යෙදුමෙන් කියවන්න

8. යමකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. යමක වර්ගය

1. පඨම සමන‍්තපාසාදික සුත‍්තවණ‍්ණනා

1. ප්‍රථම සමන්තපාසාදික සූත්‍ර වර්ණනාව

අට‍්ඨමස‍්ස පඨමෙ නො ච සීලවාති න සීලෙසු පරිපූරකාරී. සමන‍්තපාසාදිකොති සමන‍්තතො පසාදජනකො. සබ‍්බාකාරපරිපූරොති සබ‍්බෙහි සමණාකාරෙහි සමණධම‍්මකොට‍්ඨාසෙහි පරිපූරො.

අටවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි නො ව සීලවා යනු ශීලය සම්පූර්‍ණ නොකරන්නායි, සමන්තපාසාදිකො යනු හාත්පසින් ප්‍රසාදය උපදවන්නාවූයි, සබ්බාකාරපරිපූරො යනු සියලු ශ්‍රමණාකාරයන්ගෙන් මහණදම් කොටස්වලින් සපුරන්නායි.

2. දුතිය සමන‍්තපාසාදික සුත‍්තවණ‍්ණනා

2. දෙවැනි සමන්තපාසාදික සූත්‍ර වර්ණනාව

දුතියෙ සන‍්තාති පච‍්චනීකසන‍්තතාය සන‍්තා. විමොක‍්ඛාති පච‍්චනීකධම‍්මෙහි විමුත‍්තත‍්තා ච විමොක‍්ඛා.

දෙවැන්නෙහි සන්තා යනු විරුද්ධ ධර්‍මයන් තැවීමෙන් ශාන්තවූයි (විමොක්‍ෂයෝයි ). විරුද්ධ ධර්‍මයන්ගෙන් මිදුන බැවින් ද විමොඛා නම් වූයේයි.

3. පඨම මරණසති සුත‍්තවණ‍්ණනා

3. ප්‍රථම මරණසති සූත්‍ර වර්ණනාව

තතියෙ භාවෙථ නොති භාවෙථ නු. සාසනන‍්ති අනුසිට‍්ඨි. ආසවානං ඛයායාති අරහත‍්තඵලත්‍ථාය.

තෙවැන්නෙහි භාවෙථ නො යනු භාවෙථ නු යන පද එකතුවයි. ආසවානං ඛයාය යනු අරහත්ඵලය සඳහායි.

4-9. දුතියමරණසති සුත‍්තාදිවණ‍්ණනා

4-9. දෙවැනි මරණසති ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථෙ පතිහිතායාති පටිපන‍්නාය. සො මමස‍්ස අන‍්තරායොති සො මම ජීවිතන‍්තරායොපි, පුථුජ‍්ජනකාලකිරියං කරොන‍්තස‍්ස සග‍්ගන‍්තරායොපි මග‍්ගන‍්තරායොපි අස‍්ස. සත්‍ථකා වා මෙ වාතාති සත්‍ථං විය අඞ‍්ගමඞ‍්ගානි කන‍්තන‍්තීති සත්‍ථකා. පඤ‍්චමාදීනි වුත‍්තනයානෙව. නවමෙ සංසග‍්ගාරාමතාති පඤ‍්චවිධෙ සංසග‍්ගෙ ආරාමතා.

සිවුවැන්නෙහි පතිහිතාය යනු පිළිපන්නාවූයි. සො මමස්ස අන්තරායො යනු එය මගේ ජීවිතයට අනතුරයි. පෘථග්ජන කාලක්‍රියාව කරන්නාට ස්වර්‍ගාන්තරව ද මාර්‍ගාන්තරව ද වන්නේය. සත්‍ථකා වා මෙ වාතා යනු අංගයෙන් අංගය කපත්නුයි සත්‍ථකා නමි. පස්වැන්න ආදිය කියනලද ක්‍රමය ඇත්තේය. නවවැන්නෙහි සංසග්ගාරාමතා යනු පස් වැදෑරුම් සංසර්‍ගයෙහි ඇලෙන බවයි.

10. කුසීතාරම‍්භවත්‍ථු සුත‍්තවණ‍්ණනා

10. කුසීතාරම්භවත්ථු සූත්‍ර වර්ණනාව

දසමෙ කුසීතවත්‍ථූනීති කුසීතස‍්ස අලසස‍්ස වත්‍ථූනි පතිට‍්ඨා, කොසජ‍්ජකාරණානීති අත්‍ථො. කම‍්මං කත‍්තබ‍්බං හොතීති චීවරවිචාරණාදිකම‍්මං කත‍්තබ‍්බං හොති. න වීරියං ආරභතීති දුවිධම‍්පි වීරියං නාරභති. අප‍්පත‍්තස‍්සාති ඣානවිපස‍්සනාමග‍්ගඵලධම‍්මස‍්ස අප‍්පත‍්තස‍්ස පත‍්තියා. අනධිගතස‍්සාති තස‍්සෙව අනධිගතස‍්ස අධිගමත්‍ථාය. අසච‍්ඡිකතස‍්සාති තදෙව අසච‍්ඡිකතස‍්ස සච‍්ඡිකරණත්‍ථාය. ඉදං පඨමන‍්ති ඉදං “හන්‍දාහං නිපජ‍්ජාමී”ති එවං ඔසීදනං පඨමං කුසීතවත්‍ථු. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. මාසාචිතකං මඤ‍්ඤෙති එත්‍ථ පන මාසාචිතං නාම තින‍්තමාසො. යථා තින‍්තමාසො ගරුකො හොති, එවං ගරුකොති අධිප‍්පායො. ගිලානා වුට‍්ඨිතො හොතීති ගිලානො හුත්‍වා පච‍්ඡා වුට‍්ඨිතො හොති. ආරම‍්භවත්‍ථූනීති වීරියකාරණානි. තෙසම‍්පි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දසවැන්නෙහි කුසීතවත්‍ථුනි යනු කුසීත බවට කරුණුයි. පිහිටයි, කුසීත බව ඇති කරවන්නාවූ හේතුයි. කම්මං කත්තබ්බං හොති යනු සිවුරු විමසීම් ආදී කටයුතු කළ යුතු වෙයි. න විරියං ආරභති යනු දෙවැදෑරුම්වූ ද වීර්‍ය්‍යය නොඅරඹයි, අප්පත්තස්ස යනු නොපත් ධ්‍යාන විදර්‍ශනා මාර්‍ගඵල ධර්‍මයට පැමිණීම සඳහායි. අනධිගතස්ස යනු අවබෝධ නොකළ එයම අවබෝධ කිරීම සඳහායි, අසච්ඡිකතස්ස යනු ප්‍රත්‍යක්‍ෂ නොකළ එයම ප්‍රත්‍යක්‍ෂ කරනු සඳහායි. ඉදං පඨමං යනු මම හොවිමැයි මෙසේ ගලායාම (මැලිව සිටීම) යන මෙය පළමුවැනි කුසීත වස්තුවයි. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දත යුතුයි. මායාවිතං මඤ්ඤෙ යනු මෙහි වනාහි මුළා සහිත සිත නම් තෙත් වූ මෑ ඇටය වැනිය. යම් සේ ඒ තෙත් මෑ ඇටය බර වෙයිද එසේ බරවූයේයි අදහසයි. ගිලානා වුට්ඨිතො හොති යනු ගිලනෙක් වී පසුව (ගිලන් බවින්) නැඟී සිටියේ වෙයි, ආරම්හවත්‍ථුනි යනු වීර්‍ය්‍ය කාරණයෝයි, මේ ක්‍රමයෙන්ම ඔවුන්ගේ ද අර්‍ත්‍ථය දතයුතුය. සෙස්ස සියලු තැන්හි පැහැදිලිමය.

යමකවග‍්ගො අට‍්ඨමො.

අටවැනි යමක වර්‍ගයයි.