පඨම මරණසති සුත්තං
8. 2. 8. 3.
8. 2. 8. 3.
පඨම මරණසති සුත්තං
ප්‍රථම මරණසති සූත්‍රය
එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි (ගඩොළුමුවා පායෙහි) වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භගවත් හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණසතින්ති?
මහණෙනි, භාවිත, බහුලීකෘත මරණානුස්මෘතිය මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතයට බැස සිටියා වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තේ ද වෙයි. මහණෙනි, තෙපි මරණසී වඩව් දැයි.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: මම මරණානුස්මෘතිය වඩමැයි කියා යි.
යථා කථං පන ත්වං භික්ඛු, භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
මහණ, තෝ කෙබඳු කෙසේ නම් මරණසී වඩනේ දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම එක් රෑදවාලක් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න (ආර්ය්යමාර්ග ප්‍රතිවේධාවහ වූ අවවාදය) මෙනෙහි කරන්නෙම් නම් මාවිසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කරන ලද්දේ වෙයි, කියායි. වහන්ස, මම මෙසේ මරණානුස්මෘතිය වඩමි.
2. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
2. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
මහණ තෝ කෙසේ නම් මරණසී වඩනෙහි දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කරන ලද්දේ වන්නේ ය කියා යි. වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමැ යි.
3. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
3. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං උපඩ්ඪඩදිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
මහණ කෙසේ නම් තෝ මරණානුස්මෘතිය වඩනේ දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම අඩ දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමි යි.
4. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
4. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
“වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි? වහන්ස, මට මේ කරුණෙහි මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් (එක් දවසක් පමණ යැපෙන අහරක්) වළඳම් නම් එතෙක් කල් ජීවත්වන්නෙම් නම් මනාය. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමැ යි.
5. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති. ?
5. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහොවතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං උපඩ්ඪපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
“වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ, තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් අඩ පිඬුවා වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ වනාහි මම මරණ ස්මෘතිය වඩමි යි.
6. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
6. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි?
ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි. භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
වහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් බත් සතර පස් පිඩක් සපා ගිලිම් ද, ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
7. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති. යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
7. අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි?
ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි. භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
වහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක ආලෝපයක් සපා ගිලිම්ද, ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
8. අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ, භාවෙමි මරණසතින්ති.
8. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි.
යථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති? ඉධ මය්හං භන්තෙ, එවං හොති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සාමි, පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. එවං ඛො අහං භන්තෙ, භාවෙමි මරණසතින්ති.
මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට හෝ ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
එවං වුත්තෙ භගවා තෙ භික්ඛු එතදවොච: ය්වායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති. අහොවතාහං උපඩ්ඪඩදිවසං ජීවෙය්යං, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති. යොපායං භික්ඛවෙ, භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං උපඩ්ඪපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං චත්තාරො වා පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු පමත්තා විහරන්ති දන්ධං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය:
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුනට තෙල වදාළ සේක: මහණෙනි, යම් මහණෙක් ‘එකතින් මම එක රෑ දවාලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මහණෙක් මම දාවලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණ කෙනෙක් ‘මම එකතින් අඩදිනක ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිසා කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ යයි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අඩපිඬුවායක් වළඳම් නම් ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණ කිසා කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් බත් සතර පිඩක් පස් පිඩක් සපා ගිලිම් නම් එතෙක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්ෂූහු ප්‍රමාදව වෙසෙති ද ආස්රවක්ෂය පිණිස ලැසිව මරණසතිය වඩත් යයි ද කියනු ලැබෙත්.
යො ච ඛ්වායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති; අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසිකරෙය්යං බහුං වත මෙ කතං අස්සාති, යොපායං භික්ඛවෙ භික්ඛු මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා පස්සසාමී ච පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසිකරෙය්යං, බහුං වත මෙ කතං අස්සාති, ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛු අප්පමත්තා විහරන්ති තික්ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.
මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් එක් පිඩක් සපා ගිලිම් නම් ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අසස් කොට හෝ පසස් කරන්නෙම් ද, පසස් කොට හෝ අසස් කරන්නෙම් ද ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේත් වන්නේ ය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්ෂූහු අප්‍රමත්තව වෙසෙන්නාහ යි ද ආස්රවක්ෂය කරනු පිණිස තීක්ෂණ ව මරණස්මෘතිය වඩන්නාහයි ද කියනු ලැබෙත්.
තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාම, තික්ඛං මරණසතිං භාවෙය්යාම ආසවානං ඛයායාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: අප්‍රමත්තව වාසය කරම්හ. ආස්‍රවයන් ක්ෂය කරනු පිණිස තීක්ෂණ ව මරණස්මෘතිය වඩම්හ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.