යෙදුමෙන් කියවන්න

1. ලාභිච‍්ඡා සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. ලාභිච‍්ඡා සුත‍්තවණ‍්ණනා

1. ලාහිච්ඡා සූත්‍ර වර්ණනාව

සත‍්තමස‍්ස පඨමෙ පවිවිත‍්තස‍්සාති කායවිවෙකෙන විවිත‍්තස‍්ස. නිරායත‍්තවුත‍්තිනොති කත්‍ථචි අනායත‍්තවුත‍්තිනො විපස‍්සනාකම‍්මිකස‍්ස. ලාභායාති චතුපච‍්චයලාභාය. සොචී ච පරිදෙවී චාති සොකී ච පරිදෙවී ච. සොචිච‍්ච පරිදෙවිච‍්චාතිපි පාඨො. චුතො ච සද‍්ධම‍්මාති තංඛණංයෙව විපස‍්සනාසද‍්ධම‍්මා චුතො. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටවිවට‍්ටං කථිතං.

සත්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පවිවිත්තස්සා යනු කායවිවේකයෙන් හුදෙකලා වූවහුගේයි, නිරායත්තවුත්තිනො යනු කිසිතැනක නොබැඳුණු පැවතුම් ඇති විදර්‍ශනාවෙහි යෙදෙන්නාගේයි, ලාභාය යනු සිවුපසය ලැබීම සඳහායි, සොචී ච පරිදෙවී ච යනු ශෝකකරන්නා ද හඬන්නා ද, සොචිච්ච පරිදෙවිච්ච යනු ද පාඨයි. චුතො ච සද්ධම්මා යනු එකෙණෙහිම විදර්‍ශනා ධර්‍මයෙන් චුතවූයේයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.

2. අලං සුත‍්තවණ‍්ණනා

2. අලං සූත්‍ර වර්ණනාව

දුතියෙ අලං අත‍්තනො අලං පරෙසන‍්ති අත‍්තනො ච පරෙසඤ‍්ච හිතපටිපත‍්තියං සමත්‍ථො පරියත‍්තො අනුච‍්ඡවිකො. ඛිප‍්පනිසන‍්තීති ඛිප‍්පං උපධාරෙති, ඛන්‍ධධාතුආයතනාදීසු කථියමානෙසු තෙ ධම‍්මෙ ඛිප‍්පං ජානාතීති අත්‍ථො. ඉමස‍්මිං සුත‍්තෙ සමථවිපස‍්සනා කථිතා. පුග‍්ගලජ‍්ඣාසයෙන පන දෙසනාවිලාසෙන චෙතං මත්‍ථකතො පට‍්ඨාය හෙට‍්ඨා ඔතරන‍්තං කථිතන‍්ති.

දෙවැන්නෙහි අලං අත්තනො අලං පරෙසං යනු තමාට ද අනුන්ට ද හිතවත් වූ ප්‍රතිපත්තියෙහි සමත්වූයේ දක්‍ෂවූයේ යෝග්‍යවූයේයි, ඛිප්පනිසන්ති යනු වහා වටහාගනියි, ස්කන්‍ධ ධාතු ආයතනාදිය කියනු ලබන කල්හි ඒ ධර්‍මයන් වහා දනිතියි අරුත්ය, මේ සූත්‍රයෙහි සමථ විදර්‍ශනා කියන ලදි. පුද්ගලාධ්‍යායෙන් මෙන්ම දේශනා විලාසයෙන් ද මත්තෙහි පටන් යටට බැසයාම කියන ලදි.

3. සඞ‍්ඛිත‍්තදෙසිත සුත‍්තවණ‍්ණනා

3. සඞ්ඛිත්තදෙසිත සූත්‍ර වර්ණනාව

තතියෙ එවමෙවාති නික‍්කාරණෙනෙව. යථා වා අයං යාචති, එවමෙව. මොඝපුරිසාති මූළ‍්හපුරිසා තුච‍්ඡපුරිසා. අජ‍්ඣෙසන‍්තීති යාචන‍්ති. අනුබන්‍ධිතබ‍්බන‍්ති ඉරියාපථානුගමනෙන අනුබන්‍ධිතබ‍්බං මං න විජහිතබ‍්බං මඤ‍්ඤන‍්ති. ආජානනත්‍ථං අපසාදෙන‍්තො එවමාහ. එස කිර භික‍්ඛු ඔවාදෙ දින‍්නෙපි පමාදමෙව අනුයුඤ‍්ජති, ධම‍්මං සුත්‍වා තත්‍ථෙව වසති, සමණධම‍්මං කාතුං න ඉච‍්ඡති. තස‍්මා භගවා එවං අපසාදෙත්‍වා පුන යස‍්මා සො අරහත‍්තස‍්ස උපනිස‍්සයසම‍්පන‍්නො, තස‍්මා තං ඔවදන‍්තො තස‍්මාතිහ තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බන‍්තිආදිමාහ. තත්‍ථ අජ‍්ඣත‍්තං මෙ චිත‍්තං ඨිතං භවිස‍්සති සුසණ‍්ඨිතං, න ච උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය ඨස‍්සන‍්තීති ඉමිනා තාවස‍්ස ඔවාදෙන නියකජ‍්ඣත‍්තවසෙන චිත‍්තෙකග‍්ගතාමත‍්තො මූලසමාධි වුත‍්තො.

තෙවැන්නෙහි එවමෙව යනු කරුණු රහිතවම යම්සේද එසේය, මොඝපුරිසා යනු මෝඩ පුරුෂයෝයි, හිස් පුද්ගලයෝයි, අජ්ඣෙසන්ති යනු යොදත්, අනුබන්‍ධිතබ්බං යනු ඉරියව් අනුගමනයෙන් එහුබැදිය යුතුය, මා අත්නොහළ යුතුයයි සිතත්, දැනගැනීම සඳහා ඉවත් කරන්නේ මෙසේ කීය. මේ භික්‍ෂුව වනාහි අවවාද දුන්කල්හි ද ප්‍රමාදයෙහිම යෙදෙයි. ධර්‍මය අසා එහිම වසයි, මහණදම් කිරීමට නොඑයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහු ඉවත් කරවා යළිත් යම් හෙයකින් හෙතෙම රහත්බවට උපනිශ්‍රය ඇත්තේද එහෙයින් ඔහුට අවවාද දෙමින් “තස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං” යනාදිය කී සේක. එහි ආධ්‍යාත්මවූම සිත පිහිටන්නේය. මනාව පිහිටියේය. උපන් ලාමක අකුශල ධර්‍මයෝ සිත මැඬගෙන නොසිටින්නාහ” යන මේ ඔහුගේ අවවාදයෙන් ස්වකීය අධ්‍යක්ම වශයෙන් සිතේ එකඟතා මාත්‍ර වූ මූලසමාධිය කියන ලදි.

තතො “එත‍්තකෙනෙව සන‍්තුට‍්ඨිං අනාපජ‍්ජිත්‍වා එවං සො සමාධි වඩ‍්ඪෙතබ‍්බො”ති දස‍්සෙතුං යතො ඛො තෙ භික‍්ඛු අජ‍්ඣත‍්තං චිත‍්තං ඨිතං හොති සුසණ‍්ඨිතං, න ච උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති, තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං “මෙත‍්තා මෙ චෙතොවිමුත‍්ති භාවිතා භවිස‍්සති…පෙ… සුසමාරද‍්ධා”ති එවමස‍්ස මෙත‍්තාවසෙන භාවනං වඩ‍්ඪෙත්‍වා පුන යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො ත්‍වං භික‍්ඛු ඉමං සමාධිං සවිතක‍්කසවිචාරම‍්පි භාවෙය්‍යාසීතිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – යදා තෙ භික‍්ඛු අයං මූලසමාධි එවං මෙත‍්තාවසෙන භාවිතො හොති, තදා ත්‍වං තාවතකෙනපි තුට‍්ඨිං අනාපජ‍්ජිත්‍වාව ඉමං මූලසමාධිං අඤ‍්ඤෙසුපි ආරම‍්මණෙසු චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි පාපයමානො “සවිතක‍්කසවිචාරම‍්පී”තිආදිනා නයෙන භාවෙය්‍යාසීති.

ඉක්බිති එතකින්ම සතුටට නොපැමිණ මෙසේ ඒ සමාධිය වැඩිය යුතුයයි දැක්වීමට “යම්සේ මහණ, ඔබගේ අධ්‍යාත්ම සිත සිටියේ වෙයිද මනාව පිහිටියේද උපන් ලාමක අකුශල ධර්‍මයෝ සිත මැඬගෙන නොසිටිත්ද, එහෙයින් මහණ, මෙසේ හික්මිය යුතුය. මවිසින් මෛත්‍රී චෙතො විමුක්තිය වඩන ලද්දේ වන්නේය - පෙ- මනාව අරඹන ලද්දේය” යනුවෙනි. මෙසේ ඔහු මෙත්‍රී වශයෙන් භාවනාව පුහුණුකරවා යළිත් “මහණ යම් හෙයකින් ඔබ විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වෙයිද බොහෝකොට වඩනා ලද්දේ ද එහෙයින් මහණ, ඔබ විතර්‍ක සහිතවූත් මෙම සමාධිය විචාර සහිතව වඩන්නෙහිය”යි යනාදිය දෙසන ලදි. යම් විටෙක මහණ, ඔබගේ මේ මූලසමාධිය මෙසේ මෛත්‍රී වශයෙන් වඩන ලද්දේ වෙයිද එකල්හි ඔබ එපමණකින් සතුටට නොපැමිණම මේ මූලසමාධිය වෙනත් අරමුණුවල වතුෂ්ක පඤ්චක ධ්‍යානයන් පමුණුවමින් විතර්‍ක සහිතවත් විචාර සහිතවත් යනාදී ක්‍රමයෙන් වඩන්නෙහියි” යනු එහි අර්‍ත්‍ථයයි.

එවං වත්‍වා ච පන අවසෙසබ්‍රහ‍්මවිහාරපුබ‍්බඞ‍්ගමම‍්පිස‍්ස අඤ‍්ඤෙසු ආරම‍්මණෙසු චතුක‍්කපඤ‍්චකජ‍්ඣානභාවනං කරෙය්‍යාසීති දස‍්සෙන‍්තො යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං “කරුණා මෙ චෙතොවිමුත‍්තී”තිආදිමාහ. එවං මෙත‍්තාපුබ‍්බඞ‍්ගමං චතුක‍්කපඤ‍්චකජ‍්ඣානභාවනං දස‍්සෙත්‍වා පුන කායානුපස‍්සනාදිපුබ‍්බඞ‍්ගමං දස‍්සෙතුං යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික‍්ඛු එවං සික‍්ඛිතබ‍්බං “කායෙ කායානුපස‍්සී”තිආදිං වත්‍වා යතො ඛො තෙ භික‍්ඛු අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො ත්‍වං භික‍්ඛු යෙන යෙනෙව ගග‍්ඝසීතිආදිමාහ. තත්‍ථ ගග‍්ඝසීති ගමිස‍්සසි. ඵාසුංයෙවාති ඉමිනා අරහත‍්තං දස‍්සෙති. අරහත‍්තප‍්පත‍්තො හි සබ‍්බිරියාපථෙසු ඵාසු විහරති නාම.

මෙසේ කියාම ඔහුට වෙනත් අරමුණුවල ඉතිරි බ්‍රහ්මවිහාර පෙරදැරිවූ චතුෂ්ක පඤ්චකධ්‍යාන භාවනාව කරන්නෙහියැයි දක්වමින් යම්හෙයකින් මහණ, ඔබගේ මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වෙයිද මනාව වඩනා ලද්දේ එහෙයින් මහණ ඔබ විසින් මෙසේ හික්මිය යුතුය, “මගේ කරුණා චෙතොවිමුත්තිය” යනාදිය පැවසූ සේක. මෙසේ මෛත්‍රී පෙරදැරිකොට ඇති චතුෂ්ක පඤ්චක ධ්‍යාන භාවනාව දක්වා යළි කායානුපස්සනා පෙරදැරිවූ භාවනාව දැක්වීමට “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො තතො තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං කායෙ කායානුපස්සී” යනාදිය පවසා “යතො ඛො තෙ භික්ඛු අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො තතො ත්‍වං භික්ඛු යෙන යෙනෙව ගච්ඡසි” යනාදිය පැවසූ සේක. එහි ගච්ඡසි යනු යන්නෙහිය. ඵාසුංයෙව යන මෙයින් රහත්බව දැක්වූ සේක. රහත්බවට පත් තැනැත්තේ සියලු ඉරියව්වල පහසුවෙන් වසයි නමි.

4. අධිදෙවඤාණදස‍්සන සුත‍්තවණ‍්ණනා

4. අධිදේවඤාණදස්සන සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ එතදවොචාති අත‍්තනො පධානභූමියං උප‍්පන‍්නං විතක‍්කං භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආරොචෙතුං – “පුබ‍්බාහං, භික‍්ඛවෙ”තිආදිවචනං අවොච. ඔභාසන‍්ති දිබ‍්බචක‍්ඛුඤාණොභාසං. ඤාණදස‍්සනන‍්ති දිබ‍්බචක‍්ඛුභූතං ඤාණසඞ‍්ඛාතං දස‍්සනං. සන‍්නිවුත්‍ථපුබ‍්බන‍්ති එකතො වසිතපුබ‍්බං. ඉමස‍්මිං පන සුත‍්තෙ දිබ‍්බචක‍්ඛුඤාණං, ඉද‍්ධිවිධඤාණං, චෙතොපරියඤාණං, යථාකම‍්මුපගඤාණං, අනාගතංසඤාණං, පච‍්චුප‍්පන‍්නංසඤාණං, අතීතංසඤාණං, පුබ‍්බෙනිවාසඤාණන‍්ති ඉමානි තාව අට‍්ඨ ඤාණානි පාළියංයෙව ආගතානි, තෙහි පන සද‍්ධිං විපස‍්සනාඤාණානි චත‍්තාරි මග‍්ගඤාණානි, චත‍්තාරි ඵලඤාණානි, චත‍්තාරි පච‍්චවෙක‍්ඛණඤාණානි, චත‍්තාරි පටිසම‍්භිදාඤාණානි ඡ අසාධාරණඤාණානීති එතානි ඤාණානි සමොධානෙත්‍වා කථෙන‍්තෙන එවං ඉදං සුත‍්තං කථිතං නාම හොති.

සිවුවැන්නෙහි එතදවොච යනු තමන්ගේ භාවනා භූමියෙහි උපන් විතර්‍කයක් භික්ෂු සංඝයාට සැළකිරීමට “පුබ්බාහං භික්ඛවේ” යනාදි වචනය පැවසූ සේක. ඔභාසං යනු දිවැස් නුවණේ ආලෝකයයි. ඤාණදස්සනං යනු දිවැස් නුවණ නම්වූ දැකීමයි, සන්තිවුත්‍ථපුබ්බං එක්ව විසූවිරූයි, මේ සූත්‍රයෙහි දිබ්බචක්ඛු ඤාණය, ඉද්ධිවිධ ඤාණය, චෙතොපරියඤාණය, යථාකම්මූපග ඤාණය, අනාගතඤාණය, පච්චුප්පන්න ඤාණය, අතීතඤාණය පුබ්බෙනිවාසඤාණ යයි මේ ඤාණ අට පෙළෙහි ආවාහුය. ඒවා සමඟ විදර්‍ශනාඥාන සතර මාර්‍ගඥාන සතර ඵලඥාන සතර ප්‍රත්‍යවෙක්‍ෂාඥාන එක්කොට දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම සූත්‍රය කියන ලද්දේ නම් වෙයි.

5. අභිභායතන සුත‍්තවණ‍්ණනා

5. අභිභායතන සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ අභිභායතනානීති අභිභවනකාරණානි. කිං අභිභවන‍්ති? පච‍්චනීකධම‍්මෙපි ආරම‍්මණානිපි. තානි හි පටිපක‍්ඛභාවෙන පච‍්චනීකධම‍්මෙ අභිභවන‍්ති, පුග‍්ගලස‍්ස ඤාණුත‍්තරියතාය ආරම‍්මණානි. අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤීතිආදීසු පන අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මවසෙන අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී නාම හොති. අජ‍්ඣත‍්තඤ‍්හි නීලපරිකම‍්මං කරොන‍්තො කෙසෙ වා පිත‍්තෙ වා අක‍්ඛිතාරකාය වා කරොති. පීතපරිකම‍්මං කරොන‍්තො මෙදෙ වා ඡවියා වා හත්‍ථතලපාදතලෙසු වා අක‍්ඛීනං පීතට‍්ඨානෙ වා කරොති. ලොහිතපරිකම‍්මං කරොන‍්තො මංසෙ වා ලොහිතෙ වා ජිව‍්හාය වා අක‍්ඛීනං රත‍්තට‍්ඨානෙ වා කරොති. ඔදාතපරිකම‍්මං කරොන‍්තො අට‍්ඨිම‍්හි වා දන‍්තෙ වා නඛෙ වා අක‍්ඛීනං සෙතට‍්ඨානෙ වා කරොති. තං පන සුනීලකං සුපීතකං සුලොහිතකං සුඔදාතං න හොති, අවිසුද‍්ධමෙව හොති.

පස්වැන්නෙහි අභිභායතනානි යනු මැඬපවත්වන කරුණුයි, කුමක් මැඬපවත්වත්ද? විරුද්ධ ධර්‍මයන් හා අරමුණුයි, ඒවා ප්‍රතිපක්‍ෂබවින් විරුද්ධ ධර්‍මයන් පුද්ගලයාගේ ඥානයේ ශ්‍රේෂ්ඨත්වය නිසා අරමුණු මැඬපවත්වත්. අජ්ඣත්තං රූපසඤ්ඤී යනාදියෙහි අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් අජ්ඣත්තං රූපසඤ්ඤී නම් වෙයි. අධ්‍යාත්ම වූ නීලපරිකර්‍මය කරන්නේ කෙසෙහි හෝ පිතෙහි හෝ ඇස්තරුවේ හෝ කරයි. පීතපරිකර්‍මය කරන්නේ මේදයෙහි හෝ සමෙහි හෝ අත්පාතලයන්හි හෝ ඇස්වල කහ තැනෙහි හෝ කරයි. ලොහිත පරිකර්‍මය කරන්නේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ ඇස්වල රතු තැන්හි හෝ කරයි. ඔදාත පරිකර්‍මය කරන්නේ ඇටෙහි හෝ දතෙහි හෝ නියෙහි හෝ ඇස්වල සුදු තැන්හි හෝ කරයි. එය වනාහි, ඉතා නිල් වූයේත් ඉතා කහ වූයේත් ඉතා රතු වූයේත් ඉතා සුදු වූයේත් නොවෙයි. අපිරිසුදුවූයේ වෙයි.

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්සෙවං පරිකම‍්මං අජ‍්ඣත‍්තං උප‍්පන‍්නං හොති, නිමිත‍්තං පන බහිද‍්ධා, සො එවං අජ‍්ඣත‍්තං පරිකම‍්මස‍්ස බහිද‍්ධා ච අප‍්පනාය වසෙන “අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. පරිත‍්තානීති අවඩ‍්ඪිතානි. සුවණ‍්ණදුබ‍්බණ‍්ණානීති සුවණ‍්ණානි වා හොන‍්තු දුබ‍්බණ‍්ණානි වා, පරිත‍්තවසෙනෙව ඉදං අභිභායතනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තානි අභිභුය්‍යාති යථා නාම සම‍්පන‍්නග‍්ගහණිකො කටච‍්ඡුමත‍්තං භත‍්තං ලභිත්‍වා “කිං එත්‍ථ භුඤ‍්ජිතබ‍්බං අත්‍ථී”ති සංකඩ‍්ඪිත්‍වා එකකබළමෙව කරොති, එවමෙව ඤාණුත‍්තරිකො පුග‍්ගලො විසදඤාණො “කිමෙත්‍ථ පරිත‍්තකෙ ආරම‍්මණෙ සමාපජ‍්ජිතබ‍්බං අත්‍ථි, නායං මම භාරො”ති තානි රූපානි අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදෙනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො. ජානාමි පස‍්සාමීති ඉමිනා පනස‍්ස ආභොගො කථිතො. සො ච ඛො සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස, න අන‍්තොසමාපත‍්තියං. එවංසඤ‍්ඤී හොතීති ආභොගසඤ‍්ඤායපි ඣානසඤ‍්ඤායපි එවංසඤ‍්ඤී හොති. අභිභවනසඤ‍්ඤා හිස‍්ස අන‍්තොසමාපත‍්තියම‍්පි අත්‍ථි, ආභොගසඤ‍්ඤා පන සමාපත‍්තිතො වුට‍්ඨිතස‍්සෙව.

එකො බහිද්ධා රූපානි පස්සති යනු යමෙකුගේ මෙසේ පරිකර්‍මය අධ්‍යාත්මව උපන්නේ වේද නිමිත්ත වනාහි බාහිරද හෙතෙම මෙසේ අධ්‍යාත්මව පරිකර්‍මයාගේද බාහිරව අර්‍පණාවේද වශයෙන් අධ්‍යාත්ම රූප සඤ්ඤී වූයේ “එකෙක් බාහිරව රූපයන් දකීය”යි කියනු ලැබේ. පරිත්තානි යනු නොවඩන ලද්දෝයි. සුවණ්ණදුබ්බණ්ණානි යනු මනා පැහැපත් වූවෝ හෝ වෙත්වා දුර්වර්ණ වූවෝ හෝ වෙත්වා. නොවැඩීම් වශයෙන් මේ අභිභායතනය කියන ලදැයි දතයුතුය. තානි අභිභූය්‍ය යනු යම්සේ නම් මනාව දිරිවීම් ඇති පුද්ගලයෙක් හැන්දක් පමණ බත් ලබා කිම මෙහි කෑයුත්තක් දත්දැයි ඇද එක පිඬක්ම කරයි ද එසේම ඥානයෙන් උසස් වූ පුද්ගල තෙමේ ප්‍රකට ඥානය ඇත්තේ කිම මෙහි සුළුවූ අරමුණෙහි එළඹිය යුත්තක් නම් ඇත්ද? මෙය මගේ වගකීමක් නොවේ. ඒ රූප මැඬපවත්වා සමවදියි. නිමිත්ත ඉපදීමත් සමගම අර්‍පණාවට පමුණුවයි යන අරුත්ය. ජානාමි පස්සාමි යනු මෙයින් ආභොගය කියනලදි. එය වනාහි සමවතින් නැඟීසිටි පුද්ගලයාටය. සමාපත්තිය තුළ මෙබඳු සංඥා ඇත්තේ නොවෙයි යන අරුත්ය. ආභොග සංඥාවෙහි ද ධ්‍යාන සංඥාවෙහි ද මෙබඳු සංඥා ඇත්තේ වෙයි. ඔහුගේ අභිභවන සංඥාව සමවත ඇතුළත ද ඇත. ආභොග සංඥාව වනාහි සමවතින් නැගී සිටි තැනැත්තාටම වෙයි.

අප‍්පමාණානීති වඩ‍්ඪිතප‍්පමාණානි, මහන‍්තානීති අත්‍ථො. අභිභුය්‍යාති එත්‍ථ ච පන යථා මහග‍්ඝසො පුරිසො එකං භත‍්තවඩ‍්ඪිතකං ලභිත්‍වා “අඤ‍්ඤාපි හොතු, අඤ‍්ඤාපි හොතු, කිං එසා මය‍්හං කරිස‍්සතී”ති න තං මහන‍්තතො පස‍්සති, එවමෙව ඤාණුත‍්තරො පුග‍්ගලො විසදඤාණො “කිං එත්‍ථ සමාපජ‍්ජිතබ‍්බං, නයිදං අප‍්පමාණං, න මය‍්හං චිත‍්තෙකග‍්ගතාකරණෙ භාරො අත්‍ථී”ති අභිභවිත්‍වා සමාපජ‍්ජති, සහ නිමිත‍්තුප‍්පාදනෙවෙත්‍ථ අප‍්පනං පාපෙතීති අත්‍ථො.

අප්පමාණානි යනු වැඩු ප්‍රමාණයෝයි, මහත්වූවෝ යන අරුත්ය. අභිභුය්‍ය යනු මෙහි ද යම්සේ බෙහෝ අනුභව කරන පුද්ගලයෙක් එක් බත්වැඩුමක් ලබා වෙනෙකක් ද වේවා වෙනෙකක් ද වේවා මෙය මට කුමක් කරයිදැයි නොමහත්ව දකියිද එසේ ඥානයෙන් උසස් පුද්ගලතෙමේ ප්‍රකට නුවණ ඇත්තේ කිම මෙහි සමවැදිය යුත්තක් තිබේද? මෙය ප්‍රමාණ නැතැයි මගේ සිත එකඟ කිරීමේ වගකීමක් ඇතැයි යටපත් කොට සමවදියි. නිමිත්ත ඉපදීමත් සමගම අර්‍පණාවට පමණුවතැයි අරුත්ය.

අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අලාභිතාය වා අනත්‍ථිකතාය වා අජ‍්ඣත‍්තරූපෙ පරිකම‍්මසඤ‍්ඤාවිරහිතො.

අජ්ඣත්තං අරූපසඤ්ඤී යනු නොලැබෙන බව නිසා හෝ නොවුවමනාව නිසා හෝ අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා විරහිත තැනැත්තායි,

එකො බහිද‍්ධා රූපානි පස‍්සතීති යස‍්ස පරිකම‍්මම‍්පි නිමිත‍්තම‍්පි බහිද‍්ධා උප‍්පන‍්නං, සො එවං බහිද‍්ධා පරිකම‍්මස‍්ස චෙව අප‍්පනාය ච වසෙන “අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සතී”ති වුච‍්චති. සෙසමෙත්‍ථ චතුත්‍ථාභිභායතනෙ ච වුත‍්තනයමෙව. ඉමෙසු පන චතූසු පරිත‍්තං විතක‍්කචරිතවසෙන ආගතං, අප‍්පමාණං මොහචරිතවසෙන, සුවණ‍්ණං දොසචරිතවසෙන, දුබ‍්බණ‍්ණං රාගචරිතවසෙන. එතෙසඤ‍්හි එතානි සප‍්පායානි. සා ච නෙසං සප‍්පායතා විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.43) චරියනිද‍්දෙසෙ වුත‍්තා.

එකො බහිද්ධා රූපානි පස්සති යනු යමෙකුට පරිකර්‍ම නිමිත්ත ද බාහිරව උපන්නේද හෙතෙම මෙසේ බාහිර පරිකර්‍මයාගේ ද අර්‍පණාවගේ ද වශයෙන් අධ්‍යාත්ම රූපසංඥා ඇත්තේ එකක් බාහිර රූපයන් දකිතියි කියනු ලැබේ. මෙහි සෙස්ස සතරවැනි අභිභායතනයෙහි ද කියනලද ක්‍රමය ඇත්තේමය. මේ සතරෙහි පරිත්තාරම්මණය විතර්‍කචරිත වශයෙනි, මනාපැහැය දොසචරිත වශයෙනි, දුර්වර්‍ණය රාගචරිත වශයෙනි. මේවායේ මේ සත්ප්‍රායයෝ ද ඒ මොවුන්ගේ සත්ප්‍රායබව ද විසුද්ධිමග්ගයෙහි චරියා නිද්දෙසයෙහි කියන ලද්දේය.

පඤ‍්චමඅභිභායතනාදීසු නීලානීති සබ‍්බසඞ‍්ගාහිකවසෙන වුත‍්තං. නීලවණ‍්ණානීති වණ‍්ණවසෙන. නීලනිදස‍්සනානීති නිදස‍්සනවසෙන. අපඤ‍්ඤායමානවිවරානි අසම‍්භින‍්නවණ‍්ණානි එකනීලානෙව හුත්‍වා දිස‍්සන‍්තීති වුත‍්තං හොති. නීලනිභාසානීති ඉදං පන ඔභාසවසෙන වුත‍්තං, නීලොභාසානි නීලප‍්පභායුත‍්තානීති අත්‍ථො. එතෙන නෙසං සුවිසුද‍්ධතං දස‍්සෙති. විසුද‍්ධවණ‍්ණවසෙනෙව හි ඉමානි අභිභායතනානි වුත‍්තානි. “නීලකසිණං උග‍්ගණ‍්හන‍්තො නීලස‍්මිං නිමිත‍්තං ගණ‍්හාති පුප‍්ඵස‍්මිං වා වත්‍ථස‍්මිං වා වණ‍්ණධාතුයා වා”තිආදිකං පනෙත්‍ථ කසිණකරණඤ‍්ච පරිකම‍්මඤ‍්ච අප‍්පනාවිධානඤ‍්ච සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.55) විත්‍ථාරතො වුත‍්තමෙවාති.

පස්වැනි අභිභායතනාදියෙහි නීලනිභාසානි යනු සියල්ල ඇතුළත් කිරීම් වශයෙන් කියන ලදි. නීලවණ්ණානි යනු වර්‍ණ වශයෙන්, නීලනිදස්සනානි යනු දැකීම් වශයෙනි. නොපෙනෙනු ලබන සිදුරු ඇති නොබිඳුනු පැහැය ඇති එකම නිල්පැහැය ඇත්තාහුම වී පෙනෙතියි කියන ලද්දේ වෙයි. නිලනිභාසානි යනු මෙය වනාහි බැබලීම් වශයෙන් කියන ලදි. නිල් ආලෝකය ඇත්තේ නිල් ප්‍රභාව ඇත්තෝයි අර්‍ත්‍ථයි. මෙයින් ඔවුන්ගේ ඉතා පිරිසුදු බව දක්වයි. පිරිසුදු පැහැ වශයෙන්ම මේ අභිභායතනයෝ කියන ලද්දාහුය. නීල කසිණය උගන්නේ නිලෙහි නිමිත්ත ගනියි. මලෙහි හෝ වස්ත්‍රයක් හෝ වර්‍ණධාතුවෙහි හෝයි ආදිකොට ඇති කසිණකාරණය ද පරිකර්‍මය ද අර්‍පණා විධානය ද යන සියල්ල විසුද්ධිමග්ගයෙහි විස්තර වශයෙන් කියන ලද්දේමය.

6. විමොක‍්ඛ සුත‍්තවණ‍්ණනා

6. විමොක්ඛ සූත්‍ර වර්ණනාව

විමොක‍්ඛාති කෙනට‍්ඨෙන විමොක‍්ඛා? අධිමුච‍්චනට‍්ඨෙන. කො පනායං අධිමුච‍්චනට‍්ඨො නාම? පච‍්චනීකධම‍්මෙහි ච සුට‍්ඨු මුච‍්චනට‍්ඨො, ආරම‍්මණෙ ච අභිරතිවසෙන සුට‍්ඨු මුච‍්චනට‍්ඨො, පිතුඅඞ‍්කෙ විස‍්සට‍්ඨඞ‍්ගපච‍්චඞ‍්ගස‍්ස දාරකස‍්ස සයනං විය අනිග‍්ගහිතභාවෙන නිරාසඞ‍්කතාය ආරම‍්මණෙ පවත‍්තීති වුත‍්තං හොති. අයං පනත්‍ථො පච‍්ඡිමෙ විමොක‍්ඛෙ නත්‍ථි, පුරිමෙසු විමොක‍්ඛෙසු අත්‍ථි.

සවැන්නෙහි විමොක්ඛා යනු කවර අර්‍ත්‍ථයෙන් විමොක්ඛ නම් වේද? අධිමුච්චන අර්‍ත්‍ථයෙනි. මේ අධිමුච්චනාර්‍ත්‍ථය නම් කුමක්ද? විරුද්ධ ධර්‍මයන්ගෙන් ද මනාව මිදෙන අර්‍ත්‍ථය ද අරමුණෙහි ද නො ඇලීම් වශයෙන් මනාව මිදෙන අර්‍ත්‍ථය ද වේ. පියාගේ ඇකයෙහි විසුරුවන ලද අවයව ඇති දරුවාගේ නිදීමක් මෙන් තරවටු කිරීම් නැති බැවින් ද නිසැක බැවින් ද අරමුණෙහි පවතීයයි කියන ලද්දේ වෙයි. මේ අර්‍ත්‍ථය වනාහි පැසුළු (අන්තිම) විමොක්‍ෂයෙහි නැත. මුල් විමොක්‍ෂයන්හි ඇත.

රූපී රූපානි පස‍්සතීති එත්‍ථ අජ‍්ඣත‍්තං කෙසාදීසු නීලකසිණාදිවසෙන උප‍්පාදිතං රූපජ‍්ඣානං රූපං, තදස‍්සත්‍ථීති රූපී. බහිද‍්ධාපි නීලකසිණාදීනි රූපානි ඣානචක‍්ඛුනා පස‍්සති. ඉමිනා අජ‍්ඣත‍්තබහිද‍්ධවත්‍ථුකෙසු කසිණෙසු උප‍්පාදිතජ‍්ඣානස‍්ස පුග‍්ගලස‍්ස චත‍්තාරි රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤීති අජ‍්ඣත‍්තං න රූපසඤ‍්ඤී, අත‍්තනො කෙසාදීසු අනුප‍්පාදිතරූපාවචරජ‍්ඣානොති අත්‍ථො. ඉමිනා බහිද‍්ධා පරිකම‍්මං කත්‍වා බහිද‍්ධාව උප‍්පාදිතජ‍්ඣානස‍්ස රූපාවචරජ‍්ඣානානි දස‍්සිතානි.

රූපි රූපානි පස්සති යනු මෙහි අධ්‍යාත්මවූ කෙසාදීන්හි නීල කසිණාදි වශයෙන් උපදවනලද රූපධ්‍යාන රූපයයි, එය ඔහුට ඇත්තේනුයි රූපී නමි. බාහිරවු නීල කසිණාදීවූ රූප ධ්‍යාන ඇසින් දකියි. මෙයින් අධ්‍යාත්ම බාහිර වස්තුකවූ කසිණයන්හි උපදවන ලද ධ්‍යාන ඇති පුද්ගලයාගේ රූපාවචර ධ්‍යාන සතර දක්වන ලදි. අජ්ඣත්තංඅරූපසඤ්ඤී යනු අධ්‍යාත්ම රූප සංඥී නොවේ. තමන්ගේ කෙස් ආදියෙහි නොඋපදවනලද රූපාවචර ධ්‍යාන ඇත්තේ යයි අර්‍ත්‍ථයයි. මෙයින් බාහිර පරිකර්‍ම කොට බාහිරවම උපදවනලද ධ්‍යාන ඇත්තාගේ රූපාවචර ධ්‍යනයෝ දක්වන ලද්දාහ.

සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති ඉමිනා සුවිසුද‍්ධෙසු නීලාදීසු වණ‍්ණකසිණෙසු ඣානානි දස‍්සිතානි. තත්‍ථ කිඤ‍්චාපි අන‍්තොඅප‍්පනාය “සුභ”න‍්ති ආභොගො නත්‍ථි, යො පන සුවිසුද‍්ධං සුභං කසිණං ආරම‍්මණං කත්‍වා විහරති, සො යස‍්මා “සුභන‍්ති අධිමුත‍්තො හොතී”ති වත‍්තබ‍්බතං ආපජ‍්ජති, තස‍්මා එවං දෙසනා කතා. පටිසම‍්භිදාමග‍්ගෙ පන –

සුභන්තෙව අධිමුත්තො යනු මෙයින් ඉතා පිරිසුදු වූ නීලාදී වර්‍ණ කසිණයන්හි ධ්‍යානයේ දක්වන ලද්දාහ. එහි කිසිදු අන්තයක් අර්‍පණාවෙහි සුභයයි සංකල්පනාවක් නැත. යමෙක් ඉතා පිරිසුදු වූ සුභ කසිණයක් අරමුණු කොට වෙසෙයි ද හෙතෙම යම් හෙයකින් සුභයයි මිදුනේ වේයයි කියයුතු බවට පැමිණෙයිද එහෙයින් මෙසේ දේශනාව කරන ලදි. පටිසම්භිදා මග්ගයෙහි වනාහි,

“කථං සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො? ඉධ භික‍්ඛු මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං …පෙ… විහරති. මෙත‍්තාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටිකූලා හොන‍්ති. කරුණාසහගතෙන…පෙ… මුදිතාසහගතෙන …පෙ… උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං…පෙ… විහරති. උපෙක‍්ඛාය භාවිතත‍්තා සත‍්තා අප‍්පටිකූලා හොන‍්ති. එවං සුභන‍්තෙව අධිමුත‍්තො හොතීති විමොක‍්ඛො”ති (පටි· ම· 1.212) වුත‍්තං.

“කෙසේ නම් විමොක්ෂය සුභයයි මිදුනේ වේද යත්? මෙහි භික්ෂුව මෛත්‍රීසහගත සිතින් එක්දිශාවක් -පෙ- පතුරුවා වෙසෙයි, මෛත්‍රිය වැඩූ බැවින් සත්‍වයෝ නොපිළිකුල් වෙත්. කරුණා, මුදිතා, උපෙක්ඛා සහගත සිතින් එක්දිශාවක් -පෙ- පතුරුවා වෙසෙයි. උපේක්ෂාව වඩනලද බැවින් සත්ත්වයෝ නොපිළිකුල් වෙති. මෙසේ සුභයයි මිදුනේ වේනුයි විමොක්‍ෂයයි” කියන ලදි.

සබ‍්බසො රූපසඤ‍්ඤානන‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.276-277) වුත‍්තමෙව. අයං අට‍්ඨමො විමොක‍්ඛොති අයං චතුන‍්නං ඛන්‍ධානං සබ‍්බසො විස‍්සට‍්ඨත‍්තා විමුත‍්තත‍්තා අට‍්ඨමො උත‍්තමො විමොක‍්ඛො නාම.

සබ්බසො රූපසඤ්ඤානං යනාදියෙහි යමක් කිවයුතු ද ඒ සියල්ල විසුද්ධිමග්ගයෙහි කියන ලද්දේමය. අයං අට්ඨමො විමොක්ඛො යනු මෙය සතර ස්කන්‍ධයන් සර්‍වප්‍රකාරයෙන් වෙන්වූ බැවින් මිදුනු බැවින් අටවැනි වූ උතුම් විමොක්‍ෂය නම් වේ.

7-8. අනරියවොහාර සුත‍්තාදිවණ‍්ණනා

7-8. අනරියවොහාර ආදි සූත්‍ර වර්ණනා

සත‍්තමෙ අනරියවොහාරාති න අරියකථා සදොසකථා. යාහි චෙතනාහි තෙ වොහාරෙ වොහරන‍්ති, තාසං එතං නාමං. අට‍්ඨමෙ වුත‍්තපටිපක‍්ඛනයෙන අත්‍ථො වෙදිතබ‍්බො.

සත්වැන්නෙහි අනරියවොහාරා යනු ආර්‍ය්‍ය කථා නොවේ. දොස් සහිත කථායි. යම් චෙතනාවන්ගෙන් ඔවුහු වහරත්ද ඔවුන්ට මේ නමයි. අටවැන්නෙහි කියන ලද්ද ප්‍රතික්‍ෂේප කිරීමේ ක්‍රමයෙන් අර්‍ත්‍ථය දතයුතුය.

9. පරිස සුත‍්තවණ‍්ණනා

9. පරිස සූත්‍ර වර්ණනාව

නවමෙ ඛත‍්තියපරිසාති ඛත‍්තියානං පරිසානං සන‍්නිපාතො සමාගමො. එස නයො සබ‍්බත්‍ථ. අනෙකසතං ඛත‍්තියපරිසන‍්ති බිම‍්බිසාරසමාගම-ඤාතිසමාගම-ලිච‍්ඡවිසමාගමාදිසදිසං, අඤ‍්ඤෙසු චක‍්කවාළෙසුපි ලබ‍්භතෙව. සල‍්ලපිතපුබ‍්බන‍්ති ආලාපසල‍්ලාපො කතපුබ‍්බො. සාකච‍්ඡාති ධම‍්මසාකච‍්ඡාපි සමාපජ‍්ජිතපුබ‍්බා. යාදිසකො තෙසං වණ‍්ණොති තෙ ඔදාතාපි හොන‍්ති කාළාපි මඞ‍්ගුරච‍්ඡවීපි, සත්‍ථා සුවණ‍්ණවණ‍්ණො. ඉදං පන සණ‍්ඨානං පටිච‍්ච කථිතං. සණ‍්ඨානම‍්පි ච කෙවලං තෙසං පඤ‍්ඤායතියෙව. න පන භගවා මිලක‍්ඛසදිසො හොති, නාපි ආමුත‍්තමණිකුණ‍්ඩලො, බුද‍්ධවෙසෙනෙව නිසීදති. තෙපි අත‍්තනො සමානසණ‍්ඨානමෙව පස‍්සන‍්ති. යාදිසකො තෙසං සරොති තෙ ඡින‍්නස‍්සරාපි හොන‍්ති ගග‍්ගස‍්සරාපි කාකස‍්සරාපි, සත්‍ථා බ්‍රහ‍්මස‍්සරොව. ඉදං පන භාසන‍්තරං සන්‍ධාය කථිතං. සචෙපි හි සත්‍ථා රාජාසනෙ නිසින‍්නො කථෙති, “අජ‍්ජ රාජා මධුරෙන කථෙතී”ති නෙසං හොති. කථෙත්‍වා පක‍්කන‍්තෙ පන භගවති පුන රාජානං ආගතං දිස‍්වා “කො නු ඛො අය”න‍්ති වීමංසා උප‍්පජ‍්ජති. තත්‍ථ කො නු ඛො අයන‍්ති “ඉමස‍්මිං ඨානෙ ඉදානෙව මාගධභාසාය සීහළභාසාය මධුරෙන ආකාරෙන කථෙන‍්තො කො නු ඛො අයං අන‍්තරහිතො, කිං දෙවො උදාහු මනුස‍්සො”ති එවං වීමංසන‍්තාපි න ජානන‍්තීති අත්‍ථො. කිමත්‍ථං පනෙවං අජානන‍්තානං ධම‍්මං දෙසෙතීති? වාසනත්‍ථාය. එවං සුතොපි හි ධම‍්මො අනාගතෙ පච‍්චයො හොතීති අනාගතං පටිච‍්ච දෙසෙති. අනෙකසතං බ්‍රාහ‍්මණපරිසන‍්තිආදිනං සොණදණ‍්ඩසමාගමාදිවසෙන චෙව අඤ‍්ඤචක‍්කවාළවසෙන ච සම‍්භවො වෙදිතබ‍්බො.

නවවැන්නෙහි ඛත්තියපරිසා යනු ක්‍ෂත්‍රිය පිරිස්වල රැස්වීමයි, එක්වීමයි, මෙය සියලු තන්හි ක්‍රමයයි. අනෙකසතං ඛත්තියපරිසං යනු බිම්බිසාර සමාගම ඥාතිසමාගම ලිච්ඡවිසමාගම වැනිවූ දෙය වෙනත් සක්වලවල ද ලැබේමය. සල්ලපිතපුබ්බං යනු අල්ලාප සල්ලාපය කළවිරූය. සාකච්ඡා යනු ධර්‍ම සාකච්ඡාව ද සමවැදුනු විරූය. යාදිසකො තෙසං වණ්ණො යනු ඔවුහු සුදුවූවෝ ද වෙත්. කළුවූවෝ ද වෙත්. තද කහ පැහැති සම ඇත්තෝ ද වෙත්. ශාස්තෲන් වහන්සේ රන්වන්ය. මේ වනාහි හැඩය සඳහා කියන ලදි. හුදෙක් ඔවුන්ගේ සටහන පැනේමය. භාග්‍යවතුන් වහන්සේ ම්ලෙච්ඡයකු සමාන වූවෝ නොවෙත්. පළඳනා ලද මිණිකඬොල් ඇත්තෝ ද නොවෙත්. බුදු වෙසින්ම හිඳිති. ඔවුහු ද තමන්ට සමාන සටහනම දකිත්. යාදිසකො තෙසං සරො යනු ඔවුහු සිඳුනු ස්වර ඇත්තේ ද වෙත්. ඛණ්ඩස්වර ඇත්තෝ ද වෙත්. කාකස්වර ඇත්තෝ ද වෙත්. ශාස්තෲන් වහන්සේ බ්‍රහ්මස්වර ඇත්තෝමය. මේ වනාහි භාෂාන්තරය උදෙසා කියනලදි. ඉදින් එහි රජ දුන්නේ කියයි ද අද රජ මිහිරිව කියයි යි ඔවුනට අදහස් වෙයි. කියා භාග්‍යවතුන් වහන්සේ වැඩිකල්හි යළි රජු ආ බව දැක මේ කිමෙක්දැයි විමසීමක් ඇතිවෙයි. එහි කො නු ඛො අයං යනු මෙතැන්හි දැන්මම මගධ බසින් සිංහල බසින් මිහිරි සේ කියන්නේ කවරෙක් නම් මේ අතුරුදහන් වූයේද කිම දෙවියෙක්ද නැතහොත් මිනිස්සෙක්දැයි විමසන්නාහුද නොදනිත්යයි අරුත්ය. මෙසෝ නොදන්නවුන්ට කුමක් සඳහා ධර්‍මය දෙසයිදැයි වාසය කරවීමේ අර්‍ත්‍ථයෙන් මෙසේ අසන ලද්දේ ද ධර්‍මය අනාගතයෙහි ප්‍රත්‍යය වේයයි අනාගතය සඳහා දෙසනා කරයි. අනෙකසතං බ්‍රාහ්මණ පරිසං යනු සොණදණ්ඩ සමාගමය වශයෙන් ද අනෙක් සක්වළ වශයෙන් ද හටගැනීම දතයුතුයි.