දුතිය සම්පදා සුත්තං
8. 2. 8. 6.
8. 2. 8. 6.
දුතිය සම්පදා සුත්තං
ද්විතීය සම්පදා සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අට්ඨිමා භික්ඛවෙ සම්පදා: කතමා අට්ඨ: උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්යාණමිත්තතා, සමජීවිකතා, සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදාති.
මහණෙනි, මේ සම්පත්හු අටදෙනෙකි. කවර අටදෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂසම්පදා ය, කල්‍යාණමිත්‍රතා ය, සමජීවිකතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
1. කතමා ච භික්ඛවෙ උට්ඨානසම්පදා:
1. මහණෙනි, උත්‍ථානසම්පදා නම් කවර:
ඉධ භික්ඛවෙ කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං කප්පෙති යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං, අයං වුච්චති භික්ඛවෙ උට්ඨානසම්පදා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදාමෙන් වේවයි, ගෙරි රැක්මෙන් වේවයි, දුනුවා කමින් වේවයි, රජ මෙහෙවරින් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම් ම කර්මාන්තයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්ෂ වෙයි, අනලස් වෙයි, තත්‍රෝපාය වීමංසායෙන් සමන්වාගත වෙයි, කරන්නට සමර්ත්ථ වෙයි, සංවිධානයට සමර්ත්ථ වෙයි. මහණෙනි, මේ උත්‍ථානසම්පදා යි කියනු ලැබේ.
2. කතමා ච භික්ඛවෙ ආරක්ඛසම්පදා:
2. මහණෙනි, ආරක්‍ෂසම්පදා නම් කවර:
ඉධ භික්ඛවෙ කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවිරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා සො තෙ ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති ‘කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි ඩහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා දායාදා හරෙය්යුන්ති. අයං වුච්චති භික්ඛවෙ ආරක්ඛසම්පදා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුතෙක් හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් රැස් කළ, සෝදිය වෑහීමෙන් රැස්කළ, එයින් දැහැමි වූ දැහැමින් ලත් භෝග කෙනෙක් වෙත් ද, හේ ඒ භෝගයන් ආරක්ෂායෙන් සැඟැවීමෙන් සපයා තබයි, කෙසේ ය: මා අයත් භෝගයන් කෙසේ රජදරුවෝ පැහැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගිනි නො දවා ද, දිය පා නො කෙරේ ද, අප්‍රිය වූ දායාදයෝ බන්ධූහු හෝ පැහැර නො ගනිත් ද කියා යි. මහණෙනි, මේ ආරක්‍ෂසම්පදා කියනු ලැබේ.
3. කතමා ච භික්ඛවෙ, කල්යාණමිත්තතා:
3. මහණෙනි, කල්යාණමිත්තතා කවර:
ඉධ භික්ඛවෙ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති. තත්ථ යෙ තෙ හොන්ති ගහපති වා ගහපති පුත්තා වා දහරා වා වුද්ධසීලිනො වුද්ධා වා වුද්ධසීලිනො සද්ධාසම්පන්නා සීලසම්පන්නා චාගසම්පන්නා පඤ්ඤාසම්පන්නා, තෙහි සද්ධිං සන්තිට්ඨති, සල්ලපති, සාකච්ඡං සමාපජ්ජති. යථාරූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති, යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති භික්ඛවෙ කල්යාණමිත්තතා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් යම් ම ගම්කෙතෙක වේ වයි, නියම්ගමෙක වේවයි වෙසේ ද, එහි ශ්‍රද්ධාසම්පන්න, ශීලසම්පන්න, ත්‍යාගසම්පන්න, ප්‍රඥාසම්පන්න වෘද්ධශීලී දහරයේ වෙත්වයි, වෘද්ධශීලී වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ගැහැවි කෙනෙක් හෝ ගැහැවි පුත් කෙනෙක් හෝ ඇද්ද, ඔවුන් හා එක්ව සිටුනේ ය. එක්ව බණන්නේ ය. සාකච්ඡාවට වදනේ ය. යම්බඳු (නොවෙනස් ව සිටුනා) සැදෑ සපනුන්ගේ සැදෑ සපුව අනුව හික්මේ ද, යම්බඳු (නොවෙනස් ව සිටුනා) සිල් සපනුන්ගේ සිල්සපුව අනුව හික්මේ ද, යම් බඳු (නොවෙනස් ව සිටුනා) ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ ද යම්බඳු (නොවෙනස් ව සිටුනා) ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රතා යි කියනු ලැබේ.
4. කතමා ච භික්ඛවෙ සමජීවිකතා:
4. මහණෙනි, සමජීවිතා නම් කවර:
ඉධ භික්ඛවෙ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙතී න අච්චොගාළ්හං, නාතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති. සෙය්යථාපි භික්ඛවෙ, තුලාධාරො වා තුලාධාරන්තෙවාසී වා තුලං පග්ගහෙත්වා ජානාති එත්තකෙනව ඔනතං එත්තකෙන වා උන්නතන්ති. එවමෙව ඛො භික්ඛවෙ කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති, න ච අච්චොගාළ්හං, න අතිහීනං. එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මෙසේ මාගේ අය වැය යට කොට ගෙන සිටුනේ ය, මගේ වැය අය යට කොටගෙන නො සිටුනේ ය යි අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කෙරෙයි. මහණෙනි, යම් පරිදි තුලධරයෙක් හෝ තුලධරු අතඅවැසියෙක් හෝ තුලාව නගා ගෙන මෙතෙකින් ම නතුවිය, මෙතෙකින් ම මතු වී යයි දන්නේ වේදැ, මහණෙනි, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කරන්නේ ය. මෙසේ මාගේ අය, වැය යටකොට සිටුනේ ය. මාගේ වැය, අය යට කොටගෙන නොසිටුනේ යයි කියා යි.
සචායං භික්ඛවෙ, කුලපුත්තො අප්පායො සමානො උළාරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති චත්තාරො උදුම්බරඛාදිකං වායං කුලපුත්තො භොගෙ ඛාදතීති. සචෙ පනායං භික්ඛවෙ, කුලපුත්තො මහායො සමානො කසිරං ජීවිකං කප්පෙති, තස්ස භවන්ති වත්තාරො: අජද්ධුමාරිකං වායං කුලපුත්තො මරිස්සතී’ති.
මහණෙනි, ඉදින් මේ කුලපුත් මද අය ඇතියේ උදාර සේ ජීවිකා කෙරේ ද, එවිට ‘මේ කුලපුත් දිඹුල් කනුවක්හු සෙයින් භෝගයන් වළඳ කෙරේය’ යි, ඔහට නිගාබණනුවෝ ඇත. මහණෙනි, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ දුකසේ ජීවිකා කෙරේ ද, ‘මේ කුලපුත් අනාථ මරණ ඇතියකු සෙයින් මැරේ’ය යි ඔහට නිගා බණනුවෝ ඇත.
යතො ච ඛ්වායං භික්ඛවෙ කුලපුත්තො ආයං ච භොගානං විදිත්වා වයඤ්ච භොගානං විදිත්වා සමං ජීවිකං කප්පෙති න අච්චොගාළ්හං න අතිහීනං, එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතීති. අයං වුච්චති භික්ඛවෙ සමජීවිකතා.
මහණෙනි, යම් හෙයකින් මේ කුලපුත් ඉමහත් නො කොට අතිහීන නො කොට මෙසේ මා අයත් අය, වැය යට කොට සිටුනේ ය, මාගේ වැය, අය යට කොට නො සිටුනේ ය යි භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මොනොවට ජීවිකාව කෙරෙයි ද, මහණෙනි, මේ සමජීවිතා යයි කියනු ලැබේ.
5. කතමා ච භික්ඛවෙ, සද්ධාසම්පදා:
5. මහණෙනි, ශ්‍රද්ධා සම්පත් කවර:
ඉධ භික්ඛවෙ, කුලපුත්තො සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති භික්ඛවෙ, සද්ධාසම්පදා.
මහණෙනි, මෙලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි, ‘ඒ භාග්‍යවත්හු මෙසේත් ... දෙව්මිනිස්නට ශාස්ත්‍රැයම, සිවුසස් දතුවහ, භගවත්හ’යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහයි. මහණෙනි, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
6. කතමා ච භික්ඛවෙ, සීලසම්පදා:
6. මහණෙනි, ශීල සම්පත් කවර:
ඉධ භික්ඛවෙ කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති භික්ඛවෙ සීලසම්පදා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් දුරු වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වෙයි. මහණෙනි, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
7. කතමා ච භික්ඛවෙ චාගසම්පදා:
7. මහණෙනි, ත්‍යාග සම්පත් කවර:
ඉධ භික්ඛවෙ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති -පෙ- යාචයොගො දානසංවිභාගරතො, අයං වුච්චති භික්ඛවෙ, චාගසම්පදා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පහව ගිය මලමසුරු ඇති සිතින් ගෙහි වසන්නේ ය ... යදනට නිසි වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ වෙයි. මහණෙනි, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
8. කතමා ච භික්ඛවෙ පඤ්ඤාසම්පදා:
8. මහණෙනි, ප්‍රඥාසම්පත් කවර:
ඉධ භික්ඛවෙ කුලපුත්තො පඤ්ඤවා හොති -පෙ- සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයං වුච්චති භික්ඛවෙ පඤ්ඤාසම්පදා.
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් ප්‍රඥාවත් වෙයි ... මොනොවට දුඃඛක්ෂයගාමිණි වූ ... මහණෙනි, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
ඉමා ඛො භික්ඛවෙ, අට්ඨසම්පදාති.
මහණෙනි, මේ සම්පත්හු අට දන වෙත්,
1. උට්ඨාතා කම්මධෙය්යෙසු අප්පමත්තො විධානවා, සමං කප්පෙති ජීවිකං සම්භතං අනුරක්ඛති.
1. කාර්ය්ය කරන තන්හි නැගී සිටුනා වෙර ඇතියේ නො පමා වූයේ විදහන් ඇතියේ මොනොවට ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රකියි.
2. සද්ධො සීලෙන සම්පන්නො වදඤ්ඤූ වීතමච්ඡරො, නිච්චං මග්ගං විසොධෙති සොත්ථානං සම්පරායිකං
2. සැදැහැතියේ ශීලයෙන් යුක්ත වූයේ වදන් දන්නේ හළ මසුරු මල ඇතියේ පරලොව ඇසිරි කළ සුඛදායක මාර්ගය නිතර හෙළි කෙරෙයි.
3. ඉච්චෙතෙ අට්ඨධම්මා ච සද්ධස්ස ඝරමෙසිනො, අක්ඛාතා සච්චනාමෙන උභයත්ථ සුඛාවහා.
3. ගිහිගෙයි වැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්වර්ත්ථනාම) ඇති බුදුන් විසින් වදාරන ලදී.
4. දිට්ඨධම්මහිතත්ථාය සම්පරායසුඛාය ච එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪතීති.
4. මෙසේ තෙල දහම ගෘහස්ථයන්ගේ මොලොව හිත පිණිස ද පරලොව සුව පිණිස ද වෙයි. ත්‍යාගය තෙමේ පින් වඩන්නේ යයි.