අධිදෙවඤාණදස‍්සන සුත‍්තං
8. 2. 7. 4.
8. 1. 7. 4.
අධිදෙවඤාණදස‍්සන සුත‍්තං
අධිදේවඤාණදස්සන සූත්‍රය
එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා නගර සමීපයෙහි ගයාශීර්‍ෂයෙහි වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. පුබ‍්බාහං භික‍්ඛවෙ, සම‍්බොධා අනභිසම‍්බුද‍්ධො බොධිසත‍්තොව සමානො ඔභාසඤ‍්ඤෙව ඛො සඤ‍්ජානාමි, නො ච රූපානි පස‍්සාමි.
1. මහණෙනි, මම සම්බෝධියෙන් පූර්‍වයෙහි අභිසම්බුද්ධ නො වූයෙම් ම බෝසත් වූයෙම් අවභාසයක් (දිවැස් නුවණ එළියක්) ම හඳුනමි. රූපයන් නො දක්මි.
2. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ‍්චෙව සඤ‍්ජානෙය්‍යං, රූපානි ච පස‍්සෙය්‍යං, එවං මෙ ඉදං ඤාණදස‍්සනං පරිසුද‍්ධතරං අස‍්සාති. සො ඛො අහං භික‍්ඛවෙ, අපරෙන සමයෙන අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො ඔභාසඤ‍්චෙව සඤ‍්ජානාමි රූපානි ච පස‍්සාමි. නො ච ඛො තාහි දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨාමි, සල‍්ලපාමි, සාකච‍්ඡං සමාපජ‍්ජාමි.
2. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් හැඳින ගන්නෙම් රූපයන් ද දක්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය (දිවැස් නුවණ නමැති දැකීම) පරිශුද්ධතර වන්නේ ය කියා යි. මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙය වූ සිතැති ව වසන්නෙම් අවභාසය ද හඳුනමි. රූ ද දක්මි. ඒ දෙවියන් හා නො ද සිටිමි, සල්ලාප නො කරමි, සාකච්ඡාවට නො පැමිණෙමි.
3. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ‍්චෙව සඤ‍්ජානෙය්‍යං රූපානි ච පස‍්සෙය්‍යං තාහි ච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨෙය්‍යං සල‍්ලපෙය්‍යං සාකච‍්ඡං සමාපජ‍්ජෙය්‍යං, එවං මෙ ඉදං ඤාණදස‍්සනං පරිසුද‍්ධතරං අස‍්සාති.
3. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් දන්නෙම් නම් රූ ද දක්නෙම් ඒ දෙවියන් හාත් සිටුනෙම් සල්ලාප කරන්නෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මෙසේ මාගේ මේ ඥානය දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
සො ඛො අහං භික‍්ඛවෙ, අපරෙන සමයෙන අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො ඔභාසඤ‍්චෙව සඤ‍්ජානාමි, රූපානි ච පස‍්සාමි, තාහි ච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨාමි, සල‍්ලපාමි, සාකච‍්ඡං සමාපජ‍්ජාමි. නො ච ඛො තා දෙවතා ජානාමි, ඉමා දෙවතා අමුකම‍්හා වා අමුකම‍්හා වා දෙවනිකායාති.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වෙසෙන්නෙමි අවභාසයත් හඳුනමි, රූ ද දකිමි, ඒ දෙවියන්හාත් සිටිමි, සල්ලාප කරමි, සාකච්ඡාවට පැමිණෙමි මෙ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පත් වූහයි ඒ දේවතාවන් නො දනිම්.
4. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ‍්චෙව සඤ‍්ජානෙය්‍යං, රූපානි ච පස‍්සෙය්‍යං, තාහි ච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨෙය්‍යං සල‍්ලපෙය්‍යං සාකච‍්ඡං සමාපජ‍්ජෙය්‍යං, තා ච දෙවතා ජානෙය්‍යං ඉමා දෙවතා අමුකම‍්හා වා අමුකම‍්හා වා දෙවනිකායාති, එවං චෙ ඉදං ඤාණදස‍්සනං පරිසුද‍්ධතරං අස‍්සාති.
4. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම් අවභාසයත් හඳුනන්නෙම් රූත් දන්නෙම් ඒ දෙවියන්හාත් සිටුනෙම් සල්ලාප කරනෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහයි ඒ දෙවියන් ද දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
සො ඛො අහං භික‍්ඛවෙ, අපරෙන සමයෙන අප‍්පමත‍්තො ආතාපි පහිතත‍්තො විහරන‍්තො ඔභාසඤ‍්චෙව සඤ‍්ජානාමි, රූපානි ච පස‍්සාමි, තාහි ච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨාමි සල‍්ලපාමි සාකච‍්ඡං සමාපජ‍්ජාමි. තා ච දෙවතා ජානාමි ඉමා දෙවතා අමුකම‍්හා වා අමුකම‍්හා වා දෙවනිකායාති. නො ච ඛො තා දෙවතා ජානාමි ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නාති -පෙ-
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම්, ආතාප ඇතියෙම් ප්‍රහිතාත්මව වසන්නෙම් අවභාසයත් හඳුනමි, රූත් දක්මි, ඒ දේවතාවන් හාත් සිටිමි, සල්ලාප කරමි සාකච්ඡාවට පැමිණෙමි ...
5. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නා’ ති. නො ච ඛො තා දෙවතා ජානාමි. ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන එවමාහාරා එවං සුඛදුක‍්ඛපටිසංවෙදිනියොති. -පෙ-
5. මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි ඒ දෙවියනුත් දනිමි. මේ දේවතාවෝ මෙ නම් කර්‍මයක්හුගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියන් නො දනිමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවනුත් දනිම්. ඒ දේවතාවනුදු ‘මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳින්නාහු’යයි නො දනිමි ...
6. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන එවමාහාරා එවං සුඛදුක‍්ඛපටිසංවෙදිනියොති, නො ච ඛො තා දෙවතා ජානාමි. ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට‍්ඨිතිකාති. -පෙ-
6. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙ බඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවනුදු දනිමි. ...
7. තා ච දෙවතා ජානාමි, ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට‍්ඨිතිකාති. නො ච ඛො තා දෙවතා ජානාමි, යදි වා මෙ ඉමාහි දෙවතාහි සද‍්ධිං සන‍්නිවුත්‍ථපුබ‍්බං යදි වා න සන‍්නිවුත්‍ථපුබ‍්බ’න‍්ති.
7. මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකහ යි ඒ දේවතාවන් නො දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහ මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුදු දනිමි. මේ දෙවියන් සමග මා (එකතුව) විසූ විරූ දැයි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියන් නො දනිමි.
8. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ, එතදහොසි: සචෙ ඛො අහං ඔභාසඤ‍්චෙව සඤ‍්ජානෙය්‍යං, රූපානි ච පස‍්සෙය්‍යං, තාහි ච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨෙය්‍යං සල‍්ලපෙය්‍යං සාකච‍්ඡං සමාපජ‍්ජෙය්‍යං, තා ච දෙවතා ජානෙය්‍යං ඉමා දෙවතා අමුකම‍්හා වා අමුකම‍්හා වා දෙවනිකායාති, තා ච දෙවතා ජානෙය්‍යං ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නාති, තා ච දෙවතා ජානෙය්‍යං ඉමා දෙවතා එවමාහාරා එවං සුඛදුක‍්ඛපටිසංවෙදිනියොති, තා ච දෙවතා ජානෙය්‍යං ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට‍්ඨිතිකාති, තා ච දෙවතා ජානෙය්‍යං යදි වා මෙ ඉමාහි දෙවතාහි සද‍්ධිං සන‍්නිවුත්‍ථපුබ‍්බං යදි වා න සන‍්නිවුත්‍ථපුබ‍්බන‍්ති. එවං මෙ ඉදං ඤාණදස‍්සනං පරිසුද‍්ධතරං අස‍්සාති.
8. මහණෙනි, ඒ මට මෙ සිත විය: ඉදින් මම අවභාසයත් හඳුනන්නෙම් නම්, රූ ද දක්නෙම් නම්, ඒ දෙවියන් සමග සිටුනෙම් නම්, සල්ලාප කෙරෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, ඒ දෙවියනුත් මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියනුත් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවන් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දේවතාවන් ද දන්නෙම් නම්, මේ දෙවියන් සමග (මා එකතුව) විසූ විරූ දැ යි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියනුදු දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥානදර්‍ශනය පරිශුද්ධතර වන්නේ යයි.
සො ඛො අහං භික‍්ඛවෙ, අපරෙන සමයෙන අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො ඔභාසඤ‍්චෙව සඤ‍්ජානාමි, රූපානි ච පස‍්සාමි තාහිච දෙවතාහි සද‍්ධිං සන‍්තිට‍්ඨාමි සල‍්ලපාමි සාකච‍්ඡං සමාපජ‍්ජාමි,
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වසන්නෙම් අවභාසයත් හඳුනමි. රූ ද දකිමි, ඒ දේවතාවන් සමඟත් සිටිමි. සල්ලාප කරමි. සාකච්ඡාවට වදිමි.
තා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා අමුකම‍්හා වා අමුකම‍්හා වා දෙවනිකායාති. තා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා ඉමස‍්ස කම‍්මස‍්ස විපාකෙන ඉතො චුතා තත්‍ථ උප‍්පන‍්නාති. තා ච දෙවතා ජානාමි: ඉමා දෙවතා එවමාහාරා එවං සුඛදුක‍්ඛපටිසංවෙදිනියොති. තා ච දෙවතා ජානාමි ඉමා දෙවතා එවං දීඝායුකා එවං චිරට‍්ඨිතිකාති. තා ච දෙවතා ජානාමි: යදි වා මෙ ඉමාහි දෙවතාහි සද‍්ධිං සන‍්නිවුත්‍ථපුබ‍්බං, යදි වා න සන‍්නිවුත්‍ථපුබ‍්බන‍්ති.
මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙනැයි ඒ දෙවියනුත් හඳුනමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවන් ද දනිමි. මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳුනාහු යයි ඒ දේවතාවන්ද දනිමි, මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇතියාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුත් දනිමි, මේ දේවතාවන් සමග මා විසූ විරූ දැයි හෝ නො විසූ විරූ දැයි හෝ කියාත් ඒ දේවතාවන් ද දනිමි.
යාවකීවඤ‍්ච මෙ භික‍්ඛවෙ, එවං අට‍්ඨපරිවට‍්ටං අධිදෙවඤාණදස‍්සනං න සුවිසුද‍්ධං අහොසි, නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං, යතො ච ඛො මෙ භික‍්ඛවෙ, එවං අට‍්ඨපරිවත‍්තං අධිදෙවඤාණදස‍්සනං සුවිසුද‍්ධං අහොසි. අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධොති පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි: “අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති. අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවො” ති.
මහණෙනි, යම්තාක් මෙසේ අෂ්ටපරිවර්‍ත (දිවැස් ආදි නුවණ අටෙක පෙරැළියක්) ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි යි පිළින නො කෙළෙමි. මහණෙනි, යම් කලෙක පටන් අෂ්ටපරිවර්‍ත ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිසුද්ධ වී නම්, මහණෙනි, එ කල්හි මම සදේවක සමාරක සබ්‍රහ්මක ලොව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමැ යි පිළින කෙළෙමි. මාගේ ඥානදර්‍ශනයත් උපන: “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය ය, දැන් පුනර්‍භවයෙක් නැතැ”යි.