අලං සුත්තං
8. 2. 7. 2.
8. 1. 7. 2.
අලං සුත්තං
අලං සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
1. ඡහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං. කතමෙහි ඡහි:
1. මහණෙනි, කරුණු සයෙකින් සමන්වාගත මහණ තමහට (හිත ප්රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, පරහට (හිත ප්රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, කවර සයෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානං ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ (ස්කන්ධ, ධාතු, ආයතනාදි) කුසලධර්මයන්හි වහා උපධාරණ කරන්නේත් වෙයි, ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි, අරුත් දැන පෙළ දහම් දැන ධර්මානු ධර්මයට පිළිපන්නේත් වෙයි, සුන්දර වාග්ඝෝෂ ඇතියේ නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු අර්ත්ථ විඥාපනයෙන් යුත් පිරිපුන් තෙපුලින් සමන්වාගත වූයේ කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්රහර්ෂණ කරනුයේ කරුණු දක්වනුයේත් වෙයි. මහණෙනි, මෙ ස කරුණින් සමන්වාගත මහණ තමහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වෙයි, පරහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වේ.
2. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො අලංපරෙසං. කතමෙහි පඤ්චහි:
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වෙයි. කවර පසෙකින් යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, කල්යාණවාචො හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා, සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, අලං පරෙසං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල ධර්මයන්හි වහා උපධාරණ කරනුයේ නො ම වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ, දැරූ දහමුන්ගේ අරුත් විමසා දන්නේත් වෙයි, අටුවා දැන, පෙළ දහම් දැන, ධර්මානු ධර්මයෙහි පිළිපන්නේත් වෙයි. අර්ත්ථවිඥාපනයට හිත වූ ... කල්යාණකථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්රහර්ෂණ කරනුයේ සන්දර්ශක ද වෙයි. මහණෙනි, මේ දහම් පසින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වේ.
3. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො නාලං පරෙසං. කතමෙහි චතුහි:
3. මහණෙනි, සිවු කරුණෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ. කවර සතරෙකින් යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්මයන්හි ඛිප්පනිස්සන්ති ද වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි. අටුවා දැන පෙළ දම් දැන ධර්මානු ධර්මයට පිළිපන්නේත් වෙයි. නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු, අරුත් හඟවන පිරිණු වදනින් සමන්වාගත වූයේ කල්‍යාණ වාග්ඝෝෂ ඇතියේ කල්‍යාණ කථා ඇත්තේ ද නො වෙයි. සබ්‍රම්සරුන්ට සමාදන් කරවන සමුත්තේජන කරන සම්ප්රහර්ෂණ කරන සන්‍දශර්‍ක ද නො වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ.
4. චතුහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො. කතමෙහි චතුහි:
4. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත මහණ පරහට (හිත පිළිවෙත් පිණිස) සුදුසු වෙයි, තමහට (හිත පිළිවෙත් පිණිස) නො සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, න ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති, කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා සන්දස්සකො ච හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං නාලං අත්තනො.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්මයන්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේ නො වෙයි, අටුවා දැන පෙළ දම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේත් නො වෙයි, සොඳුරු වදන් ඇතියේ සුන්දර වාග් ඝෝෂ ඇතියේ ... අරුත් හැඟවීමට සුදුසු තෙපුලින් සමන්වාගත වූයේ ... කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සන්දර්ශක ද වෙයි. ... මහණෙනි, මේ සතර දහමින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වේ.
5. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං. කතමෙහි තීහි:
5. මහණෙනි, දහම් තුනෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති, ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති, නො ච කල්යාණවාචො හොති, කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද නො වෙයි, දැරූ දහමුන් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්මානුධර්මයෙහි පිළිපදනේත් වෙයි, කලණ තෙපුල් ඇතියේ අරුත් හැඟවීමට සුදුසු වුහුටු නිදොස් වූ නො ගිලිහුණු අරුත් ඇති අර්ත්ථවිඥාපනයෙන් යුක්ත වූ සොඳුරු වචනයෙන් සමන්වාගත වූයේ කළ්යාණවාක් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට කරුණු සමාදන් කරවන, මොනොවට තෙද ගන්වන සම්ප්රහර්ෂණය කරන සංදර්ශකයෙක් ද නො වෙයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්වාගත ව මහණ තමාට හිත පිණිස සුදුසු වෙයි, පරහට හිත පිණිස සුදුසු නො වෙයි.
6. තීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං. නාලං අත්තනො කතමෙහි තීහි:
6. මහණෙනි, කරුණු තුනෙකින් සමන්වාගත වූ මහණ මෙරමාහට සුදුසු වෙයි, තමහට සුදුසු නොවෙයි. කවර තුනෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු. සුතානඤ්ච ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො.
මහණ, මෙ සස්නෙහි මහණ, කුසල් දහම්හි ඛිප්පනිසන්ති නොම වෙයි, ඇසූ දහමුන් දරන සැහැවිද වේ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නො පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට හිත ... කලණ වදන් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරවන, සමුත්තේජනා කරවන, සම්ප්රහර්ෂණය කරන සන්දර්ශකයෙක් ද වෙයි. මහණෙනි, මේ දහම් තුනෙන් සමන්වාගත මහණ මෙරමාහට යෝග්‍ය වෙයි, තමහට අයෝග්‍ය වෙයි.
7. ද්වීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං,2 කතමෙහි ද්වීහි:
7. මහණෙනි, කරුණු දෙකෙකින් සමන්වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත් .
ඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති. ධතානඤ්ච ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො ච හොති. නො ච කල්යාණවාචො හොති -පෙ- අත්ථස්ස විඤ්ඤාපනියා, නො ච සන්දස්සකො හොති -පෙ- සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අත්තනො, නාලං පරෙසං.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො වෙයි, ඇසූ දහම් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට සුදුසු ... කලණ වදන් ඇතියේ නොවෙයි. සබ්‍රම්සරුනට සන්දර්ශක ද නො වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නොවෙයි.
8. ද්වීහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනො. කතමෙහි ද්වීහි:
8. මහණෙනි, දහම් දෙකෙකින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඉධ භික්ඛවෙ, භික්ඛු නහෙව ඛො ඛිප්පනිසන්තී හොති කුසලෙසු ධම්මෙසු. නො ච සුතානං ධම්මානං ධාරණජාතිකො හොති. නො ච ධතානං ධම්මානං අත්ථූපපරික්ඛිතා හොති. නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මපටිපන්නො හොති. කල්යාණවාචො ච හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. සන්දස්සකො ච හොති සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං පරෙසං, නාලං අත්තනොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො ම වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේත් නො වෙයි. අරුත් දැන දහම් දැන ධර්මානුධර්මයට පිළිපන්නේත් නො වෙයි. සුන්දර කථා ඇතියේ වුහුටු නිදොස් නො ගිලිහුණු අරුත් හඟවන සොඳුරු වදනින් සමන්වාගත වූයේ කලණ වදන් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට සන්දර්ශක වූයේ සමාදන් කරවන්නේ උත්තේජනා කරන්නේ සම්ප්රහර්ෂණය කරන්නේ වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි.