බොජ්ඣුපොසථ සුත්තං
8. 1. 5. 5.
8. 1. 5. 5.
බොජ්ඣුපොසථ සුත්තං
බොජ්ඣූපෝසථ සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො බොජ්ඣා උපාසිකා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො බොජ්ඣං උපාසිකං භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ, අනාථපිණ්ඩිකයන්ගේ ආරාමයෙහි වෙසෙන සේක. එකල්හි බොජ්ඣා උවැසි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් බොජ්ඣා උවැසියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
අට්ඨඞ්ගසමන්නාගතො ඛො බොජ්ඣෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො.
බොජ්ඣාවෙනි, වුසූ අටඟින් යුත් පෙහෙවස් මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වෙයි.
කථං උපවුත්ථො ච බොජ්ඣෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
බොජ්ඣාවෙනි, කෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
ඉධ බොජ්ඣෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති. ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති -පෙ- යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති, මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා, අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්යං කප්පෙමි මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා, ඉමිනාපහං අඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතීති ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
බොජ්ඣාවෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: ‘රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වන්නේ ය යි මේ පළමුවන අඞ්ගයෙන් සමන්වාගත වෙයි ... රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරන්නාහ. අද මම ද මෙ රෑත් දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහසුනෙන් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙම්. මා විසින් පෙහෙවස් වසනලද වන්නේ යි මේ අටවැනි අඟින් සමන්වාගත වෙයි.
එවං උපවුත්ථො ඛො බොජ්ඣෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
බොජ්ඣාවෙනි, මෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ.
කීවමහප්ඵලො හොති, කීවමහානිසංසො, කීවමහාජුතිකො කීවමහාවිප්ඵාරො:
කෙතෙක් මහත් ඵල වේ ය, කෙතෙක් මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
සෙය්යථාපි බොජ්ඣෙ, යො ඉමෙසං සොළසන්නං මහාජනපදානං පහූතසත්තරතනානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙය්ය, සෙය්යථීදං: අඞ්ගානං මගධානං කාසීනං කොසලානං වජ්ජීනං මල්ලානං චෙතීනං වඞ්ගානං කුරූනං පඤ්චාලානං මච්ඡානං සූරසෙනානං අස්සකානං අවන්තීනං ගන්ධාරානං කම්බොජානං, අට්ඨඞ්ගසමන්නාගතස්ස උපොසථස්ස එතං කලං නාග්ඝති සොළසිං. තං කිස්ස හෙතු: කපණං බොජ්ඣෙ, මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
බොජ්ඣාවෙනි, යම්සේ යමෙක් අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ග ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්ති ය, ගන්ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරන්නේ නම් තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්: බොජ්ඣාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍යසුඛය සඳහා කෘපණ වෙයි.
යානි බොජ්ඣෙ, මානුසකානි පඤ්ඤාසවස්සානි චාතුම්මහාරාජිකානං දෙවානං එසො එකො රත්තින්දිවො, තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො තෙන සංවච්ඡරෙන පඤ්චවස්සසතානි චාතුම්මහාරාජිකානං දෙවානං ආයුප්පමාණං.
බොජ්ඣාවෙනි, මානුෂක වූ යම් පනස්හවුරුදුයෙක් වේ නම් චාතුම්මහාරාජික දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස්රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි.
ඨානං ඛො පනෙතං බොජ්ඣෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථි වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං බොජ්ඣෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධාය.
බොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍යසුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
යං බොජ්ඣෙ, මානුසකං වස්සසතං -පෙ- යානි බොජ්ඣෙ, මානුසකානි ද්වෙ වස්සසතානි -පෙ- චත්තාරි වස්සසතානි -පෙ- අට්ඨවස්සසතානි -පෙ- සොළසවස්සසතානි පරනිම්මිතවසවත්තීනං දෙවානං එසො එකො රත්තින්දිවො; තාය රත්තියා තිංසරත්තියො මාසො, තෙන මාසෙන ද්වාදසමාසියො සංවච්ඡරො. තෙන සංවච්ඡරෙන දිබ්බානි සොළසවස්සසහස්සානි පරනිම්මිතවසවත්තීනං දෙවානං ආයුප්පමාණං.
බොජ්ඣාවෙනි, යම්බඳු මානුෂක සියක් හවුරුදු ... මානුෂක වූ යම්බඳු දෙසියක් හවුරුදු ... සාරසිය හවුරුදුයෙක් ... අටසිය වසෙක් ... සොළොස් සියවසෙක් වේ නම් තෙල පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රෑ දාවලෙක, එ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. ඒ හවුරුදුයෙන් දිව්‍ය වර්ෂ සොළොස්දහසෙක් පරනිම්මිත වසවත්තී දෙවියනට ආයුප්‍රමාණ වේ.
ඨානං ඛො පනෙතං බොජ්ඣෙ, විජ්ජති යං ඉධෙකච්චො ඉත්ථී වා පුරිසො වා අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්ය. ඉදං ඛො පනෙතං බොජ්ඣෙ, සන්ධාය භාසිතං කපණං මානුසකං රජ්ජං දිබ්බං සුඛං උපනිධායාති.
බොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍ය සුඛය උපනිධි කොටගෙන මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
1. පාණං න හානෙ න ච දින්නමාදියෙ මුසා න භාසෙ න ච මජ්ජපො සියා අබ්‍රහ්මචරියා විරමෙය්ය මෙථුනා රත්තං න භුඤ්ජෙය්ය විකාලභොජනං.
1. පරපණ නො නස්නේ ය, නුදුන් දෑ නො ද ගන්නේ ය, මුසවා නො බණනේ ය. නො ද මද්‍යප වන්නේ ය, අබ්රම්සරින් මෙවුන්දමින් දුරුවන්නේ ය, රෑ විකල් බොජුන් නො බුදිනේ ය.
2. මාලං න ධාරෙ න ච ගන්ධමාචරෙ මඤ්චෙ ඡමායං ච සයෙථ සන්ථතෙ එතං හි අට්ඨඞ්ගිකමාහු පොසථං බුද්ධෙන දුක්ඛන්තගුනා පකාසිතං.
2. මල්දම් නො දරන්නේ ය, ගඳ නො ද අලෙවු කරන්නේ ය, හැඳෙක හෝ බිම්හි හෝ තණ ඈ අතුළ ඇතිරියෙක හෝ හෝනේ ය, තෙල දුක්කෙළවරට ගිය බුදුන් විසින් පවසනලද අටඟින් යුත් පෙහෙවසැ යි කියත්.
3. චන්දො ච සුරියො ච උභො සුදස්සනා ඔභාසයං අනුපරියන්ති යාවතා, තමොනුදා තෙ පන අන්තලික්ඛගා නභෙ පභාසෙන්ති දිසාවිරොචනා.
3. අහස ගමන්ගත් අඳුර බිඳුනා දික් බබුළුවන සුදසුන් වූ සඳ හා හිරු හා දෙදෙන යම්තාක් බබුළුවමින් හැසිරෙත් ද, අඳුර බිඳුනා අන්තරීක්‍ෂගත වූ ඔහු වනාහි දිගුන් බබුළුවමින් අහස් තලෙහි බැබළෙත් ද,
4. එතස්මිං යං විජ්ජති අන්තරෙ ධනං මුත්තා මණි වෙළුරියඤ්ච භද්දකං සිඞ්ගීසුවණ්ණං අථවාපි කඤ්චනං යං ජාතරූපං හටකන්ති වුච්චති. අට්ඨඞ්ගුපෙතස්ස උපොසථස්ස කලම්පි තෙ නානුභවන්ති සොළසිං චන්දප්පභා තාරගණා ච සබ්බෙ.
4. තෙල අන්තරයෙහි උතුම් මුතු මිණි වෙරළුමිණි ය සිඟුරන් ය, වැලිත් කසුන් ය, යම් රනෙක් හටක යයි කියනු ලැබේ නම් එය ද යන යම් ධනයෙක් ඇත් ද, ඒ ධනයෝ අටඟින් යුත් පෙහෙවසට සොළොස්වන කලාවට ද නො පැමිණෙත්, හැම සඳපහන් හා උළු කැන්හු ද එබඳු වෙත්.
5. තස්මාහි නාරී ච නරො ච සීලවා අට්ඨඞ්ගුපෙතං උපවස්සුපොසථං පුඤ්ඤානි කත්වාන සුඛුද්රයානි අනින්දිතා සග්ගමුපෙන්ති ඨානන්ති.
5. එහෙයින් සිල්වත් නර නාරීහු ද අෂ්ටාඞ්ග සමන්වාගත පෞෂ්ථය වැස සුව උදාකරන පින් කොට විඥප්‍රශස්ත වූවාහු ස්වර්ගස්ථානයට ද එළඹෙත්.