යෙදුමෙන් කියවන්න

10. භුමිචාල සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. භුමිචාල සුත‍්තවණ‍්ණනා

10. භූමිචාල සූත්‍ර වර්ණනාව

දසමෙ නිසීදනන‍්ති ඉධ චම‍්මඛණ‍්ඩං අධිප‍්පෙතං. උදෙනං චෙතියන‍්ති උදෙනයක‍්ඛස‍්ස වසනට‍්ඨානෙ කතවිහාරො වුච‍්චති. ගොතමකාදීසුපි එසෙව නයො. භාවිතාති වඩ‍්ඪිතා. බහුලීකතාති පුනප‍්පුනං කතා. යානීකතාති යුත‍්තයානං විය කතා. වත්‍ථුකතාති පතිට‍්ඨානට‍්ඨෙන වත්‍ථු විය කතා. අනුට‍්ඨිතාති අධිට‍්ඨිතා. පරිචිතාති සමන‍්තතො චිතා සුවඩ‍්ඪිතා. සුසමාරද‍්ධාති සුට‍්ඨු සමාරද‍්ධා.

දසවැන්නෙහි නිසීදනං යනු මෙහි සම්කඩක් අදහස් කරනලදි. උදෙනං චෙතියං යනු උදෙන යක්‍ෂයාගේ චෛත්‍යස්ථානයෙහි කරනලද විහාරයයි කියනු ලැබේ. ගොතමක යනාදියෙහි ද මේ ක්‍රමයමයි, භාවිතා යනු වඩනා ලදයි, බහුලිකතා යනු යළි යළිත් කරන ලදයි, යානිකතා යනු සුදුසු යානයක් මෙන් කරන ලද්දාවූයි, වත්‍ථුකතා යනු පිහිටි අරුතින් ඉඩමක් මෙන් කරන ලද්දාවූයි. අනුට්ඨිතා යනු අදිටන් කරන ලද්දාවූයි, පරිචිතා යනු හාත්පසින් රැස්කරන ලද වඩන ලද්දාවූයි, සුසමාරද්ධා යනු මනාව අරඹන ලද්දාවූයි,

ඉති අනියමෙන කථෙත්‍වා පුන නියමෙත්‍වා දස‍්සෙන‍්තො තථාගතස‍්ස ඛොතිආදිමාහ. එත්‍ථ කප‍්පන‍්ති ආයුකප‍්පං. තස‍්මිං තස‍්මිං කාලෙ යං මනුස‍්සානං ආයුප‍්පමාණං, තං පරිපුණ‍්ණං කරොන‍්තො තිට‍්ඨෙය්‍ය. කප‍්පාවසෙසං වාති “අප‍්පං වා භිය්‍යො”ති වුත‍්තවස‍්සසතතො අතිරෙකං වා. මහාසීවත්‍ථෙරො පනාහ – “බුද‍්ධානං අට‍්ඨානෙ ගජ‍්ජිතං නාම නත්‍ථි, පුනප‍්පුනං සමාපජ‍්ජිත්‍වා මරණන‍්තිකවෙදනං වික‍්ඛම‍්භෙන‍්තො භද‍්දකප‍්පමෙව තිට‍්ඨෙය්‍ය. කස‍්මා පන න ඨිතොති? උපාදින‍්නකසරීරං නාම ඛණ‍්ඩිච‍්චාදීහි අභිභුය්‍යති, බුද‍්ධා ච ඛණ‍්ඩිච‍්චාදිභාවං අප‍්පත්‍වා පඤ‍්චමෙ ආයුකොට‍්ඨාසෙ බහුජනස‍්ස පියමනාපකාලෙයෙව පරිනිබ‍්බායන‍්ති. බුද‍්ධානුබුද‍්ධෙසු ච මහාසාවකෙසු පරිනිබ‍්බුතෙසු එකකෙනෙව ඛාණුකෙන විය ඨාතබ‍්බං හොති දහරසාමණෙරපරිවාරෙන වා, තතො ‘අහො බුද‍්ධානං පරිසා’ති හීළෙතබ‍්බතං ආපජ‍්ජෙය්‍ය. තස‍්මා න ඨිතො”ති. එවං වුත‍්තෙපි යො පන වුච‍්චති “ආයුකප‍්පො”ති, ඉදමෙව අට‍්ඨකථාය නියාමිතං.

දැන් අනියමින් කියා නැවත නියම කොට දැක්වීමට තථාගතස්ස ඛො යනාදිය කීවේය. මෙහි කප්පං යනු ආයුෂ්කල්පයයි. ඒ ඒ කල්හි මිනිසුන්ගේ ආයුෂ්ප්‍රමාණය යමක් ද එය එය සපුරමින් සිටින්නේය. කප්පාවසෙසං වා යනු අඩුව හෝ වැඩිවයි කියන ලද අවුරුදු සියයෙන් වැඩිමනත් හෝ යි, මහාසිව තෙරණුවෝ කීහ. “බුදුවරුන්ගේ නොතැන්හි ගර්‍ජනය කළ දෙයක් නම් නැත. යළියළිත් සමවැද මාරණාන්තමක වේදනාව යටපත් කරමින් භද්‍ර කල්පයම සිටින්නේය” යනුවෙනි. කුමක් හෙයින් නොසිටියේද යත්? භෞතික ශරීරය නම් කැඩී බිඳී යාම් ආදියෙන් මැඬ පැවැත්වෙයි. බුදුවරු ද බිඳීම් ආදී බවට නොපැමිණ පස්වැනි ආයුෂ කොටසෙහි මහජනයාට ප්‍රියමනාප කාලයෙහිම පිරිනිවන් පාති. බුද්ධානුබුද්ධ ආදීන් ද මහා ශ්‍රාවකයන් ද පිරිනිවන් පෑ කල්හි එක් එක් කණුවක් මෙන් සිටිය යුතු වෙයි. කුඩා සාමණේර පිරිවරින් හෝ සිටියයුතු වෙයි. එයින් අහෝ බුදුවරුන්ගේ පිරිසයයි අවමන් කළයුතු බවට පැමිණෙන්නේය. එහෙයින් නොසිටියේයි. මෙසේ කී කල්හිද යමෙක් ආයුකල්පයයි කියයිද මෙයම අට්ඨකථාවෙහි නියම කරනලදි.

යථා තං මාරෙන පරියුට‍්ඨිතචිත‍්තොති එත්‍ථ තන‍්ති නිපාතමත‍්තං, යථා මාරෙන පරියුට‍්ඨිතචිත‍්තො අජ‍්ඣොත්‍ථටචිත‍්තො අඤ‍්ඤොපි කොචි පුථුජ‍්ජනො පටිවිජ‍්ඣිතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව නාසක‍්ඛි පටිවිජ‍්ඣිතුන‍්ති අත්‍ථො. මාරො හි යස‍්ස සබ‍්බෙන සබ‍්බං ද‍්වාදස විපල‍්ලාසා අප‍්පහීනා, තස‍්ස චිත‍්තං පරියුට‍්ඨාති. ථෙරස‍්ස ච චත‍්තාරො විපල‍්ලාසා අප‍්පහීනා, තෙනස‍්ස මාරො චිත‍්තං පරියුට‍්ඨාසි. සො පන චිත‍්තපරියුට‍්ඨානං කරොන‍්තො කිං කරොතීති? භෙරවං රූපාරම‍්මණං වා දස‍්සෙති, සද‍්දාරම‍්මණං වා සාවෙති. තතො සත‍්තා තං දිස‍්වා වා සුත්‍වා වා සතිං විස‍්සජ‍්ජෙත්‍වා විවටමුඛා හොන‍්ති, තෙසං මුඛෙන හත්‍ථං පවෙසෙත්‍වා හදයං මද‍්දති, තතො විසඤ‍්ඤාව හුත්‍වා තිට‍්ඨන‍්ති. ථෙරස‍්ස පනෙස මුඛෙ හත්‍ථං පවෙසෙතුං කිං සක‍්ඛිස‍්සති, භෙරවාරම‍්මණං පන දස‍්සෙසි. තං දිස‍්වා ථෙරො නිමිත‍්තොභාසං නප‍්පටිවිජ‍්ඣි. භගවා ජානන‍්තොයෙව කිමත්‍ථං යාව තතියං ආමන‍්තෙසීති? පරතො “තිට‍්ඨතු, භන‍්තෙ භගවා”ති යාචිතෙ “තුය‍්හෙවෙතං දුක‍්කටං, තුය‍්හෙවෙතං අපරද‍්ධ”න‍්ති දොසාරොපනෙන සො කතනුකරණත්‍ථං.

යථා තං මාරෙන පරියුට්ඨිතවිත්තො යනු මෙහි තං යනු නිපාත මාත්‍රයකි. යම් සේ මාරයා විසින් වෙළාගනු ලැබූ සිත් ඇති බැසගන්නා ලද සිත් ඇති අන් කවර පෘථග්ජනයෙක් වුවද දැන ගැනීමට නොහැකි වන්නේද එපරිද්දෙන්ම දැන ගැනීමට නොහැකිවීය යන අරුත්ය. යමෙකුගේ සර්‍වප්‍රකාරයෙන්ම දොළොස් විපල්ලාසයෝ ප්‍රහීන නොවූවාහුද එබැවින් මාරයා ඔහුගේ සිත වසඟ කරගනියි. තෙරුන්ගේ ද සතර විපල්ලාසයෝ ප්‍රහීන නොවූහ. එබැවින් ඔහුගේ සිත මාරයා වසඟ කරගත්තේය. එබැවින් එය දැනගැනීමට නොහැකිවීය යනු අරුත්ය. සිත වසඟ කරගැනීම කරන්නා කුමක් කරයි ද? බියකරු රූපාරම්මණයක් හෝ දක්වයි, ශබ්දාරම්මණයක් හෝ අස්වයි. එයින් සත්ත්වයෝ එය දැක හෝ අසා සිහිමුළා වී විවරවූ මුව ඇත්තෝ වෙත්. ඔවුන්ගේ මුවින් අත පිවිසුවා හදවත මඬියි. එයින් සිහිසුන්ව සිටිත්. තෙරුන්ගේ මුවෙහි අත පිවිසුවීමට හැකිවන්නේද? බියකරු අරමුණක් දැක්වීය. එය දැක තෙරණුවෝ නිමිත්තා ලෝකය වටහා නොගත්හ. භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක්ම කුමක් සඳහා තෙවැනිවර දක්වා ඇමතූ සේක්ද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සිටිනු (ජීවත්වනු) සේක්වායි ඇයැදි විට මේ දුකුළාව ඔබගේමය, මේ අපරාධය ඔබගේමයයි අනුන්ගෙන් නැඟෙන දෝෂාරෝපනයෙන් ශෝකය තුනී කරනු සඳහාය.

මාරො පාපිමාති එත්‍ථ සත‍්තෙ අනත්‍ථෙ නියොජෙන‍්තො මාරෙතීති මාරො. පාපිමාති තස‍්සෙව වෙවචනං. සො හි පාපධම‍්මසමන‍්නාගතත‍්තා “පාපිමා”ති වුච‍්චති. කණ‍්හො, අන‍්තකො, නමුචි, පමත‍්තබන්‍ධූතිපි තස‍්සෙව නාමානි. භාසිතා ඛො පනෙසාති අයඤ‍්හි භගවතො සම‍්බොධිපත‍්තියා අට‍්ඨමෙ සත‍්තාහෙ බොධිමණ‍්ඩෙයෙව ආගන‍්ත්‍වා “භගවා යදත්‍ථං තුම‍්හෙහි පාරමියො පූරිතා, සො වො අත්‍ථො අනුප‍්පත‍්තො, පටිවිද‍්ධං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, කිං තෙ ලොකවිචාරණෙනා”ති වත්‍වා යථා අජ‍්ජ, එවමෙව “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ භගවා”ති යාචි. භගවා චස‍්ස “න තාවාහ”න‍්තිආදීනි වත්‍වා පටික‍්ඛිපි. තං සන්‍ධාය – “භාසිතා ඛො පනෙසා, භන‍්තෙ”තිආදිමාහ.

මාරො පාපිමා යනු මෙහි සත්ත්වයන් අනර්‍ත්‍ථයෙහි යොදන්නායි. මරන්නේනුයි මාරයායි. පාපිමා යනු ද ඔහුටම නමෙකි. හෙතෙම පවිටු ධර්‍මයන්ගෙන් යුක්ත බැවින් පාපිමායි කියනු ලැබේ. භාසිතා ඛො පනෙසා යනු මෙතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ බුදුබවට පත්වීමෙන් අටවැනි සතියෙහි බෝ මැඬෙහිම අවුත් භාග්‍යවතුන් වහන්ස යමක් සඳහා නුඹවහන්සේ විසින් පාරමී ධර්‍මයෝ පුරන ලද්දාහුද ඔබගේ එම අර්‍ත්‍ථය සම්පූර්‍ණ විය. සර්‍වඥතාඥානය අවබෝධ කරන ලදි. ඔබවහන්සේගේ ලෝක සේවයෙහි හැසිරීමෙන් කවර වැඩෙක්දැයි කියා අද (මෙදින) මෙන්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වායි අයැදීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට “න තාවාහං” යනාදිය පවසා ප්‍රතික්‍ෂේප කළ සේක. ඒ සඳහා භාසිතා ඛො පනෙසා භන්තෙ යනාදිය කීය.

තත්‍ථ වියත‍්තාති මග‍්ගවසෙන බ්‍යත‍්තා, තථෙව විනීතා, තථා විසාරදා. බහුස‍්සුතාති තෙපිටකවසෙන බහු සුතං එතෙසන‍්ති බහුස‍්සුතා. තමෙව ධම‍්මං ධාරෙන‍්තීති ධම‍්මධරා. අථ වා පරියත‍්තිබහුස‍්සුතා චෙව පටිවෙධබහුස‍්සුතා ච. පරියත‍්තිපටිවෙධධම‍්මානංයෙව ධාරණතො ධම‍්මධරාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නාති අරියධම‍්මස‍්ස අනුධම‍්මභූතං විපස‍්සනාධම‍්මං පටිපන‍්නා. සාමීචිප‍්පටිපන‍්නාති අනුච‍්ඡවිකපටිපදං පටිපන‍්නා. අනුධම‍්මචාරිනොති අනුධම‍්මං චරණසීලා. සකං ආචරියකන‍්ති අත‍්තනො ආචරියවාදං. ආචික‍්ඛිස‍්සන‍්තීතිආදීනි සබ‍්බානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානි. සහධම‍්මෙනාති සහෙතුකෙන සකාරණෙන වචනෙන. සප‍්පාටිහාරියන‍්ති යාව නිය්‍යානිකං කත්‍වා ධම‍්මං දෙසෙස‍්සන‍්ති.

එහි වියත්තා යනු මාර්‍ග වශයෙන් ව්‍යක්ත වූවෝයි. වීනීතා යනු ද එසේමය, විසාරදා යනු ද එසේය. බහුස්සුතා යනු ත්‍රිපිටක වශයෙන් බොහෝවක් අසනලද්ද මොවුන්ටනුයි බහුස්සුතා නමි. ඒ ධර්‍මයම දරත්නුයි ධම්මධරා නමි. නැතහොත් පර්‍ය්‍යාප්ති බහුශ්‍රැතයෝ ද ප්‍රතිවෙධ බහුශ්‍රැතයෝ ද පර්‍ය්‍යාප්ති ප්‍රතිවෙධ ධර්‍මයන්ම දරන බැවින් ධර්‍මධරයෝයි මෙසේ මෙහි අර්‍ත්‍ථය දැක්විය යුතුය. ධම්මානුධම්මපටිපන්නො යනු ආර්‍ය්‍ය ධර්‍මයට අනුධර්‍මය වූ විදර්‍ශනා ධර්‍මයට පිළිපන්නෝයි. සාමීචිපටිපන්නා යනු යෝග්‍ය ප්‍රතිපදාවට පිළිපන්නාහුයි, අනුධම්මචාරිනො යනු අනුධර්‍මයෙහි හැසිරෙනසුලු වූවෝයි, සකං ආචරියකං යනු තමන්ගේ ආචාර්‍ය්‍යවාදයයි, ආචික්ඛිස්සන්ති යනාදි සියල්ල අන්‍යෝන්‍ය පර්‍ය්‍යාය වචනයි. සහධම්මෙන යනු සහේතුකවූ කරුණු සහිතවූ වචනයෙනි, සප්පාටිහාරීයං යනු යම්තාක් නෛර්‍ය්‍යායානික කොට ධර්‍මය දෙසත් යනුයි,

බ්‍රහ‍්මචරියන‍්ති සික‍්ඛාත‍්තයසඞ‍්ගහිතං සකලං සාසනබ්‍රහ‍්මචරියං. ඉද‍්ධන‍්ති සමිද‍්ධං ඣානස‍්සාදවසෙන. ඵීතන‍්ති වුද‍්ධිපත‍්තං සබ‍්බපාලිඵුල‍්ලං විය අභිඤ‍්ඤාසම‍්පත‍්තිවසෙන. විත්‍ථාරිකන‍්ති විත්‍ථතං තස‍්මිං තස‍්මිං දිසාභාගෙ පතිට‍්ඨිතවසෙන. බාහුජඤ‍්ඤන‍්ති බහූහි ඤාතං පටිවිද‍්ධං මහාජනාභිසමයවසෙන. පුථුභූතන‍්ති සබ‍්බාකාරෙන පුථුලභාවප‍්පත‍්තං. කථං? යාව දෙවමනුස‍්සෙහි සුප‍්පකාසිතන‍්ති, යත‍්තකා විඤ‍්ඤුජාතිකා දෙවා චෙව මනුස‍්සා ච අත්‍ථි, සබ‍්බෙහි සුට‍්ඨු පකාසිතන‍්ති අත්‍ථො. අප‍්පොස‍්සුක‍්කොති නිරාලයො. ත්‍වඤ‍්හි පාපිම අට‍්ඨමසත‍්තාහතො පට‍්ඨාය “පරිනිබ‍්බාතු දානි, භන‍්තෙ භගවා, පරිනිබ‍්බාතු සුගතො”ති විරවන‍්තො ආහිණ‍්ඩිත්‍ථ. අජ‍්ජ දානි පට‍්ඨාය විගතුස‍්සාහො හොහි, මා මය‍්හං පරිනිබ‍්බානත්‍ථං වායාමං කරොහීති වදති.

බ්‍රහ්මචරියං යනු ශික්‍ෂාත්‍රය ඇතුළත්වූ සියලු ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවයි, ඉද්ධං යනු ඥාන දර්‍ශන වශයෙන් සමෘද්ධ වූයි, ඵීතං යනු අභිඥාසමාපත්ති වශයෙන් හැම අතින් මලින් පිරුණක් මෙන් වෘද්ධියට පැමිණියේයි. විත්‍ථාරිකං යනු ඒ ඒ දිශා භාගයෙහි පිහිටීම් වශයෙන් පැතුරුනාවූයි, බාහුජඤ්ඤං යනු මහජනයාගේ දැනීම් වශයෙන් බොහෝ දෙනා විසින් දන්නාලද, වටහාගන්නාලදය, පුථුභූතං යනු සර්‍වප්‍රකාරයෙන්ම මහත් (පළල්) බවට පත්වූයි, කෙසේද? යාවදෙව මනුස්සෙහි සුප්පකාසිතං යනු යම්තාක් බුද්ධිමත් ස්වභාවය ඇති දෙවියෝ හා මිනිස්සු වෙත් ද (ඒ) සියල්ලන් විසින් මනාව ප්‍රකාශ කරන ලදැයි අරුත්ය. අප්පොස්සුක්කො යනු ආශා නැත්තෝයි. පවිට ඔබ අටවැනි සතියෙහි පටන් ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පානා සේක්වායි හඬමින් හැසුරුණෙහිය, අද දැන් සිට අත්හළ උත්සාහ ඇත්තේ වෙව, මගේ පිරිනිවීම සඳහා වෑයම් නොකරවයි කියයි.

සතො සම‍්පජානො ආයුසඞ‍්ඛාරං ඔස‍්සජ‍්ජීති සතිං සූපට‍්ඨිතං කත්‍වා ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ආයුසඞ‍්ඛාරං විස‍්සජ‍්ජි පජහි. තත්‍ථ න භගවා හත්‍ථෙන ලෙඩ‍්ඩුං විය ආයුසඞ‍්ඛාරං ඔස‍්සජි, තෙමාසමත‍්තමෙව පන ඵලසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා තතො පරං න සමාපජ‍්ජිස‍්සාමීති චිත‍්තං උප‍්පාදෙසි. තං සන්‍ධාය වුත‍්තං “ඔස‍්සජී”ති. උස‍්සජීතිපි පාඨො. මහාභූමිචාලොති මහන‍්තො පථවීකම‍්පො. තදා කිර දසසහස‍්සී ලොකධාතු කම‍්පිත්‍ථ. භිංසනකොති භයජනකො. දෙවදුන්‍දුභියො ච ඵලිංසූති දෙවභෙරියො ඵලිංසු, දෙවො සුක‍්ඛගජ‍්ජිතං ගජ‍්ජි, අකාලවිජ‍්ජුලතා නිච‍්ඡරිංසු, ඛණිකවස‍්සං වස‍්සීති වුත‍්තං හොති.

සතො සම්පජානො ආයු සංඛාරං ඔස්සජි යනු සිහිය මනාව පිහිටුවා නුවණින් පිරිසිඳ ආයුසංස්කාරය අත්හළ සේක. දුරුකළ සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අතින් මැටිපිඬක් මෙන් ආයුසංස්කාරය අත් නොහළ සේක. තෙමසක් පමණම පලසමවතට සමවැදී ඉන්මත්තෙහි නොසමවදින්නෙමැයි සිත ඉපදවූ සේක. ඒ සඳහා ඔස්සජීය කීවේය: ඔස්සජ්ජි යනුද පාඨයි. මහාභූමිවාලො යනු මහත් පෘථිවිකම්පාවකි. එදින වනාහි දසදහසක් ලෝකධාතුව කම්පාවූයේය. දෙවදූන්‍ද්‍රභියො ච එලිංසු යනු දිවබෙර වැයිණි. අහස වියළී ගැජුම් නැඟීය. අකල් විදුලිය නික්මිණි. කෙණෙහිවැසි වැස්සේයයි කියන ලද්දේ වෙයි.

උදානං උදානෙසීති කස‍්මා උදානෙසි? කොචි නාම වදෙය්‍ය “භගවා පච‍්ඡතො පච‍්ඡතො අනුබන්‍ධිත්‍වා ‘පරිනිබ‍්බාතු, භන‍්තෙ’ති උපද‍්දුතො භයෙන ආයුසඞ‍්ඛාරං විස‍්සජ‍්ජෙසී”ති, තස‍්සොකාසො මා හොතු, භීතස‍්ස හි උදානං නාම නත්‍ථීති පීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙසි.

උදානං උදානෙසි යනු කුමක් හෙයින් උදන් ඇනූ සේක්ද? භාග්‍යවතුන් වහන්සේ පසුපසින් පසුපසින් ඵහුබැද “ස්වාමීනි, පිරිනිවන් පානා සේක්වායි” උවදුරු කරන ලද සේක් බියෙන් ආයුසංස්කාරය හළසේකැයි කිසිවෙක් කියනු ඇත. එයට ඉඩක් නොවේවායි (යන අදහසිනි). එහෙයින් උදාන ප්‍රීතිවේගයෙන් විසුරුණු උදානයක් කළ සේක.

තත්‍ථ සබ‍්බෙසං සොණසිඞ‍්ගාලාදීනම‍්පි පච‍්චක‍්ඛභාවතො තුලිතං පරිච‍්ඡින‍්නන‍්ති තුලං. කිං තං? කාමාවචරකම‍්මං. න තුලං, න වා තුලං සදිසමස‍්ස අඤ‍්ඤං ලොකියං කම‍්මං අත්‍ථීති අතුලං. කිං තං? මහග‍්ගතකම‍්මං. අථ වා කාමාවචරං රූපාවචරං තුලං, අරූපාවචරං අතුලං. අප‍්පවිපාකං වා තුලං, බහුවිපාකං අතුලං. සම‍්භවන‍්ති සම‍්භවහෙතුභූතං, රාසිකාරකං පිණ‍්ඩකාරකන‍්ති අත්‍ථො. භවසඞ‍්ඛාරන‍්ති පුනබ‍්භවසඞ‍්ඛාරණකං. අවස‍්සජීති විස‍්සජ‍්ජෙසි. මුනීති බුද‍්ධමුනි. අජ‍්ඣත‍්තරතොති නියකජ‍්ඣත‍්තරතො. සමාහිතොති උපචාරප‍්පනාසමාධිවසෙන සමාහිතො. අභින්‍දි කවචමිවාති කවචං විය අභින්‍දි. අත‍්තසම‍්භවන‍්ති අත‍්තනි සඤ‍්ජාතං කිලෙසං. ඉදං වුත‍්තං හොති – සවිපාකට‍්ඨෙන සම‍්භවං, භවාභිසඞ‍්ඛරණට‍්ඨෙන භවසඞ‍්ඛාරන‍්ති ච ලද‍්ධනාමං තුලාතුලසඞ‍්ඛාතං ලොකියකම‍්මඤ‍්ච ඔස‍්සජි, සඞ‍්ගාමසීසෙ මහායොධො කවචං විය අත‍්තසම‍්භවං කිලෙසඤ‍්ච අජ‍්ඣත‍්තරතො හුත්‍වා සමාහිතො හුත්‍වා අභින්‍දීති.

එහි සියලු බලු සිවල් ආදීන්ට ද ප්‍රත්‍යක්‍ෂභාවයෙන් සමාන කරනලදි. පිරිසිඳින ලදියි තුලං නමි. කිම එය කාමාවචර කර්‍මයක්ද? සමාන නොවේ. මොහුට සමානවූවෙක් නැත. එයට සමාන වෙනත් ලෞකික කර්‍මයක් නැතැයි අතුලං නමි. කිම එය මහත්ගත කර්‍මයක්ද? නැතහොත් කාමාවචරය රූපාවචරය තුලය. අරූපාවචරය අතුලය. අඩුවිපාක ඇත්තේ තුලය. බොහෝ විපාක ඇත්තේ අතුලය. සම්භවං යනු හටගැනීමට හේතුවූයි, භවසඞ්ඛාරං යනු පුනර්භවය සංස්කරණය කරන්නා වූ එකතුකරන්නා වූ පිඬුකරන්නාවූ යන අරුත්ය. අවස්සජී යනු අත්හළේය. මුනි යනු බුද්ධමුනිවරයායි, අජ්ඣත්තරතො යනු ස්වකීය අධ්‍යාත්මයෙහි ඇළුණේයි, සමාහිතො යනු උපචාර අර්‍පණා වශයෙන් සමාධිගතවූයේයි, අභිද කවචමිව යනු සන්නාහයක් මෙන් බින්දේය, අත්තසම්භවං යනු තමා තුළ හටගත් කෙලෙස්ය, මෙය කියන ලද්දේ වෙයි. විපාක සහිතය යන අරුතින් හටගත් භවය රැස්කරන අරුතින් භව සංස්කාරයයි ලබන ලද නම් ඇති තුලාතුල සංඛ්‍යාතවූ ලෞකික කර්‍මය ද අත්හළේය. යුදබිමෙහි මහා යෝධයෙක් සන්නාහය මෙන් තමාතුළ හටගත් කෙලෙස් ද අධ්‍යාත්මයෙහි ඇලුණු සමාධිගත වූයේ වී බින්දේය.

අථ වා තුලන‍්ති තුලෙන‍්තො තීරෙන‍්තො. අතුලඤ‍්ච සම‍්භවන‍්ති නිබ‍්බානඤ‍්චෙව සම‍්භවඤ‍්ච. භවසඞ‍්ඛාරන‍්ති භවගාමිකම‍්මං. අවස‍්සජි මුනීති “පඤ‍්චක‍්ඛන්‍ධා අනිච‍්චා, පඤ‍්චන‍්නං ඛන්‍ධානං නිරොධො නිබ‍්බානං නිච‍්ච”න‍්තිආදිනා (පටි· ම· 3.37-38) නයෙන තුලයන‍්තො බුද‍්ධමුනි භවෙ ආදීනවං, නිබ‍්බානෙ ච ආනිසංසං දිස‍්වා තං ඛන්‍ධානං මූලභූතං භවසඞ‍්ඛාරං කම‍්මං “කම‍්මක‍්ඛයාය සංවත‍්තතී”ති (ම· නි· 2.81; අ· නි· 4.232-233) එවං වුත‍්තෙන කම‍්මක‍්ඛයකරෙන අරියමග‍්ගෙන අවස‍්සජි. කථං? අජ‍්ඣත‍්තරතො සමාහිතො, අභින්‍දි කවචමිවත‍්තසම‍්භවං. සො හි විපස‍්සනාවසෙන අජ‍්ඣත‍්තරතො, සමථවසෙන සමාහිතොති එවං පුබ‍්බභාගතො පට‍්ඨාය සමථවිපස‍්සනාබලෙන කවචමිව අත‍්තභාවං පරියොනන්‍ධිත්‍වා ඨිතං, අත‍්තනි සම‍්භවත‍්තා “අත‍්තසම‍්භව”න‍්ති ලද‍්ධනාමං සබ‍්බකිලෙසජාලං අභින්‍දි. කිලෙසාභාවෙන ච කතං කම‍්මං අප‍්පටිසන්‍ධිකත‍්තා අවස‍්සට‍්ඨං නාම හොතීති එවං කිලෙසප‍්පහානෙන කම‍්මං පජහි. පහීනකිලෙසස‍්ස ච භයං නාම නත්‍ථි, තස‍්මා අභීතොව ආයුසඞ‍්ඛාරං ඔස‍්සජ‍්ජි, අභීතභාවඤාපනත්‍ථඤ‍්ච උදානං උදානෙසීති වෙදිතබ‍්බො.

නැතහොත් තුලං යනු සමාන කර බලන්නේ තීරණය කරන්නේයි, අතුලඤ්ච සම්භවං යනු නිවන ද භවය ද යනුයි. භවසඞ්ඛාරං යනු භවගාමී කර්‍මයයි, අවස්සජි මුනි යනු පඤ්චස්කන්‍ධයෝ අනිත්‍යයහ. ස්කන්‍ධ පසේ නිරෝධය වූ නිවන නිත්‍යය යනාදී ක්‍රමයෙන් තීරණය කරමින් බුද්ධමුනිවරතෙමේ භවයෙහි ආදීනවය ද නිවනෙහි ආනිශංසය ද දැක ඒ ස්කන්‍ධයන්ට මුල්වූ භවසංස්කාරය “කර්‍මය කර්‍මය සඳහා පවතී” යයි මෙසේ කියනලද කර්‍ම විනාශ කරන්නා වූ ආර්‍ය්‍යමාර්‍ගයෙන් අත්හළේය. කෙසේද? අධ්‍යාත්මයෙහි ඇළුණේ සමාහිතවූයේ සන්නාහයක් මෙන් සංස්කාරය බිඳ දැමීය. හෙතෙමේ විදර්‍ශනාවශයෙන් අධ්‍යාත්මයෙහි ඇළුණේ සමථ වශයෙන් සමාහිත වූයේයි මෙසේ පූර්‍ව භාගයෙහි පටන් සමථ විදර්‍ශනා බලයෙන් සන්නාහයක් මෙන් ආත්මභාවය වටකොට තිබූ තමාතුළ හටගත් බැවින් අත්තසම්භව යයි ලබන ලද නම් ඇති ඒ සියලු කෙලෙස් සමූහය බිඳ දැම්මේය. කෙලෙස් නැතිවිට කර්‍මය ප්‍රතිසන්‍ධිය නොදෙන බැවින් අත්හරන ලද්දේ නම් වේයයි මෙසේ කෙලෙස් නැසීමෙන් කර්‍මය අත්හළේය. දුරුකළ කෙලෙස් ඇත්තාට බියක් නම් නැත. එබැවින් බිය නැත්තේවම ආයුසංස්කාරය අත්හළේය. බිය නැති බව ප්‍රකට කරනු සඳහා ද උදන් ඇනීයයි දතයුතුය.

යං මහාවාතාති යෙන සමයෙන යස‍්මිං වා සමයෙ මහාවාතා. වායන‍්තීති උපක‍්ඛෙපකවාතා නාම උට‍්ඨහන‍්ති, තෙ වායන‍්තා සට‍්ඨිසහස‍්සාධිකනවයොජනසතසහස‍්සබහලං උදකසන්‍ධාරකවාතං උපච‍්ඡින්‍දන‍්ති, තතො ආකාසෙ උදකං භස‍්සති, තස‍්මිං භස‍්සන‍්තෙ පථවී භස‍්සති, පුන වාතො අත‍්තනො බලෙන අන‍්තොධම‍්මකරණෙ විය උදකං ආබන්‍ධිත්‍වා ගණ‍්හාති, තතො උදකං උග‍්ගච‍්ඡති, තස‍්මිං උග‍්ගච‍්ඡන‍්තෙ පථවී උග‍්ගච‍්ඡති. එවං උදකං කම‍්පිතං පථවිං කම‍්පෙති. එතඤ‍්ච කම‍්පනං යාවජ‍්ජකාලාපි හොතියෙව, බහුභාවෙන පන ඔගච‍්ඡනුග‍්ගච‍්ඡනං න පඤ‍්ඤායති.

යං මහාවාතා යනු යම් කලකින් හෝ යම් කලෙක මහාසුළං හමයි ද මහ සුළං හමමින් තල්ලුකොට හරින සුළං නැගෙයි. ඒවා හමමින් තල්ලුකොට හරින සුළං නැගෙයි. ඒවා හමමින් යොදුන් නවලක්‍ෂ සැටදහසක් ඝන වූ ජලය දරා සිටින සුළඟ සිඳ දමයි. එයින් අහසෙහි දිය රූරා වැටෙයි. දිය රූරා හැලෙන විට පොළොව පහත් වෙයි. යළි සුළඟ තම බලයෙන් පෙරහනක ඇතුළත මෙන් එකට එක්කොට ගනියි. එයින් දිය මතුව එයි. දියමතුවන විට පොළොව මතුව එයි. මෙසේ සෙළවුණු දිය පොළොව සොලවයි. මෙබඳු සෙලවීම් අද කාලය දක්වා ද වේමය. බොහෝ බවින් (නිතර සිදු වන බැවින්) උස් පහත්වීම නොපැනෙයි.

මහිද‍්ධිකා මහානුභාවාති ඉජ‍්ඣනස‍්ස මහන‍්තතාය මහිද‍්ධිකා, අනුභවිතබ‍්බස‍්ස මහන‍්තතාය මහානුභාවා. පරිත‍්තාති දුබ‍්බලා. අප‍්පමාණාති බලවා. සො ඉමං පථවිං කම‍්පෙතීති සො ඉද‍්ධිං නිබ‍්බත‍්තෙත්‍වා සංවෙජෙන‍්තො මහාමොග‍්ගල‍්ලානො විය, වීමංසන‍්තො වා මහානාගත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො සඞ‍්ඝරක‍්ඛිතසාමණෙරො විය පථවිං කම‍්පෙති. සඞ‍්කම‍්පෙතීති සමන‍්තතො කම‍්පෙති. සම‍්පකම‍්පෙතීති තස‍්සෙව වෙවචනං. ඉති ඉමෙසු අට‍්ඨසු පථවිකම‍්පෙසු පඨමො ධාතුකොපෙන, දුතියො ඉද‍්ධානුභාවෙන, තතියචතුත්‍ථා පුඤ‍්ඤතෙජෙන, පඤ‍්චමො ඤාණතෙජෙන, ඡට‍්ඨො සාධුකාරදානවසෙන, සත‍්තමො කාරුඤ‍්ඤසභාවෙන, අට‍්ඨමො ආරොදනෙන. මාතුකුච‍්ඡිං ඔක‍්කමන‍්තෙ ච තතො නික‍්ඛමන‍්තෙ ච මහාසත‍්තෙ තස‍්ස පුඤ‍්ඤතෙජෙන පථවී අකම‍්පිත්‍ථ, අභිසම‍්බොධියං ඤාණතෙජාභිහතා හුත්‍වා අකම‍්පිත්‍ථ, ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ සාධුකාරභාවසණ‍්ඨිතා සාධුකාරං දදමානා අකම‍්පිත්‍ථ, ආයුසඞ‍්ඛාරඔස‍්සජ‍්ජනෙ කාරුඤ‍්ඤසභාවසණ‍්ඨිතා චිත‍්තසඞ‍්ඛොභං අසහමානා අකම‍්පිත්‍ථ, පරිනිබ‍්බානෙ ආරොදනවෙගතුන‍්නා හුත්‍වා අකම‍්පිත්‍ථ. අයං පනත්‍ථො පථවිදෙවතාය වසෙන වෙදිතබ‍්බො. මහාභූතපථවියා පනෙතං නත්‍ථි අචෙතනත‍්තා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මහිද්ධිකා මහානුභාවා යනු සම්පූර්‍ණ වීම මහත් බැවින් මහත් සෘද්ධි ඇති විඳිය යුතු දෙයෙහි මහත් බැවින් මහත් ආනුභාව ඇත්තෝයි, පරිත්තා යනු දුබලයෝයි, අප්පමාණා යනු බලවත්තුයි, සො ඉමං පඨවිං කම්පෙති යනු හෙතෙම සෘද්ධිය උපදවා සංවේගයට පත්වන මහ මුගලන් තෙරුන් මෙන් ද විමසා බලන්නා වූ හෝ මහානාග තෙරුන්ගේ බෑණණුවන් වන සඞ්ඝරක්ඛිත හෙරණුන් මෙන් ද පොළොව සොලවයි. සඞ්කම්පෙති යනු හාත්පසින් සොලවයි, සම්පකම්පෙති යනු ඊටම පර්‍ය්‍යාය වචනයෙකි. මෙසේ මේ පෘථිවි කම්පා අට අතුරෙන් පළමුවැන්න ධාතු කෝපයෙනි, දෙවැන්න සෘද්ධි ආනුභාවයෙනි, තෙවැන්න හා සිවුවැන්න පුණ්‍ය බලයෙනි, පස්වැන්න නැණ බලයෙනි, සවැන්න සාධුකාර දීම් වශයෙනි, සත්වැන්න කරුණා ස්වභාවයෙනි. අටවැන්න විලාප නැඟීමෙනි. බෝසතුන් මවුකුස පිවිසෙන විට ද මවුකුසින් නික්මෙන විට ද ඔහුගේ පින් තෙදින් පොළොව සැලුනේය. බුදුබව අවබෝධ කිරීමේදී නැණ තෙදින් ගැටී සැලුනේය. දම්සක් පැවැත්මෙහි දී සාධුකාර භාවයෙහි සිටියා සාධුකාර දෙමින් සැලුනේය. ආයු සංස්කාරය අත්හැරීමෙහිදී කාරුණික භාවයෙන් යුක්තවූවා සිත සැලීම නොඉවසමින් සැලුනේය. පිරිනිවීමේදී හැඬීම් වේගයෙන් ඇලෙලෙමින් සැලිණ. මේ අර්‍ත්‍ථය පෘථිවි දෙවතාවාගේ වශයෙන් දතයුතුය. චෙතනාරහිත බැවින් මහාභූත පෘථිවියෙහි මෙය නැත. සෙසු සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.

භූමිචාලවග‍්ගො සත‍්තමො.

සත්වැනි වූ චාපාල වර්‍ගයයි.