භුමිචාල සුත්තං
8. 2. 7. 10.
8. 1. 7. 10.
භුමිචාල සුත්තං
භූමිචාල සූත්‍රය
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලියං පිණ්ඩාය පාවිසි. වෙසාලියා පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි; ගණ්හාහි ආනන්ද නිසීදනං, යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායාති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනමාදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන විසාලාවට පිඬු පිණිස පිවිස සේක. විසාලායෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්ද ය, නිසීදනය (පත්කඩ) ගනුව, චාපාලචේතිය වෙත දිවාවිහාරය පිණිස යම්හයි, වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අනඳ තෙරහු නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස් ලුහුබැඳියහ.
අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: රමණීයා ආනන්ද වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං රමණීයං චාපාලං චෙතියං.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෙතිය වෙත එළඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්දය, වේසාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බචෙතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි.
යස්ස කස්සචි ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො සො, ආනන්ද කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො ආනන්ද තථාගතො කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වාති. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි: තිට්ඨතු භන්තෙ, භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති, යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
ආනන්දය, යම් කිසිවකුන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත ද බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරද්ධ ද, ආනන්ද ය, හේ කැමති වනුයේ කපක් (ආයුෂ්කල්පයක්) හෝ කල්පාවශේෂයක් හෝ (ආයුෂ්කල්පයෙන් වැඩියක්) සිටුනේ ය. ආනන්ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්ද ය, තථාගත තෙමේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. මෙසේත් ආයුෂ්මත් ආනන්ද තෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති පහළ කළ කල්හි ඖදාරික අවභාසය (ආලෝකය) පහළ කළ කල්හිදු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් කල් සිටුනා සේක්වා. වහන්ස, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්ත්ථය පිණිස හිත පිණිස සුඛ පිණිස කපක් කල් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සේ භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: රමණීයා ආනන්ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බකං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො සො ආනන්ද, කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, ආකඞ්ඛමානො ආනන්ද තථාගතො කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වාති. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි: තිට්ඨතු භන්තෙ, භගවා කප්පං තිට්ඨතු සුගතො කප්පං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති, යථා තං මාරෙන පරියුට්ඨිත චිත්තො.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ... තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්දය, වෛශාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බ චේතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි. ආනන්දය, යම් කිසිවකු විසින් සතර ඉදුපා භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, ආනන්ද ය, හේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. ආනන්ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්ද ය, කැමති වනුයේ තථාගත තෙමේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් ඖදාරික නිමිත්ත පහළ කරනු ලබන කල්හි ඖදාරික අවභාසය පහළ කරනු ලබන කල්හි ආයුෂ්මත් අනඳ තෙරහු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්ත්ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සෙයින් භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡ ත්වං ආනන්ද, යස්සදානි කාලං මඤ්ඤසීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා භගවතො අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්ද ය, තෝ යව, දැන් යමකට කල් නම් ඒ දනුවයි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරු එක්තරා රුක්මුලෙක හුන්හ.
අථ ඛො මාරො පාපිමා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දො භගවන්තං එතදවොච; පරිනිබ්බාතු භන්තෙ, භගවා. පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලොදානි භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛු න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසිස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානී කරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසිස්සන්තීති.
එකල්හි පවිටු මාර තෙමේ අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලී, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් “පාපීමය, යම්තාක් කල් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ වියත් වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්මධර වූවාහු ධර්මානුධර්මයට පිළිපන්නාහු සාමීචි පිළිවෙතෙහි යෙදුනාහු අනුධර්මචාරී වූවාහු වෙත් ද, ස්ව-ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්මයෙන් මොනොවට නිගෙන සප්රාතිහාර්ය්ය ධර්මය දෙසන්නාහු ද, එතෙක් මම නො පිරිනිවෙන්නෙමි යන තෙල වචනය කියන ලද මැයි.
එතරහි භන්තෙ භික්ඛු භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති, විවරන්ති විභජන්ති උත්තානී කරොන්ති. උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ භගවා පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බානකාලො’දානි භන්තෙ, භගවතො.
වහන්ස, මෙ කල්හි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්මධර වූවාහු ධර්මානුධර්මප්රතිපන්න වූවාහු සාමීචියට පිළිපන්නාහු අනුධර්මචාරී වූවාහු ස්වකීය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විස්තර කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්මයෙන් නිගෙන සප්රතිහාර්ය්ය ධර්මය දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙනට කලි.
භාසිතා ඛොපනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි, යාව මෙ භික්ඛුනියො න සාවිකා -පෙ- යාව මෙ උපාසකා න සාවකා -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති, දෙසිස්සන්ති, පඤ්ඤපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසිස්සන්තීති.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය, යම්තාක් මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවෝ ... යම්තාක් මාගේ උපාසක ශ්‍රාවකයෝ ... යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විශාරද වූවාහු පැමිණි යෝගක්ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්මධර වූවාහු ධර්මානුධර්මප්රතිපන්න වූවාහු සාමීචි පිළිවෙතට පිළිපන්නාහු අනුධර්මචාරීනී වූවාහු වෙත් ද, සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්මයෙන් මොනොවට නිගෙන සප්රාතිහාර්ය්ය ධර්මය දෙසන්නාහු ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි යි කියා යි.
එතරහි භන්තෙ උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති. උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති.
වහන්ස, මෙකල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ බහුශ්‍රැතයහ, ධර්මධරයහ, ධර්මානුධර්ම ප්‍රතිපන්නයහ, සාමීචි ප්‍රතිපන්නයහ, ව්‍යක්තයහ, විනීතයහ, විශාරදයහ, පැමිණි යෝගක්ෂේම ඇත්තාහ. අනුධර්මචාරී වූවාහු සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විවරණ කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්මයෙන් මොනොවට නිගෙන සප්රතිහාර්ය්ය ධර්මය දෙසත්.
පරිනිබ්බාතු ‘දානි භන්තෙ භගවා පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බාන කාලො’ දානි භන්තෙ භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි. යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධං චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති. එතරහි භන්තෙ භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය යම්තාක් මාගේ මේ බ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ වූයේත් වැඩුණේත් විස්තෘත වූයේත් බොහෝ දෙන අතර ප්‍රකට වූයේත් පෘථුල භාවයට ගියේත් යම්තාක් දෙවිමිනිසුන් විසින් සුප්‍රකාශිත වූයේත් වේ ද, ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමැයි කියා යි.
පරිනිබ්බාතු ‘දානි භන්තෙ භගවා, පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බාන කාලො’ දානි භන්තෙ භගවතොති.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, භාග්‍යවතුන් වහන්සේට මේ පිරිනිවීමට කල් වේ යයි.
අප්පොස්සුක්කො ත්වං පාපිම හොහි, නචිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති, ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතීති.
පාපිමය, තෝ අල්පොත්සුක වව, නොබෝ කලෙකින් තථාගතයන්ගේ පරිනිර්වාණය වන්නේ ය. මෙයින් තුන්මසක්හුගේ ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි.
අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජි. ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච චලිංසු. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෙතියෙහි ස්මෘති ඇත්තාහු සම්ප්‍රජන්‍යය ඇත්තාහු ආහුසංස්කාරය හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාරය හළ කල්හි බිහිසුණු වූ ලොමුදහගන්වන මහා භූමිකම්පනයෙක් විය. දෙව්බෙරහු (මේඝයෝ) සැලුණාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල අරුත් දැන ඒ වේලායෙහි මේ උදානය ඇනූසේක.
1. තුලමතුලඤ්ච සම්භවං භවසඞ්ඛාරමවස්සජි මුනී, අජ්ඣත්තරතො සමාහිතො අභින්දි කවචමිවත්තසම්භවන්ති.
1. නියකාධ්යාත්මයෙහි ඇලුණු උපචාරාර්පණා සමාධි වශයෙන් සමාහිත වූ බුද්ධ මුනි තෙමේ කාමාවචර අරූපාවචර කර්මය හා මහද්ගත කර්මය දැයි දෙවැදෑරුම් වූ උත්පත්තිජනක වූ පුනර්භව සංස්කාරක වූ කර්මය හළේ ය. (නොහොත් අතුල සඞ්ඛ්‍යාත නිර්වාණය හා භවය හා තුලනා කෙරෙමින් භවගාමී කර්මය හළේ ය.) ආත්මසම්භව වූ ක්ලේශය ද සන්නාහයක් සෙයින් බෝ මුල දී බිඳලී ය.
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: මහාවතායං භූමිචාලො, සුමහාවතායං භූමිචාලො භිංසනකො සලොමහංසො දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නුඛො හෙතු. කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායාති:
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුනට මෙ සිත විය: ඒකාන්තයෙන් මේ මහාභූමිචාලයෙක. ඒකාන්තයෙන් ඉමහත් වු මේ භූමිචාලය බිහිසුණු ද ලොමුදහගන්වන්නේද වෙයි. දේවදුන්දුභීහු (දෙව්බෙර නම් වූ මේඝයෝ) ද සැලුනාහ. මහත් වූ භූමිචාලයක්හුගේ ප්රාදුර්භාවයට හේතු කවරැ? සත්‍ය කවරැ? යි
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
මහාවතායං භන්තෙ භූමිචාලො සුමහාවතායං භන්තෙ භූමිචාලො භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. කො නුඛො භන්තෙ හෙතු, කො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවායාති:
“වහන්ස, එකැතින් මේ මහාභූමිචාලයෙක. වහන්ස, එකැතින් ඉමහත් වූ මේ භූමිචාලය බිහිසුණු වෙයි, ලොමුදහගන්වන්නෙකි. දේවදුන්දුභීහු සැලුණහ. වහන්ස, මහත් වූ භූමිචාලයක්හුගේ ප්රාදුර්භාවයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යි.
අට්ඨි මෙ ආනන්ද හෙතු, අට්ඨ පච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවාය, කතමෙ අට්ඨ:
ආනන්දය, මහාභූමිචාලයක ප්රාදුර්භාවය පිණිස මේ හේතූහු අටදෙනෙක. ප්‍රත්‍යයෝ අට දෙනෙක කවර අට දෙනෙක යත්:
1. අයං ආනන්ද මහාපඨවි උදකෙ පතිට්ඨිතා. උදකං වාතෙ ඨිතං, වාතො ආකාසට්ඨො හොති. සො ආනන්ද සමයො යං මහාවාතා වායන්ති, මහාවාතා වායන්තා උදකං කම්පෙන්ති. උදකං කම්පිතං පඨවිං කම්පෙති. අයං ආනන්ද පඨමො හෙතු පඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
1. ආනන්දය, මේ පොළොව දියෙහි පිහිටියා ය, දිය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශස්ථ වෙයි. ආනන්දය, යම් හෙයකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලෙක් වෙයි. හමන්නා වූ මහාවාතයෝ දීය කම්පිත කරත්. කම්පිත උදකය පොළොව සලයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ ප්රාදූර්භාවයට මේ පළමු හේතු ය. මේ පළමු ප්‍රත්‍යය යි.
2. පුන චපරං ආනන්ද සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොව සිප්පත්තො දෙවතා වා මහිද්ධිකා මහානුභාවා තස්ස පරිත්තා පඨවිසඤ්ඤා භාවිතා හොති, අප්පමාණා ආපොසඤ්ඤා. සො ඉමං පඨවිං කම්පෙති. සඞ්කම්පෙති, සම්පකම්පෙති අයං ආනන්ද දුතියො හෙතු, දුතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
2. ආනන්දය, තවද ඍද්ධිමත් වූ චිත්තවශීප්‍රාප්ත වූ මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති දේවතාවෙක් වේවයි ඇත. ඔහු විසින් ස්වල්ප වූ පෘථිවිසංඥා තොමෝ වඩන ලදු වෙයි. අප්සංඥා තොමෝ බලවත් කොට වඩන ලදු. හේ මේ පොළොව සොලවයි, හාත්පසින් සොලවයි, බොහෝ සෙයින් කම්පිත කරයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ ප්රාදුර්භාවය පිණිස මේ දෙවන හේතු යි, මේ දෙවන ප්‍රත්‍යය යි.
3. පුන චපරං ආනන්ද යදා බොධිසත්තො තුසිතා කායා චවිත්වා සතො සම්පජානො මාතුකුච්ඡිං ඔක්කමති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති. අයං ආනන්ද තතියො හෙතු. තතියො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
3. ආනන්දය, තවද යම් කලෙක බෝධිසත්ව තුසී දෙව්ලොවින් සැව සිහි ඇතියේ මනා නුවණැතියේ මව් කුසට වදනේ ද එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ ප්රාදූර්භාවයට මේ තෙවන හේතු යි, මේ තෙවන ප්‍රත්‍යය යි.
4. පුන චපරං ආනන්ද යදා බොධිසත්තො සතො සම්පජානො මාතු කුච්ඡිස්මා නික්ඛමති, තදායං පඨවී කම්පති සඞ්කම්පති සම්පකම්පති. අයං ආනන්ද චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
4. ආනන්දය, යම් කලෙක බෝධිසත්ව සිහි ඇතියේ මනා නුවණැතියේ මව්කුසින් බිහිවේ ද එකල මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ ප්රාදූර්භාවයට මේ සිවුවන හේතු යි, මේ සිවුවන ප්‍රත්‍යය යි.
5. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුජ්ඣති. තදායං පඨවී කම්පති, සඞ්කම්පති සම්පකම්පති. අයං ආනන්ද පඤ්චමො හෙතු පඤ්චමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
5. ආනන්දය, තවද, යම් කලෙක්හි තථාගත අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හු ගේ ප්රාදූර්භාවයට මේ පස්වන හේතු යි, මේ පස්වන ප්‍රත්‍යය යි.
6. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙති, තදායං පඨවී කම්පති, සඞ්කම්පති සම්පකම්පති. අයං ආනන්ද ඡට්ඨො හෙතු, ඡට්ඨො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
6. ආනන්දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුත්තර ධර්මචක්රය පවත්වත් ද, එකල පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සවන හේතු යි, මේ සවන ප්‍රත්‍යය යි.
7. පුන චපරං ආනන්ද යදා තථාගතො සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජති, තදායං පඨවී කම්පති, සඞ්කම්පති, සම්පකම්පති. අයං ආනන්ද සත්තමො හෙතු, සත්තමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය.
7. ආනන්දය, තවද, යම් කලෙක තථාගතයෝ සිහි ඇතියේ මනා නුවණැති ව ආයුස්සංස්කාරය හරිත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සත්වන හේතු යි, මේ සත්වන ප්‍රත්‍යය යි.
8. පුන චපරං ආනන්ද යදා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, තදායං පඨවී කම්පති, සඞ්කම්පති, සම්පකම්පති. අයං ආනන්ද අට්ඨමො හෙතු, අට්ඨමො පච්චයො මහතො භූමිචාලස්ස පාතුභාවාය. ඉමෙ ඛො ආනන්ද අට්ඨහෙතු, අට්ඨපච්චයා මහතො භූමිචාලස්ස පාතුභාවායාති.
8. ආනන්දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුපාදිශේෂ පරිනිර්වාණධාතුයෙන් පිරි නිවෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ අටැවනි හේතු යි, මේ අටවැනි ප්‍රත්‍යය යි.
චාපාලවග්ගො සත්තමො.
සත්වැනි චාපාල වර්ග යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
ඉච්ඡා අලඤ්ච සඞ්ඛිත්තං - ගයා අභිභුනා සහ විමොක්ඛො ද්වෙ ච වොහාරා - පරිසා භූමිචාලෙනාති.
ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, දේසිත සූත්‍රය, ගයාශීර්ෂයෙහි දී වදාළ අධිදේවඤාණදස්සන සූත්‍රය, අභිභායතන සූත්‍රය හා විමොක්ඛ සූත්‍රය ද වෝහාර සූත්‍රදෙක ද පරිස සූත්‍රය ද භූමිචාල සූත්‍රය දැයි දශයෙකි.