දුතියමරණසති සුත්තං
8. 2. 8. 4.
8. 2. 8. 4.
දුතියමරණසති සුත්තං
දෙවැනි මරණසති සූත්‍රය
එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කථං භාවිතා ච භික්ඛවෙ, මරණසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා:
මහණෙනි, භාවිත බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල මහානෘශංස වෙයි, අමෘතාවගාහ වේ, අමෘතපර්‍ය්‍යාවසාන වේ. මහණෙනි, කෙසේ භාවිත කෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වේ ද, මහානෘශංස වේ ද, අමෘතාවගාහ වේ ද, අමෘතපර්‍ය්‍යාවසාන වේ ද:
ඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පතිහිතාය ඉතිපටිසඤ්චික්ඛති: බහුකා ඛො මෙ පච්චයා මරණස්ස. අභි වා මං ඩංසෙය්ය, විච්ඡිකො වා මං ඩංසෙය්ය, සතපදී වා මං ඩංසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායො, උපක්ඛලිත්වා වා පපතෙය්යං, භත්තං වා මෙ භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, මනුස්සා වා මං උපක්කමෙය්යුං, අමනුස්සා වා මං උපක්කමෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා, සො මම අස්ස අන්තරායොති.
මහණෙනි, මේ සස්නෙහි මහණ දාවල ඉක්මගිය කල්හි රෑ නැවත එළඹි කල්හි මෙසේ පස්විකයි: මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති. සර්පයෙක් හෝ මා ඩස්නේ ය, ගෝනුස්සෙක් හෝ මා ඩස්නේ ය, පත්තෑයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. ඒ මට ජීවිතාන්තරාය වෙයි. පැකිල හෙන්නෙම් නම් හෝ වෙමි. මා වැළඳූ බත හෝ නො දිරන්නේ ය. මාගේ පිත හෝ කිපෙයි. මාගේ සෙම හෝ කිපෙයි. මාගේ ශස්ත්‍රක වාතයෝ හෝ කිපෙති. මිනිස්සු හෝ මට උපක්‍රම කෙරෙති. අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කෙරෙත්. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි.
තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: අත්ථී නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති. සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං.
මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සිතිය යුතු යි: “රෑ කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල කෙනෙක් වෙත් නම් එබඳු ලමු අකුසල් දහම්හු මට අප්‍රහීණ වූවාහු ඇත් ද කියා යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “රෑ කාලක්‍රියා කරන මට යම් අකුශලධර්ම කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම් මට අප්‍රහීණ වූ එබඳු ලමු අකුශල ධර්මයෝ ඇතැයි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ම ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධිමාත්‍ර උත්සාහයත් නො කලකිරුමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කටයුතු.
සෙය්යථාපි භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්යං, එවමෙව ඛො භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
මහණෙනි, යම් සෙයින් ඇවිළ දන වස්ත්‍රය ඇතියෙක් වේවයි ඇවිළ දන හිසැතියේ වේවයි එම වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්දයත් ව්‍යායාමයත් උත්සායහත් අධිමාත්‍ර උත්සාහයත් උකටලී නොවීමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කෙරේ ද, මහණෙනි, එසෙයින් ම ඒ මහණු විසින් එම ලාමක අකුසල් දහමුන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, අධික වීර්‍ය්‍යයත්, උකටලී නො වීමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
සචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායාති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ ‘යම් අකුසල් දහම් කෙනෙක් කෙනෙක් රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස වෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු මට නැතැ යි මෙසේ දන්නේ වේ ද, මහණෙනි, එ මහණහු විසින් දවරෑහි කුසල් දහම්හි හික්මෙනුවහු විසින් එම ප්රීතිප්රමෝද්යයෙන් වාස කටයුතු යි.
ඉධ පන භික්ඛවෙ භික්ඛු රත්තියා නික්ඛන්තාය දිවසෙ පතිහිතෙ ඉතිපටිසඤ්චික්ඛති: බහුකා ඛො මෙ පච්චයා මරණස්ස. අහි වා මං ඩංසෙය්ය, විච්ඡිකො වා මං ඩංසෙය්ය, සතපදී වා මං ඩංසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායාති. උපක්ඛලිත්වා වා පපතෙය්යං, භත්තං වා මෙ භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, මනුස්සා වා මං උපක්කමෙය්යුං, අමනුස්සා වා මං උපක්කමෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායාති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ නික්ම ගිය කල්හි දවස නැවත ආ කල්හි මෙසේ නුවණින් සිතයි: මාගේ මරණයට බොහෝ ප්‍රත්‍යයෝ වෙත්: සර්පයෙක් හෝ මා ඩස්නේ ය, වෘශ්චිකයෙක් හෝ මා ඩස්නේ ය, ශතපදිකයෙක් හෝ මා ඩස්නේ ය, එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එය මට අන්තරාය පිණිස වෙයි, පා පැකිළ හෝ හෙන්නෙම වෙමි, මා වැළඳූ බත හෝ නොදිරයි, මාගේ පිත හෝ කිපෙයි, මාගේ සෙම හෝ කිපෙයි, මගේ ශස්ත්රකවාතයේ හෝ කිපෙත්, මිනිස්සු හෝ මට අපක්‍රම කරත්, අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කරත්, එයින් මාගේ කාලක්‍රියාව වෙයි, ඒ මට අන්තරාය පිණිස වෙයි, කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ සිතිය යුතු යි: දවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුසල් කෙනෙක් වෙත් නම්, එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු ම ඇත කියා යි.
සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අත්ථී මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායාති. තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤං ච කරණීයං.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “දාවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්ම කෙනෙක් වෙත් නම් එබඳු අකුශල ධර්මයෝ අප්‍රහීණ වූවාහු මට ඇත කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්මයන්ගේ ම ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළ්හියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කට යුතු යි.
සෙය්යථාපි භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
මහණෙනි, යම් සෙයෙකින් ඇවිළ දන වස්ත්‍ර ඇතියේ හෝ ඇවිළ දන හිසැතියේ ඇවිළ දන ඒ වස්ත්‍රය හෝ ඇවිළ දන ඒ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, නො කලකිරුමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කෙරේ නම්, මහණෙනි, එපරිදි ම ඒ මහණහු විසින් එම ලාමක අකුශල ධර්මයන්ගේ ප්රහාණය පිණිස අධිමාත්‍ර ඡන්දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
සචෙ පන භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා. යෙ මෙ අස්සු දිවාකාලං කරොන්තස්ස අන්තරායායාති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
මහණෙනි, ඉදින් මහණ ප්රත්යවේක්ෂා කරනුයේ මෙසේ දන්නේ ද: දවල් කලුරිය කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්ම කෙනෙක් වෙත් නම් එබඳු ලාමක අකුශල ධර්මයෝ අප්‍රහීණ වූවහු මට නැත. මහණෙනි, මහණහු විසින් කුශල ධර්මයන්හි දව රෑ හික්මෙනුවහු එම ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කටයුතු යි.
එවං භාවිතා ඛො භික්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, අමෘතාවගාහ වෙයි, අමෘතපර්ය්යවසානත් වේ යයි.