යෙදුමෙන් කියවන්න

විමොක‍්ඛ සුත‍්තං

8. 2. 7. 6.

8. 1. 7. 6.

විමොක‍්ඛ සුත‍්තං

විමොක්ඛ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමෙ භික‍්ඛවෙ, විමොක‍්ඛා කතමෙ අට‍්ඨ:

මහණෙනි, මේ විමෝක්‍ෂයෝ අටදෙනෙකි. කවර අටදෙනෙක යත්:

1. රූපී රූපානි පස‍්සති. අයං පඨමො විමොක‍්ඛො.

1. (අධ්‍යාත්මයෙහි උපදවන ලද) රූපධ්‍යාන ඇත්තේ බැහැර (නීලකසිණාදී) රූපයන් (දැහැන් ඇසින්) දකියි. මේ ප්‍රථම විමෝක්‍ෂ යි.

2. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී එකො බහිද‍්ධා රූපානි පස‍්සති. අයං දුතියො විමොක‍්ඛො.

2. එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා (නූපදවන ලද රූපාවචර ධ්‍යානයන්) ඇත්තේ බැහැර රූපයන් (රූපාවචර ධ්‍යානයන්) දකියි. මේ දෙවන විමෝක්‍ෂ යි.

3. සුභන‍්තෙව අධිමුත‍්තො හොති. අයං තතියා විමොක‍්ඛො.

3. (වර්‍ණකසිණයන්හි ධ්‍යානයෙහි) සුභ ම ය යි ඇලුණේ වෙයි. මේ තෙවන විමෝක්‍ෂ යි.

4. සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං චතුත්‍ථො විමොක‍්ඛො.

4. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් (කසිණුගඝාටිම) ආකාසය අනන්තය යි අකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂ යි.

5. සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං පඤ‍්චමො විමොක‍්ඛො.

5. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂ යි.

6. සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං ඡට‍්ඨො විමොක‍්ඛො.

6. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂ යි.

7. සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං සත‍්තමො විමොක‍්ඛො.

7. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂ යි.

8. සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතං නිරොධං උපසම‍්පජ‍්ජ විහරති. අයං අට‍්ඨමො විමොක‍්ඛොති.

8. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ අට‍්ඨ විමොක‍්ඛාති.

මහණෙනි, මේ අෂ්ට විමෝක්‍ෂයෝ වෙතැ යි.