සඞ්ඛිත්තදෙසිත සුත්තං
8. 2. 7. 3.
8. 1. 7. 3.
සඞ්ඛිත්තදෙසිත සුත්තං
සඞ්ඛිත්තදේසිත සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු. යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපි පහිතත්තො විහරෙය්යන්ති.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලා වූයෙම් සඞ්ගණිකායෙන් දුරු වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් කෙරේ යැවූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් එ දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
එවමෙව පනිධෙකච්චෙ මොඝපුරිසා මමඤ්ඤෙව අජ්ඣෙසන්ති. ධම්මෙ ච භාසිතෙ මමඤ්ඤෙව අනුබන්ධිතබ්බං මඤ්ඤන්ති.
මෙ ලොව්හි ඇතැම් හිස් පුඟුලෝ මෙ ලෙසින් ම මට අධ්‍යෙෂණ කෙරෙත්. දහම් දෙසූ කල්හිත් මා ම ලුහුබැඳිය යුතු කොට හඟිත්.
දෙසෙතු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්තී.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයේ අර්ත්ථය මම දැන ගන්නෙම් නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට මම දායාද වන්නෙම් නම් මනා මැනු.
තස්මාතිහ තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: අජ්ඣත්තමෙව චිත්තං ඨිතං භවිස්සති සුසණ්ඨිතං. න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය ඨස්සන්තීති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
මහණ, එ හෙයින් තොප මෙසේ හික්මිය යුතුය: මාගේ සිත මොනොවට පිහිටියේ අධ්‍යාත්මයෙහි ම සිටියෙක් වන්නේ ය. උපන් ලමු අකුශල ධර්මයෝ සිත මැඩ ගෙන නො ද සිටුනාහයි, මහණ තොප මෙසේ ම හික්මිය යුතුය.
යතො ඛො තෙ භික්ඛු, අජ්ඣත්තං චිත්තං ඨිතං හොති සුසණ්ඨිතං, න චුප්පන්නා පාපකා අකුසලා ධම්මා චිත්තං පරියාදාය තිට්ඨන්ති, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: මෙත්තා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
මහණ, යම් කලෙක තොපගේ සිත මනාව සිටියේ අධ්‍යාත්මයෙහි සිටියේ වේද, උපන් ලමු අකුශල ධර්මයෝත් සිත මැඩගෙන නො සිටිනාහු වේ ද, මහණ, එකල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: මාගේ මෛත්‍රීචිත්තවිමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානාවක්මෙන් කරන ලද වූවා වාස්තුවක් මෙන් කෘත වූවා සුපිහිටි වූවා මනාසේ වඩන ලද වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි. අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි. අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි. සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
මහණ, යම් කලෙක තොප මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේ ද බහුලීකෘත වේ ද, එකල්හි මහණ තොපි මේ සමාධිය සවිතර්ක කොට ද සවිචාර කොට ද වඩන්නහු, විචාරමාත්රවු අවිතර්ක කොට ද වඩන්නහු, අවිතර්ක කොට ද අවිචාර කොට ද වඩන්නහු, සප්‍රීතික කොට ද වඩන්නහු, නිෂ්ප්‍රීතික කොට ද වඩන්නහු, සුඛ සහගත කොට ද වඩන්නහු, උපේක්ෂා සහගත කොට ද වඩන්නහු ය.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: කරුණා මෙ චෙතොවිමුත්ති -පෙ- මුදිතා මෙ චෙතොවිමුත්ති -පෙ- උපෙක්ඛා මෙ චෙතොවිමුත්ති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිත වූයේ මොනොවට වඩනා ලදුයේ වේ ද, මහණ, එකල්හි තොප මෙසේ හික්මිය යුතු: මාගේ කරුණාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ මුදිතාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ උපේක්ෂාචිත්ත විමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානීකෘත වූවා වස්තුකෘත වූවා අනුත්‍ථිත වූවා පරිචිත වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප මෙසේ ම හික්මිය යුතු.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි, සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිතා වූයේ බහුල කරන ලද්දේ වේ ද, මහණ, එකල තොපි මේ සමාධිය සවිතර්ක කොටත් සවිචාර කොටත් වඩනහු, අවිතර්ක විචාරමාත්‍ර කොටත් වඩනහු, අවිතර්ක අවිචාරමාත්ර කොටත් වඩනහු, සප්‍රීතික කොටත් වඩනහු, නිෂ්ප්‍රීතික කොටත් වඩනහු, සුඛ සහගත කොටත් වඩනහු, උපේක්ෂා සහගත කොටත් වඩනහුය,
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: කායෙ කායානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එ කල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: කයෙහි කය අනුව දක්නාසුලු වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් සම්‍යග්ඥාන ඇතියෙම් සිහි ඇතියෙම් පඤ්චස්කන්ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්මනස්යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියා යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි. අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි. අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි. සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි, උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ බහුලීකෘත වේ ද, මහණ, තෝ එ කල්හි මේ සමාධිය සවිතර්ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්ෂා සහගත කොටත් වඩනෙහි.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති සුභාවිතො, තතො තෙ භික්ඛු, එවං සික්ඛිතබ්බං: වෙදනාසු -පෙ- චිත්තෙසු ධම්මෙසු ධම්මානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති. එවං හි තෙ භික්ඛු, සික්ඛිතබ්බං.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තා විසින් මෙසේ හික්මිය යුතු: වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්මයන්හි ධර්‍මානුදර්ශී වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා කොට දන්නෙම් සිහි ඇතියෙම් ලෙව්හි අභිධ්‍යා දෞර්මනස්යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියායි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො හොති බහුලීකතො, තතො ත්වං භික්ඛු, ඉමං සමාධිං සවිතක්කම්පි සවිචාරං භාවෙය්යාසි, අවිතක්කම්පි විචාරමත්තං භාවෙය්යාසි, අවිතක්කම්පි අවිචාරං භාවෙය්යාසි, සප්පීතිකම්පි භාවෙය්යාසි, නිප්පීතිකම්පි භාවෙය්යාසි, සාතසහගතම්පි භාවෙය්යාසි උපෙක්ඛාසහගතම්පි භාවෙය්යාසි.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ බහුලීකෘත වේ ද, මහණ, එකල තෝ මේ සමාධිය සවිතර්ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්ෂා සහගත කොටත් වඩනෙහි.
යතො ඛො තෙ භික්ඛු, අයං සමාධි එවං භාවිතො භවිස්සති සුභාවිතො, තතො ත්වං භික්ඛු, යෙන යෙනෙව ගච්ඡසි ඵාසුඤ්ඤෙව ගච්ඡසි. යත්ථ යත්ථ ඨස්සසි ඵාසුඤ්ඤෙව ඨස්සසි. යත්ථ යත්ථ නිසීදිස්සසි ඵාසුඤ්ඤෙව නිසීදිස්සසි. යත්ථ යත්ථ සෙය්යං කප්පෙස්සසි ඵාසුඤ්ඤෙව’ සෙය්යං කප්පෙස්සසීති.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තෝ යම් යම් ම තැනෙක යෙහි නම් සුවසේ ම යෙහි, යම් යම් ම තැනෙක සිටුනෙහි නම් සුවසේ ම සිටුනෙහි. යම් යම් ම තැනෙක හිඳුනෙහි නම් සුවසේ ම හිඳුනෙහි, යම් යම් ම තැනෙක ශය්‍යා කෙරෙහි නම් සුවසේ ම ශය්‍යා කරන්නෙහි යී.
අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි, ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
එකල්හි ඒ මහණ එකලා වූයේ සඞ්ගණිකායෙන් දුරු වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ නොබෝ කලෙකින් ම කුලපුත්හු යමක් පිණිස මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට වදනාහු නම් ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති රහත්ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්ෂීණ විය. බඹසර වසනා ලද, සිවුමඟ කටයුතු කරන ලද, මේ රහත් බව් පිණිස (කටයුතු) අනිකෙක් නැතැයි මොනොවට දත්තේ ය. ඒ මහණ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් ද විය.