිය පෙරළයි (කඳටින් විය උලා පසුපසින් රිය පෙරළමින් පසු බසී යූ සේ යි) මහණෙනි, මෙලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වපෝතකයෙක් වෙයි. මහණෙනි, මේ පළමු අශ්වදෝෂ යි.

2. පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පච‍්ඡා ලංඝති කුබ‍්බරං හන‍්ති. තිදණ‍්ඩං භඤ‍්ජති. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ දුතියො අස‍්සදොසො.

2. මහණෙනි, තව ද මෙ ලොව්හි අශ්වපෝතකයෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසු දෙපා ඔසවා පහර දෙයි. (රියෙහි) කිඹුල්මුව (පිටුපා ඔසවා පහර දී) බිඳියි. (රිය ඉදිරිපස වූ) දඬුතුණ බිඳියි. මහණෙනි, මෙලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ දෙවන අශ්ව දෝෂ යි.

3. පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා රථිසාය සත්‍ථිං උස‍්සජ‍්ජිත්‍වා රථිසං යෙව අජ‍්ඣොමද‍්දති, එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ තතියො අස‍්සදොසො.

3. තවද මහණෙනි, මෙලොව්හි ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිස ම මඩිමින් සිටියි. (හිස නමා විය බිම හෙළා කලවයෙන් රියහිසට පහර දී දෙපයින් රියහිස මඩිමින් සිටියි යූ සේ යි) මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස් පොව්වෙක් වෙයි. මහණෙනි, මේ තෙවන අශ්වදෝෂයි.

4. පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා උම‍්මග‍්ගං ගණ‍්හාති, උබ‍්බටුමං රථං කරොති. එවරූපොපි භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ චතුත්‍ථො අස‍්සදොසො.

4. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනියි. (ගොඩට හෝ කටුළැහැබකට හෝ නංවා) රිය නො මඟ ගන්නා ලද්දක් කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳුවූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන අශ්වදෝෂ යි.

5. පුන චපරං භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා ලඞ‍්ඝති පුරිමං කායං, පග‍්ගණ‍්හාති පුරිමෙ පාදෙ. එවරූපොපි භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො අස‍්සදොසො.

5. මහණෙනි, තවද, මෙලොව්හි ඇතැම් අස්පොව්වෙක් සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟයි. පෙර පා තර කොට ගනියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අශ්වඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පස් වන අශ්වදෝෂ යි.

6. පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා අනාදියිත්‍වා සාරථිං අනාදියිත්‍වා පතොදං දන‍්තෙහි මුඛාධානං විදංසිත්‍වා යෙන කාමං පක‍්කමති, එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, ඡට‍්ඨො අස‍්සදොසො.

6. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට ද නො මෙනෙහි කොට දතින් මුව වළලු (කටකලියාව) ඩැහැගෙන කැමැතියේ යම් තෙනකට යයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්පොව්වෙක් වෙයි. මහණෙනි, මේ සවන අශ්වදෝෂ යි.

7. පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා, නෙව අභික‍්කමති, නො පටික‍්කමති, තත්‍ථෙව ඛීලට‍්ඨායී ඨිතො හොති. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, සත‍්තමො, අස‍්සදොසො.

7. තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් අශ්වඛලුඞ්කයෙක් සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ ඉදිරියට නො ම යෙයි. පසුපසට ද ගමන් නො කෙරෙයි. එ තන්හි ම කීලස්ථායී ව (සතරපා ටැම්සේ පිහිටුවා ගෙන නිශ්චල ව) සිටියේ වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් අස්කුණ්ඩයෙක් වෙයි. මහණෙනි, මේ සත්වන අශ්වදෝෂ යි.

8. පුන චපරං භික‍්ඛවෙ ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො ‘පෙහී’ති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පුරිමෙ ච පාදෙ සංහරිත්‍වා පච‍්ඡිමෙ ච පාදෙ සංහරිත්‍වා තත්‍ථෙව චත‍්තාරො පාදෙ අභිනිසීදති. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො අස‍්සඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, අට‍්ඨමො අස‍්සදොසො. ඉමෙ ඛො භික‍්ඛවෙ, අට‍්ඨ අස‍්සඛලුඞ‍්කා අට‍්ඨ ච අස‍්සදොසා.

8. මහණෙනි, තවද මෙ ලොව්හි ඇතැම් අශ්වපෝතකයෙක් රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩ ගෙන හිඳියි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්වයෙක් වෙයි. මහණෙනි, මේ අටවැනි අශ්වදෝෂ යි. මහණෙනි, මේ අශ්ව ඛලුඞ්කයෝ අට දෙන ද අශ්වදෝෂයෝ අට ද වෙත්.

1. කතමෙ ච භික‍්ඛවෙ අට‍්ඨ ච පුරිසඛලුඞ‍්කා, අට‍්ඨ ච පුරිසදොසා: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො න සරාමීති අසතියා ව නිබ‍්බෙඨෙති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පච‍්ඡතො පටිසක‍්කති පිට‍්ඨිතො රථං පටිවත‍්තෙති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, පඨමො පුරිසදොසො.

1. මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනත් පුරුසදොස් අටත් කවරහු ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්, ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ නො සිහියෙන්ම නො සමරමැයි නිර්වේධන කරයි (ලිහයි). මහණෙනි, යම් පරිදි ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පසුපසට ඇදේද, පිටින් රිය පෙරළා ද, මහණෙනි, මම් එබඳු උපමා ඇත්තකු කොට මේ පුඟුලා කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් ඛලුඞ්කාශ්ව බඳු පුරුසයෙක් වෙයි. මහණෙනි, මෙ පළමු පුරුෂ දෝෂ යි.

2. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො චොදකං යෙව පටිප‍්ඵරති. කිං නුඛො තුය‍්හං බාලස‍්ස අබ්‍යත‍්තස‍්ස භණිතෙන ත්‍වම‍්පි නාම භණිතබ‍්බං මඤ‍්ඤසීති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පච‍්ඡාලංඝති, කුබ‍්බරං හන‍්ති, තිදණ‍්ඩං භඤ‍්ජති. තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ දුතියො පුරිසදොසො.

2. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ බාල වූ අව්‍යක්ත වූ තාගේ බිණුමෙන් කවර නම් ප්‍රයෝජනයෙක් ද? තෝත් බිණිය යුත්තකු කොට හඟනෙහි දැයි චෝදකයාට ම ප්‍රතිවිරුද්ධ ව සිටියි. මහණෙනි, ඒ ඛලුඞ්කාශ්ව සාරථීහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ පසු දෙපා ඔසවා පහර දේ ද , (රියෙහි) කිඹුල්මුව බිඳී ද, තෙදඬු බිඳී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ දෙවන පුරුෂ දෝෂ යි.

3. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො චොදකස‍්සෙව පච‍්චාරොපෙති ත්‍වම‍්පි ඛොසි ඉත්‍ථන‍්නාමං ආපත‍්තිං ආපන‍්නො ත්‍වං තාව පඨමං පටිකරොහීති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා රථිසාය සත්‍ථිං උස‍්සජ‍්ජිත්‍වා රථිසං යෙව අජ‍්ඣොමද‍්දති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, තතියො පුරිසදොසො.

3. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ තොද මෙ නම් ඇවැතට පැමිණියේ වෙහි, තෝ පළමු කොට පිළියම් කරව යි චෝදකයාට ම පෙරළා චෝදනා නඟයි. මහණෙනි, යම් පරිදි ඒ අශ්වබලුඞ්කයා රිය සැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ රියහිසෙහි කලවා ඝටා රියහිසම මඩිමින් සිටී ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මෙ තෙවන පුරුෂ දෝෂ යි.

4. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති, බහිද‍්ධා කථං අපනාමෙති, කොපඤ‍්ච දොසඤ‍්ච අප‍්පච‍්චයං ච පාතුකරොති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා උම‍්මග‍්ගං ගණ‍්හාති, උබ‍්බටුමං රථං කරොති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, චතුත්‍ථො පුරිසදොසො.

4. තවද මහණෙනි, මහණහු මහණක්හු ආපත්තියෙන් චෝදනා කෙරෙත්, එ මහණ මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් අනෙකක් (හෙවත් අන් කරුණෙකින් අන් කරුණක් හෝ අන් වචනයෙකින් අන් වචනයක් හෝ) වසයි, කථාව පිටතට හෙළයි, කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කෙරෙයි. මහණෙනි, යම් පරිදි එ අශ්ව ඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ නො මඟ ගනී ද, රිය නො මඟ ගන්නා ලද්දක් කෙරේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මේ සස්නෙහි මෙබඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්ඛයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවන් පුරුෂදෝෂ යි.

5. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො සඞ‍්ඝමජ‍්ඣෙ බාහා වික‍්ඛෙපං භණති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා ලඞ‍්ඝති පුරිමං කායං, පග‍්ගණ‍්හාති පුරිමෙ පාදෙ, තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි එවරූපොපි භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, පඤ‍්චමො පුරිසදොසො.

5. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟමැද බාහුවික්‍ෂේපය (අත්සැලීම්) කරමින් බෙණෙයි. මහණෙනි, ඒ ඛලුඞ්ඛාශ්ව යම් සේ රියසැරිහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරකය නඟා ද, පෙරපා තරකොට ගනී ද, මහණෙනි, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මෙ පස්වන පුරුෂදෝෂ යි.

6. පුන චපරං භික‍්ඛවෙ, භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො අනාදියිත්‍වා සඞ‍්ඝං අනාදියිත්‍වා චොදකං සාපත‍්තිකොව යෙන කාමං පක‍්කමති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා අනාදියිත්‍වා සාරථිං අනාදියිත්‍වා පතොදං දන‍්තෙහි මුඛාධානං විදංසිත්‍වා යෙන කාමං පක‍්කමති. තථූපමාහං භික‍්ඛවෙ, ඉමං පුග‍්ගලං වදාමි. එව රූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ ඡට‍්ඨො පුරිසදොසො.

6. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා නො මෙනෙහි කොට චෝදකයා නො මෙනෙහි කොට ඇවැත් සහිත වූයේ ම කැමැති සේ යම් තෙනකට යෙයි. මහණෙනි, එ අශ්වඛලුඞ්කයා සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ යම්සේ සාරථීහු නො මෙනෙහි කොට කැවිට නො මෙනෙහි කොට දතින් මුවවළලු ඩැහැගෙන කැමැති සේ යම් තෙනකට යේද, මහණෙනි, මම් මේ පුඟුල් එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු වූත් ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සවන පුරුෂදෝෂ යි.

7. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො නෙවාහං ආපත‍්තොම‍්හි න පනාහං ආපත‍්තොම‍්හීති තුණ‍්හීභාවෙන සඞ‍්ඝං විහෙසෙති. සෙය්‍යථාපි සො භික‍්ඛවෙ, අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා නෙව අභික‍්කමති, නො පටික‍්කමති, තත්‍ථෙව ඛීලට‍්ඨායී ඨිතො හොති. තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ, ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ, සත‍්තමො පුරිසදොසො.

7. තවද මහණෙනි, මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. එ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ මම ඇවත් අවන්නෙම් නොවෙම් ම ය, ඒකාන්තයෙන් මම අවන්නෙම් නො වෙමැයි තුෂ්ණීම්භාවයෙන් සඞ්ඝයා වෙහෙසයි. මහණෙනි, යම් සේ ඒ අශ්වඛලුඞ්ක තෙමේ සාරථීහු විසින් යව යි කියන ලදුයේ (කැවිටෙන්) විදුනා ලදුයේ ම මෙහෙයන ලදුයේ පෙරපසට නො ම යෙයි ද, පසුපසටත් නො ම යෙයි ද, එතන්හි ම කීලස්ථායී ව සිටියේ වේ ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි මෙ සත්වන පුරුෂදෝෂ යි.

8. පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු භික‍්ඛුං ආපත‍්තියා චොදෙන‍්ති. සො භික‍්ඛු භික‍්ඛූහි ආපත‍්තියා චොදියමානො එවමාහ; කිං නුඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො අතිබාළ‍්හං මයි බ්‍යාවටා, ඉදානාහං සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිස‍්සාමීති, සො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තිත්‍වා එවමාහ: ඉදානි ඛො තුම‍්හෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොථා’ති, සෙය්‍යථාපි සො භික‍්ඛවෙ අස‍්සඛලුඞ‍්කො පෙහීති වුත‍්තො විද‍්ධො සමානො චොදිතො සාරථිනා පුරිමෙ ච පාදෙ සංහරිත්‍වා පච‍්ඡිමෙ ව පාදෙ සංහරිත්‍වා තත්‍ථෙව චත‍්තාරො පාදෙ අභිනිසීදති. තථූපමාහං භික‍්ඛවෙ ඉමං පුග‍්ගලං වදාමි. එවරූපොපි භික‍්ඛවෙ ඉධෙකච‍්චො පුරිසඛලුඞ‍්කො හොති. අයං භික‍්ඛවෙ අට‍්ඨමො පුරිසදොසො. ඉමෙ ඛො භික‍්ඛවෙ අට‍්ඨ පුරිසඛලුඞ‍්කා අට‍්ඨ ච පුරිසදොසාති.

8. මහණෙනි, තවද මහණහු මහණක්හු ඇවතින් චෝදනා කෙරෙත්. මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන එ මහණ මෙසේ කියයි. “ආයුෂ්මත්නි, තෙපි කුමක් හෙයින් දැඩිකොට මා කෙරෙහි ව්‍යාවෘත වවු ද? දැන් මම ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළෙන්නෙමැ”යි. හේ සික බැහැරලා ගිහිබවට පෙරැළී මෙසේ කියයි: “ආයුෂ්මත්නි, තෙපි දැන් සතුටු වවු”යි. මහණෙනි, ඒ අශ්වඛලුඞ්ක තෙමේ රියසැරිහු විසින් යවයි කියන ලදුයේ (කැවිටෙන්) විදුනාලදුයේ ම මෙහෙයන ලදුයේ පෙර පා හකුළුවා පසු පාත් හකුළුවා එහි ම සතර පා මැඩගෙන හිඳියි ද, මහණෙනි, මම් මේ පුඟුලා එබඳු උපමා ඇතියකු කොට කියමි. මහණෙනි, මෙ සසුන්හි මෙ බඳු වූත් ඇතැම් පුරුෂඛලුඞ්කයෙක් (ඛලුඞ්ක අශ්ව බඳු පුරුෂයෙක්) වෙයි. මහණෙනි, මෙ අටවැනි පුරුෂ දෝෂ යි. මහණෙනි, මෙහු වනාහි අෂ්ටපුරුෂඛලුඞ්කයෝ ද අෂ්ටපුරුෂදෝෂයෝ ද වෙතැයි.