යෙදුමෙන් කියවන්න

පඨමසම‍්පදා සුත‍්තං

8. 2. 8. 5.

8. 2. 8. 5.

පඨමසම‍්පදා සුත‍්තං

ප්‍රථම සම්පදා සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අට‍්ඨිමා භික‍්ඛවෙ සම‍්පදා. කතමා අට‍්ඨ: උට‍්ඨානසම‍්පදා, ආරක‍්ඛසම‍්පදා, කල්‍යාණමිත‍්තතා, සමජීවිකතා, සද‍්ධාසම‍්පදා, සීලසම‍්පදා, චාගසම‍්පදා, පඤ‍්ඤාසම‍්පදා, ඉමා ඛො භික‍්ඛවෙ, අට‍්ඨ සම‍්පදාති:

මහණෙනි, මේ සම්පත් අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂාසම්පදා ය, කල්‍යාණමිත්‍රසම්පදා ය, සමජීවිතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි. මහණෙනි, මේ අෂ්ට සම්පත් වෙයි.

1. උට‍්ඨාතා කම‍්මධෙය්‍යෙසු - අප‍්පමත‍්තො විධානවා සමං කප‍්පෙති ජීවිකං සම‍්භතං අනුරක‍්ඛති.

1. කමතෙහි (කර්‍මාන්ත කරන තන්හි) නැඟි සිටුනා වැර ඇතියේ නො පමා වූයේ විධාන ඇතියේ සම ව ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රක්නේ ය.

2. සද‍්ධො සීලෙන සම‍්පන‍්නො වදඤ‍්ඤූ වීතමච‍්ඡරො, නිච‍්චං මග‍්ගං විසොධෙති සොත්‍ථානං සම‍්පරායිකං.

2. සැදැහැතියේ ශීලයෙන් යුතු වූයේ බිණූ බස්හි අරුත් දන්නේ හළ මසුරුමල ඇතියේ පරලොව ඇසිරි කළ සුව ලැබීමට හේතු වූ කුසල් මඟ නිරතුරු හෙළි කෙරෙයි.

3. ඉච‍්චෙතෙ අට‍්ඨධම‍්මා ච සද‍්ධස‍්ස ඝරමෙසිනො අක‍්ඛාතා සච‍්චනාමෙන උභයත්‍ථ සුඛාවහා.

3. ගිහිගෙයිවැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්‍වර්‍ත්‍ථ නාම) ඇති බුදුන් විසින් මෙසේ වදාරන ලදහ.

4. දිට‍්ඨධම‍්මහිතත්‍ථාය සම‍්පරායසුඛාය ච එවමෙතං ගහට‍්ඨානං චාගො පුඤ‍්ඤං පවඩ‍්ඪතීති.

4. ගිහියනට දෘෂ්ටධර්‍මහිතය පිණිස ද සම්පරායික සුවය පිණිස ද මෙසේ තෙල දහම වෙයි. ත්‍යාගය පින් වඩනේ යයි.