යෙදුමෙන් කියවන්න

වාසෙට‍්ඨුපොසථ සුත‍්තං

8. 1. 5. 4.

8. 1. 5. 4.

වාසෙට‍්ඨුපොසථ සුත‍්තං

වාසෙට්ඨූපෝසථ සූත්‍රය

එකං සමයං භගවා කොසම‍්බියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො වාසෙට‍්ඨො උපාසකො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, එකමන‍්තං නිසින‍්නං ඛො වාසෙට‍්ඨං උපාසකං භගවා එතදවොච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි මහාවන නම් වූ කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල්හි වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වාසෙට්ඨ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ.

අට‍්ඨඞ‍්ගසමන‍්නාගතො වාසෙට‍්ඨ, උපොසථො උපවුත්‍ථො මහප‍්ඵලො හොති -පෙ- අනින්‍දිතා සග‍්ගමුපෙන‍්ති ඨානන‍්ති.

වාසෙට්ඨය, වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත්ඵල වෙයි ... අනින්‍දිත වූවා හු ස්වර්‍ගස්ථානයට ද එළඹෙතියි.

එවං වුත‍්තෙ වාසෙට‍්ඨො උපාසකො භගවන‍්තං එතදවොච:

මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ උවසු තෙමේ භාග්‍යවත් හට තෙල කරුණ සැල කෙළේ ය:

පියා මෙ භන‍්තෙ ඤාතිසාලොහිතා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං. පියානම‍්පි මෙ අස‍්ස ඤාතිසාලොහිතානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි භන‍්තෙ, ඛත‍්තියා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං. සබ‍්බෙසම‍්පිස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි භන‍්තෙ, බ්‍රාහ‍්මණා -පෙ- වෙස‍්සා -පෙ- සුද‍්දා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං. සබ‍්බෙසම‍්පිස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛායාති.

වහන්ස, මාගේ ප්‍රිය නෑ සහලේනෑයෝ අටඟින් යුත් පෙහෙවස් වසත් නම් මාගේ ප්‍රිය නෑ සහලේනෑයනට එය දිගුකලක් හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් එය හැම ක්‍ෂත්‍රියනට දිගුකලක් හිතයට සුඛයට වන්නේ ය. වහන්ස, හැම බ්‍රාහ්මණයෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් හැම ශුද්‍රයනට එය දිගු කලක් හිතයට සුඛයට වන්නේ යයි.

එවමෙතං වාසෙට‍්ඨ, එවමෙතං වාසෙට‍්ඨ, සබ‍්බෙ චෙපි වාසෙට‍්ඨ, ඛත‍්තියා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං, සබ‍්බෙසම‍්පිස‍්ස ඛත‍්තියානං දීඝරත‍්තං හිතාය සුඛාය. සබ‍්බෙ චෙපි වාසෙට‍්ඨ, බ්‍රාහ‍්මණා -පෙ- වෙස‍්සා -පෙ- සුද‍්දා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං, සබ‍්බෙසම‍්පිස‍්ස සුද‍්දානං දීඝරත‍්තං හිතාය සුඛාය. සදෙවකො චෙපි වාසෙට‍්ඨ, ලොකො සමාරකො සබ්‍රහ‍්මකො සස‍්සමණබ්‍රාහ‍්මණී පජා සදෙවමනුස‍්සා තෙ අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං. සදෙවකස‍්සපිස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දීඝරත‍්තං හිතාය සුඛාය. ඉමෙ චෙපි වාසෙට‍්ඨ මහාසාලා අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං උපොසථං උපවසෙය්‍යුං. ඉමෙසම‍්පිස‍්ස මහාසාලානං දීඝරත‍්තං හිතාය සුඛාය. කො පන වාදො මනුස‍්සභූතස‍්සාති.

වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය; වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය, වාසෙට්ඨය, හැම ක්‍ෂත්‍රියෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම්, හැම ක්‍ෂත්‍රියනට හිතයට සුවයට පවත්නේ ය. වාසෙට්ඨය, හැම බමුණෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වසන්නාහු නම් හැම ශුද්‍රයනට හිත පිණිස සුව පිණිස දිගුකලක් පවත්නේ ය, වාසෙට්ඨය, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අටඟින් යුත් පෙහෙවස් වසා නම් දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයට මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාවට දිගුකලක් හිත පිණිස, සුව පිණිස පවත්නේ ය. වාසෙට්ඨය, තෙල මහා සල්රුක් දෙක නමුදු (සචේතනව) අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් මේ සල්රුක් දෙකට ද දිගුකලක් හිතයට සුවයට වන්නේ ය. මනුෂ්‍ය වූවක් හට කවර කථා යයි.