ඉච්ඡා සුත්තං
8. 2. 8. 7.
8. 2. 8. 7.
ඉච්ඡා සුත්තං
ඉච්ඡා සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ආවුසො භික්ඛවොති, ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං ආයස්මා සාරිපුත්තො එතදවොච:
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
අට්ඨි මෙ ආවුසො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ අට්ඨ:
ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යාමාන වෙත්. කවර අට දෙනෙක් ද යත්:
1. ඉධාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති, සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති. අයං වුච්චතාවුසො, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති, වායමති ලාභාය. න ච ලාභී, සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
1. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන්නා වූ (කිසිවත් කෙරෙහි) අයත් පැවැතුම් ඇති (විදර්ශනා කාර්මික) මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හෙ තෙමේ උත්සාහ කරයි. (පූර්‍වාපරවශයෙන්) ඝටයි. වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටන වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි අත් ගසා හඬයි. මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ මෙසේ ලාභය පිණිස උත්සාහ කරයි. ඝටයි. වෑයම් කරයි. ලාභ නො ලබන සුල්ලේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද ශාසනයෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
2. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති පමාදමාපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය. ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
2. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභයට ඉච්ඡාවක් උපදියි. හෙතෙමේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටනා කරන වෑයම් කරන ඔහුට ලාභය උපදියි. හේ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභ ලබනසුලු වූයේ ද මත්වනසුලු වූයේ ද ප්‍රමාදවනසුලු වූයේ ද සස්නෙන් ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
3. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය, ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති. සම්මොහං ආපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී සොචී ච පරිදෙවී ච චුතො ච සද්ධම්මා.
3. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන, (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කො කෙරෙයි, නො ඝටයි, වෑයම් නොකරයි. ලාභ පිණිස උත්සාහ නොකරන, නො ඝටන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි, හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැළැපෙයි, ළෙහි අත්ගසා හඬයි, මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි, වෑයම් නො කරයි, ලාභ නො ලබනසුලු වූයේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද සස්නෙන් චුත වූයේ වේ ද වේ යයි කියනු ලැබේ.
4. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො අවායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන මජ්ජති පමජ්ජති මදාපමාදමාපජ්ජති. අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. ලාභී ච මදී ච පමාදී ච චුතො ච සද්ධම්මා.
4. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, ඝටනා නොකරයි, වෑයම් නොකරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, වෑයම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි. වෑයම් නො කරයි, ලාභී වූයේ මත් වූයේ පමා වූයේ සස්නෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
5. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය, තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති, අයං වුච්චතාවුසො භික්ඛු ඉච්ඡො විහරති ලාභාය. උට්ඨහති ඝටති වායමති ලාභාය. න ච ලාභී න ච සොචී න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
5. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස රිසියෙක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වැළැපෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභය නො ලබනසුලු වූයේ ද ශෝක නො කරනසුලු වූයේ ද නො වැලැපෙනසුලු වූයේ ද සස්නෙන් නො ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
6. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො උට්ඨහති ඝටති වායමති ලාභාය. තස්ස උට්ඨහතො ඝටතො වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති න පමජ්ජති න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, උට්ඨහති ඝටති වායමති ලාභාය ලාභී ච න ච මදී න ච පමාදී අච්චුතො ච සද්ධම්මා.
6. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය සඳහා නැඟී සිටුනා, ඝටන, ව්‍යායාම් කරන ඔහුට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි, පමා නො වෙයි, ප්‍රමාදයට නො යෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභී වූයේත් මද නැතියේත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
7. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො නූප්පජ්ජති. සො තෙන අලාභෙන න සොචති න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. න ච ලාභී න ච සොචී, න ච පරිදෙවී අච්චුතො ච සද්ධම්මා.
7. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය සඳහා නැඟී නො සිටුන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් නො සොස්නේ ය, ක්ලාන්ත නො කරයි, පරිදේවනා නො කරයි, ළෙහි අත් ගසා නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද ලාභී වූයේ නො ද සොස්නාසුලු වූයේ නො ද පරිදේවනා කරනසුලු වූයේ සස්නෙන් නො ද ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
8. ඉධ පනාවුසො භික්ඛුනො පවිවිත්තස්ස විහරතො නිරායත්තවුත්තිනො ඉච්ඡා උප්පජ්ජති ලාභාය. සො න උට්ඨහති න ඝටති න වායමති ලාභාය, තස්ස අනුට්ඨහතො අඝටතො න වායමතො ලාභාය ලාභො උප්පජ්ජති. සො තෙන ලාභෙන න මජ්ජති න පමජ්ජති න පමාදමාපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු ඉච්ඡො විහරති ලාභාය, න උට්ඨහති න ඝටති න වායමති ලාභාය. ලාභී ච න ච මදී ච න ච පමාදී ච අච්චුතො ච සද්ධම්මා.
8. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේක ඇති (කිසිවෙක්හි) අයත් වැටුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා නැඟී නො සිටියි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි. පමා නො වේ. පමාවට නො පැමිණෙයි. ඇවැත්නි, ලාභය සඳහා මේ මහණ ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභී වූයේත් මද මත් නො වූයේ ත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
ඉමෙ ඛො භික්ඛවෙ, අට්ඨ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙන ලොව්හි ඇත්තාහ, විද්‍යමාන වන්නාහ යි.